Showing posts with label advertisement. Show all posts
Showing posts with label advertisement. Show all posts
Thursday, 14 April 2011
කොහා වෙනුවට SMS
සුපුරුදු නිවාඩු දවසකදි වගේම අදත් ඇහුරුණේ පරක්කු වෙලා. ගෙර අනිත් උදවිය නම් ටීවී එක වටේ ඉඳගෙන අවුරුදු සමරනවා. ඒකෙ එකම ඇඩ් එක යනවා එපා වෙනකල්ම... ඇත්තටම ඇහැරුණෙත් ඒකෙ එපා කරපු සද්දෙට. නැත්තං තවත් ටිකක් වෙලා හීනයක් බලන්න තිබුණා...
ඒත් හීන බලන්නත් එක දිගට බැරි වුණා මේ ෆෝන් එක එක දිගට නාද වුණ නිසා. කොහොමත් කොහා වෙනුවට දැන් මේක ආදේශ වෙලා... නම්බර් නැති කට්ටියත් ඇස්ඇම්ඇස් එවලා... හැමදාම වෙනව වගේ එකම මැසේජ් එක වටේ කැරකෙනවා.... ඒත් සාහිත්‍යයෙන් කවීත්වයෙන් අනූන මැසේජ් කීපයක්ම තිබුණා.
මම මේ දාන්නෙ ඒ ආපු කීපයක්...
මටය කියල පතන්න විශේෂ අවුරුදු පැතුමක් නැති නිසා මේ ටික මෙහෙම දාන්නෙ අඩු තරමෙ බලන කෙනෙක්ටවත් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් නිසා...
-----------------------
සිනා ගෙනෙන කිරි ඉතිරෙන සුබ අළුත් අවුරුද්දක් වේවා - සිනා කෙසේ වෙතත් කිරි නම් උතුරවනව නේ... අපට ඉතිං හිනාගියොත් උපහාසෙට, නැත්තං මේ වෙන මල විකාර වලට යන හිනාවක් තමයි!
ලැබූ සිංහල අවුරුද්ද සිතන පතන සියළු දේ ඉටුවන වාසනාවන්ත එකක් වේවා - අවුරුදු ගාණක් තිස්සෙ සිතන එකයි පතන එකයි කරනව වුණාට ඒ වෙනුවෙන් වැඩ නොකර පැතුව කියල විතරක් කොහෙ ඉටු වෙන්නද? අපට ඉතිං විශ්ව ශක්තියත් වැඩ නෑනේ...
එරබුදු කුසුමින්, රබන් සුරලෙන් , කොවුල් නදින්, පවසයි මෙලෙසින්... වේවා සාමය සතුට පිරි සුභම සුභ සිංහල අළුත් අවුරුද්දක් - සාහිත්‍ය නම් මරු. ඒ වුණාට මේ පාරත් කොවුල හිටියෙ ටීවී එකේ විතරයි, රබනුත් ගැහුවෙ ඒකෙ තමයි... එරබුදු ගසුත් කපල දාලනේ...
Sun cant cn 2 earth, bt sent its wish as rays, clouds cant cm 2 earth, bt send its wish as rain, i cant cn 2 u nw, bt sending my wish as SMS - අව්වට කර වෙලා වැස්සට නායයද්දි තමයි ඔය කියන විශ් එකේ ගතිය තියෙන්නේ...
Before sun moves to mesha from meena, Before you see the new year sun rises, I wish you Happy and prosperous new year - මේක ආවෙ අවුරුදු ඉර පායලත් ඉවර වුණාම.. උදේ 9ට විතර....
සිනා කැන් හද පුරා විහිදෙන, ජීවිතේ පැතුම් ඉටුවෙන, ලැබ තවත් දිරි යන්න පෙරටම, පතමි හැම යහපතම වෙන්නට - අනේ නියමයි... දතක් නරක් වෙලා නිසා ඔය හිනා කැන දාන එක තමයි කේස් එක...
-----------------------
මේ එවපුවයින් ටිකක් ගතියක් තියෙන කීපයක්... එකම වගේ ඒවත් අයින් කලා... කොහොමත් ලැබෙන එස්එම්එස් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙන එක හොඳයි. ඈත ඉන්න උන් නම් කමක් නෑ... මේ නිතර දෙවේලෙ හම්බ වෙන උනුත් ඒව එවද්දි තමයි දුක. මේව ගැන ඔය විවේචන දැම්මෙ අහිතකින් නෙවෙයි. ඒව එවන්නෙ ඇත්තටම ඒ මිනිස්සු මට තියෙන බැඳීම නිසා... මේ දැම්මෙ ඒව දැක්ක ගමන් මට හිතුන දේවල් තමයි... මගෙ වෙලාවට උන් එකෙක්වත් මේක බලන එකක් නෑ...
