Tuesday, 7 June 2011

ඔළුව උඩ පොතක්!


ඔළුව උඩ පොතක් තියාගෙන හැමෝටම බැණ බැණ ඇවිදපු මිනිහෙක් හිටියා.

ඒ පොතේ තිබුණෙ ජීවත් වෙන විධියලු.

අවුරුදු ගාණකට කලින් කවුදෝ පඬිවරයෙක් ලියපු පොතක්ලු.

අර මිනිහට ඒක දෙමව්පිය උරුමයෙන් හමුවුණ එකක්... පුංචි කාලෙදිමයි මිනිහ ඒක ඔළුව උඩ තියාගත්තෙ. හරි හැටි දැණුමක් නැති කාලෙදිම ඒකෙ තියෙන දේවල් කියවල පුදුම වෙලා, වික්ෂිප්ත වෙලා, සලිත වෙලා, වෙලිල, මුකුලිත වෙලා, භක්තිමත් වෙලා අන්තිමේ මිනිහ ඒක එයාගෙ පරමාදර්ශය කරගෙන...

දැන් එයා හිතන්නෙ මිනිස්සු හැමෝම ඒක අනුව ඉන්න ඕන කියලයි.

මිනිහ පොත ඔළුව උඩ තියාගෙන හැම තැනම යනව. මිනිස්සු දිහා ඇස් දෙකින්, මොළයෙන් බලනව වෙනුවට මිනිහ අනිත් මිනිස්සු දිහා බැලුවෙම පොත අනුව! ඉතිං දකින හැම මනුස්සයගෙම මොකක් හරි අල්ල ගෙන මිනිහ වැරදි කියවනව.

පඬිවරයෙක් ලියපු පොතක් ළඟ තියෙන නිසා මිනිහට මුකුත් නොකියා ගොඩක් අය එහෙයි කිව්වා.

ඒත් කිසි දෙයක් කණටනම් ගත්තෙ නෑ කවුරුත්...

හැමෝම මිනිහ එද්දි පේන්න ඔළුව නැමුවට මිනිහ ගිය ගමන් දුන්නක් වගේ ඔළුව ඉස්සුවා.

ඒත් පොත ඔළුවෙ තියාගත්තු මිනිහ හිතාගෙන හිටියෙ තමන් මාර වීරයෙක් කියල...

මැරෙණකල්ම පොත තිබුණ මිනිහගෙ ඔළුව උඩ...

මිනිහ ඒක කවදාවත් හරියට කියෙව්වෙ නැද්ද මන්දා...

කොහොම වුණත් මිනිහගෙන් පස්සෙ ඒ පොත එයාගෙ දරුවෙක්ට උරුම වුණා.

දරුවත් ගත්තගමන් පොත තියාගත්තෙ එයාගෙ ඔළුව උඩ!

14 comments:

  1. ඔය පොතයි අර සර්පයා කිව්වා වගේ බාසාවයි ඔළුව උඩ තියාගෙන යන කීදෙනෙක් ඉන්නවාද? හැමදේම අතෑරලා දාන්න ලෑස්ති පිට තියාගන්න ඕනි. මොකද සිස්ටම් එක ඇතුලේ හැම දෙයක්ම වෙනස්වෙන්න ලෑස්ති පිට තියෙන්න ඕනි.

    ReplyDelete
  2. පොත් ඔළුව උඩ තියාගත්ත මනුස්සයා වගේම පොත ඔළුව උඩ නැති අයත් ඒ ඒ අයගේ ලෙවල් වලින් ආතල් එකේ ඉන්න ඇති අන්තිමේදි...! මොකද හැමෝටම බැන බැන යන එකත් පොත් ‍ඔළුව උඩ තියාගත්ත මනුස්සයාගේ ආතල් එක වෙන්න ඇති නේ..!

