ඔන්න ඉතිං අවුරුද්දකට වඩා කාලයක් එනකල් පෙරුම් පුරපු කිං හන්තර් චිත්‍රපටිය බලාගන්න මට අවස්ථාවක් ආවා. හොඳට හිතට වැදුන නිසාම මේ කියන්න යන්නෙ ඒ ගැනයි. මේක විචාරයක් නම් නෙවෙයි. විචාරය කරන්න තරම් චිත්තරපටි ගැන දැණුමක් මට නෑ. මම මේ ලියන්න යන්නෙ මට දැණුන හිතුන දේවල් ටිකක් විතරයි.
සාමාන්‍යයෙන් ලංකාවෙ සාම්ප්‍රදායික විකට චිත්‍රපටි ගොඩක් ඒකාකාරියි. බන්දු ටෙනී යුවල එකම ආකාරයේ විකට සිනමා ප්‍රභේදයක් බිහි වෙන්න දායක වීමත් එක්ක විකට සිනමාව කියන එක නිරස වෙන්න ගත්ත. බන්දු සහ ටෙනී මම කැමතිම විකට නළුවන් දෙදෙනෙක්. නමුත් එකම හොද්ද හැමදාම කද්දි හරි යන්නෑ වගේ ඒ දෙන්නගෙ සිනමාව තව දුරටත් විකටද කියන එක මට ප්‍රශ්ණයක්.
කොහොම වුණත් ගිරිරාජ්ගෙ 'සිකුරු හතෙන්' ඒ විකට සිනමාවේ මාවත සහමුලින්ම වෙනස් කලා. සිකුරු හත හොඳට රස විඳලා ඉද්දි කිං හන්තර් ගැන අහන්න ලැබුණම සතුට ඉහවහ ගියේ කිං හන්තර් අධ්‍යක්ෂ ජයප්‍රකාර් සිවගුරුනාදන් මහත්මය අධ්‍යක්ෂණය කරපු එතුමා, මෙතුමා (?) වගේ විහිළු ටෙලි නාට්‍ය හොඳම මට්ටමේ විහිළු නාට්‍ය නිසයි. කොහොමින් කොහොමින් හරි කිං හන්තර් බලන්න අවස්ථාව ලැබුණා කියමුකෝ.
චිත්‍රපටියෙ කතාවෙ සරලව ගත්තම ඇති දෙයක් නැති තරම්. සාමාන්‍ය මනුස්සයෙක් ලොක්කෙක් වෙන්න දෙන උත්සාහයක් ගැන චිත්‍රපටියක් කියල සරලව කියන්න පුළුවන්. ඒත් කතාව කොමඩියක් වෙන්න ඕන නිසා අතීතයේ හිටපු රජකෙනෙක්ගෙ කතාවක් සෙට් කරගෙන තියෙනවා. ඇත්තටම ඔරිජිනල් රජා වෙනුවට ඉන්නෙ ඩුප්ලිකේට් රජෙක්. අතීතයේ ඉඳන් වර්තමානයට එන ඩුප්ලිකේට් රජා වර්තමානය, එහෙම නැත්තං විපරිත ලෝකයෙ අභියෝග අතරින් තමන්ගෙ රජවීමේ සිහිනය සැබෑ කරගන්න දෙන ගේම් තමයි චිත්‍රපටියෙ කතාව විධියට තියෙන්නේ.
මුළු සිනමා පටය පුරාම අපිව ඒකට අල්ලල රඳවගන්නෙ විජය නන්දසිරිගෙ රඟපෑම කියන එක අනිවාර්යයක්. ඔහුගේ නිරායාසාත්මක වචන උච්ඡාරණය එක්ක හැඟීම් නිරූපණයෙන් අදාල මූඩ් එක හරියටම එලියට දෙන එක තමයි ෆිල්ම් එකේ ප්‍රධාන සාධකය කියල මට හිතෙන්නෙ. සිකුරු හතේ චිත්‍රපටියෙ මංගල ජය කපු මහත්තයගෙ චරිතයෙදිත් ඒක හොඳටම පේන්න තිබුණා. කොහොම වුණත් විජයගේ රඟපෑමට චිත්‍රපටියෙ තිර පිටපතේ ලිහිල් බවත් ලොකු දෙයක් එක් කරන්න ඇති. ඒ එක්කම ජයප්‍රකාශ්ගෙ අධ්‍යක්ෂණය යටතේ රඟපාල විජය හොඳට පොලිෂ් වෙලා තිබීමත් බලපාන්න ඇති. කොහොම හරි විජය නන්දසිරි බොහොම නිදහසේ ඒ චරිතය තුල ඉන්නව කියල කියන්න පුළුවන්.
