ස්පොයිලර්ස් සහිතයි.
පොතේ විවරණයක් නොව, කියවද්දි හිතුන එක එක ඒවායි.
කේ.කේ.
සමන් කුමාරගේ පොත් අතරින් මම කියවල තියෙන්නෙ පිණි අහුරක් ඉහිරුණා පොත
විතරයි. ඒක 2002/3 කාලෙ විතර අරන් ඒ කාලෙදිම කියවපු එකක්. 2002/3 කියන්නෙ
මං දැන් හිතන විදිය ගත්තම ළදරු කාලයක් වගේ කියල දැන් හිතුණ වුණත් සහ ඒ පොත
සහමුලින්ම මට තේරුණේ නැතත් මං ඒ පොතට සහ ඒකෙ තිබුණ විවෘත ගතියට ඒ දවස්වලත්
කැමති වුණා. ඒත් ඊට පස්සෙ සමන්ගෙ පොතක් මම කියවල නැහැ මේ වෙනකල්. ඒකට හේතුව
මම කියවන්නෙක් නොවී හිටපු කාලයක් තිබුණ නිසයි. පොමා ගොර්දයෙව්, දනිලොව්
නම් වියෝලා වාදකයා, ඔවුන් යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි පළමු වෙළුම වගේ
පොත්වලින් පස්සෙ තමයි මම කියවන එක නතර කළේ. ඔය දෙදාස් මුල් කාලෙදිම. ඒව මට
තේරුණේ අසාර්ථක පරිවර්තන විදියට. මොකද පෙරළුෑ නැවුම් පස, සියක් වසක
හුදකලාව, ලොලිටා වගේ අති විශිෂ්ට පරිවර්තනයන් කිහිප වරක් කියවලා පරිවර්තනය
ඉතාම රසවත්ව කල හැකියි කියල හොඳටම දැනිල තියෙද්දි ඊට වඩා රසයෙන් අඩු පොත්
කියවන්න ඉබේම මැලි වුණා. පොත් ගෘප්වල වරින් වර ඉස්මතු වුණ පොත් රැළි ගැන
හොඳ අදහසක් මට තිබුණෙ නෑ වගේම ඒවයේ නිතර කතා කරපු ගුරු ගීතය වගේ පොතක් මට
නිරස වීම නිසාම පොත් ගෘප්වල නිර්දේශත් මග ඇරලා තමයි හිටියේ. ඒ එක්කම
චිත්‍රපටිවලට ඇබ්බැහි වීමත් පොත් කියවන්නෙක් නොවී ඉන්න හේතු වුණා.
වරින්
වර පොතක් දෙකක් කියෙව්වත් මං ආයෙත් නිතරම පොත් කියවන්නෙක් වෙන්නෙ දෙදාස්
දහ නමයෙන් පස්සෙ. කාර්යාලීය ප්‍රවාහන සේවය නිසා යන එන ගමන් පැයක දෙකක විතර
කාලයක් දවසකට කියවන්න පුළුවන් වුණා. දැන් බොහෝ විට මම සමාන්තරව පොත් දෙකක්
කියවනවා. හැබැයි දැන් නව කතාවක් කියවන එකෙන් මට ප්‍රහර්ෂයක් දැණෙන්නෙ නැති
තරම්. දැන් ගොඩක් වෙලාවට යම් විෂයන් සම්බන්ධයෙන් ලියවුණු පොත් පමණක්
කියවීමේ නැඹුරුවක් තමයි තියෙන්නේ. නව කතාවක් කියවන්න ඒක අති විශේෂ එකක්
වෙන්නම වෙනවා. එහෙම නැත්තං සංකීර්ණ පොතක් කියෙව්වට පස්සෙ ඔළුවට පොඩි
නිදහසක් දෙන්න කියවන සරළ පොතක් විදියට නව කතාවක් තේරෙන්න පුළුවන්. එහෙම සරළ
විකල්පයක් විදියට තෝරගත්තත් සමන්ගෙ පොත සංකීරණද සරළද කියන එක පැහැදිළි නෑ.
කොහොම වුණත් පාට්නර් පොත් පෙරේතියක් නිසාම සමන්ගෙ පොත් කීපයක්ම
අපේ අල්මාරියේ තිබුණා. මහිලාවංශය ලෝන්ච් එකේදි සමන්ගෙ අත්සනින්ම පොතක් ගන්න
පුළුවන් කියල මාව ඇදගෙන ගියේ රචියා. ඒකත් අලුත් පිටම තැන්පත් වෙලා තිබුණා.
ගුඩ්රීඩ් එකේ කියවීමට බලාපොරොත්තු වෙන පොත් ලිස්ටෙකට දාගත්ත පොත් එකින් එක
කියවන ක්‍රියාවලියෙ හිටියත් සමන්ගෙ පොතක් කියවන්න ඕන කියල හිතෙන්නෙ පොර
සන්නස්ගල එක්ක කරපු ඉන්ටවිව් එක ඇහුවට පස්සෙ.
සර්පයාගෙ පොතක්
කියන්නෙ වෙනස් අත්දැකීමක් බව මම කියන්න ඕන නැහැ. ඔහුව කියවන්න පටංගන්නෙම
මොකක් හරි තව ලේයර් එකක් දෙකක් යටින් තියෙනවද කියන අදහසත් එක්ක. නමුත් එහෙම
මහ ලොකු එකකුත් නෑ කියලයි මට දැන් හිතෙන්නේ.
සමහර විට වෙන කෙනෙක්ට
'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' කෙටි කතාවක් වෙන්න පුළුවන්. සර්පයා ඒක
අදිනවා සෑහෙන්න ඇදිල්ලක්. හොඳ ලිවිලිකාරයෙක් වෙන්න ඒ හැකියාව ඕන. ඒකෙදි වට
පිටාවෙ තියෙන සමහර දේවල් මතු වෙනවා. සමහර ඒවට වදිනවා. සමහර ඒව කුඩු වෙලා
විසි වෙනවා.
පොත ඇතුලේ ගලාගෙන යන ගැහැණු පිරිමි සංවාදය ඉවර වෙන
එකක් නෙවෙයි. ඒක තමයි මට ඒකෙ තියෙන ආකර්ශනීයම සංවාදය. ඒක අපි කොයි තරම්
සංවාද කලත් එක පාර්ශවයකටවත් අනෙක් පාර්ශවය තේරුම් නොයන සංවාදයක්. සංස්කාර
සහ ධර්මතා ගැන කතාව අස්සේ යන්න පුලුවන් උපරිමය කොහෙද? සංස්කාර කියන්නෙ අපි
නිෂ්පාදනය කරගත්ත තත්වයන් (හදාගත්තුවා) විදියටත්, ධර්මතා කියන්නෙ
ස්වභාවයෙන්ම ඇති වී තියෙන තත්වයන් විදියටත් තේරුම් ගත්තොත් ගැහැණියගේ
ධර්මතාවයන් තියෙන්නෙ ගැහැණියගේ සංකේත ලෝකයෙනුත් බැහැරින්ද කියන ප්‍රශ්නය
එනවා. ඒ කියන්නෙ එයාලත් තාම එයාල කව්ද කියන එක දන්නෙ නෑ.
මේ ඉදිරි
අදහස් ටිකට කාලාන්තරයක් තිස්සෙ කියවල තියෙන දේවල් එකතු වෙලා තියෙනවා. ඒ
කාලෙ මේ දේවල් කියෙව්වෙ කිසිම තේරුමක් නැතුව. නමුත් කාලාන්තරයක් එක්ක සමාජය
අස්සෙ විවිධ ගෑණු පිරිමි ඇසුරු කරද්දි ඒ කියවපු ඒවායින් ඇත්ත කියල තේරෙන
දේවල් ටිකක් තියෙනවා. ඉතිං මම මේ කියන්නෙ මට තේරෙණ ටික. කිසිම පර්ෆෙක්ට්
අදහසක් ලෝකයේ නැති නිසා වඩා නිවැරදියි කියල මට කල්පනා වෙන දැනුමකින් මේවා
අනාගතේදි ප්‍රතිස්ථාපනය වෙන්න පුළුවන්.
අපි දන්නවා අපිට තවත්
කෙනෙක්ට යමක් තේරුම් කරවන්න ඒ කෙනා නොදන්න භාෂාවකින් බෑ. අපි කෙනෙක්ට
කියනවා "ඔයා එන ඉරිදා උදේ අටට නුගේගොඩ බෝ ගහ ගාවට එන්න" කියලා. ඒක අනිත්
කෙනාට තේරුම් යන්න නම් එයා ඔයා කියපු වාක්‍යයේ හැම වචනෙකම ඔයා අදහස් කරපු
තේරුම දැනගන්න ඕන. ඒ වචන දෙන්නටම වැටහෙන පොදු වචන සෙට් එකේ තියෙන්න ඕන.
එකක් හරි මිස් වුනොත් හමුවීම මඥ්ඥං වෙන්න පුළුවන්. එන ඉරිදා, උදේ අට,
නුගේගොඩ, බෝ ගහ කිව්වම වෙන ගහක පටලා නොගැනීම වගේ හේතු ගොඩක් ඒකට තියෙනවා.
ඔය ටිකට පොදු අර්ථ ටිකක් තියෙනවා වගේම ඒ අර්ථ ටික එකම තේරුමෙන් ඔයත් එයත්
එක වගේම දන්නවා වෙන්න ඕන.
අවකාශයේ අදහස් තියෙනවා. ඒ අදහස්වලට
හැමෝටම ඇක්සස් තියෙනවා. භාෂාව කියන ශබ්ද මාලාවලින් ඒ ඒ අදහසට ගැලපෙන වචන
නිර්මාණය වෙලා තියෙනවා. ඔයා ඔයාගෙ අදහසට ගැලපෙන වචන ටිකක් අරන් අකුරු
විදියට ගලපලා අනිත් කෙනාට පෙන්වනවා. එයත් ඒ අකුරු කියවලා ඒකට අදාල වචනවලට
අදාල අදහස අර අවකාශයෙන් තේරුම්ගන්නවා. මේ ක්‍රියාවලියෙදි දෙවෙනි පුද්ගලයාට
මොකක් හරි වචනයකට අදාල අදහසට ඇක්සස් නැත්නම් (එයා ඒ වචනේ තේරුම දන්නෙ
නැත්නම්) එයාට පණිවිඩය තේරෙන්නෙ නෑ. භාෂාව කියන්නෙ අදහස් ඩිලිවර් කරන
ක්‍රමය තමයි. ඒත් අපි කී දෙනෙක් තමන්ගෙ මව් බාසාවවත් හොඳින් ප්‍රගුණ කරල
තියෙනවද? ඒ නිසා භාෂාව ගැන දැනුවත්කම අදහසක් ඩිලිවර් කරද්දි ඉතාම වැදගත්
වෙනවා. පාර්ශව දෙකකට යමත් තේරෙන්න නම් ඒ දෙන්නටම කොමන් භාෂාවක් තියෙන්නම
වෙනවා. ඒ වගේම ඒ කොමන් භාෂාව සහ අදාල පාර්ශව භාවිතා කරන මුල් භාෂා අතර
වචනවලට නිශ්චිත තේරුම් තියෙන්නම වෙනවා.
ලෝකයේම පිරිමි සහ ගැහැණු
හිතන විධි ගත්තම ඒ ක්‍රම දෙකකට බවත් (ප්‍රධාන ක්‍රම දෙකක් කියලයි හිතන්න
වෙන්නේ. ගැහැණු පිරිමි අන්ත දෙකට අයිති ප්‍රධාන ක්‍රම දෙකයි. ඒ දෙක මැද
ලොකු පරාසයක භාෂාවල් ඇති), ඒ ක්‍රම එකිනෙකට සංකල්පීය තලයේදිම වෙනස් නිසා
ඒවා මොනවද කියල අනිත් පාර්ශවයට තේරුම් කරවන්න පුළුවන් පොදු භාෂාවක් ඕන
බවත්, මෑතක් වෙනකල්ම මේකට පොදු භාෂාවක් කියල තියෙන්නෙ පිරිමි භාෂාවම බවත්,
ගැහැණු හිතන විධිය මෙහෙමයි කියල පිරිමි විසින් පිරිමි භාෂාවෙන් කියල තියෙන
කතා සේරම ඇත්තද කියල අපි ආයෙත් හිතන්න ඕන බවත්, ගැහැණු විසින් තමන්ගෙ
භාෂාවෙන් කතා කරන්න පටන් අරන් තියෙන බවත් තමයි මම හිතන්නේ. ඒ ගැන තමයි මේ
සත දෙක.
කාන්තාවගේ අතීත භූමිකාව වුණේ පවුල නඩත්තු කරන එක. එයාට
තිබුණෙ ගෙදර ඉඳන් දරුවො බලාගන්න එක. පවුල වෙනුවෙන් සම්පත් උත්පාදනය කළේ
පිරිමියා. ඒ නිසාම පිරිමියා නිවසෙන් පිට රැඳෙද්දි කාන්තාව රැඳෙන්නෙ නිවස
ඇතුලෙ හෝ තවත් කාන්තාවන් එක්ක. මේක බොහෝ දුරට සිද්ධ වුණ අපිට පොදුවෙ
පිළිගන්න පුළුවන් ඇත්තක් කියල මම හිතනවා.
ක්‍රමයෙන් ලෝකය කාලය හරහා
වර්තමානයට එද්දි අවශ්‍ය වෙන අළුත් දැනුම නිපදවන්න සංවාද පටංගන්නෙ පිරිමින්
විසින්. මොකද බොහොමයක් බාහිර අභියෝගවලට මුහුණු දෙන්නෙ පිරිමි. එයාල ඒවට
උත්තර හොයනවා. සමහර විට ඒවට ගැහැණිය දායක වෙලා තියෙන්න පුළුවන්. එක අතකට එක
පාරම ලෝකය පිරිමියාගේ නිර්මිතයක් කියන එකම අසාධාරණ අදහසක්. ලෝකය වෙනස්
කරපු පිරිමින් කී දෙනෙක් කාන්තාවන්ගේ නිසා ඒ දේවල් කලා වෙන්න බැරිද? ඒක
වෙනම සංවාදයක්. කොහොම නමුත් ප්‍රධාන වශයෙන් ලෝකයේ අළුත් දැනුම නිපදෙව්වෙ
පිරිමියා කියල පිලිගත්තම මේ කතාව ගොඩනගන්න ලේසියි. අපි ඒක උපකල්පනයක් කියලා
ගත්තත් පසුව ඒක ඇත්ත වෙන්න හොඳටම ඉඩ තියෙනවා. (කාන්තාවන්ට කිසිම ගෞරවයක්
නැති එයාල තමන්ගේ අයිතිය බලපැවැත්වෙන භාණ්ඩ විදියට සලකන තනි තනි පිරිමිත්,
සංවිධානත් තාම ලෝකයේ ඉතිරි වෙලත් තියෙනවා. මේ උත්තම පුරුෂත්වය තුල
කාන්තාවනුත් කැමති යම් ලිංගික සංකේතකරණයක් තියෙනව වෙන්න පුළුවන්. නමුත් ඒක
පෞද්ගලිකයි.) කොහොම නමුත් අළුත් දැනුම පිරිමියා නිපදවද්දි ඒ දැනුම සහ දැනුම
ඔස්සේ ලෝකයේ වෙන වෙනස්කම් සිද්ධ වෙන්නෙ පිරිමියාට ඕන විධියට. පිරිමි
ඔළුවක් ඇතුලෙ. පිරිමියාගේ ආසාව වෙනුවෙන්. බොහෝ විට නොදැනුවත්වම.
