මේ අදහස
කවියකට ගන්න එක
අසාර්ථක වුණා.
ඒ වුණාට මේක
අපි ජීවත් වෙන
රටාවන් පහැදිලි කරගන්න
මං දරපු
මෝඩ උත්සාහයක්.
හඳේ භ්‍රමණ සහ
පරිභ්‍රමණ වේග වල
තියෙන සමානකමක් නිසා
හැමවිටම පොලොවට පේන්නෙ
හඳේ එකම පැත්ත.
හඳේ එහා පැත්ත
අපට කවදාවත්
පේන්නෙ නෑ.
අපි හැමෝමත් හඳ වගේ.
අපි දිහා බලන අයට
පේන්නෙ අපේ කොටසයි.
අනිත් පැත්ත
සහමුලින්ම වැහිලා.
වෙලාවකට
අපේ හිත් වුණත්
එහෙමයි.
Thursday, 15 January 2009
Wednesday, 14 January 2009
උවමනාව
අපට යමක් කරන්න හෝ නොකර ඉන්න උවමනාව තිබුණ නම් ප්‍රමාණවත්. යමක් කරන්න උත්සාහ දරන්න පුළුවන් උවමනාව තියෙනවනම්. යමක් නොකර ඉන්නත් පුළුවන් උවමනාව තියෙනවනම්.
මේ උවමනාව කියන එකට අපි සලකනව මදි. ලෝක උවමනා දිනය වගේ එකක් නම් කලා නම් හරි.
දිනයක් වශයෙන් නම් උවමනාවත් අල වෙයි තමයි. ඒකට කරන්න දෙයක් නෑ...

වෙනස් වීම
මම හිතං හිටියෙ මට වෙනස් වෙන්න ඕන කියල වුණත් වෙනස් වෙන්න අවස්ථාවක් ආවම මම කැලඹෙන විධිය මටම ප්‍රහේලිකාවක් වෙලා. අවුරුදු ගානක් මම ජීවිතේ වෙනසක් හෙව්වා. දැන් මට නැවත මගේ දෙමව්පියන් වෙතට ගිහින් රැකියාවක් කරන්න ලැබිල. ඒ වුණාට දැන් මම පුරුදු වෙලා ඉන්න කොළඹ ජීවිතය මාව අවහිර කරන්න අරන්. අන්තර්ජාලය, මගේ යාළුවෝ, මම ඇසුරු කරපු වෙනත් මිතුරන්, මගේ පාරිභෝගික මිතුරන්, මගේ ඥාතීන්, මගේ පෙම්වතිය සියල්ලන්ගෙන්ම මට තාවකාලිකව වෙන් වෙන්න වෙලා. ඒ බැඳීම් එක්ක මම දැන් කැළඹිලා. මම දන්නවා ඒවයින් ගැලවෙන්න ඕන සහ මට ඒක පුළුවන් කියලා. නමුත් මම ඒ ඇලීමට කැමති වෙලා ට්ක කාලයක් ඉන්න ආස වෙලා.
නැවත තුරුදැල පැත්තෙ කවද එයිද? ගෙදරට ගන්න උත්සාහයක් ගමු හෙමිහිට. කොහොම වුණත් මට ආයෙත් කියවන්න නම් අවස්ථාවක් ලැබෙයි.
හැමදේම වෙන්නෙ හොඳටයි කියල හිතන්න මහලොකු අමාරුවක් නැති නිසා හැමදේම හොඳින් සිද්ධ වෙයි.

Monday, 5 January 2009
අහෝ මා ප්‍රිය පෙම්වතිය :(
පුරා වසර පහකටත් වැඩි කාලයක් පුරා මාත් එක්ක ජීවත් වුණ, මගේ සියළු දේ බෙදාගත්ත, මට බොහොම දේවල් ලබාගන්න අතරමැදියෙක් වුණ, මගේ යාළුවන්ට අනුව මගේ girl friend වුණ මගේ කාර්යාලීය පරිගනකයෙන් සමුගන්න කාලය ඇවිත්.
වසර පහකුත් මාස හයක් පුරා මගේ නිවස සහ කාර්යාලය වුණ ආයතනයෙන් සමුගන්න සිද්ධ වෙලා මට. ඉතිං ඒ කාලය පුරාම මාත් එක්කම ගැවසුණ පරිගණකයෙනුත් සමුගන්න වෙනවා මට. එයා වසරකට විතර කලින් අළුත් වුණා මොළ දෙකේ සකසනයක් එක්ක. ඒ වුණත් එයා මාත් එක්ක කරන ගනුදෙනුව නම් වෙනස් වුණේ නෑ මේ වෙනකල්ම.
මේ කාලය තුල මම ඉගෙනගත් දේවල්, මගේ අළුත් ජාල මිතුරන්, වෙනත් දැනුම සහ පුද්ගලික වෙනත් කාරණා සියල්ලත් එයා මට ලබාදුන්නෙ කිසිම මැසිවිල්ලකින් තොරව. හනේ මම එයාට වද දුන්න තරමක්! කී වතාවක් නම් එයාව brain wash කරන්න ඇද්ද.
මේ සටහන එයා වෙනුවෙන්... නැවත කවමදාවත් හමුවන්න නියමිත නැති මගේ පරිගණක පෙම්වතිය වෙනුවෙන්.... දුකින්...

