සර්යි මැඩමුයි දෙන්නව කොට්ටාවෙන් වාහනේ නග්ගවගෙන මම පිළියන්දල පැත්තට වාහනේ කැරකෙව්වෙ සීරුවෙන්... සර්ට නම් ලංකාවෙ පාරවල ඩ්‍රයිවින් ගැන දැනුමක් තිබුණට මැඩම්ට නම් පොඩි මිස්ටේක් එකටත් හොඳටම තද වෙන හින්දා එයා එක්ක යද්දි පරෙස්සම් වෙන්න ඕන සෑහෙන්න.
පිළියන්දල පාරයි හොරණ පාරයි වෙන්වෙන හන්දියෙ කොහොමත් ටිකක් ඉන්න වෙනවා.
ඔතන තියෙනවා සත්තු විකුණන කඩයක්. කූඩු වල දාල කුරුල්ලො, බල්ලො, පූසො විකුණනවා. වැඩියෙන්ම ඉන්නෙ කුරුල්ලෝ. එතනදි පැහැදිලිව කුරුළු සද්දෙ ඇහෙනවා දැණෙන්න.
"අනේ පව් නේද මේ සත්තු..."
මැඩම් කිව්වා..
"පව් නෑ ඉතිං උන් කාල බීල ඉන්නවනේ..."
ඒ කිව්වෙ සර්.
"ඒ වුණාට උන්ගෙ ස්වභාවික පරිසරේ හැදෙන්න නැතිව හිර වෙලානෙ ඉන්නේ.... මොනව වුණත් වටවුණු සීමාවකනෙ උන්ගෙ ජීවිතේ තියෙන්නෙ..."
"හ්ම්ම්..."
සර් කට වහගෙන හිටියා...
මැඩම්ට පිළියන්දල සුපර් මාකට් එකට යන්න ඕන වුණා...
"මම ලිස්ට් එක අරගෙන ආවෙ..."
"හරි යමු එහෙනම්"
"ආ.... මාළුන්ගෙ කෑම ඉවරයි. මතක ඇතිව මාළු කෑම එකක් ගන්න මතක් කරන්න."
Showing posts with label fish. Show all posts

Thursday, 19 May 2011
Friday, 5 November 2010
මාළුකාරයා සහ කපුටෝ…
මම බයිසිකලය පැදගෙන ගෙදර එන්න ආවෙ ටිකක් කලින්! ටවුමට ගිහින් කරගන්න තිබුණ වැඩේ ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුණේ මාව ටිකක් දන්න ඇමතිගෙ පොරක් මගෙ හොඳ වෙලාවට ඉඩම් කාර්යාලෙට ඇවිත් හිටපු හින්දයි.
නැත්තං ඔය ඔෆිස් එකෙන් වැඩක් කරගන්න යන එක නං දෙපාරක් හිතන්න ඕන වැඩක්!
ගෙට එන්න තියෙන තාර පාරෙ අයිනක අපේ ගමේ මාළු විකුණන මාළු කාරය බයිසිකලේ නවත්තගෙන කපුටො පිරිවරාගෙන මිසිස් පෙරේරට මාළු කපල දෙනව... ගමේ අනිවාර්ය මාළු ගැණුම්කාරයො කීප දෙනෙක් මේ මාළු කාරයට හිටිය... උදේම හම්බන්තොටින් වෑන් වල එන මාළු කිලෝ දහයක් පහලොවක් බයිසිකලේ ලී පෙට්ටියෙ දාගෙන මිනිහ දෙවෙනි රවුම පෑගුවෙ අපේ ගමට... කොහොමත් තියෙන මාළු වලින් බාගෙකට වැඩිය හැමදාම අපේ ගමේ කට්ටිය ගත්තු නිසා මනුස්සයගෙ කෑ ගැහිල්ල උදේ 10 විතර වෙද්දි දැන් ගමට පුරුදු සද්දයක්!
ඉස්සර ටිකක් පුංචි කාලෙ නං මාළුව කපන විධිය අපි බලං හිටියට දැන් ඒවට වෙලාවක් නෑ අපට...
මම මාළු කාරයට හිනාවක් දාගෙන එතනින් බයිසිකලේ පැදන් ආවා...
"ඒ පැත්තට එනව මහත්තයා..."
මිනිහ මගෙ දිහා බලල උඩු රැවුල අස්සෙන් කහට දත් එක්ක හිනා වුණා...
කැපිල අයින් වෙන කොර පොතු, බඩවැල්, කරමල වලට වහ වැටිල මිනිහ පස්සෙන් ගම වටේ පියාඹන කපුටො රංචුව මගේ ගමන නිසා පාරෙන් ඉවතට පියෑඹුවා...
.......................
ගෙදර ගිහින් ෂර්ට් එක ගලවන අතරෙ මට පාර පැත්තෙන් මාළු කාරයගේ සද්දෙ ඇහුණා...
"මාලො... මාලෝ...."
ඒක කියන්නෙ මිනිහගෙම තාලෙකට... අයිස්ක්‍රීම් වාහනේ නලා සද්දෙ වගේ ඒ හඬ මිනිහටම තිබුණ හඬක් වුණා... සමහර විට ගමේ ගෑණු ඔය සද්දෙ නිසාත් මාළු ගන්න හිතන්න ඇති...
ඒ සද්දෙ හොඳට අඳුරණ ගෙදර පූස පාරට දිව්ව. අපෙ ආච්චිත් නෑඹිලියක් අරන් පාරට දුවනවා මම දැක්ක... හැමදාම වගේ ආච්චි තමයි ගෙදරට මාළු අරගන්නේ... එයා ඔය මාළු කාරයගෙ යාවජීව කස්ටමර් කෙනෙක්!
මමත් එයා පස්සෙන් එළියට ගියා... දොර ගාවට!
මාළු කාරය ගේ ඉස්සරහ බයිසිකලේ නතර කලා... කපුටො රංචුව අවට ගස් වල වැහුව....
මාළු කාරය අපේ ආච්චි ගත්තු මාළු කූරි දෙන්නව කපන්න ගත්තා... කොරපොතු සුද්ද වෙලා වරල්, වලිග කෑලි කැපිල මාළුවගෙ තොල් දෙකයි කරමල කෑලියි ගැලවිල පැත්තකට විසි වුණා... පූස ඒවට කිට්ටු වුණා...
මාළුවගෙ බඩ කපල බඩවැල් එක්ක අතුණු බහන් සේරම ටික පාරෙන් එහාපැත්තට විසි කලා.. කපුටො රංචුව ඔන්න ඒකට එකතු වුණා... උන්ගෙ ගෝරනාඩුව එක්ක උන් තම තමන්ගෙ කොටස් වෙනුවෙන් දඟලන්න ගත්තා...
උන්ට කොච්චර තිබුණත් මදි! මල පෙරේතයෝ...
සේරම ටික ඉවර වෙනකල් උන්ගෙ ගෝසාව තිබුණා...
අත් දෙක සරමෙ පිහිදල සල්ලි අරගත්තු මාළු කාරය බයිසිකලේ නැගල යන්න ගියා...
කපුටො රංචුවත් ඒ පස්සෙන් පියෑඹුවා...

Subscribe to:
Posts (Atom)