පිරිමියා
ඒ විධියට ලෝකය නිර්වචනය කරන වැඩේ කරන අතරෙ එයාලා කාන්තාවවත් ඒ ලෝකයට
ඇතුලත් කරනවා. නැතිනම් කාත්තාව මේ වගේ කියල තමන් හිතං ඉන්න ආකෘතිය පොදු එක
බවට පත් කරනවා. කාන්තාවට අර්ථ දැක්වීමක් දෙන්නෙ පිරිමියා විසින්. තවමත් අපි
කාන්තාව කියල පිලිගන්නෙ පිරිමින් නිර්වචනය කරන කෙනෙක්. ඒක බොහොම වෙලාවට
කාත්තාවමත් පිළිගන්නවා. ඒක හැර එයාලට විකල්පයක් නැති තරම්. අපි ලිබරල් කියල
කාන්තාවන්ම කියාගන්න අවස්ථාවලදිත් බොහොම වෙලාවට වෙන්නෙ ඇයට නොදැනීම තවත්
ලෙවල් එකක පිරිමි අවශ්‍යතාවයක් ඉටු කිරීමක්.
හැබැයි ඒ ඇත්තටම
කාන්තාවමද? ඇය හිතන විධියට ඇය කවුද? ඇයගේ ආසාව මොකක්ද? ඒව පැහැදිලි නැති
දේවල්. සරලවම ගත්තොත් කාන්තාව පැහැදිලිව නිර්වචනය කරන්න පිරිමි නිර්මාණය
කරපු භාෂාවකට බෑ. කාන්තාවගේ සාරය පිරිමි ඔළුවට අහුවෙන්නේ නෑ කියල කියන්නෙම
ඇගේ සාරය විස්තර කරන්න පිරිමි භාෂාවකට බැරි නිසා. ඒ නිසාම පිරිමි අපි හිතනව
කාත්තාවන්ට සාරයක් නැහැ කියල.
හැබැයි දැන් සියවසක විතර ඉඳන්
කාන්තාවන් ක්‍රමයෙන් තමන්ව ප්‍රකාශ කරන්න ඔවුන්ගේම භාෂාවක් නිර්මාණය
කරගනිමින් ඉන්නව. ඔවුන් ලෝකය තමන්ගෙ භාෂාවෙන් අර්ථ දක්වාගනිමින් ඉන්නවා. ඒ
නිසාම ඇය ස්වාධීන වෙමින්, පිරිමියාගේ බලපෑමෙන් මිදෙමින් ඉන්නවා. මේ අර
කලින් කියපු ලිබරල් එක නෙවෙයි.
බුකියෙ කීප වරක් ෂෙයා වෙනව දැකපු පෝස්ට් එකක් තියෙනවා.
'පිරිමින්ට මුදල් ලැබුණු විට ඔහු තම ගැහැණියට උපරිමයෙන් සලකයි
ගැහැණුන්ට මුදල් ලැබුණු විට පිරිමියකු අවශ්‍ය නොවන බව ඇයට වැටහෙයි'
මේක
බොහෝ දුරට ඇත්ත. ප්‍රශ්නය තමයි මේක දිහා අපි බලන්නෙ ශිෂ්ටාචාරය පුරාම
ගොඩනගාගෙන ආපු පිරිමි දැණුමින් වීම. ඒ නිසා මෙහෙම වෙන එක වස වැරැද්දක්ය,
සංස්කෘතිය විනාශ වීමක්ය, මිනිස් පැවැත්මට තර්ජනයක්ය වගේ ඒව තමයි එක පාරම
කෙනෙක්ගෙ ඔළුවට යන්නේ. නමුත් වැඩේ කියන්නෙ ඔය පෝස්ට් එකේ කියන තත්වය
උදාවෙලා තියෙන්නෙ කාත්තාව තමන්ගේ ලෝකය අර්ථ දක්වගන්න පටන් අරන් තිබීම නිසා
වීම. ඇය තමන්ගේ වාග් මාලාව අනුව, ඇගේ භාෂාවෙන් ලෝකය අර්ථ දක්වන්න පටන් අරන්
තියෙනවා. ඒ ලෝකයේදි ඇයට ඕන මුදල් වෙන්න පුළුවන්. පිරිමි නෙවෙයි වෙන්න
පුළුවන්. මුදල් කියන්නෙ මේ යුගයේදි ගැහැණු පිරිමි බේදයකින් තොරව යම් ආකාරයක
සතුටක් ලබාගන්න පුළුවන් ක්‍රමයක්. එහෙම නෙවෙයි කියන අය වෙනස් කරන්න
පුළුවන් මුදලේ ප්‍රමාණය මත. ඔබට ඕනෑ අසීමිතව මුදල්ද නැත්නම් ඔබටම ගැලපෙන
කාන්තාවක්ද කියන ප්‍රශ්ණය ආවොත් ඔබ දෙන උත්තරය මොකක්ද?
කාන්තාවගේ
පරම අරමුණ පිරිමියෙකුගේ ආදරය හරි මොකක් හරි ලැබීම කියන එක පිරිමි ඔළුවේ
අදහසක්. ඒක කාන්තාවගේ අදහස විය යුතුම නෑ. ඉතිං පිරිමියා පිළිබඳව කාන්තාව
තුල තියෙන අදහස වෙනස් වෙමින් තියෙනවා. ඉතිහාසය පුරාම කාන්තාව මත පටවපු
පිරිමි බලය දැන් ගිලිහෙමින් තියෙනවා. ඒකට ප්‍රතිචාර දක්වන්නත් අනිත් පැත්තට
තල්ලු කරන්නත් ඇය පටන් අරන් තියෙනවා. ඇය ස්වාධීන ජීවියෙක් වෙන්න පටන් අරන්
ඇයට ඕන විධියට ඇගේ ලෝකයට අර්ථ දෙමින් තියෙනවා.
මේ නිසාම මානව
සම්බන්ධතාවල විලාසය ඉදිරි අඩ සියවස වගේ කාලය ඇතුලත රුදුරු විදියට වෙනස්
වෙන්න නියමිතයි. රුදුරු කියල කියන්නෙ අපි උපකල්පනය නොකරන විදියකට. ඒකෙදි
අපි අද උත්තම තත්වයන්වල තියල සලකන සංස්කෘතිකමය දේවල් උඩු යටිකුරු වෙන්න ඉඩ
තියෙනවා.
ඒ වෙද්දි ගැහැණියගේ භාෂාව තේරුම්ගන්න පිරිමියාට පුළුවන්
වෙයි කියල අපට හිතන්න වෙනවා. මොකද මේ වෙද්දි ඒ භාෂාව තේරෙන්නෙ නැහැ
පිරිමින්ට. ඒ නිසාම මේ කාලෙ කාන්තාව තමන්ගේ භාෂාවෙන් ඇමතුවම හෝ ක්‍රියා
කලාම පිරිමි ගල් වෙනවා. මැරෙන්න යනවා සමහර විට යක්කු වෙනවා. මැරෙන තුරාවට
ඔබව පතාගෙන කියලා ටැටූ ගහනවා. තමන්ව අතෑරපු කෙල්ලව හොයන් ගිහින් කරදර
කරනවා. මරන්න වුණත් පෙළඹෙනවා. ඒ අර පිරිමි ආධිපත්‍ය අභියෝගයට ලක් වීම
නිසයි. කාන්තාව තමන්ට යටත්ව ඉන්න ඕන කියල හිතන පරණ පිරිමි ගතිය නිසයි. දැන්
ටික ටික මේ ධ්‍රැව මාරු වෙන්න අරන්. සමහර රටවල මේක අනිත් පැත්තටත් ගිහින්
ගැහැණු තනියෙන් ඉන්න උත්සාහ කරද්දි පිරිමි අය ජීවිත කාලෙම එකට ඉන්න ගැහැණු
හොයන් ආසියාවට එනවා කියලා අපේ මස්සිනා බන්දුෂා ළඟදි පාට්නර්ට කියල තිබුණා.
එහෙම මාරු වෙන්න පුළුවන් ඉතිං. කොහොම නමුත් ඉදිරියේදී යම් කාලෙක මේක
සෑහෙන්න සමතුලිත වෙයි. සමාජයේ සාරධර්ම කියන ඒවා වෙනස් වෙයි. වෙනස් වීම නතර
වෙන එකකුත් නෑ ඉතිං.
සමන්ගෙ පොතේ ඔය ධර්ම කතිකාව ඇති වෙන්නෙත් ඒ
අවුල විසඳගන්න ඕන නිසයි. තවමත් මම කියවල තියෙන සහ සමාජය තුල ප්‍රදර්ශනය වෙන
තත්වයන් මත තීරණය කළොත් කාන්තාවන්වත් එයාලගෙ භාෂාව හරියට අඳුරගෙන නෑ. ඒක
නිසා අපි පොදුවේ කියන්නේ කාන්තාවගේ ආසාව එයාලවත් දන්නෙ නෑ කියල. මම හිතන්නෙ
එයාලගේ ආසාව තේරුම්ගන්න ඕන කරන භාෂාව පිරිමි විසින් නිර්මාණය කරල නෑ. ඒ
නිසා පිරිමි භාෂාවක් ඇතුලේ ගැහැණුන්ගෙ ආසාව විස්තර කරන්න වචන නෑ. ඒ වචන
පිරිමින්ට හදන්න බෑ. ඒත් මේ වෙනකොට වෙනස ආරම්භ වෙලා තියෙනවා. භාෂාවෙන් කෙසේ
වෙතත් ක්‍රියාවන්වලින් ගැහැණිය පිරිමියාගේ ග්‍රහණයෙන් මිදෙමින් ඉන්නවා.
ඒ්ක භාෂාවෙන් තේරුම් ගන්න අපට සෑහෙන්න කාලයක් යයි.
පොතේ ඡේද අස්සේ
යටින් උඩින් සහ සමාන්තරව යන කොමඩික් ෆීලිං එක තමයි පොතට මාව රඳවපු සාධකය.
ඒක හිනාව හාස්‍යය නෙවෙයි. බකස් ගාල ගිහින් ඉවර වෙන හිනාවකට වඩා කට කොනකට
නැගෙන මන්දස්මිතියක් සෑහෙන්න කාලයක් රඳවල තියන හාස්‍යයක්. උපහාසයක්
අපහාසයක් සේරම එකතු වුන හැඟීමක්. ලංකාවෙ ස්ටෑන්ඩ් අප් කොමඩිවලට හිනා යන්නෙ
නෑ කියන මිනිස්සු ගොඩකට මේ වැඩේ කොහොම තේරෙයිද කියන අවුල මට ආවා ඉතිං. එයාල
කොහොමත් සමන්ව කියවනව වෙන්න බෑ.
පොතක් කියවීම කියන්නෙ ගනු දෙනුවක්.
පොත කියවීම සඳහා සන්තක කරගැනීමට දරණ වියදම හෝ වෑයම, කියවන්න වැය කරන කාලය
වගේ දේවලට සාපේක්ෂව පොත විසින් කියවන්නාට යමක් ලබා දෙන්න ඕන. ඒක
සංතෘෂ්ටියක්, දුකක් ආදී වෙන් කරගන්න පුළුවන් ඕනම හැඟීමක් හෝ කීපයක් වෙන්න
පුලුවන්. මේ පොතෙන් දැනෙන එකට එහෙම වචන නෑ. මංමුලා වෙලා යාම කිව්වොත් සමහර
විට හරි ඇති. හැබැයි රෑ වෙනකල් හිටියොත් එළියක් හොයාගන්න පුළුවන්. හදිසි
නම් ගහකට නගින්න පුළුවන්. ඒ දෙකටම ඔබට පුහුණුවක් ඕන.
අපිට ඇත්තක්
ඕන. පට්ට ඇත්ත කතා ජනප්‍රියයි. ඒත් ඇත්තත් සිහිනයක් අතර සිද්ද වෙන ගනුදෙනු
ටික වෙනුවෙන් ඉඩක් ඕන. ඒක උවමනා කෙනෙක්ට පොත හොඳට සෙට් වෙන්න පුළුවන්.
අපි
දකිනවා සමහර විචාරවලදිත්, බුකි හෑලිවලත් සමහර අය වටේ යනවා. සර්වජන
ෆේස්බුක් එකේ සමහර හෑලිවල තියෙන්නෙ "මම මේ වටේ යන්නේ. මැද මාර එකක්
තියෙනවා. ඒක මං දන්නවා හැබැයි කියන්නෙ නෑ" වගේ එකක්.
ඇත්තම ඇත්ත
හේතුව එයාලා මැද තියෙන එක මොකක්ද කියලා නොදන්න එක වෙන්න පුළුවන්. එහෙම
නැත්නම් ඇත්තටම මැද කිසි දෙයක් නැති වීම. මැද තියෙනවා කියන එකත් නිශ්චිත
නෑ. ඒ නිසා අපට තියෙන්නෙ තම තමන්ගේ භාෂා සහ අවබෝධතා ලෝකවල ඉඳන් මැද තියෙන
යමක් තේරුම් ගන්න දරණ උත්සාහ කිරීම විතරයි. මැද හෙණ එකක් තියෙනවා කියල ලොකු
හෑල්ලක් ලියාගෙන එද්දිම අපි තේරුම් ගන්න ඕන දේ තමයි ගොඩක් වෙලාවට එයා දන්න
ලබ්බක් නෑ කියන එක. ලියන හෝ කියන මනුස්සයා ගොඩනගන්න හිතලවත් නොතිබුණ
ඇත්තක් හෝ යථාර්ථයක් කියවන්නා විසින් හොයන්න යන එක තේරුමක් ඇති වැඩක්
නෙවෙයි.
අමතර -
අලියාගේ වෘෂණ කෝෂ හිසේ පිහිටා ඇති බව සහ අලියාට
අලි කන් ඇත්තේ ඒවා සිසිල් කිරීම සඳහා පවන් සැලීමට බව සමන් ලියා ඇතත් ඒ කතාව
බොරුවකි. එය සමන් සිතා මතා ලිව්වා වන්නටද බැරි නැත. වෘෂණ ශරීර අභ්‍යන්තරයේ
ඇති තවත් සතුන් සිටී. ඒත් තවමත් මේ වෘෂණ අලින්ගේ ශරීර අභ්‍යන්තරයේ
තිබෙන්නේ ඇයිද යන්න නොවිසඳුණ ගැටළුවකි. සමහරවිට අලි වෘෂණ ශරීර අභ්‍යන්තරයේ
පිහිටා ඇත්තෙ ඒවා වෙනත් සිවුපා ක්ෂීරපායීන්ගේ මෙන් බාහිරින් පිහිටා
තිබුණොත් අලියා වැනි බරසාර සත්වයෙකුට ඒවා කළමනාකරණය කරගැනීම දුෂ්කර නිසා
වන්නට පුළුවන්ය.
Showing posts with label ගැහැණිය. Show all posts
Showing posts with label ගැහැණිය. Show all posts
Tuesday, 4 July 2023
කේ.කේ. සමන් කුමාරගේ මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා පොත ගැන අදහස්
Saturday, 27 July 2019
කෝලි
සන්නස්ගලගේ භික්ෂු පරිච්ඡේදය කියවා හමාර කළෙමි. එය කියවීම අතර තුර සිතට නැගුන විඳුණු දැන් අමතකව ඇති සිතිවිලි අපමණකි. පොත කියවා අවසන් වෙත්ම හිතට නැගුනේ එ පිළිබඳව යමක් ලිවීම හොඳ බවයි. පොතේ ඡේද උදෘත කරමින් එසේ ලිවීමට සිත් වූ බොහෝ දේවල් දැන් අමතකව ගොස් ඇත. ඒ නිසා මේ සටහන ලියවෙන්නේ කුමක් ගැන වේද යන්න පිළිබඳව දැන්ම කීමට හැකියාවක් නැත.