ඔහුට සහය දෙන නළු නිලියො සෙට් එකත් එහෙමයි. මහේන්ද්‍ර පෙරේරා හැමවෙලේම වගේ මහන්සි නොවී තමන්ගෙ චරිතය රඟපෑවා. ඔහුගේ චරිතයේ ඒ තරම්ම අළුත් බවක් මට දැණුනෙ නැතත් ඔහු සහ විජය අතර දෙබස් වලදි ඔවුන් දෙන්නම අපිව හොඳට හිනස්සවනවා. ඒ එක්කම අනර්කලීගෙනුත් ඒ චරිතයට හොඳටම සාධාරණයක් වෙනවා. ජනිත් වික්‍රමගේ රඟපාන පුංචි චරිතය තුලත් ඔහු ඒක ගොඩක් ස්වභාවිකව කරනවයි කියල මට හිතුණ.
හැබැයි විජය නන්දසිරිට අමතර නළු නිලියන්ගෙ රඟපෑම් වලින් මට හොඳටම වැදුනෙ කුමාර තිරිමාදුරගෙ රඟපෑම. ජනතාවට හිනා වෙන ගමන් ජනතාවට ඇඬෙන්න සලකන, තමන්ව ප්‍රමෝට් කරගන්න එක එක සෙල්ලම් දාන සාමාන්‍ය ලාංකික දේශපාලකයගෙ චරිතය ඔහු හොඳට වැදෙන්න නිරූපණය කරනවා. ඔහුගේ රඟපෑමට අපූරු සහයක් දෙන්නෙ ගිරිරාජ් කෞෂල්‍ය. ඇමතිවරු සම්බන්ධ චරිත වල රඟපාලා ඔහුටත් හොඳ පුහුණුවක් තියෙන නිසා මේ චරිතයෙදි ඔහුත් විශිෂ්ඨ විධියට රඟපානවා කියල මට හිතෙනවා.
චිත්‍රපටියෙ සංගීතයෙත් මට කියන්න තරම් වරදක් පේන්න නෑ. මහේෂ් දෙනිපිටියගෙ නිර්මාණ වැඩිය නැති නිසා ඒකට +1 එකක් දෙන්නම වෙනව. මොනව වුණත් හිනායන්නෙ නැති තැන් වලදි ඔය අමතු මියුසිකල් සද්ද දාල අපිව හිනස්සවන්න යෑමේ විකට චිත්‍රපටිවල පොදු කතන්දරේනම් එහෙම්මම තියෙනව තමයි.
චිත්‍රපටියෙ සින්දු 3ක් තියෙනවා. ඒ තුනම හොඳයි අවස්ථාව අනුව. ගයාන් පෙරේරගෙ කටහඬ චිත්‍රපටි එක්ක යන්නෙ නෑ වගේ ගතියක් තේරුණා. උරේෂා එක්ක නලින් පෙරේරගෙ සින්දුව ශේප්. ඒත් චිත්‍රපටියෙ අන්තිමට තිබුණ සුනිල් පෙරේරගෙ සින්දුව නම් පට්ට කියල කියන්න පුළුවන්. ඒ සින්දුවට රූප රචනා කිරිල්ලත් නියමයි.
චිත්‍රපටියෙ සිදුවීම් අතර සම්බන්ධය ගොඩනගන විධියත් සෑහෙන්න හොඳයි. සාමාන්‍යයෙන් ලංකාවෙ ගොඩක් විකට චිත්‍රපටි වගේම වෙන වර්ගවල චිත්‍රපටි වලත් තර්කය නැති වෙන තැන් ගොඩක් තියෙනවනේ. ඒකෙදි නරඹන්නා අතරමං වෙනව මේක කොහොමද මෙහෙම වුණේ කියල. ඒත් ඒ අඩුපාඩු මේකෙදි ගොඩක් දුරට පේන්න නෑ. නැත්තං මට පෙණුනෙ නෑ. හැබැයි රිමෝට් එක උඩ ඉඳගත්තම සෙටප් එක වැඩ කරන එක සහ නැගිට්ටම සෙටප් එක නවතින එක වෙන්නෙ කොහොමද කියල නම් මම දන්නෙ නෑ. කොහොම වුනත් චිත්‍රපටිය සැලකිය යුතු මට්ටමින් ලොජිකල්! ඒ වගේම අන්තිම වෙනකල් රැඳිල ඉන්න පුළුවන් විධියට කතාව ගලාගෙන යනව. ඒකට ඉතිං සංස්කරණයේ සාර්ථකත්වයත් බලපාල ඇති. කොහොමින් හරි සාමාන්‍යයෙන් අපේ ගමේ චිත්‍රපටි ශාලාවෙ මට මතක ඇති කාලෙක හිටපු සැලකිය යුතු ප්‍රේක්ෂක පිරිසක් මුල ඉඳන් අග වෙනකල් හොඳට හිනා වුණා.
