Showing posts with label internet. Show all posts

Monday, 2 May 2011
Wednesday, 3 September 2008
ප්‍රකාශන හරහා පොර වීම
වසර ගාණක් මම තුරුදැල භාවිතා කලේ විවිධාකාර අධ්‍යාපනික දේවල් වලට සහ විවිධාකාර විනෝදාශ්වාදී දේවල් වලට විතරයි. ඒක තුල තියෙන මිනිස් සමාජ ඇසුරු කිරීමක් වුණේම නෑ. මේ සයිබර් සමාජය මිනිස් චරිතත් එක්කම ඇසුරු කරන්න අරන් වැඩි කාලයක් ගිහින් නෑ තවම. ඒ නිසා මෙහෙම දෙයක් කියන එක හොඳද මන්දා. මේ කියන්න යන දේ හොඳක් හෝ නරකක් කියන්න යන්නෙ නෑ මම. ඒත් මේ කියන දේ හරහා මම වර්තමානෙ අපට හමුවන විවිධ විධියෙ මිනිස්සු ගැන යම් විධියක අදහසක් ගන්නයි උත්සාහ කරන්නේ.
මාර්ගගත සමාජ වලදි (Online Community) අපට හමුවන බොහෝ මිතුරන්ගෙ හැඳුණුම්පත්වල එහෙම නැත්නම් සිග්නේචර් හෙවත් සිගි වල නොයෙක් ලෝ ප්‍රකට විද්වතුන්, දාර්ශණිකයන්, කවියන් සහ ලේඛකයන් කරපු ප්‍රකාශ තියෙනව. එහෙම උදාහරණ දෙන්න නම් ඕන තරම් පුළුවන්. ඒත් ඒක හොඳ නෑ සහ මගේ මේ ලියවිල්ල කියවන්න තරම් දැනුවත්ව තුරුදැල සෙවණේ ඉන්න අය මේ කියන දේවල් ගැන දන්න නිසා මම උදාහරණ දෙන්න යන්නේ නෑ.
බොහොමයක් දෙනා තමන්ගෙ සිගිය අමතක කරලයි ඉන්නෙ හැබැයි. යටින් හරිම සරලව දාගෙන ඉන්නව
"I respect all the <community> members" කියල.
හැබැයි තමන් කියන දේට විරුද්ධ මතයක් ඉවසගන්න හරිම අමාරුයි. දුර දිග ගියොත් බණින්නෙ කුණුහරුපෙන්. කුණුහරුප කියල දෙයක් නැති වීම වෙනම දෙයක්. මම කියන්නෙ ද්වේශ සහගත වීමේ උපරිමය අර විධියෙ වචන වලට කැටි වීම ගැනයි. මම දැකල තියෙනව ඒ වගේ ඒව බොහොමයක්. මෑතකදි අපි කවුරුත් දන්න කීපදෙනෙක්ම තවත් මිතුරෙක්ගෙ සිංහල බ්ලොග් සටහනකින් අනවසයෙන් උපුටාගත්තු එකක් තමන්ගෙ වගේ ප්‍රසිද්ධ කරල ඒ ගැන හොඳට පහදල දෙන්න ගියාම කියපු කරපු දේවල් දන්නෝ දනිති! නොදන්නෝ අවැසි නම් අසා දැනගනිත්වාහ්! ;)
අනිත් කාරණේ අර කියපු විධග්ග ප්‍රකාශන. බොහෝ දෙනා කලින් කිව්ව වගේ විශිෂ්ඨයන්ගෙ ප්‍රකාශන තමන්ගෙ සිගියෙ දාගෙන ඉන්නව. තමන්ව ඒ හරහා නිරූපනය කරමින්. එහෙම වෙනව කියල හිතමින්. ඒව කියපු අයගෙ නමත් දානව වටිනාකම වැඩි කරගන්න. හැබැයි එයාල හැසිරෙන්නෙ නම් ඒ ප්‍රකාශන වලට අදාලව නෙවෙයි. හැමෝමත් නෙවෙයි. හික් හික්...
මේක තියෙන අවුල මේකයි. මේ සමහර ප්‍රකාශන (සමහර ඒව හොඳේ) ඒ ඒ විද්වතුන් ප්‍රකාශ කලේ යම් යම් සිද්ධීන්ට අදාලව. යම් නිෂ්චිත කාල වකවානුවකට අදාලව. ඒව විශ්වීය ප්‍රකාශ නෙවෙයි සමහර විට. ඒව පොදු ප්‍රකාශ විධියට තමන් හරහා නාමිකව ප්‍රදර්ශනය කරල ඒ අය ලබාගන්න යන්නෙ මොකක්ද? යම් සිදුවීම් හරහා ඒ විද්වතුන් කරපු ප්‍රකාශ හැම දේටම පොදුවේ භාවිතා කිරීම හරහා පොරත්වය මිස අනෙකක් නොලැබෙන බවයි මට හිතෙන්නේ. මොකද ඒ වගේ ප්‍රකාශයක් හරහා තමන් එක්ක ගනු දෙනු කරන අයට තමා ගැන පූර්ව අදහසක් දෙන්න පුළුවන්නේ. ඔයා මේ කතා කරන්නේ මේ වගේ දරුණු ප්‍රකාශන කරපු කට්ටිය ඇසුරු කරන සිරා පොරක් එක්ක හරිද වගේ එකක්. ;) ඉතිං මට නම් හිතෙන්නෙම මේ ප්‍රකාශන හරහා පොර වෙන්න දරන වෑයමක් කියලයි. තමන්ගෙ මෝඩකම වහගන්න පිට අයගෙ ප්‍රකාශන අමු අමුවෙ කොල්ලකනවා. අනික සමහර ප්‍රකාශ වලින් යම් ආකාරයක පිරිසකට චෝදනා එල්ල කරද්දි ඒක භාවිතා කරන අය දන්නෙ නෑ තමන් ඉන්නෙත් ඒ ගොඩේ කියල. සමහරු ඒ කියල තියෙන දේවල්වල තේරුම දන්නවද කියලත් සැකයි.
තමන් කාගෙන් හරි උපුටල කරන ප්‍රකාශනය පිළිබඳව වගකියන්න පුළුවන් විධියට හැසිරෙන අයට මේක අදාල නෑ. මොකද මමත් මේ කරල තියෙන්නෙ ප්‍රකාශන හරහා පොර වෙන අය ගැන කතා කිරීම හරහා පොර වීමක්නේ එහෙම බැලුවම. හික් හික්... ඒ නිසා තමන් භාවිතා කරන ප්‍රකාශනයට අදාලව ජීවත් වෙන අය මේ වාචාලයගෙ කටමැත දෙඩවිල්ලට සිත් අමනාපකම් ඇතිකරගන්න එපා.
මාර්ගගත සමාජවල සාමාජිකයො මේ මම කතා කරපු දේ ගැන හොඳටම දන්නව. මම කියන්නෙ මොන වගේ අය ගැනද කියලත් එයාල දන්නව ඇති. මොකද එහෙම අය ඉන්නව. කොහොම වුණත් ඒක ලොකු ගැටළුවක් නෙවෙයි. කොටින්ම ඒ ගැන වමනෙ කරල කතා කරන්න තරම් ඒක වටින්නෙත් නෑ. නමුත් එහෙමත් එකක් තියෙනව.
෴