පොත කියවා ලියන දේවල් ගැන සිතමින් රාත්‍රී මුරය සඳහා පිටත්ව ගොස් ඇති බිරිඳටද වයිබර් මැසේජ් දමමින් බුකියේ පූස් සහ බලු ගෘප්වල ලයික් දමමින් ගෙවුන සුළු වේලාවක මට සිතුනේ අදත් බොන්නටය. ඊයේද බිරිඳගේ අනුග්‍රහයෙන් අපි බියර් බීවෙමු. අදත් හොඳ දවසකි. බියර් දෙකක් ගේමු දැයි මාමණ්ඩියගෙන් ඇසූ විට ඔහු ගල් බාගයක් ගේමු කියා කීවේ කලකින් ගල් නොගැසූ නිසායි. මම දායකත්වය දුන්නෙමි. බයිට් එකට සොසේජස් කරල් කීපයක් සූදානම් කළෙමි. සියල්ල අවසන් වී දැන් ලොකු කාලයක් ඉක්ම ගොස්ය. මැදියමට හෝරාවක් ඇති වේලාවක මම අර්ධ වෙරි මතින් පරිගණකය ඉදිරිපිට හිඳගෙන ඇත.
කෝලියා දොරකඩ නිදයි. ඒ උගේ ඩියුටි පොට් එක කියා මම කියන්නේ ටික කලක සිටයි. මා සමග මම ද නොදන්නා මිතුරු දමකින් වෙලී සිටින කෝලියා මා කාමරයේ සිටිය සැම විටම දොරකඩ නිදයි. මුරකරුවෙක් මෙනි. කෝලිට නොදැනී මා වෙත මැස්සෙක්ටවත් එන්නට නොහැකි බව බිරිඳ ඉරිසියාවෙන් කියයි.
කෝලියාගේ මුල් නම ‘කොලින්‘ ය. එය ‘කොල්ලා‘ යන්නෙන් බිඳී ඇති නමකි. උගේ ඉතිහාසය කතාවකි. අපේ ඉතිහාස මෙන් විකෘති වූවක් නොවේ. උපන් දා සිට මේ වෙන තෙක් කෝලියා ළඟින් ඇසුරු කරන මම කියන සැබෑ කතාවයි. එක එක දේශපාලන, සංස්කෘතික හෝ භාෂාමය වර්ෂන්වලින් තොර එකම වර්ෂන් එකයි.
2010දී එවකට පෙම්වතියව සිට දැන් බිරිඳව සිටින ඇයගේ නිවසට පැමිණි මිකීගේ පළමු වැදුමේ පුත්‍රයා කොලින්ය. 2012දී මිකී දරුවන් සත් දෙනෙක් වැදුවාය. ඉන් බාලයා පොඩ්ඩීය. ඇයගේ පිළිවෙලක් නැත. පිස්සියක් මෙනි. අනෙකුන්ට වඩා කුඩාය. කිරි බොන්නට අනෙකුන් පෙරලා පැනගෙන එල්ලීමේ හැකියාවක් නැත. අවසානයේ හමුවෙන්නේ දුර්වල තන පුඩුවකි. අනෙකුන් පරයා සටන් කරන්නට කුඩා වැඩිය. ඒ නිසා කෙටි කලකින්ම කිරි උරා බීම එපා වී වෙනතක් බලයි. ඇයට උවමනා වූයේ හතර අත විපරම් කරන්නටයි. කිරි වැඩිය පෙවුනේ නැත. ඒ නිසාම දුර්වල විය හැකි බවට කතාවක් නිවසේ ඇති විය. ඈ ගෙදර රැඳුනාය.
රෝසි ගෙදර රැඳුනු අනිත් කෙල්ලයි. ඇගේ බඩ රෝස පැහැති බැවින් ඈ එනමින් බෞතීස්ම විය. මාමාණ්ඩියගේ අනුකම්පාවෙන් සහ ආදරයෙන් ඇය නිවසේ සුරතලිය විය. බිරිඳ කියන්නේ රෝසි ඇගේ රෝස බඩ පෙන්නා මායම් දමා තාත්තා අල්ලාගත් බවයි. කොහොමත් රෝසි යනු මිනිස් අඟනුන්ට සරි කලහොත් ව්‍යවහාරයේ කියවෙන පට්ට කෑල්ලකි. රූපයට අමතරව ඇයට කෙල්ලක් සතු කෝල ගති ඇත්තේය. කෙලි බල්ලෙකි. ආදරේ හිතෙන නියම කෙල්ලකි. පට්ට බැල්ලියකි.
කෝලියා ඇතුලු අනිත් පස් දෙනා රටේ විවිධ තැන්වලට පිටව ගියෝය. දෙදෙනෙක් මාමණ්ඩිගේ සොයුරියන්ගේ ගෙවල් වලටයි. ජාඇලට හා මාතලේටයි. අනිත් අයත් එක් එක් තැන්වලයි. කෝලියාද එසේ නොදත් තැනකට පිටව ගියේය.
එසේ දරුවන් පිටකල මාමණ්ඩි ඒ තැන්වලට සතියකට දෙකකට පසු අමතා දරුවන්ගේ සුව දුක් විමසූ අවස්ථාවේදී කෝලියාගේ දරුණු ඉරණම කණ වැකී තිබුණි. කෝලියා හදන්නට භාරගත් නිවසේ කුඩා දරුවන් අතින් දෙමස් වයසැති බලු පැටියා පීඩා විඳින්නේය. මඤ්ඤොක්කා කෝටුවලින් ගුටි ලබන්නේය. වේදනා විඳින්නේය.
පැටවුන් ලබා දුන්නේ මුදලක් ගැනීමෙනි. නිකම් දීමෙන් අගයක් නැත. ගෙවූ මුදලට හෝ සලකනු ඇත. අපගේ අභිප්‍රාය වූයේ එයයි. ඒත් ගුටිකන පැටියකු ගැන දැන දැන ඉවසීම කල හැක්කක් නොවේ. වහාම ගොස් ආපසු මුදල දී කෝලියා නැවත ගෙදරට ගෙන ඒමට මාමණ්ඩිත් නැන්දම්මාත් කඩිනම් විය. එදින සිට උගේ නම කොල්ලා විය. ඒත් එය දිගින් දිගටම භාවිතා නොවී කොලින් බවට කොල්ලා නම් විය.
ඒත් මට නම් කොලින්ට ඇමතීමට නම් ගොඩකි. මා ආදරය කල සුරතලුන් සියල්ලට එසේ නික් නේම් ගොඩක් ඇත. මිකීටද රෝසිටද එසේමය. සියළු දෙනා බලු මිනිස් බේදයකින් තොරව ‘පිස්සු කේස්‘ ය.
කොලින්ට මම කොලින් මල්ලි, කෝල මල්, කොලිනයා, කොලින්ත, කෝල්, මල් කොලයා ආදී නොයෙක් නම් කියමි. කෝලි යනු එහි වත්මන් සංස්කරණයයි. ඒ මොන නම කීවත් පඩේකට ගණන් නොගෙන උගේ පාඩුවේ නිදා සිටිනා අවස්ථාද වෙයි.
භික්ෂු පරිච්ඡේදය කියවීම අපූරු අත්දැකීමකි. ජීවිත කාලයක් පුරා අත්දැකීම් එසේ එක් එක් වර්ගීකරණයන්ට ලක් කර ලිවීම ආතල් වැඩකි. භික්ෂු පරිච්ඡේදයේ ඇත්තේ සන්නස්ගලයන්ට පොත ලියන වර්තමානය දක්වා ජීවිතයේදී හමුවූ භික්ෂු චරිත පිළිබඳවයි. එය කියවීමට පෙළඹවීම ඇති වුණේ ගී පැදුර නිසායි.
ගී පැදුර අඩවියට ගී පද අසමින් සොයමින් ලියන මට කසුන් කල්හාරගේ නටාෂා ගීතයේ රචකයා සොයාගන්නට උවමනා විය. යූ ටියුබයේ එම ගීතය සෙවූ විට සියත එෆ්එම්හි ඩීජේ අරා නටාෂා ගීතයට යෙදූ පූර්විකාවක් ලින්ක් ඔස්සේ හමු විය. එහි කියවුණේ ඩීජේ අරා භික්ෂු පරිච්ඡේදය කියවමින් සිටින බවත් එහි තැනක පසන් කොඩිකාර පිළිබඳ සන්නස්ගල තැබූ සටහනක මෙම ගීතය පිළිබඳව කියවෙන බවත්ය. පොත කියවන්නට පෙළඹවූයේ එයයි. පොත වර්ෂයකට පෙර පොත් සල්පිලෙන් මිළදීගෙන ඇති බව බිරිඳගේ හෝඩුවාව ඔස්සේ දැනගතිමි. ‘භික්ෂු‘ වදන නිසා එය නැන්දම්මා විසින් කියවන්නට ඇගේ කාමරයට අරන් ගොස්ය. පේන විධියට ඇය පිටු කිපයක් කියවා නවතා ඇති සැටියකි.
භික්ෂු පරිච්ඡේදයේ සන්නස්ගලයන් ලියා ඇති දේවල් ඇත්තද බොරුද යන්න සොයන්නට හෝ ඒ ගැන වෙහෙසෙන්නට මම උත්සාහ නොකරමි. එය හුදෙක් තවත් එක් කියවීමක් ලෙස දරාගනිමි. අත්දැකීම් ඇසුරින් සමස්ථ ජීවිතය තේරුම්ගැනීමට තරම් මහ මෙරක් අත්දැකීම් ලබා නැතත් ලැබී ඇති සොච්චම සමහර දේවල් තේරුම්ගැනීමට ප්‍රමාණවත්ය. ඒ නිසා මම වැඩිදුර නොසිතමි. යුනිෆෝම් ඇන්දාට කවුරුත් මිනිස් ගති ඇත්තෝ වෙති. තව දුරටත් පූජකත්වය යනු විමුක්ති මාර්ගය සොයන්නන්ගේ තත්වයක් නොවේ. එය වරප්‍රසාදිත රැකියාවකි. විමුක්තිය සොයන්නට යුනිෆෝම් අවශ්‍ය නැත.
භික්ෂු පරිච්ඡේදයේ අවසානයටත් පෙර මා කලකට පෙර තැබූ ටිවිටර් සටහනක් සිහි විය. එහි ලියුවේ තොරතුරු දැනගැනීමට ඇති සියළු මූලාශ්‍රයන් ෂුවර් නැති බවයි. බලු පැටවුන්ට ලයික් දැමීම ඊට වඩා හොඳ බවයි. භික්ෂු පරිච්ඡේදය අවසානය වෙද්දී එහි ලිවීමේ සෞන්දර්යයෙන් වික්ෂිප්තව මම ඒ ටිවිටර් සටහන සිහි කරමි.
තව ලියන්නට කම්මැලිකමක් ඇත. හිතුණොත් පසුව සංස්කරණය කරමි.
Tuesday, 8 May 2018
ඇගේ සාරය සොයා
අඩක් දැවී ගොස් ඇති දුම්වැටිය සිය සියොළඟම මා වෙත පූජා කරන්නට දැල්වී බලා හිඳී. විනාඩි කීපයකට මා ගත සිත තැතිගැන්මෙන් මුදවා සමාපත්තියකට ගෙන එන්නට දුම්වැටිය ජීවිතය පුදන්නේය.
මා හාත්පස අඳුරු බිත්ති අතර කිසිදු ආලෝකයක් නැති අඳුරකට මුහුණ දී හිඳිමි. වියළී පිළිස්සී අඟුරුව ගල් වී ගිය හදවත් කුහරයක පතුලේ මම දුම්වැටියේ ආලෝකය පමණක් ඇතිව බලා හිඳිමි.
ඇගේ ආදරයේ තවදුරටත් සාරයක් නොමැති බව වැටහුණු ඇසිල්ලේම සියොළඟම පිපිරී අවකාශයට විසිරී ගියේය. එකෙනෙහිම කළු කුහරයක් පරිද්දෙන් මාගේ ආදරයේ සියළු ස්කන්ධය හදවතට කැටිව මා ද එතුල සිර වී ඇත. ආදරයේ අධික ස්කන්ධයම මා ඉන් මුදවනු නොහී ඒ වෙත අල්ලා තබාගෙන ඇත. ආදරයට පවතින්නේ කිනම් ස්කන්ධයක්ද යන්න ආදරය සෙලවෙන තුරු කිසිවකුට වැටහෙන්නේ නැත. එහෙයින් මා තුල වූ ආදරය කළු කුහරයක් නිපදවන්නට තරම් විසල් වන බවක් කිසි විටක මට වැටහී තිබුනේ නැත. එහෙත් නොවිය යුතු දේම සිදුව ඇත.
ලිංගික ඇසුරක් තුල එක් උපරිමයකින් නැවතී එහි තෘප්තිය මොහොතක් විඳ ඇකිලෙන පිරිමින්ට ගැහැණියගේ සුරතාන්තයේ අනන්තය නොපෙනී ගොස් ඇත්තේ එලෙසින්මය. ඇය පිරිමියා ඉක්මවා සැරිසරන්නීය. ස්ථානීය සුවය සැපක් යැයි විශ්වාස කර එහි තැන්පත් වන්නට කැමති පිරිමින්ට නොවැටහෙන්නේ එය ය. ආදරයේ සාරය අහිමි වන තුරු පිරිමින්ට ආදරය වැටහෙන්නේ නැත. එය වැටහුණු විට පිරිමින් හිස් ලූ ලූ අත දුවමින් ආදරයේ සාරය සොයන්නට නිරර්ථකව වෙහෙසෙති.
ඇයගේ ආදරයේ සාරය ඇත්තේ ඈ තුලමය. එය කිසිදු පිරිමියකුට හිමි නොවේ. එය ඇයට පමණක් වැටහෙන, ඇයට පමණක් අයත් වන, පිරිමින් තමන් සතු යැයි රැවටෙන එහෙත් කිසිදා සදහට පිරිමියකු හට හිමි නොවන්නකි. ඇයගේ ආදරයේ සාරය සරුංගලයකි. එහි නූල නොකඩා තමන් අත තබාගැනීමට ගැහැණිය දක්ෂය.
මා සාරය අහිමි හදවතක් තුල තනිව ඇත්තෙමි. ඒ හදවත තව දුරටත් මා වෙනුවෙන් උද්දීපනය නොවේ. එය හැඟීයාමම බියකරුය. ජිවිතය බැලූ බැල්මට කෙතෙක් උද්දාමව පැවතියද ජීවිතය කැප කළ අරමුණ අහිමිව ඇති බව පසක් වීම මරණය තරම්ම බියකරුය.
ඇගේ ආදරයේ සාරය කොහිද? ඒ සොයන්නට යාම ම මා විසින් ඈ වෙත දරනා ආදරයට කරන පිටුපෑමකි. මගේ ආදරය මා කෙරෙන් ඈ වෙත කොන්දේසි විරහිතව විහිදෙන්නකි. එය සජීවී අජීවී සියල්ලට හිරු රැසක් මෙන් සමව විහිදෙන්නක් වී ආත්මාර්ථකාමීව නොතිබුණේ නම් ප්‍රතිපලය අමතක කර වඩාත් උත්තම තැනක රැඳෙන්නට මට අවකාශ තිබුණි. එහෙත් මා උත්තම නැති ආත්මාර්ථකාමී මනුස්සයෙකි. එහෙයින් ඇගේ ආදරය නැවත මා වෙත විහිදෙන්නේද යන්න සියුම්ව නිරීක්ෂණය කිරීමේ පිරිමි ගොන්කම මම කරමි. ඇගේ ආදරය ඇත්තටම කොහිද? එහි සාරය මවෙතින් ඉවත්ව රැඳී ඇත්තේ කොහිද? නොඑසේනම් ඇගේ ආදරය එහි සාරය කිසි කලෙක මා වෙත හිමි නොවූ, ආදරයේ නාමයෙන් සිදු කල එදිනෙදා වතාවත් සහ ක්‍රියාවන් පමණක්ව පැවති මායාවක් පමණක්ද?