    ReplyDelete
  3. සමහර විට ඔය පොත ඔලුව උඩ තියාගෙන ගිය මිනිහා ඒ පොත කියවලා නැතුවත් ඇති..!
    මොකද මිනිහා හරියට පොත කියවලා තියෙනවා නම් හැමෝටම නිදහස් ජීවිත තියෙනවා කියලා මිනිහට තේරෙන්න ඕනේ නේ..!

    ReplyDelete
  4. හතර දෙනාටම තැංQ. කමෙන්ට් වලින් මම කියපු දේට අළුත් සහ වෙනස් අර්ථ ගොඩක් ලැබිල තියෙනව. එක අතකට පොත කියන්නෙ අපේ සියළු ආසාවල්. ඒ මතම අපි හිරවෙලා අපිව ඒකෙ පාලනයට අහුවෙලා නම් ඒ ආසාව කොයිතරම් හොඳ එකක්ද කියල ආයෙ හිතන්න වෙනවා. ඒ එක්කම මේක අපි හැමෝගෙම කතාව. අපි හැමෝගෙම ඔළුව උඩ තියෙන පොත් වල තියෙන දේවල් හරහා තමයි අපි පොර වෙන්නේ. අනිත් අය එහෙම නෙවෙයි කියල එයාලව වෙනස් කරන්න යන්නේ. පොත කියන්නෙ තමන්ට තමන් ගැන තියෙන ගර්වය, ආත්ම ශක්තිය, දැණුම වගේ අනුන් මත පටවන්න පුළුවන් එකක්... ලිෂා කිව්ව වගේ අපි පොත හරියට කියෙව්වනම් අපට තේරෙණව වෙනත් මිනිස්සුන්ගෙ වෙනස් කරන්න තරං අවුලකුත් නෑ කියල... වැඩේ කියන්නෙ පොත තියෙන්නෙ ඔළුව උඩ නිසා ඒක කියවන්න වෙන්නෙ නෑ අපට! අන්තිමේදි තනි තනි ආතල් ගනිමින් මලී කිව්ව ලෙස අපේ ආතල් එක අනුන්ද ගත යුතුයි කියල අනුන් මත ඒක පටවන්න යමින් හෝ නොයමින් හැමෝම ආතල් එකේ ජීවත් වෙනවා...

    ReplyDelete
  5. ඒක අමුතුම අදහසක් ..

    තමන් මේ පොත ඔලුවේ තියාගෙන යන හින්දා පොරක් වගේ පේනවා කියලා මිනිහා හිතන්න ඇති

    පවු ඌ ඒ පොත කියවලා බැලුවා නම් සමහරවිට ඒක ඔලුව උඩ තියා නොගන්නත් ඉඩ තිබුනා .සමගරවිට කියවන්නත් ඇති .නොතේරුනු හින්දා තේරුනා වගේ රඟදක්වන්නත් ඇති ..

    ReplyDelete
  6. මට නම් ‍හිතෙන්නේ ඔබ අද ලියල තියෙන්නේ අපේ වටපිටාවේ හමුවන බොහෝදෙනෙක් තුල තිබෙන්නාවූ දෙයක් කියලයි හිතෙන්නේ. ඒ මක්නිසාද යත් බොහෝ දෙනෙක් ජීවත්වන්නේ තමන්විසින් කොටුකරගත් පටු සීමාවක් නැතහොත් මතයන් තුලයි. එය හරියට මෙහි කියන ‍හිස මත තිබෙන පොතවැනියි. එම සීමාවන්ට සාපේක්‍ෂව සමාජයේ සිදුවන විපර්යාසයන්ට දොස් පවරමින් සිටිනවා මිස අර පොත පෙරලා නොකියවා සිටිනවා සේ තමන් දරන මතයන් තව දුරටත් ‍සමාලෝචනය කර එහි වැරදි ඇත්නම් එයින් මිදීමට උත්සහ දැරීමක් සිදුනොකිරීමද දැකගත හැකි දෙයක්. එසේම එවැනි පටුමතයන් තවදුරටත් කරපින්නාගෙන ඉදිරියට යන අනුගාමිකයන්ද සිටිනවා. එය හරියට පියාගේ පොත ඔළුවේ තබා ගත් පුතා වැනියි...