කලින් කිව්ව ලොජිකල් ගතිය නැති වෙන තැන් නැත්තෙමත් නෑ. උදාහරණෙකට රජාගේ දැණුම ගැන කියන්න පුළුවන්. වර්තමානයට ඇවිත් කරකවල අතෑරිය වගේ ඉන්න සෙට් වෙන රජතුමා සමහරක් දේවල් ගැන ඉක්මනටම ඉගෙනගන්නව වුණාට සමහර වෙලාවට සමහර දේවල් ගැන නොදැනුවත්. ඒක එහෙම වෙන එක අවුලක් වගේ පෙණුනා. ඒ වගේම බයික් එකේ බ්රේක් අල්ලන්න නොදන්න නිසා කඩාගෙන ගිහින් ඇමතිතුමාව බේරගන්න සෙට් වුණාට ඒ වෙලාවෙ රූපරාමුවෙත් හොඳට පේනවා රජතුමා බයිසිකලේ බ්රේක් අල්ලගෙන යනවා. ඒත් ඒක එකපාරම පේන දෙයක් නොවෙන නිසා හිනාවෙන්න ඒක බාධාවක් වෙන්නෙ නෑ.
ඒ වගේම මෝඩ ජෝක් ටිකකුත් තිබුණට සාමාන්‍යයෙන් ඔය ෆාස්ට් ෆෝවඩ් කරන එක වගේ පරණ ජෝක් නම් නැති එක ලොකු දෙයක්. ඉස්සර මට මතකයි ඔය ෆාස්ට් ෆෝවඩ් කරල නළුවො දෙගුණයක වේගෙන් එහෙ මෙහෙ දුවද්දිත් මිනිස්සු හිනා වෙනවා. දැනුත් එහෙම හිනා වෙන අය ඉන්නව වෙන්න ඕන. කොහොම වුනත් එහෙම අවුල් ජෝක්නම් ඒ තරම් තිබුණෙ නෑ.
මේ චිත්‍රපටියෙ පිටපත සංවර්ධිත එකක් කියල ජයප්‍රකාශ් කියල තිබුණට තව ටිකක් සංවර්ධනය කරන්න තිබුණා කියල මට හිතෙනව. උදාහරණෙකට ගත්තොත් මේකෙ මේ රජා අතීතෙන් ඇවිත් වර්තමානයේ විපරිත ලෝකෙත් එක්ක ගැටෙන තැන් කීපයක්වත් යොදල තවත් හාස්‍යය මතු කරන්න තිබුණ. ඒකෙදි මට මතක් වෙන්නෙ Borat චිත්‍රපටිය. කසකස්ථානෙ ඉඳන් ඇමරිකාවට යන ජනමාධ්‍යවේදියෙක් ඇමරිකාවෙදි ඔහුට ආගන්තුක වෙන දේවල් එක්ක ගනු දෙනු කරන විධිය බොහොම හාස්‍යජනක විධියට ඒ චිත්‍රපටියෙදි පෙන්නනව. ඒ වගේ අවස්ථා ටිකක් කිං හන්තර්ගෙ චරිතයටත් එකතු කරන්න තිබුණා තවත්. මොකද කිං හන්තර්ගෙ කතාව අභව්‍ය කතාවක්. මවපු කතාවක්. ඔහු වර්තමාන ලෝකෙ ගැන කිසි දෙයක් නොදන්න නිසාම ඔහුට ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතිං ඒ අභව්‍ය ගතියෙන් තව වැඩ ගන්න තිබුණා. ඒ එක්කම ඔය අපි අහල තියෙන විහිළුවක් දෙකක් චිත්‍රපටියට යොදාගත්තට අවුලක් නැති වෙන්න තිබුණා. හරියට 3 Idiots එකේදි යාළුවො තුන් දෙනා විභාග උත්තර පත්‍ර කළවම් කරපු අවස්ථාව, නැත්තං ඉන්ඩක්ෂන් මෝටරේ ස්ටාට් කරපු අවස්ථාව වගේ. ඒව අපි කලින් ඊ මේල් වලින්, පත්තර වලින් කියවපු ජනප්‍රිය විහිළු කතානේ... ඒ වගේ දෙක තුනක්වත් කිං හන්තර්ටත් රිංගවන්න තිබුණා නම් හානියක් නෑ...