ඇගේ ආදරයේ සාරය කොහිද? එය ඈ කැමති තැනකය. ඇගේ කැමැත්ත තුල ඇයට සතුටක් ලැබෙයි නම් නැවත සාරය සොයමින් වල්මත් වීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. සාරය අහිමි බුලත් විටක් මෙන් හපයක් වීමට සූදානමින් විකල්ප සෙවිය යුතුය. නැත්නම් මිය යා යුතුය. නොඑසේ නම් මල් උයන්, මත් ලැගුම්, තරු, සඳු, දේදුණු, වැසි, හිම රැඳුණු ඇගේ දිනයක අවසානයේ මේ කුටියේ ඇඳ මත ඇයගේ හුදෙක් වල්ලභයා ධුරය නොසිතාම භාර ගත යුතුය.
දුම්වැටිය නිවෙන්නට පෙර මම තවත් දුම් වැටියක් දල්වමි. එහි මඳ ආලෝකය අැය නික්ම ගොස් ඉතිරිව ඇති හිස්කම පමණක් නැවත නැවතත් පෙන්වමින් සිත පුළුස්සා දමයි.
ඒ හිස්කම නැවත නැවතත් දකින්නට අකමැත්තෙන් දුම්වැටියකුදු නොදල්වා මේ පාලුව ගෙවා දැමිය නොහැක. විකල්ප මහත් තරමක් නැත. මේ පාලු ගැඹුරේ මත්ව මෙහිම මිය යාමද, ඇගේ හදවතට ඈ හිත්ගත් කලාපයක නැවත පොපියන්නට ඉඩ දී නික්ම යාමද, තවමත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් බලගැන්වී ඇති ආදරය දරාගෙන රැඳී සිටීමද, නැතිනම් වඩා සාධනීය අවසානයක් වෙනුවෙන් කාලයට තවත් ඉඩ දීමද මා වෙත ඉතිරිව ඇති විකල්ප ය.
එහෙත් තීරණය ගන්නට නොහැකි දහසක් හේතු හිස මත හොවා මම හැකිලී හිඳිමි. එහෙයින් දැනට අඳුරේ ගැලී පැවතීම මිස අන් විකල්පයක් මට නැත. ආදරය ප්‍රබලවත්ම එහි වියෝවද ප්‍රබලය. අඳුරුය.
ගැහැණිය සතුව සාරයක් ඇතැයි පිරිමින් එය සොයන්නට යයි. ජීවිතය උහතෝකෝටික කරගනී. එහෙත් ගැහැණියගේ සාරය ඇයද නොදන්නා එකක් බවට කිසිදු සැකයක් නැත. ඇයට එය වගක් නැත. එහෙයින් ඈ සියල්ලට විවෘතය. සියල්ල දරාගන්නට මහා ලොකු වෑයමක් ඇයට අවශ්‍ය නැත. ගැහැණිය දුහුල් යැයි සිතන්නට පිරිමින් කැමති වුවද ගැහැණියගේ දෘඩ බව හමුවේ පිරිමින් පිදුරු ගසකට දෙවෙනි නැත. එහෙත් පිරිමි ලෝකය තුල ගැහැණියගේ අර්ථ දැක්වීම සහමුලින්ම වෙනස්ය. ඒ අර්ථ දැක්වීම තුල රැඳෙන්නට ගැහැණුන් කැමති වන තාක් පිරිමින්ට පාටි දැමිය හැක. හිත වියලා දැමීමට ඉන් පසු පිරිමි ඉගෙන ගනු ඇත.
මම තවත් දුම්වැටියක් දල්වමි. හාත්පස අඳුරට ඉන් එලියක් නැත.
Friday, 6 April 2018
නිදි ලොවක සුරඟන
සුමුදුව පිරිමදිමි සෙමින්
දහදිය සුවඳ කෙස් රැළි අතර
නුඹ හිස ඇඟිලි තුඩින්
බලා හිඳිමි දෙස
වුවනේ වල ගොඩැලි
තවමත් සුමටව දැණෙන
කෙමෙන් නැගී එන රැළි
ජීවිතය ගෙවී යන බව
නොකියා කියන
දෙතොල් මත ඇඳී ඇති
මද සිනහව මා කෙරේ යැයි
සිත් දරමින් තුටු වෙමි
දෙතොල් මත තැබූ
හාදුවලට වඩා
දෙතොලේ රැළි ඇති බව දකිමි
එකිනෙක ගණින්නට ගොස්
අපොහොසත්ව විඩා වෙමි
කලක සිහින්ව හිඳ ඉඟි පෑ
නිකටත් කම්මුලත්
රවුම්ව වැඩී ඇති බව
නුහුරුවෙන් වුව පිළිගනිමි
දිවෙන් පිරිමැදි
අතීතයේද සිත් බැඳි
පුංචි රැවුල් ගස් කීපයක්
තවමත් එහි ඇති බව දකිමි
මට්ටම් සමමිතික දෙබැම යට
වැසී ඇති දෙනෙත් පිය තුල
දෑස් නලියනු දකිමි
නුඹ දකින සිහිනයේ
එක් පසෙක හෝ
මා සිටී යැයි තුටිමි
නුඹ මද සිනා නගනු බලමි
දකින සිහිනය සිතේ මවන්නට
නිරර්ථකව උත්සාහ දරමි
නුඹ දෙස බලා සැනසෙමි
දෙනෙත් දෙස බලා හිඳිමි
දෙනෙත් දෙස බලා හිඳිමි
නුඹ දෙනෙත් විවර කර
මා දෙස බලන තුරු
නුඹේ නින්දට බාධා නොකරමි
නින්ද හමාර කර යම් දිනෙක
නුඹ මදෙස බලන තුරු
නුඹ පසෙකින් වැතිර හිඳිමි
Sunday, 1 April 2018
ආදරයට පෙම් කරමින්...
යාන්තම් ආදරය යන වචනය කුණුහරුපයක් නොවන තරමට මුහුකුරා ගිය අවදියේ පටන් සිත තුල පමණක් ඵල නැගුණු ඒක පාර්ශවික ආදර කතන්දර ගණනාවකට පසු මම එහි ඊළඟ පියවර තැබුවෙමි.
සියල්ලටම හැකිතාක් විද්‍යාත්මක පැහැදිලි කිරීම් බලාපොරොත්තු වූ මා ආදරයටද විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සෙව්වෙමි. බොහොම පසුකලෙක ගැහැණිය විද්‍යාවට හසු නොවන මානයේ පවතින්නියක් බවත් පිරිමි ආදරය හා ගැහැණු ආදරය දෙයාකාර විය හැකි බවත් තේරුම් ගතිමි. ඇතැම් විට ඒ වන විට මා ප්‍රමාද වී සිටියා වැඩිද යන්න කීමට මා තවම ඉක්මන් වැඩිය.
සුභාවිත ඇසුරු කර හිස් මුදුනේ තබා සිටි 'ආදරය රාගයෙන් තොරය' යන උපදේශය අහඹු, අසාර්ථක, හුදකලා තත්පර කීපයක් තුල ඈ තුරුල් කරගත් මොහොතක යට කලිසම තෙත් වූ දා මුසාවක් ලෙස පුස් වී විනාශ වී ගියේය. ආදරය රාගයෙන් වෙන් කල නොහැක්කකැයි එදින සිට මා වටහා ගතිමි. එසේ වන්නේ කෙසේද යන්න පිලිබඳ කුතුහලයෙන් එදින සිට මා ආදරයට සමීකරණ සොයන්නට පටන් ගත්තෙමි.
මූලික රසායනය වැනි පාඩමක විද්‍යුත් චුම්භක වර්ණාවලිය පෙන්වනවාක් මෙන් ඍජු දණ්ඩක් ඇඳ එහි දෙකෙලවර sex සහ soul ලෙස නම් කලෙමි. එක් කෙළවරක් රතු වර්ණයෙන්ද අනෙක් කෙලවර නිල් වර්ණයෙන්ද සංතෘප්තය. දණ්ඩේ එක් කෙලවරක සිට එහි අනෙක් කෙලවරට එම වර්ණ දෙක ක්‍රමයෙන් තුනී වී යයි. දණ්ඩ මැදදී වර්ණ දෙකම සම ඝනත්වයෙන් යුක්තය. සැබෑ ආදරය ඇත්තේ දණ්ඩේ හරි මැද බව මා ඊ තලයක් ගසා නම් කලෙමි. එම සටහනේ පිටපතක් එවක පිටු ගණන් ලියූ ලිපියකට ඇතුලත් කර ඇයට දුන්නෙමි.
ඒ ආදරය බීදී ගියේ ඒ පඬිකම් නිසා නොවේ. තවත් සැලකිය යුතු කලකට පසු කරන්නට යෙදුනු සැලකිය යුතු වෙනත් පඬිකම් හේතුවෙනි.
එය එවැනි රූප සටහන්ද සහිත පඬිකමක් කල පලමු හා අවසාන අවස්ථාව විය. ඉන්පසු ජීවිතය තුල විවිධ පිටු පෙරලුනු අතර ඒ ඒ පිටු අතර නොයෙක් වර්ගයේ ආදර කතා අත්දුටුවෙමි. ඒ එක් එක් ආදරයන් තුල ඊටම අනන්‍ය වූ සුවිශේෂකමක් සමග ඉතාම පොදු සාධකද ගණනාවක් ඇති බව දුටිමි. ආදරයට එකම රූප සටහනක් සැකසීමේ මගේ උවමනාව ක්ෂය වී ගියේය.
එහෙත් ආදරය යන්න තේරුම් ගැනීමේ නොඑසේ නම් එයට නිර්වචනයක් ලබා දීමේ වෑයම අත්හැරීමට හේතුවක් එවකට මට නොතිබුණි. ආදරය තුල දැනෙන සියල්ල 'machine' යන අදහසට ඇති නිර්වචනය මෙන් වචන ගණනාවකින් යුත් වාක්‍යයක් තුලට බහාලිය හැකි බවට මම විශ්වාස කලෙමි. ඒ මා ය. ඉතා සෙමෙන් පරිණාමයට ලක් වෙමින් නොයෙක් අතුරු මාවත් ඔස්සේද ගමන් කල මා ය.
කෙසේ වුවත් ආදරය යනු සියලු වර්ගයේ භෞතික මිනිස් බැඳිම්වල නරුමකම් වසාලීමට ශිෂ්ඨත්වය තුල උපත ලබා දුන් හැඟීමක්ය යන්න දැනටත් මම විශ්වාස කරන ආදරයේ නිර්වචනයකි.
පේන විධියට මා එතරම් පරිණාමය වී නැත. බිරිඳ යස අගේට විග්‍රහ කරන පරිදි මා සියල්ල පැහැදිලි, සියල්ල මනාව අර්ථ දැක්වුණු, අහම්බයක් හෝ පොලාපැනීමක් නැති ස්ථාපිත වටපිටාවක් තුල මාගේ සුව පහසු කලාපය ස්ථාපනය කරගෙන සිටින්නෙකි. ඇත්තෙන්ම එම කලාපයෙන් පිට මා ස්ථානගත විය හැක්කේ කොතැනකදී ද යන්න මා සිතා නැත. එය සිතීමම භයංකරය. මාගේ සුවපහසු කලාපයෙන් පිටතට එන්නට මට බල කරන්නන් පරිස්සම් විය යුතුය. කෙසේ වුවත් ඕනෑම මිනිසකුගේ සුව පහසු කලාපය ඔහුටත් වඩා ඔහුගේ බිරිඳ දන්නා බව නම් සහගහන ඇත්තකි. එය බොහෝ සැමියන් දන්නේද යන්න නම් සැක සහිතය.
එහෙත් ආදරය යනු පරිණාමය වන්නකි. එය නිතර බිඳෙමින් නැවත ගොඩනැගෙමින් කඳුලු සහ සිනා අතර එයට හිතුමතේ ජීවිතයක් එහෙ මෙහෙ යවමින් පරිණාමය වන්නකි.
එසේ පරිණාමය වන ආදරයක් කාලාන්තරයකදී ආදරය කරන්නා තුල තැන්පත් වේ. එය හදවතට, මොළයට, සිරුරට උරා ගනී. සියලු ශාරීරික සීමා අභිබවා පැලපදියම් වේ. දීර්ඝ කාලයක් පවතී. ලෝකයට බොරු කරමින් සිනා නොවුවද එකිනෙකා දෙස බලා ජීවිත කාලයක් සිනාසෙන බොහෝ යුවතිපතීන් ආදරයේ ඒ අඩියේ තැන්පත් වූ රසය විඳින්නෝය.
ඒ පාඩම මට කියා දුන්නේ මාගේ විවාහය පිලිබඳව කරන ලද පූර්ව සාකච්ඡාවකදී මාගේ පොඩි මාමා විසිනි. ආදරය යනු ඔය දැන් දැනෙන එකම නොවන බවත්, පවුලක් වීම තුල එයට අලුත් අර්ථ ලැබෙන බවත් ඔහු පැවසීය. ගෑණි මහත් වෙනවද, කොණ්ඩෙ ඉදෙනවාද, පඩ අරිනවද, රෑට ගොරවනවද, කට ගඳද වගේ ඒවා ගණන් නොගන්න මට්ටමක් දක්වා ආදරය ගමන් කරන බවත්, දිවි හිමියෙන් කැපවීම දක්වාත් ඉන් ඉදිරියට සියලු කොන්දේසි අභිබවමින් උත්කර්ෂය දක්වාත් ආදරය ගමන් කරන බව ඔහු කියා දුන්නේය. මව්පියන් තම දරුවන්ට දක්වන්නාක් මෙන් කොන්දේසි විරහිත අපිරිමිත ආදරයක් දක්වා එය ගමන් කරන බවත් ඔහු තමන්ගේ වචනවලින් කියා දැම්මේය.
මා එය අත් විඳිමින් සිටිමි. අවම වශයෙන් එහි බෝතලය අරින ශබ්දය මම රස විඳිමි. බෝතලය රස විඳින්නට ලැබේවායි ඉත සිතින් බලාපොරොත්තු දල්වා සිටිමි. හිත තුලට කිඳා බැස ඇති ආදරය විවිධ වර්ණයෙන් දිදුලනු අත් විඳින්නට පෙරේතකමේ සිටිමි.
ඇය කෙරෙහි මා තුල අපිරිමිත ආදරයක් පවතින බව මම දනිමි. එය ඇයටම පමණක් විවරව මියෙනා තෙක් පවත්වාගන්නට මට ආත්ම විශ්වාසයක් පවතින බව මම දනිමි. මෙලෙස ලියා දමනවාට වඩා වෙනස් කිසිදු ක්‍රමයකින් ඒ බව ප්‍රකාශ කරන්නට මට නොහැකි බව මම දනිමි. එය දැනෙන්නට හඟවන්නට, බෙදාගන්නට හෝ ඒ මත නැහෙන්නට තියරටිකල් පඬියකු වන මා අසමත් බව මම දනිමි. ඒ සඳහා මා දන්නා ක්‍රම අල්පය. සිතා මතා වචන තෝරා ජීවිතය ගැන මෙසේ සටහන් ලියූවද ඇත්ත ජීවිතය තුල වචන මුමුණද්දී මා ඉතා රළුව අමු වචනයෙන් සියල්ල එකවර කියන්නට ගොස් අනාගන්නෙක් වෙමි. වචනවලට අයිසින් දමා කියන්නට දන්නා චාටු කතාකාරයෙක් නොවීම නිසාම අහිමිව ඇත්තා යැයි මා සිතන බොහෝ දේවල් අතරට ඈ අයත් නොවීම මාගේ වාසනාවකි. අඩු තරමින් මම එසේ විශ්වාස කරන්නට කැමැත්තෙමි.