Thursday, 1 January 2009
දුප්පතුන්ගේ නව වසර
මම කල්පනා කරමින් හිටියා ලබපු අවුරුද්ද විශේෂ වෙන්නෙ කොහොමද කියලා. සමහර විට මේ කියන දේ අතිශය නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ වුණාට මට හිතෙනවා මෙහෙම.
නුගේගොඩ හන්දියෙ සහ බෝ ගහ අවට පදික වේදිකාවෙ ඉන්න යාචක පිරිස් අතර ඉන්න පුංචි ළමයෙක් මම දැක්කා. එයාට කිසි ගානක් නෑ. අදත් එයාගෙ මූණෙ තිබුණෙ හැමදාම තියෙන හැඟීම් විරහිත ගල් හැඟීමමයි. අළුත් ඇඳුම් සුවඳ විලවුන් අළුත් විලාසිතා එක්ක පාරෙ යන එන සෙනග අතර මේ නිසල කොළු පැටියා එයාගෙ කල්පනාවක හිටියා. එයාට අළුත් බලාපොරොත්තු තියෙනවද මන්දා. අළුත් ඇඳුමක් නම් තිබුණෙ නෑ. ඒ වුණාට අපේක්ෂා විරහිත එක් මොහොතක සැනසිල්ල මේ දරුව ගාව තිබුණ බව මම දැක්කා. එයා හිටියෙ වාහන යන එන පාරෙ අද්දරම දූවිලිත් එක්ක. එයාගෙ අම්ම තවත් පුංචි බබෙක්ව තුරුළු කරන් ටිකක් එහායින් හිටිය. මේ දරුවට ඒ ගැන වගක්වත්, වෙන කිසිම දෙයක් ගැන ගානක්වත් තිබුණෙ නෑ.
මම අද වෙනද වෙලාවටම නැගිටල වැඩට යනකොට එහෙ කට්ටිය සුපුරුදු ලෙසම පිරිත් ශ්‍රවණය කරල පිරිත් නූල් හෙමත් බැඳගෙන හිටිය. අවුරුදු ගාණක්ම එයාල ඒක කරනව වුණාට එහෙමට කියල සෙතක් නම් වෙලා නෑ. ඒ කිසි දෙයක් නොකරන මට තරම්වත්. කොහොම වුණත් හොඳ කිරිබත් කෑල්ලක් සහ කැවිලි කීපයක් එක්ක උදේ කෑම ෂේප් කරල දාන්න පුළුවන් වුණා.
මන් දන්නෙ නෑ අළුත් අවුරුද්දක් කියල කට්ටිය ගොඩනගාගන්න බලාපොරොත්තු ඉටු කරගන්න කොයි තරම් කට්ටිය කැප වෙනවද කියල. අළුත් අවුරුද්ද අළුත් ඇඳුම් ආයිත්තම් සහ වෙනත් විවිධ දේවල් වලින් සැරසිල නොයෙක් දේවල් අළුත් කරගෙන පටන්ගත්තත් හැමදාම මම දකිනව ජනවාරි දෙක තුන වෙද්දි හැමෝම ආයෙත් පරණ ටිකම කරමින් ඉන්නව. ඒක හැම අවුරුද්දෙම වුණා. ඉදිරියටත් වෙනසක් වෙන එකක් නෑ. සරලවම කිව්වොත් අළුත් අවුරුද්ද සැමරීම කියන එකත් දැන් පුරුද්දට ගිය චාරිත්‍රයක් වගේ එකක් නිසා ඒකෙදි ඇති කරගන්න අළුත් පැතුම්, සිතුම් සේරමත් එදාට විතරක් තියෙන දේවල් බවට පත් වෙලාද?
මිනිස්සු වෙනස් වෙන්න කැමති නෑ. ඒක ස්වභාවයක්. තමන් පාරම්පරිකව කාලාන්තරයක් කරන දේවල් වෙනස් කරන්න බැරි නිසා මිනිස්සු එක එක කතා කියනව ඒක වහගන්න. හැබැයි අළුත් අවුරුද්දට නම් අළුත් වෙනව කියනව. ඒ වුණාට වෙනසක් නෑ. වෙනස් වෙනවාය කියල කියන එක අළුත් අවුරුදු චාරිත්‍රයක් වෙලා නිසා අවුරුද්දේ උණුසුම් ගියාම ඒක මතක නෑ. ආයෙත් පරණ තැටියමයි.
මම හිතන්නෙ ඒ අතින් අපි හැමෝම දුප්පත්. දැනට ගෙවන ජීවිතේ අප්සෙට් නම්, ඒක වෙනස් කරගන්න ඕන නම් ඒකට අවුරුද්දක් ඕන නෑ. අළුත් වෙන්න අවුරුද්දු එනකල් ඉන්න ඕන නෑ. නමුත් අපි වෙනස් වෙනවාය කියල කියන්නෙ අවුරුද්දට.
නමුත් වෙනස් වෙන පාටක් නෑ.

Subscribe to:
Posts (Atom)