කොහොම හරි අන්තිමේ කිං හන්තර් අපිට දෙන පණිවුඩය තමයි ලංකාවෙ තැනකට එන්න නම් මරිසියෙක් එහෙම නැත්තං චිත්‍රපටියෙ වචන වලින්ම ගඩ්ඩෙක් වෙන්න ඕන කියන එක. සමහර විට අපිත් ගොඩක් එහෙම වෙලා හෝ වෙමින් ඉන්න නිසා ඒක දැනගන්න කිං හන්තර් බලන්නම ඕන වෙන්නෙ නැති වෙන්න පුළුවන්.
ඒ වුණත් ඉතිං මම කියන්නෙ හිනාවෙන්න කැමති ඕනම කෙනෙක් බලන්න වටින චිත්‍රපටියක් තමයි කිං හන්තර්. ඒ තරම් දෙයක් නෑ වගේ පේන්න පුළුවන් වුණාට තියෙන ටික ලංකාව ඇතුලෙ සිරා වැඩක් කියල තමයි කියන්න තියෙන්නේ.
එහෙනම් ගිහින් බලන්න. ඇවිත් අපටත් කියන්න :D
මේ තියෙන්නෙ ට්‍රේලර් එක. ස්ක්‍රීන් කැප්චර් එකක්. නිෂ්පාදක ධම්මික සිරිවර්ධන ඔන්ලයින් පබ්ලිසිටි ගැන ඒ තරම්ම උනන්දුවක් නෑ වගේ...
අනුග්‍රහය jwickramage
මෙන්න මේ තැන් වලත් කිං හන්තර් ගැන ලියවෙලා තියෙනවා. උවමනා කෙනෙක් ගිහින් බැලුවට පාඩු නෑ...
යන්ට ඕනෑ බලන්න.....
ReplyDeleteවිචාර බැහැයි කිව්වට ඔය ලියල තියෙන්නේ අපූරුවට.....
එහෙනම් බලන්න ඕන .....
ReplyDeleteවිචාර නම් බැරි බව පෙනෙනවා.. ඒ තරම් හොඳට විචාරය සමබරව කරලා තියෙන හින්ද.. කොහේ බලන්නද ඉතින්.. CD එකවත් අරන් බලනවා නිවාඩුවට හියාම.
ReplyDeleteමාත් ඔය චිත්‍රපටිය බැලුවා. ඔය විග්‍රහයට සම්පූර්ණයෙන්ම එකඟයි.
ReplyDeleteමම නම් මේක ගැන දැනන් හියියේ නැ.. ඒත් මේක කියෙව්වට පස්සේ හොයාගෙන බලන්න හිතෙනවා..
ReplyDeleteමෙහෙම ෆිල්ම එකක් තියනවාය කියලා දන්නෙත් අද .. ෆිල්මක් බලනවානම් මට යන්න වෙනවා හරියටම කිලෝමීටර 117 දුරට ..ඔන්න අපි බලන ෆිල්ම්
ReplyDeleteමාතල - විචාරය කිව්වට මෙව්ව මොනවද ඉතිං! ඔය පත්තර වල, බූන්දියෙ එහෙම යන කෙස් කෙලින් වෙන විචාර එක්ක මෙව්වට විචාර කියන්න පුළුවන්ද ;-) බලන්න බලන්න ගිහින්!
ReplyDeleteකල්හාර - ඒකනේ... තාම ඇයි නොබලා ඉන්නේ...
සරත් - නිකං සුවර්ණවාහිනී ප්‍රවෘත්ති වගේ සමබරයිද ;-) මමත් ඉතිං මේක ඩවුන්ලෝඩ් කරගන්න ලැබෙනකල් තමයි ඉන්නේ... කොහොමත් ඊට කලින් ෆිල්ම් එක මාසයක්වත් දිව්වොත් හොඳයි.