මන්ද ආදරය ඒක පාර්ශ්විකය. එසේය. කෙතරම් හිත රිදවනසුලු වුවත් ආදරය ඒක පාර්ශ්වික වීම වැලැක්විය හැක්කක් නොවේ. ඇවටාර් චිත්‍රපටියේ ජීවීන් සතු වනවා මෙන් ස්නායු පද්ධතිය එක් කරන ජෛව සම්බන්ධයකින් තොරව ආදරය ද්වි පාර්ශවීය ද යන්න සොයත හැකි අන් ක්‍රමයක් නැත. ආදරයක් නොහැඳිනූ, ගොරෝසු කැලෑවෙන් එලි බැස ශිෂ්ඨ වී ආදරයට වහල් වූ මිනිසා ලද සාපය එයයි. හුදෙක් වචනයෙන් කියනා, චුම්භනයෙන්, ලිංගික ආලෝලනයෙන් දැනෙනා, හැඟෙනා, ලැබෙනා සියල්ල සැබැවින්ම ආදරය නිසා හටගත්තේ දැයි සොයාගැනීමට ක්‍රමයක් නැත.
එහෙයින් ආදරය 'විශ්වාසය' නම් වචනයෙන් අදහස් කරන කොන්දේසි ගොන්නක්ද සමග එන ටෝටල් පැකේජයක් ලෙස බාරගැනීමට මිනිසාට සිදුව ඇත. ආදරය හුදෙක් ආදරය මතම නොරැඳී වෙනත් අටමගල් ඔස්සේද කිරා මැන ගන්නට මිනිසාට සිදුව ඇත.
ආදරය ඒ තුලම සාපයක් වන්නේ එහෙයිනි.
Sunday, 25 March 2018
ආගාධයක් තුල...
සියල්ල උපරිම උද්වේගයකින් අවසන් වුවත් ඔහු සතුටට පත්වෙලා හිටියෙ නැහැ. ඇත්තෙන්ම කලින් ඉඳන් ඔහුගේ හිතේ තිබුණු බර තවත් තදින් දැණෙන්න අරන් තිබුණා. ඇගේ නිරුවත් ළමැද මත එක් අතක් ඔබා ඈ පසෙකින් මුණින් අතට වැතිරී හිඳිද්දී තවමත් ඇගේ හදවත වේගයෙන් ගැහෙන බව ඔහුට දැණුනා. ඇගේ මුහුණෙන් දාඩිය බිඳු කීපයක් වැගිරෙමින් තිබුණා. අඩවන් දෑසෙන් පෙණුනෙ තෘප්තිමත් බවක්. ඒත් ඈ සහමුලින්ම තෘප්තිමත්ද කියන එක ඔහු කොහොම දැනගන්නද? සංසර්ගයකට බිඳුණු හදවත් පාස්සන්න කොහෙත්ම පුළුවන්කමක් නෑ.
ලෝකයම නිහඬ වෙමින් මහා පාළුවක් ඇදීයන්න පටන් අරන්. ඒක හදවත ඉරාගෙන යන්න තරම් ප්‍රබල එකක්.... නෑ... හදවත ඉරිල ගියානම් එක පාරින් වේදනාව ඉවර වෙන්න තිබුණා. ඒ හැඟීම ඊටත් දරුණුයි. වේදනාව ඊටත් රෞද්‍රයි. ඒක ඉතිහාසෙ ඉඳන් වර්තමානෙ දක්වා ඈත මෑත සිදුවීම් මතක් කරමින් හදවතට අනින්න පටන් අරන්... වරින්වර සිහි නැගෙමින් ආයෙත් හිස්කමේ තුනී වෙමින් මේ පාළුවේ වේදනාව හදවත වටේ ඇවිදිමින් හදවතට ඉව ඇල්ලුවා. වේදනාවට හදවත ලේසියෙන් ගොදුරු කරගන්න පුළුවන්.
විශ්වාසය පළුදු වෙන එක තරම් ආදරේ වේදනාවක් බවට පත් කරන තව දෙයක් තියෙනවද කියල ඔහුට හිතාගන්න බැරි වෙලයි හිටියෙ. ඒ තරමටම ඔහු එහෙම වෙයි කියල බලාපොරොත්තු වුණ කෙනෙක් නෙවෙයි. ආදරේ කියන වචනය අළුතින් නිර්වචනය කරපු හැඟීමකින් ඔහු එක්ක එකට බැඳුණු ඇය තමන්ගෙ විශ්වාසය බිඳින බව ඔහුට කිසිම විධියකින් පිළිගන්න කැමති වුණේ නැහැ. ඒත් අවසානයේ සිද්ධ වෙලා තිබුණෙත් ඒකයි. ඈට තිබුණා ඔහුගෙන් සඟවන්න දෙයක්. වෙන කෙනෙක්, වෙන ආදරයක් නෙවෙයි. ඒක එච්චර සංකීර්ණ කරගන්න ඔහුට ඕන වුණේ නෑ. ඒත් හංගන්න දෙයක්? ඔහු ගැන තවදුරටත් විශ්වාසයක් නැතිකමක්? තව දුරටත් ඇගේ සියළු අදහස්, වේදනාවන්, මනස්ගාත ඔහේ අතාරින්න පුළුවන් කුණු කූඩය විධියට ඔහුව අවශ්‍ය නැති බවට ඇය තීරණය කර තිබීමක්?
ඔව්... විශ්වාසය බිඳෙන්න අරන් තිබීමක්... ඈ ඔහුගෙන් ගිලිහී ගිහින් තිබුණා. කොයි තරම් වේදනාවෙන් වුණත් ඒක පිළිගන්න ඔහුට සිද්ධ වෙලා තිබුණා. ඒක පිළිගන්න වෙනව කියන එක තරම් වේදනාකාරී දේකට ඔහු මුහුණ දීලම තිබුණෙ නෑ.
ඈ ඔහුට කතා කළේ වෛරයකින් නෙවෙයි. ඇගේ ජීවිතේ විනාස වෙලාය කියන කනස්සල්ලෙන්. කලකිරීමෙන්. ඒක ඇගේ වරදක් නෙවෙයි. අතීතයේ ඈත් ඔහුත් හීන මවපු වර්තමානය කරා ඈව එක්ක යන්න ඔහු අසමත් වෙලා හිටියා. අඩු තරමෙ ඒකට ඈට උදව් කරන්න ඔහු අසමත් වෙලා හිටියා. අවුරුදු කීපයක් ගෙවෙද්දි තමන්ගෙ ජීවිතේ එකම තැනක පල් වෙමින් තියෙන බවත්, තමන් දැකපු හීනවල කොටසක්වත් සැබෑ කරගන්න පුළුවන් තරමකට ජීවිතේ වෙනස් වෙලා නැති බවත්, වෙන්නෙත් නැති බවත් ඇය පසක් කරගෙන හිටියා. ඇගේ ජීවිතේට ශක්තියක් විය යුතුව තිබුණ ඔහුගේ ආදරය අවුරුදු ගාණක් පුරාම ඈව හිර කරගෙන හිටියට වඩා දෙයක් කරල නැති බවයි ඇගේ අදහස.
සරළවම, ඇද වැටෙමින් හිටි ඇගේ ජීවිතේට ඔහු තවත් බරක් විධියට එකතු වෙලා හිටියා. ඈට ගොඩ එන්න බැරි තරම් ගැඹුරු ආගාධයකට ඔහු ඇයත් සමග වැටෙමින් හිටියා. විවාහය කියන දම්වැලෙන් ඇය ඔහුට ගැටගැහිල හිටිය.
ඒ බව බොහොම සීරුවෙන් වියාගත්තු වචනවලින් ඈ ඔහුට කියල දැම්මා. පුළුවන් තරම් ඔහුගේ හිත නොරිදෙන්න සුමටව කරුණු පැහැදිලි කරමින් ඇය තමන්ගෙ ප්‍රශ්ණය ඔහුට කියල දැම්මා. ඔහුගෙන් වෙන් වෙන්න ඕන වුණත් ඒකට ඇයට තියෙන නොහැකියාවේ අසරණකම ඇය කියා හිටියා. ඈට සමාජය කියන බාධකය එක්ක ගැටළුවක් තිබුණා. සමාජය නොතිබුණා නම් ඈ දැනටත් තීරණයක් අරන් ඉත්ත තිබුණා. මේ සේරම ඈ කියල දැම්මා... ඇයට පුළුවන් තරම් ආදරය කැටි කරගෙන සුමටව. ඒත් කොයි තරම් සුමට වුණත් ඔහුට ඒ වචන දරුණු වුණා. ගිණි කන්දක් පුපුරා ගිය තරම් ක්ෂණයකින් ඔහු කිසිසේත්ම නොහිතපු අහම්බයක් විධියට ඒ වචන ඔහුව පුළුස්සමින් ඔහු මත ඇද වැටුණා.
රුචිරාණනි අහන්න... එකපාර මා මරන්න...
ඔහුට ඒ ගීතය නරක විධියට විවේචනය කරපු පඬියන් ගැන තරහක් ඇති වුණා.
ඇගේ ජීවිතේ අලුත් වෙන්න පටන් අරන් තිබුණ බව ඔහුට නොදැණෙන තරමටම ඔහු ඇගෙන් ඈත් වෙලයි හිටියෙ. ඇත්තටම පවුලක් නොවුණ, කෙමෙන් කෙමෙන් වියළි විවාහ දිවියක් බවට පත්වෙමින් තිබුණ ජීවිත දෙකක හිමිකරුවන් වෙලා ඔහේ මැරෙනකල් ජීවත් වෙන ගාණට ඔවුන්ගේ ජීවිත දිරා ගොසින් තිබුණා.
හීනවලට වඩා යථාර්ථය එක්ක ඔට්ටු වෙමින් ඔහු තව තවත් ඒ නිද්‍රාශීලී කාල සටහන් ජීවිතේ ගැඹුරට කිඳා බහිමින් හිටියා. හීන යථාවන් බවට පත් කරගන්න ක්‍රමයක් ගැන හිතන්නවත් වෙලාවක් නැති කාර්ය බහුල ජීවිතයක ඔහු පැටළිලා හිටියා. ඒ අතරෙ ආදරේ වියළෙමින් තිබුණ බවක්වත් නොදැණෙන තරමට ඔහුත් ඇයත් අතර ආත්මීයත්වය මිය යන්න පටන් අරන් තිබුණා.
ඒත් ඈට තවමත් හීන තිබුණ. ඈ තවමත් හීන දැක්කා. වේලෙමින් තිබුණ හීන සැබෑ කරගැනීමේ මාර්ගය වෙනස් කරන්න වුණත් ඇයට පුළුවන් බව ඇය තේරුම් අරගනිමින් හිටියා. ඇයට ඔහුගේ ආදරය හුදෙක් වචනයක් බවට පත්වෙමින් තිබුණා. එහෙම නැත්නම් ඔහු ඇගේ ආදර කලාපයේ පොදු තැනකට තල්ලු වෙමින් හිටියා. තවත් ඔහු හීන මැව්වෙ නැහැ. ඔහු වියලී ගොස් අප්‍රාණිකව වැතිරී හිටියා.
ඈට තව දුරටත් ඒ බව හිතේ තියාගෙන දුක් වෙන්න උවමනා වුණේ නෑ. එහෙම නැත්නම් වේදනාව තද කරගෙන පිපිරෙන්න කොහෙත්ම උවමනා වුණේ නෑ. ඒ නිසා ඈ කතා කලා. තවමත් ගැහෙන ඇගේ හදවතේ රුධිර නාල ඔස්සේ ජීවිතේ ගැන අළුත් බලාපොරොත්තු ගමන් කරන බව ඈ ඔහුට පෙන්නුවා. ඈට ඔහුගෙන් ගැලවෙන්න උවමනා බව ඈ කියල දැම්මා. වර්තමානයේ සිටින අසුබවාදී දුර්වල ඔහු වෙනුවට අඩු තරමෙ ජීවිතේ ගැන සුබවාදීව ඈ සමග ආදරෙන් බැඳුණු පැරණි ඔහු ඇයට උවමනා බව ඈ කියා හිටියා. ඈට ඔහුගෙන් සඟවන්න තිබුණෙ ඔහුගේ නොහැකියාව ගැන ඇගේ කාංසාව විතරයි. ටිකෙන් ටික ඔහුගෙන් ගිලිහෙද්දී යම් මොහොතක ඔහු තමාගෙන් සම්පූර්ණයෙන්ම වියුක්ත බවත්, ඔහුටත් කණ පුරා දෝෂාරෝපණය කරන්න පුළුවන් තරමට ඔහුගෙන් ඈ ඈත්ව ඇති බවත් ඇයට දැණුනා.
ආදරේ කියන්නෙ වචනයක් විතරද කියල ඈ හිතුවා. සැබෑ ආදරය කියන්නේ විහිළුවක්ද කියල ඈ හිතුවා. ඒක වචනෙකින් එක් අයෙකුටත්, හැඟීමෙන් වෙනත් අයෙකුටත් ලබා දෙන්න පුළුවන් දෙයක්. ඇත්තටම ඒක මිනිස්සු දෙදෙනෙක් වෙනුවෙන් සීමා විය යුතු නෑ. අවශ්‍යනම් උවමනා තරම් ආදරය කල හැකිව තිබුණා. වචනයෙන් හෝ හැඟීමෙන්.
විවාහය කියන ‘පද්ධතියේ ආකෘතික බැඳීම‘ වචනවලින් විතරක් පවත්වගන්න පුළුවන් එකක් වෙලා තිබුණා. ආදරය නැතත් වෙන් වීමක් නැහැ. ඒක ඔහේ තියෙනවා. ඒත් පද්ධතිය විසින් විවාහය තුල පාලනය කරගන්න බල කරන දේවල් කිසිවක් පද්ධතියට අනුකූල නැති ඇයට අදාල වුණේ නෑ. ඇයගේ ආදරය විවෘත එකක්. අඩු ගණනෙ ඔහු ඒක විශ්වාස කරන බව ඈ හිතුවා. ඔහුට ආදරේ ප්‍රකාශ කිරීම තුල පමණක්, එහෙම නැත්නම් ඔහුගේ ලිඟුව ප්‍රාණවත් වන විට ඔහු වෙනුවෙන් සැදී පැහැදී සිටීම තුල පමණක් විවාහය පවත්වාගත හැකි බව ඈ හිතුවා. වචනයෙන් ආදරේ ප්‍රකාශ කරන තෙක් ආදරේ නොනැසී පවතියිද?
ඒත් ආදරේ කියන්නෙ වචන විතරක්ය කියන එක පිළිගන්න ඈටත් කැමැත්තක් තිබුණෙ නෑ. තවමත් ඈ තුල ගැඹුරු පතුලක ඔහු වෙනුවෙන් යලි ඇවිලිය හැකි ආදරයක් ඈ සතු වුණා.
ඈ ඔහුව තුරුල් කරගත්තා.

Wednesday, 14 March 2018
නිහඬවම...
කවුළුවේ කම්බි කූරු අතරින්
ඇදී එන හඳ එළියට
මුහුණේ රටා මවන්නට ඉඩ දී
ඉර බැහැපු රාත්‍රියක
වැතිරී හිඳියි ඇය
ඈත ඒ තරු දෙස බලා
ඇය හෙලන සුසුම්
නොදැනෙන තරමට
ඈත්ව ගොස් ඇත ඔහු
අනුකම්පාවක යදම් බිඳ
ඒ සිර මැදිරියෙන් මිදී
පලා යන්නට එපිට ලෝකෙට
හිතේ වීරිය නැතිව
තනිව හඬයි ඇය
ඇගේ කම්මුලක ගලා යන
කඳුළු බිඳු දැන ඒ පිසින්නට
ඉඩ නොදෙන ආත්මාර්ථ හිතින්
ගොළු වී හිඳියි ඔහු
Saturday, 11 October 2014
තාරා මගේත් දෙව් දුව
තාරා යනු කවුදැයි මා දන්නෙ නැත. එය සෙවීමටද උවමනාවක් මට නැත. එහෙත් සිත පැහැරගත් විජේමාන්නයන්ගේ තාරා ගැන බිඳක් ලියන්නට උවමනාය.