කොහොමත් මම නම් ඉන්නෙ පිස්සු හැදිල නිසා මම ඒ සේරටම සුභ උපන් දිනයක් කියල ගහල ඇරියා....
ඒත් මේ අපේ බ්ලොග් යාළුවෙක්ගෙ ඔත්තුවකින් හම්බවුණ සයිට් එකකින්...
දුරකථන සමාගම් ගැන දුක්ඛ:ප්‍රාප්ත වෙන උදවිය නම් මේක පාවිච්චි කරන්න එපා...
-----------------------
ඇත්තට මෙතන විරෝධාකල්පයක් නෑ... තියෙන්නෙ ගන්න පුළුවන් තැනතින් සතුටු වෙන්න චාන්ස් එකක් තියෙනවද කියල බැලිල්ලක් විතරයි. මේ යන විධියට මේකට විකල්ප හැදෙන්නෙත් නැති නිසා දියුණු වෙමින් යද්දි පැරණි දේවල් නාම මාත්‍රික වෙනව වගේ අවුරුද්දත් ටීවි එක විසින් අපේ ඇඟේ ගහන දෙයක් බවට පත් වෙලා කියන එක බොරුවක් නෙවෙයි.
එහෙනං ඔයාලටත් සෙම වේවා....
අන්තිම වෙනකල් මේක කියෙව්වනම් මේවත් කියවන්න ආස වෙයි...
Wednesday, 23 March 2011
අපිත් මමීකරණය වෙයිද?
ඥාතීන් කීප දෙනෙක්ගෙන් දුරස් වුණ මගේ ඥාති ආච්චි කෙනෙක් පහුගියදා මෙලොවින් සමුගත්තා. අපේ ගෙදරට ගෙවල් කීපයකට එපිටින් තමයි මළගෙදර තිබුණේ. දරුවන් හත් අට දෙනෙකුගෙ (මමවත් ගාණ දන්නෙ නෑ) අම්ම කෙනෙක් වුණ මේ ආච්චි ගමේ බොහොම ආදරයට පාත්‍රවුණ කාන්තාවක් වෙලා හිටියා.
මළ ගෙදර වැඩ කටයුතු එක්ක හතර වටේට ලයිට් දාන්න, වයර් අදින්න ටෙන්ට් ගහන්න වගේ වැඩ වලට උදව්වක් වෙන්න මම උදේ ඉඳන් එහෙ හිටියා. සුමනෙ අංකලුත් ඇල්බට් අංකලුත් කුමාර අයියත් එකතු වෙලා ගේ දෙපැත්තෙ ටෙන්ට් එල්ලුවා. ඊට පස්සෙ ඇල්බට් සහ කුමාර දෙන්න පුවක් කපද්දි සුමනෙ අංකලුත් මමත් පාර පැත්ත අඳුරු නිසා පාරට වෙන්න බල්බ් එකක් දාන්න වයර් එකක් අදින්න සූදානම් වුණා.
ඒත් පැය බාගෙකින් ඉවර වෙන්න තිබුණ ඒ වැඩේට අපට පැය තුනක් ගියා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, ආච්චිව මමීකරණය කරන්න තිබුණ නිසා.
දේහයට අවසන් ගෞරව දක්වන්න ගෙදරට ආපු පන්සලේ හාමුදුරුවන්ගෙන් පටන්ගෙන, මරණාධාර සමිතියෙන්, දායක සභා අරමුදලෙන්, තරුණ ජවය සමිතියෙන්, ප්‍රජා සංවර්ධන කමිටුවෙන්, කුළඟන සමිතියෙන්, තිස්සපුර ගමේ වැඩිහිටි සමිතියෙන්, දහම් පාසල් ගුරු මණ්ඩලයෙන් වගේම..... ලොකු පුතා වැඩ කරපු විදුලි බල මණ්ඩලේ සුභ සාධක සමිතියෙන්, ඒකෙම ආරක්ෂක අංශයෙන්, කළමනාකරණ සහකාර නිලධාරි සමිතියෙන්..... ලොකු දුව උගන්වපු ඉස්කෝලෙ ගුරු මණ්ඩලයෙන්, සමාජ සත්කාර්ය සමිතියෙන්.... මද්දු පුතා වැඩ කරපු කොම්පැණියෙ සුභසාධක සමිතියෙන් වගේම නාලිකා දුව වැඩ කරපු ක්‍රීඩා අමාත්‍යංශෙ කාර්යාල සමිතියෙන් වගේ නම් වලින් මතක තියාගන්න බැරි තරම් සමිති ගාණකින් මේ මමීකරණ කටයුත්තට ඕන කරන රෙදි කෑලි ගෙනාවා.