    ReplyDelete
  7. ඔය ඔලුව උඩ පොත තියාගෙන ගත්ත පොටෝ එක... ගෙදරයි, ඔපීසියෙයි, ෆේස් බුක් එකෙයි හැම තැනම ප්‍රදර්ශනය කරගෙන ඉන්න අය පොත කියවනව තියා මළ පොතේ අකුරවත් කියපු අයද කියල නම් සැකයි....

    ReplyDelete
  8. මේ දවස් වල බ්ලොග් කියවලා ගියාට මොකුත්ම කියන්න උනේ නෑ... ඒකට හේතුවත් අර ඔයාගේ godroid මඟුලක්. කොහෙද ඉතින් ඕවා දෙවියන්ටම මැවුවට තවම සිංහලෙන් ලියන්න අවයවයක් හදලා දුන්නේ නෑ නේ.

    පොත් කියවන අය? අපෝ ඉන් එහාට අපි මොකුත්ම නොකියා ඉමු නේද?

    ReplyDelete
  9. සඳරු - ඔව් ගොඩක් දෙනා පොත් ඔළුවෙ ගහගන්නෙ හරියට කියවන්නෙ නැතුව තමයි. ඒකට මේ මමත් අයිතායි සමහර වෙලාවට!

    දිනේෂ් - සියල්ල සම්බන්ධ ගැටළු හා විසඳුම් ඇත්තේ තමන් සතුවයි කියන එක කිව්වෙ මම නෙවෙයි. ඒ නිසා ලෝකෙට බණිද්දි තමනුත් එකෙම කොටසක් කියල දැනගන්නවනං හොඳයි නේද? අපි හැමෝටම අමතක වෙන්නෙත් ඔය ටිකනේ...

    තලන් - හික් හික්.. ඔව් ඔව් ඒ තවත් පොතක් සහ පොත් වර්ගයක් තමයි!

    ඉල් - ඒකට හේතුව දෙයියො දැන් ගෝලීයකරණයට ලක්වෙලා තිබීමයි. පාවිච්චි කරන්නෙ ඉංගිරිස්.

    ReplyDelete
  10. හණමිටිකාරයා ගේ කතාව මේකතාවට ළගින් යනව නේද?

    ReplyDelete
  11. ජය ශ්‍රී - හණමිටිකාරය කියන්නෙ පරණ අදහස් දරන මිනිස්සුන්ටනේ... එයා ගැන ඉතිහාස කතාවක් තියෙනවද? මචෝ පුළුවන් නම් ඔය කතාව ලියන්නකෝ... මම වගේම නොදන්න අය ඇති තව :-)

    ReplyDelete
  12. පොත කියවලා හිතට ගන්නවා මිසක් මොන මඟුලකටද ඔලුව උඩ තියාගෙන ඉන්නෙ ....

    අපේ මිනිස්සු කරන්නෙ කොහොමත් දේක තේරුමක් නැතිව ඔලුව උඩ තියාගෙන වටේ කැරකෙන එක තමා ......

    ReplyDelete
  13. මමහිතන්නේ මොහෙමයි.. පොත කියන්නේ අපේ ඔලු ගෙඩිවල මුල් බැහැල තියෙන ආකල්ප.. ඔය ආකල්ප ගොඩක් වැරදි වෙන්න පුළුවන් එත අපි මිනිස්සුයි අවස්තායි මනින්නේ ඔය ආකල්ප මතයි.. ඔය පොත බිමින් තියල බැලුවම හැම දේම හැම කෙනාම වෙනස් විදිහට පෙනේවි..

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!