යුද්ධය හා උදාව ඇති එහි පශ්චාත් තත්ත්වයන් ගැටළු සියල්ලට විසඳුමක්ද යන්න ගැන විජේමාන්නයන් ප්‍රශ්ණ කරයි. එයට කිසිවකු පිළිතුරු නොදෙන බව දැන දැනම ඔහු එම ප්‍රශ්ණය නගයි. ඇත්තෙන්ම ඔහු පිළිතුර දනී. එක් පිරිසක් විජයග්‍රහණයෙන් උද්දාමව ජයපැන් බොන ඇසිල්ලේ තාරා සදහටම නික්ම යවන්නේ එහෙයිනි. ඇයට කල හැකි කිසිවක් නැත. හුදු සෞන්දර්යවාදී සාහිත්‍ය ලෝලීන් පිරිසක් මනෝ ප්‍රහර්ෂයට ලක් කරනු හැර තාරාට කරන්නට යමක් ඉතිරිව නැත.
තාරා ලංකීය සාහිත්‍යයේ පවතින තැන එතරම් ඉහල නොවිය හැක. ඉහත කී ප්‍රශ්ණ නැගීම හැර ඉන් එපිට දේශපාලනීය මැදිහත්වීමක්ද ඉන් සිදුවන බවක නොපෙනේ. සරාංශය ගත්විට එහි එතරම් ගත යුත්තක් ඇති බවක්ද නොදැණේ.
එහෙත් එය විශිෂ්ට ලිවීමක් බව කිව යුතුය.
එසේ කිව හැක්කේ මන්ද යන්න නැවතත් සිත අවදි කල යුතු කරුණකි. විජේමාන්නයන්ගේ වාග් කෞෂල්‍ය වෙනදා මෙන්ම ලගන්නා සුළුය. අන් කිසිදු කරුණකින් තොරව වුවද තාරා විශිෂ්ට ලිවීමක් ලෙස දැණෙන්නේ එබැවිනි.
තාරා අවදි කරන්නේ මාගේ කාන්සාමය මතකයන්ය යන්න ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. පැරණි ප්‍රේමයන් සම්බන්ධ එම මතකයන් බොහොමයක් අමතකවන්නට ඉඩ දී ඇත. එහෙත් මීදුමත්, කඳු වැටිත්, තේ වතුත්, සීතලත් කැටිවුණ මතකයන් කිසිදා අමතක වන්නට ඉඩක් නැත. එම තෙත් මතකයන්ගෙන් තොරව වුවද අතීත සුන්දර සිහිනයක් සැබෑ ජීවිතය තුල විඳින්නට අකමැති අයෙක් වේද?
තාරා පැහැරගන්නේ ඔබේ ඒ ආශාවයි.
ප්‍රියංගා යනු එම සිහිනය සැබෑව තුලද සිහිනයක් පමණක්ව විඳින්නට භාණුක බැඳ දමන්නියයි. ඇය භාණුකගේ බිරිඳව නොසිටියානම් මෙහි කියන්නට කතාවක් නැත. මන්ද ප්‍රියංගා නොවන්නට තාරා හා භාණුක දරුවන්ද පිරිවරා ගෙවන ඒකමිතික ජීවිතයක් අරඹන්නට ඉඩ ඇති බැවිනි. එහෙත් ප්‍රියංගා භාණුක ලිහා දැමිය යුතු වපරිසය දනී. මෙම තුන්කොන් ප්‍රේමය තුල ඇගේ චරිතය මා හට අභව්‍ය බව දැනෙන්නේ එහෙයිනි. නොඑසේ නම් ඇය තාරාටත් ඉදිරියෙන් රැඩිකල්ය. අවබෝධශීලීය. එවන් ගැහැණුන් සැබෑ ලොවේ සිටීදැයි මම නොදනිමි.
ගොඩගත් තාරා මා තෙහෙට්ටු කරවන්නීය. ඇය මාගේ මනසේ රූපගත කිරීම මට අපහසුය. මන්ද විජේමාන්නයන්ගේ තාරාට සම කර හැකි රුවක් මා අතීතයේද වර්තමානයේද දැක නැත. එය සිතින් මවාගන්නටද මා අපොහොසත්ය. නැතිනම් මා උවමනාවට වඩා ක්ෂුද්‍ර ලක්ෂණ ගැන උනන්දු වනවා වන්නට පුළුවන.
කෙසේ වුවද මට තාරා දෙව් දුවක් ලෙසම සිටින්නට අවශ්‍යය.
මට ඈ නැවත වලදමන්නට උවමනාය.

Thursday, 23 May 2013
පඬියා සහ බිරිඳ
පඬියා හේතුවාදියෙක්. හැම එකකම හේතුවක් හොයන, හැම එකකටම හේතුවක් තියෙන්න ඕන කියල හිතන එකෙක්. හැම එකක් ගැනම ඕනවට වඩා හිතන එකෙක්. එක එක විධියෙ පඬියො අතරෙ එහෙම උන්ටත් පඬියො කියල කියනව.
පඬියාගෙ බිරිඳ පඬියට කැමති වුණේ ඒ ලක්ෂණවලට වෙන්න බෑ. ඒ වුණාට පඬියගෙ තියෙන බිරිඳ විතරක් දන්න සුවිශේෂත්වයක් ඈව තාමත් ඔහුත් එක්ක රඳවගෙන...
මට හිතන්න ඕන තනියම. ඒ නිසා මට සමහර දවස්වලට තනියම ඉන්න වෙයි.
පඬියා වෙනම කාමරයක පදිංචි වුණා. පදිංචි වුණාම නෙවෙයි. පඬියට එහෙම තනිකමක් උවමනා වුණා.
දෙන්නා අතරෙ ලෝකාස්වාද ගණුදෙනුව පවා ටිකෙන් ටික කෘතිම වෙන්න ගත්තා. ජීවිතේ ඇතුලෙ හැම දේම එලාම් එකක් වදිනව වගේ ක්‍රමාණුකූලව දෛනිකව සිද්ධ වුණා. උස් වීමක් පහත් වීමක් පේන්නෙ නැති හරි මැදකට ළඟින් තියෙන තනි හීනි සරළ රේඛාවක් උඩ...
ඔව් අර 'මධ්‍යස්ථය' ගැන දාර්ශනික අදහස. පඬියා හිතුව.
ඒක හරිම බෝරිං එකක්. බිරිඳ හිතුවා.
ජීවිතේට උස් පහත්වීම් ඕන.
පඬියා කාටවත් සුභ පතන එකෙක් නෙවෙයි. අඩු ගානෙ අළුත් අවුරුද්දකට, උපන් දිනේකටවත් මිනිහ සුභ පැතුවෙ නෑ. මිනිහට සුභ පතනවට කැමති වුණෙත් නෑ.
සුභ පැතීම් හරි කෘතිමයි.
පඬිය හිතුවෙ එහෙම.
නමුත් තමන් ගෙවන ජීවිතයත් නිර්වචනය කරගත්තු අර්ථ දැක්වීම් අස්සෙ කෘතිම වෙලා කියල පඬියට තේරුණේ නෑ.
නමුත් මිනිහට ඒක තේරෙන්න අරන් තිබුණා. තමන් සැලකිය යුතු තරම් කෘතිම වෙලා කියල ඔහුට තේරෙන්න අරන් තිබුණා.
මිනිහගේ උපන් දිනේ ලබපු දවසෙ රෑ දොලහට බිරිඳ අනිත් කාමරේ ඉඳන් ඇමතුමක් අරන් සුභ පැතුවා.
ස්තූතියි. ඒත් ඒක ගොඩක් කෘතිමයි.
ඔහු බිරිඳට කිව්වා.
විස නසන්න ඕන විසෙන්
බිරිඳ පඬියට කිව්වා.
පඬියට ඒක තේරුම් යන්න ටිකක් වෙලා ගියා. බිරිඳගෙන් තමන්ගෙ කෘතිම බව නැති කරන්න කෘතිම උත්තේජනයක්.
පඬියට යමක් තේරුම් ගියා. බිරිඳට අඩි කීපෙක දුරක ඉඳන් රෑ දොළහට තමන්ව දුරකථනයෙන් අමතන්න සිද්ධ වෙන තරමට තමන් ගෙවන්නෙ කෘතිම ජීවිතයක්ය කියන එක ඔහුට දැණුනා. ඔහුගෙ හිරි වැටුණු, හැඟීම් අවම ජීවිතේට කඳුළු බින්දුවක්!
ඔහු බිරිඳ හොයාගෙන ගියා... ඈව වැළඳගත්තා.
ඔයා ආයෙත් ඕනවට වඩා හිතන්න අරන්...
බිරිඳ කිව්වා.

Saturday, 29 September 2012
ගැහැණු අදාල කරගැනීම
ගැහැණුන් කියන බොහොමයක් දේවල් වලට පිරිමින් එකඟ වෙන බව පෙන්නුවත් ඇත්තටම ගැහැණු සම්බන්ධ සුළු කාරණා කීපයක් ඇරුණම එයාල සම්බන්ධව වෙනත් කිසිම දෙයක් පිරිමින්ට අදාල නෑ. ඇත්තම කිව්වොත් විශේෂයක් නෑ. ගැහැණු සම්බන්ධව එයාල මොනව කරගත්තත් ඒක පිරිමින්ට ප්‍රශ්ණයක් නෙවෙයි. පිරිමින්ට උවමනා වෙන්නෙ තමන්ට අදාල ටික ගැහැණු අතින් ඒ විධියට සිද්ධ වෙන එක විතරයි.
අවුරුදු කීපෙකට කලින් මගේ මිත්‍රයා සංජීව එයාගෙ බිරින්දෑ එක්ක ආපු වෙලේ අපි ගැහුවා සුපුරුදු පරිදි ටවුම වටේ පොඩි රවුමක්. ඒක අපේ යාළුවො සෙට් එක එකතු වුණාම පුරාණෙ ඉඳන් කරගෙන ආපු සාමාන්‍ය වල බැහිල්ලක්. මේ පාර සංජීවගෙ බිරින්දෑ ෂානිකා එක්ක මංජුලගෙ ගෑණු ළමයත් අපට එකතු වුණා.
ටවුමෙ මැදදි ගෑණු ළමයින්ට ඕන වුණා ෂොපිං කරන්න. පිරිමි අපිනං කවදාවත් එහෙම සෙට් වුණාම ෂොපිං කරන සිරිතක් තිබුණෙ නෑ. අපි වැඩිම වුණොත් පකඩ හෝ කඩල ටිකක්, වඩේ කීපයක් අරන් හප හප යයි. ඒ වුණාට මෙදා පාර ඒක වුණේ එහෙම. ගෑණු අයට ෂොපිං කරන්න යන්න දෙන එක කල යුතු වැඩක් වුණා. ඉතිං කාන්තාවො ෂොපිං කරල එනකල් අපි කඩේ එලියට වෙලා කදයක් දැම්මා.
ඒ වෙනකොට මට ආපු ප්‍රශ්ණෙ කාන්තාවොත් එක්ක ෂොපිං කිරීමේ ගැටළුවට මූණ දෙන්නෙ කොහොමද කියන එක. ඒ වෙනකොට පවුල් ජීවිතේ අත්දැකීම් තිබුණ සංජීවගෙ උත්තරේ හරිම සරළයි.
"ඕන එකක් ලස්සනයි කිව්වම වැඩේ ඉවරයි. දවසක් මායි ගෑණියි ඇඳුම් ගන්න ගියාම එයා එකක් තේරුවම ඒක හොඳ නෑ කියල මම කිව්ව කියල මාර ප්‍රශ්ණයක් වුණේ.. එදා ඉඳන් මම එකක්වත් හොඳ නෑ කියන්නෙ නෑ... ඇත්තටම උන්ට කැමති එකක් කරගත්තට අපිට ඒක අදාලම නෑනෙ බං... මට අදාල වෙන ටික හරියට තියෙනකල් පවුල් අවුලක් වෙන්නෙ නෑ..."
මේක සාමාන්‍යයෙන් හැමවෙලේම වගේ ඇත්තක්. පිරිමි අය ගැහැණු අයවත් ගැහැණු අය පිරිමි අයවත් ඔහොම පොඩ්ඩක් රවට්ටනවා... ඒක එකිනෙකාට නොකියා ඉන්න තාක් කිසි ප්‍රශ්ණයක් නැතිව වැඩේ වෙයි... කිව්වොත් වෙන්නෙ මෙහෙම රෑ තිස්සෙ ඇහැරගෙන අකුරු කොටන්න.
කාන්තාව රවට්ටන්නෙ නැතිව බොහොම තදින් ඇයට ඇත්තම කියලා ජීවිතේ ගැඹුරු තැන් ස්පර්ශ කරගෙන ආදරේ කියන සංකල්පය ඇතුලෙ පවතින එක මාර අමාරුයි. එහෙම වෙන්න තියෙන නොහැකියාව ගැන මට හොඳ අත්දැකීම් තියෙන නිසා අන්තිමේ මම තීරණය කළේ ආදරේ කියන්නෙ සංස්කෘතික මරිසියක් කියල.
අර චාමින්දගෙ වචන ටික නදීකගෙ ගිටාර් කෑලි අස්සෙ කසුන් කියල දාන්නෙ නියමෙට...

Tuesday, 22 March 2011
මිනිසා සම්පූර්ණ කිරීමට කියවීම! පිරිමියා සම්පූර්ණ කිරීමට ගැහැණිය!
ගැහැණිය සහ පිරිමියා කියන දෙපාර්ශවය එහෙම දෙපාර්ශවයක් විධියට වෙන් වෙලා තියෙන්න හේතු වෙන කාරණය සංස්කෘතික පසුබිමක කතාකරද්දි කියවෙන දෙයක් තමයි ගැහැණිය විසින් පිරිමියා සම්පූර්ණ කරනවා කියන එක. මේක අනිත් පැත්තට පිරිමියා ගැහැණියව සම්පූර්ණ කරනව කියලත් ගන්න පුළුවන්. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන පණ්ඩිත වාක්‍යය අනුව ඔය දෙගොල්ලොම හොඳට කියෙව්වානම් දෙගොල්ලොන්ටම දෙගොල්ලො නැතිව ඉන්න තිබුණ. මේ ලියන, කියන, ගායන, කන, බොන, ගිලින, රසවිඳින, වමනෙ දාන, කඳුළු උණන, හොටු පෙරන කතා වලින් සෑහෙන්න ටිකක් නැතිවෙන්න තිබුණ.
ඒත් ඒක එහෙම වෙන්නේ නෑ.
ඒ කියන්නෙ මිනිස්සු කියවන්නෙ නෑ කියන එක නෙවෙයි.
සමහර විට කියවලවත් මිනිහෙක්ට සම්පූර්ණ වෙන්න බෑ කියන එක වෙන්න පුළුවන් ඕකෙ යටි කතාව. කොහොමත් කියවන එකම කරන පොත්ගුල්ලන්ගෙන් ඇති වැඩකුත් නෑ. ඒත් පොත් කියෙව්වත් නැතත් මේ ගැහැණිය හෝ පිරිමියා භාවිතයෙන් එකිනෙකා සම්පූර්ණ වෙන්න දරන උත්සාහය ස්වභාවිකයි.