පරණ මමීකරණයෙයි මේ වතාවෙ මුහුණ දෙන්න වුණ මමීකරණයෙයි වෙනස්කම් නම් සෑහෙන්න තියෙනවා. එකක් තමයි මේ මමීකරණයෙදි කල් තබාගන්න උත්සාහ කරන්නෙ අදාල දේහය නොවීම. මේකෙදි කල් තබාගන්නෙ මේ රෙදි කෑල්ල ලබාදෙන පාර්ශවයයි. ඉතිං රෙදි කෑල්ල ලබා දුන්නෙ කවුද කියල අඳුනගන්න රෙද්ද පුරා අදාල පාර්ශවයෙ නම ගම එක්ක මොකක් හරි ශෝක ප්‍රකාශයක් ලියල තියෙනව.
මේ රෙද්ද ලබාදුන් පාර්ශවය කියන එක බොහොම වැදගත්. ඒක මළගෙදරට එන උදවියට පේන්න තියෙන්න ඕන. ඒ නිසා දේහය වටේ ඖෂධ එක්ක එකතු කරල ඔතනව වෙනුවට මේ රෙදි කෑලි මළ ගෙදර වටේ එල්ලනව. එන අයට පේන තැනක හොඳට පේන්න.
මේ මමීකරණ වැඩේ කොයි තරම් දුර දිග ගියාද කියනවා නම් අපට අනිත් වැඩ නතර කරන්න වුණා. අනිත් එක ඒව ගහන්න ඉඩක් තිබුණෙත් නෑ. අන්තිමේ කලින්ම ඇවිත් ගිය, ආයෙත් ඒවිය කියල නොහිතන පාර්ශව කීපයක රෙදි උඩින් අළුත් ඒව එල්ලුව. මොනව කරන්නද?
ඉතිං... මේ තරම් වටේ රවුම් ගහමින් මම කියන්න යන කතාව දැන් ෂඛ්ෂුඩඛ් ෂේ පැහැදිලියි නේද? මේ කියන්න යන්නෙ මළ ගෙවල් වල බැනර් ගැහිල්ල ගැන...
ගෙනත් දෙන අය මේ බැනර් ගෙනත් දෙන්නෙ ඒකෙන් තමන් මේ ක්‍රියාවලිය පසුපස ඉන්නව කියන එක පෙන්නන්න. ඒක අදාල පාර්ශවයට සහ පවුලට සම්බන්ධ මනුස්සයටත් පොඩි කික් එකක්. උදාහරණයක් විධියට විදුලි බල මණ්ඩලේ වැඩ කරන පුතාට තමන්ගෙ ආයතනයේ බැනර් එකක් ගහල තියෙන එක පොඩි ආඩම්බරකාර කාරණයක් වෙනව ඇති. නමුත් බැනර් එක ගැහිල්ල හැර මළගෙදර කටයුතු වලට වෙනත් දායකත්වයක් බැනර් එක දෙන අය නොකරනව වෙන්නත් පුළුවන්.
මොනව වුණත් බැනර් දැමීම ගැන මටනම් හිතෙන්නෙ ඒක ලකුණු දාගැනීම සහ දමා දීම පිණිස හැදුණ එකක් කියලයි. ඒක නිකං ටැලි විෂ න් එකේ ක්‍රිකට් මැච් එකක්, ටෙලි නාට්‍යයක් වගේ ඔය එක එක ඒවයෙ තියෙන ඇඩ් දැමිල්ලට දෙවෙනි නෑ. මියගිය මනුස්සය වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ මළගෙදර උදවියට අනවශ්‍ය කරදරයක් නොවී දේහයට අවසන් ගෞරව දක්වන එක. උදව්වක් කරන එක. (අඩු තරමෙ තමන් බැනර් එකක් ගෙනාවනම් ඒක එල්ලන්න සපෝට් එකක්වත් දෙන එක?)
ඒ විධියට ගත්තම මේකෙ තියෙන අවුල විධියට මට පේන්නෙ වෙන එකක්. ගොඩක් විට මේ බැනර් ගේන උදවිය බැනර් එක මළ ගෙදරට සම්බන්ධ කාට හරි දීල මාරු වෙනව. පස්සෙ ඒක එල්ලීම, බලාගැනීම, ගැලවීම, සේදීම සහ නැවත බාර දීම කියන කාරනා සේරම මළගෙදර උදවිය විසින් බලාගන්න වෙනව. කෙනෙක් මියගියාම කරන්න ඉතිරි වෙන නොයෙක් වැඩ අස්සෙ මේ බැනර් කෙරුවාව ඇත්තටම ලකුණු සඳහා ඇර වෙනත් කිසිම වැඩක් නැති අමතර වැඩක් විධියට ගෙදර උදවියගෙ කර උඩ වැටෙනව කියල තමයි මට නම් හිතෙන්නේ.