ඈන්ගල් - මේ ඉන්නෙ තව බලපු අය!
දිනේ - ඔයාටත් ඉතිං ලංකාවෙදි බලන්න වෙන එකක් නෑ හෝල් එකක. හැබැයි ඉතිං ටොරන්ට් එකක්වත් එයි අනාගතේදි.
පිස්සු හැදෙන සඳ - හප්පා එච්චර දුර? එහෙනම් ඕන නෑ බං... උඹ ඔය කෙල්ලෙක් දෙන්නෙක් දිහා බලාගෙන ගොඩයන අතක් ගැන හිතමු. අනාගතේදි බලන්න බැරියැ.
මමත් මේක ගිය සතියේ බැලුවා. ඇත්තටම සිකුරු හතේ ෆිල්ම් එකට පස්සේ ආව හොඳම හාත්ස්‍යෝත්පාදක චිත්‍රපටියක්.
ReplyDeleteමුළු චිත්‍රපටියේ පුරාවටම හිනා වෙන්න පුළුවන් වුනාට මට කතාවේ අවසානය නම් ඇල්ලුවේ නෑ. ඒ සිදිවීම එච්චරම තාත්වික නෑ වගේ නේද?
පූසා - ඒක හරි මචෝ... මොකද රජාට ගේම දෙන්න අටවපු බෝම්බෙට අනිත් සෙට් එක අහු වෙන එක හරි යන්නෙ නෑ. ඒ අවස්ථාව ටිකක් විස්තරාත්මකව කරන්න තිබුණ ප්‍රේක්ෂකය අතරමං නොවෙන විධියට!
ReplyDeleteසිංහල විකට චිත්‍රපට එපා කලා බන්දු ටෙනීයි. මොකෝ කිති කවාගෙනවත් හිනා යන්නෙ නැති විකට ජවනිකා ඔවුන්ගෙන් ඉදිරිපත් වුණේ. ඒත් විජය නන්දසිරි හාස්‍ය රංගනයෙන් විතරක් නෙවෙයි අනෙකුත් රංගනයන්ගෙන්ද ඊට වඩා ප්‍රතිභාපූර්ණ නඵවෙක් කියන එක රඟපෑම් වලින් පේනව. වැඩකට නැති ටෙලි නාට්‍ය වලට හිර නොවුණානම් ඊට වඩා හොඳ රඟපෑම් රාශියක් ඔහුගෙන් එළියට එන්න ඉඩ තිබුණ. ෆිල්ම් එක බලන්න ඕනි.
ReplyDeleteනැද්ද හොයාගන්න බ්ලූ-රේ පිටපතක්වත් හොයාගන්න හික් හික්..
බන්දුයි ටෙනීයි හොඳට හාස්‍යය මතුකරන්න හැකියාව තියෙන දෙන්නෙක්. නමුත් එයාලට හැමවෙලේම රඟපාන්න වෙන්නෙ දුර්වල පිටපතක් එක්ක කියලයි මට හිතෙන්නෙ. ඒ නිසයි එයාලගෙ විහිළු කෘතිමයි කියල දැණෙන්නෙ. ඔය බන්දු ලයිව් ඉන් කොන්සට් ප්‍රසංගයෙදි නම් මනුස්සය සෑහෙන්න දෙයක් කරනවා. විජය නන්දසිරි නම් බොහොම අපූරුවට චර්තයට පිවිසෙන විකට නළුවෙක්. මගේ බොහොම ප්‍රියතමයෙක්. ඔහු රඟපාන වේදිකා නාට්‍යයක් බැලීමයි මගේ ඊළඟ අරමුණ.