ඒත් සම්පූර්ණ වෙන්න උවමනාවක් ඇති වෙන්නෙ තමන් අසම්පූර්ණයි කියල හිතෙන නිසා.
ඒ කියන්නෙ තමන් සතු නොවෙන දේවල් ටිකක් තියෙන බාහිර පුද්ගලයෙක් යොදාගෙන තමන්ට නැති ටික වහගෙන තමන් සම්පූර්ණ වෙනවය කියන එක. ඒක හරියට වතුර පිරුනු වීදුරුවක් වගේ. පිරුනු වීදුරුවක් තවත් පුරවන්න බෑ. වීදුරුවක් පිරෙන්න නම් ඒක හිස් වෙන්න ඕන.
ඒත් එක්කම ඔය ගැහැණු පිරිමි සම්බන්ධයෙදි කියනව මේ ගැලපීම ගැන. කැමති පාටෙ ඉඳන් අහන්න ආසම සින්දුව දක්වාම මේ කතන්දරේදි ගැලපීම් තමයි හොයන්නේ. ඒක මහ තේරුමක් නැති වැඩක් කියල පස්සෙ කාලෙක ගොඩක් දෙනා තේරුම්ගන්නව වුණාට ජනප්‍රිය කතිකාවෙදි ඒක එහෙම තමයි.
තමන්ට සම්පූර්ණ වෙන්න තමන් නොවෙන කෙනෙක් හොයන අතරෙම ඒ වගේම උවමනාවල් ටිකකට තමන්ට ගැලපෙන එක්කෙනෙක් හොයනව. මේ ගනුදෙනුව සිද්ධ වෙන්නෙ හැඟීම් ස්ථරයක නිසා ඔය දෙක අතිපිහිත වෙන එක මොහොතකදි වැඩේ ගොඩ යනව.
මේ කතාව අනිත් පැත්තට හිතල මෙන්න මෙතනට එමු.
ඔබේ ගැහැණිය විසින් ඔබව සම්පූර්ණ කිරීම ඔබේ බලාපොරොත්තුව නම් ඔබ තෝරාගන්නා ගැහැණිය ඔබ සතු නොවන දේවලින් සමන්විත විය යුතුයි. එනම් ඔබේ සම්පූර්ණ විරුද්ධ ස්වභාවයන්ගෙන් යුක්ත විය යුතුයි. ඒ අනුව ඔබත් ඇයත් එක් වූ විට අන්‍යෝන්‍ය වශයෙන් ඔබලා දෙදෙනා එකිනෙකා හේතුවෙන් සම්පූර්ණ වේ.
ඒ අනුව පිරිමියාට ගැලපෙන ගැහැණියකගෙන් ඔහුට සම්පූර්ණ වෙන්න ලැබෙන්නෙ නෑ. පිරිමියෙක්ට සම්පූර්ණ වෙන්න ඕන නම් ඔහු හොයාගන්න ඕන ඔහුට නොගැලපෙන ගැහැණියක්!
ඔව්.. මේ වචන සෙල්ලම් අස්සෙ අතරමං වෙනවට වඩා ඒක ලේසි වෙයි...
Tuesday, 21 April 2009
උත්කර්ෂය
උපන් දා සිට දුටු
නෙත් සිත් පිනවූ සියළු දෑ
සම කර
මවාගන්නට තැනූ
වර්ණවත් සිතුවම
අවර්ණයි
නන් වූ කලා රචකයින්ගේ
කවි කතා නාටක කියවා
විඳින්නට තැතනූ
සිතිවිල්ල
අසම්පූර්ණයි
එක් ඇසිල්ලක
වර්ණවත්ව
එම සිතිවිල්ලෙන්
සංතෘප්ත වූ විට
සැබැවින්ම දැණෙන
නිසල තෘප්තිය හමුවේ
Ech on 21st of April 2009
නෙත් සිත් පිනවූ සියළු දෑ
සම කර
මවාගන්නට තැනූ
වර්ණවත් සිතුවම
අවර්ණයි
නන් වූ කලා රචකයින්ගේ
කවි කතා නාටක කියවා
විඳින්නට තැතනූ
සිතිවිල්ල
අසම්පූර්ණයි
එක් ඇසිල්ලක
වර්ණවත්ව
එම සිතිවිල්ලෙන්
සංතෘප්ත වූ විට
සැබැවින්ම දැණෙන
නිසල තෘප්තිය හමුවේ
Ech on 21st of April 2009
Friday, 6 February 2009
එකම කතාවක්
මං දන්නව මගේ ආදරේ මම කියන්න ඕන මේ විධියට නෙවෙයි කියල. ඒත් මං දුප්පත්. මට තියෙන ටික තමයි මේ. මීට වඩා දෙයක් මම දන්නෙ නෑ. මං දන්නෙ නෑ තව දුරටත් ඒකට ලස්සන එකතු කරන්න. මං දන්නෙ නෑ තවදුරටත් ඒක සුමට කරන්න. මං දන්නෙ නෑ ආදරය දිහා ආදරෙන් බලන්න. මං දන්නෙ නෑ තව දුරටත් ආදරේ කරන්න. මට දැණෙන ටික වත් කියාගන්න මට දැණුමක් නෑ.
මං මෝඩයෙක්!
මං ඉගෙනගත්තෙ නෑ.මට ඉගැන්නුවෙත් නෑ. මට ජීවිතේ ගැනත්, ආදරේ ගැනත්, මරණය ගැනත් කියන්න තියෙන්නෙ මං දන්න ටිකක් විතරයි. ඉතිරිවා මං කොහෙන් ඉගෙන ගන්නද? මට ඒවා කියල දුන්නෙ නෑ. මං තරහයි ඒ ක්‍රමය එක්ක. මට ඒක පේන්න බෑ. මට කියල දුන්නෙ උදේම නැගිටල දත් මැදල මූණ හෝදල ඉස්කෝලෙ යන්න. රෑට නිදියන්න. මට මගේ ආදරේ හොයාගන්න ආදරේ කරන්න ඉගෙනගන්න වුණා තනියම. පාරවල් දිගේ ඔයාගෙ අතින් අල්ලන් ඇවිදින අතරෙ මං හීන දැකපු ආදරය ඒකය කියල හිතන්න මං මටම බලකලා. මං ඒ වෙනුවෙන් මාව නැති කරගත්ත. දැන් මට මාවවත් නෑ.
මං දන්නෙ නෑ මගේ ආවේග කියන්න. ඒව මාව විනාශ කරල දානව. මාව පුච්චල දානව අළු වෙනකල්. ඒත් මංවත් මගේ වේදනාවවත් නැති වෙන්නෙ නෑ. මං දැවෙමින් ආයෙත් පණ ගහල නැගිටිනව. මං දන්නෙ නෑ මට දැණෙන වේදනාවෙ තරම හිතාගන්න. මට දැණෙන තරහ, මගෙ දුක මං දරාගෙනයි ඉන්නෙ. හරියට ලොකු යකඩ කිණිහිරක් මගේ පපුව උඩ තියාගෙන ඉන්නව වගේ. ඒක රත් වෙලා මගේ පපුව ගිණි ගන්නවා.
එන්න බිත්තර බදින්න.
මං හිතුව මං මැරෙන්න යනව කියල. ෂික්! ඒකවත් වෙන්නෙ නෑ. මං මහ බූරුවෙක්. මං දන්නව ඔයා ගැන සිතිවිල්ල මට වෙඩි තියනව කියල. ඒකෙන් ගැලවෙන්න මම දඟලනව. මම ඔයාට වෛර කරන්න පටන්ගන්නව. මට පේන්න බෑ ඔයාව. උදේ නැගිටිනකොට ඔයාගෙ ලස්සන ඇස් ය කියල මම හිතාගෙන හිටපු ඇස් වල කබ පිරිල තියෙනව. ඔයාගෙ නහය ලස්සනයි කිව්වට ඒක එහෙම නෑ. මට පේන්න බෑ ඒක. කවුද කියන්නෙ ඔයාගෙ දෙතොල් ලස්සනයි කියල මං වගේ මෝඩයෙක් මිස. දැන් මං ඒක දන්නවා. මට හිතාගන්න බැරි තරම් ගඳ ගහන දේවල් ඔයා තොලගානව. ඔයා ඇවිදින විධිය මට පේන්න බෑ. මට මතක් වෙනව පඹයෙක්. ඔයා පඹයෙක්. ගඳ ගහන මස් ගොඩක්. ඔයාට රවටගන්න පුළුවන් ඕන නෝට්ටුවක් එක්ක ඔයා බුදියනව. ඔය මුදල් එක්ක විවාහ වෙලා. ඒද දැන හෝ නොදැන තාමත් ඔයා එහෙමමයි. ඔයාට ඒක කොයි තරම් ගැලපෙනවද කියල ඔයා දන්නෙ නෑ.
මං දන්නව ඔයා හැරෙනකොට, ඔයාගෙ දහදිය වදිනකොට ඔයා රත් වෙලා කියල. මට මැවෙනව ඔයා ජීවිතේට බය වෙනව. ඔයා විනාශ කරගත්ත ජීවිතේට. හැමදාම ඔයා සතු හැමදේම පවතින්නෙ නෑ. ඔයා දන්නෙ නෑ ඒක. ඔයා මහ ආඩම්බරකාරියක්. මගෙන් ඔයා සතුවුණ කිසිදෙයක් තව දුරටත් ඔයාගෙ නෙවෙයි. මට දැනෙනව ඔයා සතුටු වෙනව. ඔයාගෙ ඇස් සතුටින් දිලිසෙනව. ඔයා බලාපොරොත්තු වෙන මරණය ඔයා ගාවට එනව. ඔයාට අවසානයෙ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒක විතරයි.
ඒක විතරයි ඔයාට සුදුසු.
ඊට කලින් මට නෝට්ටුවක් හොයාගන්න පුළුවන් වුණොත් මම එන්නම්.

Sunday, 21 December 2008
ආලවක නරක නෑ තමයි ලතී
බය වෙන්න එපා.
මේ කියන්නෙ ආලවක ගැන නෙවෙයි. වසන්ත දුක්ගන්නාරාල මහත්තයගෙ ආලවක නරක නෑ කෙටි කතා පොත ගැනයි.
ඒකෙ ඉතිං බය වෙන්න දෙයක් තියෙනවයැ. මූට පිස්සු
ඔයාල හිතයි
මට පිස්සු කියල හිතන්න එපා. එහෙම හිතන්න ඔයාලට තියෙන අයිතියටත් මම මුකුත් කියන්නෙ නෑ. ඒ වුණාට පොතේ වටින දෙයක් තියෙන නිසා ලියන්න හිතුණ.
මේ පොත මම මා සතු කරගන්න දැඩි තෘෂ්ණාවෙන් පෙලෙමින් හිටපු පොතක්. සාමාන්‍යයෙන් තෘෂ්ණාව තියාගන්න එක හොඳ නෑ තමයි. ඒ වුණාට ඉතිං මගේ ඒ අහිංසක තෘෂ්ණාවෙන් කාටවත් හානියක්වත් කරදරයක්වත් වුණේ නෑ. ඒ තියා මටවත් මුකුත් වුණේ නෑ. ඒක නිකං ඔහේ තිබුණ.
කොහොම හරි මේ පොත තිබ්බෙ එයාගේ අයිතියත් මගේ කරගැනීමේ සාම්ප්‍රදායික තෘෂ්ණාවෙන් මාව වෙලන ලතීගෙ ගෙදර. ලතී පොත අරන් තිබුණ. මට කලින්. ඉතිං ලතී මගේ වෙන එක අහන්නත් දෙයක්ද? මගේ කරගන්න පෙරුම් පුරල වත් ඒ වෙනුවෙන් පතාගෙන ගොතාගෙන ඔතාගෙන ඇවිත් නෑ කියලවත් එයා මගේ නොවී ඉඳියිද? එයාගෙ සිතිවිලි මගේ වගේ නොවී තියෙයිද? එයා ඉන්නෙ, හුස්ම ගන්නෙ, දත් මදින්නෙ, හිනා වෙන්නෙ, හිතන්නෙ, කියවන්නෙ මම වගේ නෙවෙයිද? එයා ආස කරන්නෙ මම ආස කරන දේවල් වලට නෙවෙයිද? එයා සල්ලි දීල අරන් රාක්ක පුරා පුරවල තිබ්බෙ මගේ අහිංසක තෘෂ්ණාවන් තුල රැඳිල තියෙන ආශාවේ වස්තු නෙවෙයිද? ඉතිං එයා මගේ නෙවෙයි කියල හිතන්නවත් පුළුවන්ද?
ඇත්තම කිව්වොත් එයා මම වගේ නොවන වෙලාවලුත් ඕන තරම්. ඒ වුණාට ඒව මේ වෙලාවෙ මතක් කරන්න ඕන නෑනේ. ඒව එහෙම තමයිනේ.. ;)
මම කාමරේට ඇවිත් ඇඳුම් උනන, කෑම කන සහ මුහුණ අතපය සෝදල පිහිදන ගමන් එක හුස්මට පොත කියවල ඉවර කලා. කාලෙකින් එහෙම පොතක් එක දිගට කියවල ඉවර කලේ. ඒ තරම්ම මේ පොත මාව වශී කලා. ඒකට ප්‍රධාන හේතුව දුක්ගන්නාරාලගේ භාෂා විලාසය කිව්වොත් හරි. නිකං මාවම ප්‍රශ්ණ කරන රීතියක්. නිරන්තරයෙන් අපි පහුකරන නොයෙක් දේවල් දිහා නැවතත් වෙනම මානයකින් හැරී බැලීමක්. හරිම අපූරුයි.
මේකට පෙරවදන ලියල තියෙන්නෙ ඩබ්ලිව්. ජයසිරි මහත්තය. එතුමගේ පස්සෙ ලියපු පෙරවදන තුලදිත් මම ලෝකාරම්භය ගැන බුදුන් දේශනා කලා කියන රස පොළොවේ කතාව රේඩියෝ එකෙන් අහන් ඇමරිකාවෙ ලෝක වෙළඳ මධ්‍යස්ථානෙ ගුවන් යානෙක නැගල ගිහිං පුපුරවල බෝම්බයක් බඩේ බැඳන් මම මැරෙනව නේද දෙයියනේ කියල හිත හදාගෙන මැරෙන්න ලෑස්ති වුණා. එක එක මිනිස්සු එකම වෙලාවෙ දිවි ගෙවන අනේකවිධ ක්‍රම ගැන මම හිත අවදි කලා. අනේ අපොයි මමත් හිතන දේවල්. කමක් නෑ මලවිකාරත් වමනෙ දානව කියල මම මුලින්ම කියලම තියෙන නිසා සේප් සේප්!
ඔය අස්සෙ පලමුවෙන්ම ලතීගෙ අතින් මට හදල දුන්න තේ එක නිසා මගේ බඩ අර සියළුම පෙම්වතුන්ගේ ඉගෙනගත් හෙවත් සාම්ප්‍රදායික බඩේ රුජාවෙන් පෙලෙන්න ගත්ත. ඒ තේ එකේ අති විශේෂ රසයක් නොතිබුණත් ඒක මට ගොඩක් රස වුණා නේද කියල මට හිතුණ. ආයෙත් ඒ වර්ගයේ තේ එකක් බොන්න ඕන කියල මගේ ඇතුලෙ ඉන්න ශිෂ්ඨ පිරිමිය හිත පුරවගෙන කෑ ගැහුව. එයා ගැන මම බලන්න එපැයි. එයා මම කියන සමස්ථය නිර්මාණය කරන කොටස් වල සාමාජිකයෙක්නේ.