හැබැයි එකක්. මේක පටන් ගන්නෙ මළ ගෙයක් තියෙන ස්ථානය පැමිණෙන අමුත්තන්ට දන්වන්න සුදු කොඩියක් දැමීමේ චාරිත්‍රයෙන්. ගොඩක් ඉස්සර මම සහභාගි වුණ මළ ගෙදරකදි සෑහෙන්න වයසක සීය කෙනෙක් තමයි මට ඒ කතාව කිව්වෙ. ඉස්සර මළ ගෙදර ඉදිරියෙ සුදු කොඩියක් දාන එක හැර වෙන දෙයක් තිබිල නෑ. පස්සෙ පස්සෙ මේ සුදු කොඩියට අනුග්‍රාහකයො සෙට් වෙනව. ඉතිං නම ලොකුවට පේන්න ඕන නිසා කොඩිය බැනර් එකක් වෙනව. අනුග්‍රාහකයො වැඩි වෙනකොට මළ ගෙදරට එන පාර දිගේම තියෙන හන්දි වල බැනර් වැටෙනව. ඒක එක අතකට නොදන්න මළ ගෙයක් හොයාගෙන යද්දි සෑහෙන්න උදව්වක් වෙනව තමයි.
දැන් ඉතිං කාලෙ වෙනස් තාලෙ අළුත්. මදය කෙසේ වෙතත් පොත්ත ලස්සනට තියෙන්න ඕන නිසා හැම තැනකදිම වෙනව වගේ මළ ගෙවල් වලත් සෝබන වලට තමයි වැඩිම කාලයක් එක්ක වියදමත් වෙන්නේ.
ඒක ඉතිං කෑල්ලෙන් කෑල්ල කතා කරත් ඉවර කරන්න බැරි දෙයක් නිසා මම කියන්නම් නූතන විධියට මමීකරණය වෙන්න ඕන නම් කරන්න ඕන වැඩේ.
හරි ලේසියි... ඔය දන්න කියන හැම සමිතියකම සංගමේකම සාමාජිකත්වෙ ගන්න. වැඩ නොකලට කමක් නෑ. නමට පෙනී ඉන්න. මැරුණට පස්සෙ කට්ටියම ඇවිත් මමීකරණය කරයි....
ඉතිං මේ අපි යම් දවසක මරණයට පත්වුණාට පස්සෙ මෙන්න මෙහෙම මමි බැනර් තියෙයි නේ... :P
------------------------------------------------------------------------------------------------------
අනිච්ඡාවත සංඛාරා...
ඔබ ගිය පසු නොහඬා කුමක් කරන්නද?
ඩෙඩ් කැටගරියට දමනවා මිසක
සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය
------------------------------------------------------------------------------------------------------
වයධම්මා සංඛාරා...
සිතිවිල්ලකුදු ඉතිරි නැතිවම ඔබ ගිහින්
නැවත ප්‍රතිසන්ධිය ලද වහා පටස් කරන්න
ශෝකී ලාංකීය සිතුවිලි
------------------------------------------------------------------------------------------------------
ජීවිතේ බස් රියකි. දිනෙක කැඩෙනවා සත්තයි
බෘම් බෘම් බෘම් ගාල හුචස් ගා නැවතුනේ ඇයි?
සිව්හෙලේ මහා සම්මත ගූ ගල් බස් සංගමය
------------------------------------------------------------------------------------------------------
System Failure.
කලින් බැකප් කලත් දැන් ෆෝමැට් කලත් පලක් නම් නැත.
ටෙක් කතා.com
------------------------------------------------------------------------------------------------------
අයියෝ!
sindiya.com
------------------------------------------------------------------------------------------------------
සමුගත්තද ඔබ, මියෙන්නේ නැත
ඔබේ පොරත්වය
ඔබට නිවන, මෝක්ෂය හෝ නැවත මහ පොළොව
ඔබේ පොරත්වය
ඔබට නිවන, මෝක්ෂය හෝ නැවත මහ පොළොව
හත්மாளுwa
------------------------------------------------------------------------------------------------------
Have a nice time at Heaven!
Gods may read you then
kottu
------------------------------------------------------------------------------------------------------
තව ඕන තරම් කට්ටිය බැනර් නම් දායි... මට ඒව හිතන්න කම්මැලියි... ඔය ලොකුම බැනර් ටිකක් ගැන තමයි ලිව්වේ...
ඇත්තටම මමීකරණය ගැන දැනගන්න ඕනනම් සත්සමුදුර කියවන්න.
Subscribe to:
Posts (Atom)