Saturday, 16 August 2008
ඉස් පෑම්
අද හරිම මහන්සියි. බ්ලොගට අළුත් ඇඳුමක් අන්දන්න ගිහින් නා ගත්තා. සේරම ප්‍රතිෂ්ඨාපණය කරන්න වුණා. ඉතිං අද දාන්න හිතපු එක දාන්න කම්මැලියි වගේ දැන්. කොරන්ට දෙයක් නෑ. එහෙම තමයි. පහුගිය දින කීපයේ ඇහැරල හිටපු ඇහැරිල්ල අද මාව නිදිබර කරල.
ඒ වුණාට මෙන්න බලන්න...
මේ දැන් මගේ එක ලියවිල්ලකට තිබස් බුවෙක් එයාගෙ ලින්ක් එක කමෙන්ට් කරල තිබුණ. වැඩි දෙනාගෙ පහසුවට Word Verification ඉවත් කරල දැම්මට ආයෙ හිතුණ දැම්ම නම් හොඳයි කියල. සිංහල බ්ලොග් එකේ මම දැකපු මුල්ම ස්පෑම් වීම. මේක නවත්තන්න බැරි වෙයි. ඒත් ඒව අයින් කරන්න පුළුවන් බ්ලොග් අයිතිකරුවන්ට ඕන නම්.
මම නම් අයින් කලා.