ඉතිං ... ආලවක නරක නෑ කියන්නෙ මම කියවපු හොඳම කෙටිකතා එකතුවක්. එකම විධියට අපි හමදාම ගෙවන ජීවිතය ආයෙත් මුල ඉඳන් විඳින්න පටන්ගන්න හොඳ ඇරඹුමක්. අනික ජයසිරි මහත්තය කියල තිබුණ වගේ මේ කතා වල මහ ලොකු දෙයක් නෑ. ඒ වගේ කතා ලෝක ඉතිහාසයේ එදා මෙදාතුර හැමදාම සිද්ධ වුණා සහ වෙනව. හැමදාම කතා ලියන අය ලිව්වෙ එකම කතා ටික තමයි. ඒ වුණාට ඒ කතා ලියන විධි එකිනෙකාට වෙනස් නිසා හැමදාම අපි අළුත් කතා කිය කිය පරණ කතාම කියවනව.
කවුරු මොනව කිව්වත් කියවීම නම් මිනිසා සම්පූර්ණ කරයි තමයි. ඒ නිසා කියවන කෙනෙක්ට මේ පොත සෑහෙන්න වටිනව.
පොත කියවල අවසන් වෙද්දි මගේ හිත ලතී ගැන ආදරෙන් පිරුණ. එයත් එක්ක බලද්දි නම් මේ පොතේ තියෙන්නෙ පොඩ්ඩයි. එයා ගාවනේ හොඳම ටික තියෙන්නේ. මම කියන්නෙ එයා සර්ව සම්පූර්ණ ජනපද කල්‍යාණියක් නොවුණට සහ වෙලාවකට එයා ආලවකට විතරක් දෙවෙනි වෙන්න තරම් රුදුරු වුණාට ආලවකත් නරක නෑනේ දෙයියනේ. ඉතිං එයා කොහෙ නරක් වෙන්නද?
ලතී හරී ෂෝක්. එහෙම එකේ ඉතිං ආලවකත් හරි හොඳ යකෙක් තමයි.

Friday, 12 December 2008
බේබදු බිරිඳ
මේක අවකාශය වෙනුවෙන් ලියවුණ එකක්...
ලියන්න තරම් දෙයක් හිතට නොඑන නිසා මේක දාන්න හිතුවා. ;)
බේබදු බිරිඳ
සැන්ඳෑ සාදයේ
මධුවිත අතට ගෙන
මා වලකද්දිත්
යහමින් උගුරට හලාගෙන
බිව්වා නේද?
මම දැන හුන්නත්
මට දැනෙන තරමට
යහමින් දාගන්න
යන්තම් වැනෙන්න
ඉඳහිට මා දෙතොල් හැර
මධුවිත තොලගාන නුඹ
කිමිදුණා නේද ගැඹුරටම
මධුපැන් පිරි සයුරේ
මා කර මතට වාරු වී
නිවසට පැමිණි ඇසිල්ලේ
නුඹ කඩා හැලුණා
අපේ සිරි යහනේ
මට ඉඩක් නොතියාම
යහන් කෙලවර
මගේ තනි අසුනට බරවී
පෙම් පුරා මා බලා උන් හැටි දැක
වෙරි සහ නුරා බර සිනාවෙන්
මසිත පුරවා දමා
නුඹ දෑස වැසුවා මතකද?
නුඹට මතකද?
නෙද්දකින් විතරක්!
මේ ගෑණිට කිසි දෙයක් මතක නෑ!
________________________
මේ කවිය තුලින් කිසිදු අයෙක් වෙත පුද්ගලික හෝ රාජ්‍ය තාන්ත්‍රික ලෙස මඩ ගැසීමේ අදහසක් නැත. මෙය තොප්පියක් නොවන බැවින් ඉල්ලා දමාගැනීමෙන් වලකින්න.
© Haresh Eranga
2008-12-05
Monday, 3 November 2008
ගැහැණිය නිදහස් කිරීම
මතකනේ මලී ඇඳුම් ගැන කියපු එක. අන්තිමේ ඇඳුම් වැලක් වුණේ. :)) ඒක කියවද්දි කාලයක් මට හිතුණ දෙයක් මට මතක් වුණා. ඒ ගැහැණිය නිදහස් කිරීම සහ ඒ පිළිබඳ කතිකාව එක්ක යන එකක්.
කාන්තා නිදහස කියල අපි දන්න කාලෙ ඉඳන් තියෙන සංකල්පයක් තියෙනවනේ. මම නම් ඕක ගැන දන්නෙම නෑ. නමුත් ඒ නිදහස ඉල්ලන්නෙ ලංකාවෙ නම් කාන්තාවන්ගෙනුත් සුළුතරයක් කියන එක මේ ළඟදිත් මම දන්න කාන්තාවක්ම කිව්වා. එයාට අනුව තවමත් ලංකාවෙ නම් බොහොමයක් කාන්තාවො සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් ගෙවන්න කැමතියි වගේම ඒ තුල එයාලට කරන්න වෙන වැඩ ටික ගැන උපේක්ෂාවක් මිස ඒක තමාගෙ නිදහස නැති කරන දෙයක් විධියට සලකන්නෙ නෑ එයාල.
ගැහැණිය කියල වර්තමානයේ අපට බටහිරින් ඔබ්බවන ප්‍රතිරූපය හරිම නිදහස්. එයාල නිදහසේ ඇඳුම් අඳිනව, නිදහසේ ආදරය කරනව, නිදහස් ලිංගික ඇසුරක් ලබනව, නිදහසේ හිතනව. මේක බොහෝ විට බටහිරෙන් ඉන්දියාවට සහ ඉන්පස්සෙ අපට එන එකක්. මට මේ ප්‍රතිරූප (idols?) කියන ඒව නම් ඉන්දියාවෙන් නෙවෙයි සෝමාලියාවෙන් ආවත් එකයි. ඉන්දියාව එක්ක හෝ බටහිර එක්ක මට කිසි ප්‍රශ්ණයක් නෑ. ලංකාවෙදි ඒ දේවල් බාවිතා/ව්‍යාප්ත වීමේ විධිය ගැන පුංචි හිනාවක් විතරයි යන්නේ.
ගැහැණිය නිදහස් වෙන්න ඕන මොනවයින්ද? ඇඳුම් ඇඳීම, විලාසිතා, භාෂාව, දැනුම ලබා ගැනීම වගේ දේවල් වලින්...? තව ඕන තරම් දේවල් තියෙනව. ඒ වුණාට මට බොහෝ විට පේන්නෙ කාන්තාව නිදහස් කරන්නෙ ඇයව වඩ වඩාත් ශෘංගාරාත්මක කරන්න කියලයි. ඇය ශෘංගාරවත් වෙන තරමට ඒක පිරිමින්ට වාසියක් වෙනව. මුළු කතන්දරේම නතර වෙන තැන එතන නිසා. ඒ ආකර්ශණයට කරන්න බැරි දෙයක් නැති තරම්.
මට හිතෙන්නෙ කාන්තාව ලිංගිකව නිදහස් කිරීමේ කාන්තා නිදහස් ව්‍යාපාරයක් තමයි ලෝකෙ තියෙන්නෙ කියල. අද විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වල විතරක් නෙවෙයි පාරෙ තියෙන කටවුට් පෝස්ටර් වල සහ කෙලින්ම පාරෙදි යද්දි ඒ බව පැහැදිලි වෙනව. කාන්තා පත්තර සහ රූපවාහිනී වැඩසටහන් වල විතරක් කාන්තාවන්ට උගන්නනව හැමදාම මෝස්තර දාන විධි, කෑම උයන විධි සහ සිරුර ශෘංගාරාත්මකව පවත්වගන්න හැටි ගැන...
ඒක ෂෝක්! අනේ ලලනාවියනි තවත් නිදහස් වෙන්න...
කාන්තාවගේ අයිතීන් ගැනනම්.... ම්.. ම්...කාන්තාවන් ඔය නිදහස අමතක කරලා ඉගෙනගන්න පටන්ගත්ත නම් හරි.

Thursday, 9 October 2008
ගෙදර ප්‍රශ්ණ
මේක ගැන ලියන්න ඕන කියල scribefire එකේ කෙටි සටහනකුත් දාල තිබුණට උඩට මතු වුණේම නෑ. නමුත් මලීගෙ කෆ්කා සමග මුහුදු වෙරළේ සති අන්තයක් කියෙව්වම හිතුණ මේකත් ඒ එක්කම යයි කියල.
මම ජීවත් වෙන සහ වුණ ගෙවල් ඇතුළුව මම යන එන බොහෝ ගෙවල් වලදි මට පුරස්ණ ගොඩක් ඇවිත් තියෙනව. ඒ කියන්නෙ ගෙදර පේන්න තියෙන බඩු බාහිරාදිය සහ ඒව ඒ විධියට පිරිසිදුවට සහ මනා ලෙස පවත්වගන්න ගෙවල් හිමියන් දරන මහන්සිය ගැන.
බොහෝ මධ්‍යම ප්‍රාන්තික ගෙවල්වල සාලෙ තමයි පිඟන් කෝප්ප සහිත කැබිනෙට්ටුව තියෙන්නේ. අමුත්තෙක් ආවම කුස්සියෙ ඉඳන් සාලෙට ඇවිත් පිඟන් කෝප්ප අරන් යන්න ඕන කෑම පිලිගන්වන්න හෝ තේ එකක් දෙන්න වුණාම. මම මේ ගැන තනියම හිනා වෙලා තියෙනව ඇති තරම්. ගෙවල් වලට ගියාම දැන් දැන් නම් මේ ගතිය දකිනව අඩුයි. මොකද සාලෙ තියෙන කැබිනට් එකට අමතර එකක් කුස්සිය ආශ්‍රිතව තියෙනව. ඒ නිසා මේ දේ දැක්කෙ නෑ කාලෙකින්. නමුත් සාලෙ තියෙන කැබිනට් එක නම් එහෙම්මමයි.
මේ කැබිනට් එකට අමතරව සාමාන්‍ය ගෙයක කොයි තරම් බඩු කන්දරාවක් තියෙනවද? මේස පුටු නොයෙක් ඇතිරිලි වලට අමතරව ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙ නිපුණත්වය නිසා එලියට නෙරපු සහ හිස් තැන් සහිත බිත්ති වල නොයෙක් සැරසිලි.
මේව පිරිසිදුව තියාගන්නත් මේ ගෙවල් වල ස්වාමිදූවරු දක්ෂයි. එයාලගෙ වැඩේම ඒක තමයි. එයා හදාගත්තු කූඩුව පිරිසිදුව තියාගන්න එක. මම දැන් ඉන්න වාස භවනේ පුංචි අම්මව මතක් වෙනව ආසන්නම උදාහරණෙ විධියට. අපේ ගෙදර කුණු රැඳෙන්නෙම නෑ. ගේ ඇතුලෙ කුණු දූවිලි ඇත්තෙම නැති තරම්. ඇහැට පේන දූවිලි තට්ටුවක් මතුවෙන්න සුමානෙකට වඩා කල් යනව කොහොමත්. නමුත් අපේ පුංචිට හැමදාම ගේ කොනක ඉඳන් සුද්ධ කරන්න ඕන. අර කැබිනට් උඩ තියෙන පින්තූරද අරවද මේවද සේරම පිස දමමින් එයා ගේ අතුගානව හැමදාම. එයාට ඒක කරන්න බැරි වුණ දාට ගෙදර මිනිස්සු ඉවරයි. තොපි නහය නැති එවුං එකෙක්ටවත් මේක සුද්ධ කරන්න බැරිද කියල බැනුම් කෝටියයි.
මම දන්න, විවාහ වෙලා දරුවො ලබල මැදි වයසෙ ඉන්න කාන්තාවො බොහොමයකගෙ ජීවිතේ දුඛාන්තයක්. බොහෝ දෙනා වර්තමාන යථා තත්ත්වය පිලිගන්නෙ ලොකු දුකකුත් දරාගෙන වෙන කරන්න දෙයක් නැති නිසා. එයාලට එයාලව අහිමි වුණ බවක් සමහරුන්ගෙ කතා වලින් මට තේරුණා. මේ දේ ප්‍රසිද්ධියේ නොකිව්වත් බොහොමයක් කාන්තාවන්ට මේ තත්ත්වය පොදුයි.
ගැහැණියට එයාවම අහිමි වෙන කැප කිරීම් ටිකක් ලියාපදිංචි වෙලා තියෙනව නේද මේ සංස්කෘතිය තුල. ඒ කැප කිරීම් එයාලගෙ කාන්තා ස්වභාවය උත්කෘෂ්ඨ කරනවය කියල එයාලව මුරුංගා අත්තේ පිහිටුවීමක් නේද තියෙන්නේ. ඒ නිසා ඒ කැප කිරීම් හරිම පූජනීයයි. හරිම අව්‍යාජයි. හරිම විශිෂ්ඨයි. ඇගේ පවුලේ ආරක්ෂාව ගැන ඇයමනේ හොයා බලන්න ඕන. ඇගේ නිවස සුන්දර කරගන්න ඇයමනේ කැපවෙන්න ඕන. ඇගේ වැසිකිලිය පිරිසිදුව තබාගන්න ඇයමනේ කෙමිකල් හොයන්න ඕන. දරුවන්ගෙ පෝෂණය ගැන, ආරක්ෂාව ගැන ඕනවටත් වඩා ඇය තමයි වෙහෙසෙන්නේ. ඔය අතරේ ඇගේ රූ සපුව මනාව පවත්වාගන්නත්, දත් සහ අස්ථි ශක්තිමත්ව තියාගන්නත් ඇයට ගේමක් දෙන්න වෙනව. අන්තිමේ ඇයට තමයි හැම දේම.
නමුත් ඇයට ඇය අහිමි වෙලා කියල ඈ දැනගද්දි කතාව ඉවරයි!
මම හිතන්නෙ කාන්තාවො බොහොමයකට මේ දේ වෙන්නෙ එයාල හොයන්නෙ නැති හින්දයි. පුංචි කාලෙ ඉඳන් ගැහැණියකගෙ හීනය හැදිල තියෙන්නෙ ජීවිතෙන් බාගෙකට. සුදු අස්සයෙක් පිට එන කුමාරය හාද්දක් දීල ඇයව කැන්දන් ඈතට යද්දිම හීනය ඉවර වෙනව. එතනින් එහාට නිවන් යනවද මන්දා. නැත්නම් මම දැනටමත් මේ ගැන ඕනවට වඩා මමත් නොදන්න වැල් වටාරම් ඇද බෑවද?
කාන්තාවො ඉන්නෙ වැඩ වවාගෙන. එයාලට එයාලව හොයන්න තියෙන වෙලාවෙත් එයාලට කරන්න දාහක් වැඩ එයාලම වවාගෙන. පොතක් කියවන්න පත්තරයක් බලන්න එයාලට වෙලා නෑ. රූපවාහිනී නම් බලයි. බලන්න ඕනම නැති ටික හොයාගෙන බලයි. පොත් පත්තර තියෙනවනේ එයාලටම කියවන්න. වැල් වගේ ඇදෙන නව කතා සහ උයන පිහන නාන මහන ඒව ගැනම තියෙන පත්තර.
කාන්තාවකට මේ දේවල් පැහැදිලි කරල දෙන්නවත් බෑ. මොකද ඒ තරමට එයාල හිර වෙලා. නැත්නම් ආයෙත් පටන්ගන්න කම්මැලිකම. නූතන තරුණියො නම් මේක තේරුම් අරගෙනද තවත් අනාගෙනද මන්දා ඉන්නේ. මට නම් පේන්නෙ තවත් අනාගෙන වගේ. නමුත් දැන් මේ කාරණා ගැන සාකච්ඡා වෙනව බොහෝ විට නූතන මාධ්‍ය වල යන්තමින් හරි.
ඒ නිසා ඉදිරියේදි මොලා වෙයිද දල්ලෙ ලෑ.
෴

Subscribe to:
Posts (Atom)
.jpg)