ReplyDeleteෆිල්ම් එක බලන්න. බ්ලූ රේ තියා ඔෆීෂියල් ට්‍රේලර් එකක්වත් ඔබනළයෙ දාල නෑ මෙයාලා.... :D
මාත් රට නොවැ ඉන්නෙ..ගියාම තමා බලන්න වෙන්නෙ..ලාංකිය හාස්යොත්පාදන කලාවෙ මහා පතාක පුරුශයන් කියල හදුන්වන ජො, ෆ්‍රෙඩි අතරට අපෙ කාලයෙ චරිතයක් එකතු කරන්න පුලුවන් නම් එ නන්දසිරි..ඔහුගෙ තියන අව්යාජ බව හා නිරුත්සහයෙන් කරන රගපෑම මං බංදුලගෙන් දකින්නෙ නෑ
ReplyDeleteසබිත් - ජෝ අබේවික්‍රමගෙ චිත්‍රපටිවල ඔහුගේ විකට චරිත වැඩිය අපිට ඇසුරු කරන්න ලැබිල නෑ ඔය ටීවී එකේ ගිය කීපයක් ඇරෙන්න. ඒ වුණාට ඒ කීපයෙන් හිතාගන්න පුළුවන් ඔහුගේ ධාරිතාව. ඔය අල්ලපු ගෙදර වගේ චිත්‍රපටියක් එපාවෙන්නෙම නෑනෙ ඉතිං :D ඔය පරම්පරාවෙ තව හොඳ විකට නළුවෙක් තමයි විමල් කුමාර ද කොස්තා. එයාගෙ රඟලෑම් වලටත් මම පුද්ගලිකව සෑහෙන්න මනාපයි!
ReplyDeleteගීත රූප රචනා සහ සංගීතය ගැන කතන්දරේ ඇරුණාම අනික්වා ගැන මාත් එකඟයි . අර ඩබල ඉන්න ගොන් ජෝක් එකක ඇඩ් එකක් මම කින් හන්තර් බලත්දි දැක්කා , ඒ කියන්නේ තාම ගොන් පාට් අතැර ගන්න බැරි අධ්‍යක්ෂකලත් ඉන්නව .
ReplyDeleteඅවසාන වශයෙන් ඔයාට විචාර බැ කියන එක නම් අමු බොරුවක් , භාෂා ශෛලිය වෙනස් උනාට අන්තර්ගතය එලම කිරි , ගාමිනි වේරගම මහත්තය ඇරුණාම ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ විචාරක තුමලා ගොඩ දෙනෙක් සාම්ප්‍රදායික පොරවල් , ඒ අතින් උඹ ඉදිරියෙන්
මනමේ කුමාරයා කක්කා කරලා නේ..මම කියන්න ඕන හෙන ගොඩක් ඒවා බුවා අයියගේ බ්ලොගේ ලිව්වා..
ReplyDeleteබුවා - මමත් සංගීතයේ සම්ථය චිත්‍රපටියෙ රිදම් එකට යනවා කියන එක ගැන එකඟත්වයක නෑ. නමුත් සින්දු ත්‍රිත්වය වෙන වෙනම ගත්තම හොඳයි. අනික සුනිල්ගෙ සින්දුව නම් හොඳට කරල තියෙනව කියන එකයි මගේ හැඟීම. ස්ටේජ් එකේ කතාවක් විධියටනෙ සින්දුව යන්නේ.. :D
ReplyDeleteරතා - හි හී... මනමේ කුමාරයටත් ඔය ස්වභාවික ආසාවල් තියෙනවනෙ බං :D
ඔක්කොම හොඳයි මේකට එල නමක් දැම්මනම් තව ටිකක් , අර හිනා වෙන්නම බලාගෙන යන්නේ නැති ප්‍රේක්ෂක කොටසත් අල්ලගන්න තිබුනා. හරියට අර "සිකුරු හතේ" වගේ. හරේ කියනකල් මමත් හිතාගෙන හිටියේ මේකත් අර සාම්ප්‍රදායික ගොන් ජෝක් තියන ෆිල්ම් එකක් කියලා ! මමනම් සිංහල ෆිල්ම් එකක් කියලා ජීවිතේටම තියෙටර් එකකින් බලලා තියෙන්නේ ඔය "සිකුරු හතේ" එකයි , "අබා" එකයි. "සිකුරු හතේ" නම් බැලුවේ පරණ ඔෆිස් එකේ කොල්ලෝ කෙල්ලෝ ටිකත් එක්ක සැවෝයි එකේ. ඒ වගේ ෆන් එකක් නම් ජීවිතේට අමතක වෙන්නේ නෑ. ඒ චිත්‍රපටියේ කිසිම කුණුහරුප ජෝක් තිබුනේ නෑ. වචන වලින් සහ රංගනයෙන් සෑහෙන්න දෙයක් කරපු චිත්‍රපටියක්. ඒ වගේම මට මතකයි එහි සාමාන්‍ය සුළු චරිත වලට පවා හිටියේ වේදිකාවේ හොඳ දක්ෂ නළු නිලි පිරිසක් ! හිතනවා මේකත් ඒතාක් දුරටම නැති උනත් හොඳ මට්ටමක ඇති කියලා.
ReplyDelete