Friday, 15 August 2008
මගේ ඇස්....
අද ලියන්න හිතේ තියාගෙන හිටියෙ වෙන දෙයක්. ඒත් රවුම් ගහල එද්දි අදත් පරක්කුයි. ඒ නිසා ඒක කල් දැම්මා හෙටට හෝ පුළුවන් දවසකට.
මගේ ඇස් දෙක දැන් දවසේ පැය 24න් පැය 14ක් විතර තියෙන්නෙ අඩි 1 1/2ක් දුරට නාභිගත වෙලා. ඒ කියන්නෙ මොනිටරයට!
මේ කෙහෙල්මල් බ්ලොග් ලිවිල්ලක් නිසා දැන් කියවන්න වෙලා සෑහෙන්න. සිංහල අක්ෂර දෝෂ හොයන යෙදුමක් අපට නැති නිසා ලියන දේවල් කියවන්න වෙනව කීප වරක් වැරදි හොයන්න. ඒ කරලත් වරදිනවනේ සෑහෙන්න. අපේ Font Master අධිපති (කවුරුත් දන්න FM Fonts හදපු තැන) පුෂ්පානන්ද ඒකනායක මහත්තයා කාලෙකට ඉහතදි ඒ වගේ එකක් කරන්න උත්සාහ දැරුවා. මට මතකයි පහුගිය වතාවෙ Colombo International Book Fair එකේදි මම එයා ලියපු පරිගනක සිංහලය පොත ගත්තා. සිංහල භාෂාව නිවැරදිව ගවේෂණය කරල ඒක අංකිත ව්‍යුහයකට (digital Structure) ගොනුකිරීම ගැන එයා සෑහෙන්න හොයල තිබුණ. සිංහලයේ තියෙන නා නා විධ ව්‍යාකරණ රීති හා පණ්ඩිතයො තමන්ට අවශ්‍ය විධියට භාෂාව වෙනස් කිරීම නිසා ව්‍යාප්ත වුණ ගලවගන්න අමාරු භාෂා/ව්‍යාකරණ යෙදීම් හේතුවෙන් මේ කාරණය අතිශය සංකීර්ණ වෙලයි තිබුණේ. අනික ඉංගිරිසිය වගේ කෝකටත් අකුරු 26ක් නෙවෙයිනේ. විවිධ විධියෙ හෝඩි ම කීයක් තියෙනවද සිංහලෙන්. මම දන්නෙත් නෑ. දන්න කෙනෙක් කියන්න.
මම තවත් දෙයක් දන්නෙ නෑ. ඒ තමයි චීන ජපන් සහ දෙමළ වගේ සිංහල තරම්ම සංකීර්ණයි කියල මට වැටහෙන භාෂා වලට මෙහෙම අක්ෂර දෝෂ විශ්ලේෂකයක් තියෙනවද කියන එක. එහෙම තියෙනව නම් අද හෙට නැතත් කවද හරි සිංහල භාෂාවට දෝෂ විශ්ලේෂකයක් ලැබීමේ භාග්‍යය අපට හිමියි. සිංහලත් විධිමත් වෙයි පරම්පරාවක් යද්දි.
කතා ඇති. දැන් ඇස්!
මම මේ පරිගණක ආශ්‍රිත රැකියාව කරන 9 වෙනි අවුරුද්ද. තවම කණ්නාඩි දාන්න උවමනාවක් වුණේ නෑ. නමුත් කල් යද්දි ඒ වගේ බාහිර උදව් ඕන වෙයි.
ඒකත් නෙවෙයි කියන්න ඕන කලේ. මම දවල්ට කෑම ගන්න යනව මගේ කොළඹ බෝඩිමට හෙවත් මගේ බාප්ප සහ පුංචි ඉන්න නිවසට. යන එන දුර කිලෝමීටරයක්. බොහෝවිට ගිණිගහන අවුවෙ හෝලට් දෙකක් බස් එකේ යනව කෑම පැය ඉතිරිකරගන්න.
පාරෙ යද්දි මගෙ පුරුද්ද ඈතට ඇස් නාභිගත කිරිමයි. ඒක මම ඒ ගැන හිතන්න පටන්ගත්ත කාලෙදිම ඉබේම ඒ තුලින්ම හුරු වුණු දෙයක්. කීප වතාවක් මගේ තාත්ත මට පාරෙදි හමු වෙල මම නොදැක ගිහින් එයා කතා කරල තියෙනව. මම යන්නෙ ළඟ ගැන අවධානයෙන් වුණාට දුරකට ඇස් තියාගෙන බොහෝවිට. ළඟ බැලීමේ උවමනාවක් නැත්නම්. වතාවක් මගේ පෙම්වතියක් මගේ මූණ ඉදිරියෙම මාව නතර කලේ කුඩේ හරස් කරල. හරියට වාහනේකට අත දානව වගේ... හික් හික්... එයාට තිබුණෙ දුඹුරු වර්ණ මාව විනාශ කල ඇස් යුගලක්. මම ඒව දැක්කෙ නෑ හරියට හැබැයි.
ඕව ගැන කියද්දි කොහොමත් මගේ ඇස් පෙනීම දුරවල් සම්බන්ධව දුර්වල බවක් මට පේන නිසා මේ ඈත බැලීමේ චර්යාව යම් ස්වභාවික පිළියමක් වගේ කියල මට හිතෙනව. දවසකට පැය 14ක් අඩි 1 1/2 කට නාභිගත වෙලා තියෙන ඇස් විනාඩි 15-20ක් ඈතට නාභිගතව!
හ්ම්...
දවසේ අවදි වෙලා ඉන්න පැය ගානෙම එක එක තැන් වලට නාභිගත වෙලා වල්මත් වෙලා එහෙ මෙහෙ දුවන මගෙ හිත එක මොහොතකට මගෙ හිත ඇතුලට නාභිගත කරගන්න කරපු තවත් ලියවිල්ලක්!
හික් හික්... මම ඔය වගේම තමයි... හික් හික්...!

Friday, 8 August 2008
පිස්සු කෝච්චිය
මලී වමනෙ දාන්න පටන් අරන්...
මට එළකිරි හරහා හමුවුණ හොඳම යාළුවො කීපදෙනා අතර එක්කෙනෙක්. මගේ තව ඊ මිතුරියක්. මොනවද මන්දා පුනරුත්පත්තියක් ගැන මල විකාරයක් ලියල තියෙනව. කට්ටිය ගොහින් බලන්නකෝ...
ඇබ්නෝර්මල් කෙල්ලකගේ නෝර්මල් සිතුවිලි

Wednesday, 6 August 2008
තනි ආතල් එකක්!
හික් හික්!
මට අද තනියම මාර ආතල් එකක් දැණුනා. මගේ යාළුවා රන්දිකගේ වෙබ් සයිට් එක අද අප් කලා...
The Wedding Home
මම දැනං හිටපු බින්දුවක් තරම් වෙබ් ඩිවෙලොපින් දැණුමේ උපරිම ප්රතිඵයයක්. කවදාවත් එහෙම දෙයක් වෙන්නෙ නෑ රන්දික නිසා නෙවෙයි නම්. මම මාර දැණුමක් ලැබුව මේ හරහා. දැන් මේක බ්‍රව්සරය හරහා බලද්දි මාර ගතියක් ආව ඇඟට! පින්තූර හරහා විතරක් කරල තියෙන නිසා ටිකක් slow වගේ. ඒත් මුකුත් නැතිවට වඩා හොඳයිනේ. මමයි රන්දිකයි දෙන්නම හිතුවට වඩා හොඳට මේක තියෙනව කියල හිතෙනව. තව දුරටත් සංවර්ධනය කරන්න පුළුවන් වෙයි...

Monday, 4 August 2008
Hi5
මම මගේ Hi5 එකවුන්ට් එක අද විනාශ කලා. අහම්බයකින් ආපු මේල් එකක් හරහා ඒකට සම්බන්ධ වුණාට අවුරුද්දකට වැඩි කාලයක් ඒ තුල කරපු දෙයක් නැති කරම්. කට්ටිය හිටු කියලා යාළුවො එකතු කරනවා මිස කරන මගුලක් නම් නෑ. සෑහෙන කාලෙක ඉඳන් ඒක ඉවර කරන්න ඕනකම තිබුණා.
අද යහූ ගියාම තවත් යාළුවෙක් මිතුරු වෙන්න අහලා. මම එයාව එකතු කලා. ඒත් ක්ෂණයෙන් හිතුණා මේ මොන මගුලක්ද කියලා. ඉතිං වහාම කැන්සල් කලා. හොඳ වෙලාවට ඒක ඉක්මනට කරගන්න පුළුවන් විධියටයි හදල තිබුණෙ වැඩිය වැල් වටාරම් නැතිව.

Tuesday, 29 July 2008
බ්ලොග් ලිවීම
මන්දා මම නම් මේ වගක් දැනගෙන හිටියෙවත් නෑ. විශේෂයෙන් සිංහල බ්ලොග් තිබීම පවා මට අරුමයක්. ඒත් එළකිරි හරහා මට විවර වුණ මම කලින් නොදැකපු සයිබර් අවකාශයේ එක විශාල තෝතැන්නක් තමයි බ්ලොග්. විශේෂයෙන්ම සිංහල බ්ලොග්.
මම හිතන්නේ මට ගොඩක් දේවල් පින්තූර හැටියට තමයි දාන්න වෙන්නේ. මොකද දැනටමත් යම් යම් දේවල් රාශියක් ජේපීජී විධියට මා ගාව තියෙනව. ඉඩකඩ ලැබෙන විධියට ඒව බෙදාගන්න බලන්නම්කෝ.
Subscribe to:
Posts (Atom)