Friday, 12 September 2008

කියාගන්න බැරි එක...

කියාගන්න බැරි‍ තරම් විශාලව සහ වදන් විරහිතව හිර වෙන ආදරය.....

හික් හික්.. මේක කවදාවත් වචන වලින් කියන්න බෑ තමයි... නමුත් ඉතිං පොදුවෙ හඳුන්වන්න ඕන හින්දා ආදරේ කියල නමක් දාගෙන ඉන්නව වුණාට සහ ඒ තුල විවිධ යෙදුම් එක්ක ඒ පිළිබඳ පොදු කතිකාව පවතිනව වුණාට ඇත්තටම නම් ඒක අතිශය පුද්ගලිකව දැණෙන වෙන කෙනෙක්ට දැණෙන විධියෙන් සහමුලින්ම වෙනස් හැඟීමක්...

එහෙම වෙන්නෙ කොහොමද කියල කියන්න මම දන්නෙ නෑ. ඒත් ආදරය තුල ඒක පොදු වෙන්නෙ ඒක තුල ඉන්න දෙන්නට විතරයි. මොකද ඒකනේ එයාල ආදරය කරන්නේ.. ඒක එයාලට දැණෙන්නෙ එයාල ඇසුරු කරපු, කරන දේවල්, පුංචි කාලෙ ඉඳන් ජීවත් වුණ විධිය, ආදරය කරන වෙනත් දේවල් වගේ විශාල පරාසයක දේවල් ටිකක් එක්කයි. ඒ දේවල් අනන්‍ය වෙන්නෙ එයාලට විතරයි. ඒ නිසා ඒ ආදරය එයාලට පුද්ගලිකයි. හැඟීමක් විධිය‍ට පවා එහෙමයි.

හැඟීමක් කියන්න වචන තියෙනවද? මං දන්න තරමින් නෑ. මට මතක් වෙනව මගේ භෞතික විද්‍යා ගුරුතුමෙක් වන පතිරණ සර් කියපු කතාවක්. එයාගෙ එකක් නෙවෙයි. එයත් කොහෙන්දෝ උපුටගත්තු එකක්. නන්දදාස කෝදාගොඩ මහත්තයගෙන්ද මන්දා. කොහොම හරි මට මුලින්ම ඇහුණෙ මගේ සර්ගෙන්.

"වේදනාව විග්‍රහ කරන්න පුළුවන්ද මේ වගේ අහවල් එකක් කියලා. බෑ. ඒත් අපට පුළුවන් කෙනෙක්ව කොනිත්තල ඒ දැනෙන හැඟීම වේදනාව ය කියල කියන්න. ඒ හැර වේදනාව හෝ වෙනත් ඒ වගේ හැඟීම් විග්‍රහ කරන්න වචන නෑ. ඒව දැණෙන්නම ඕන"

ආදරෙත් ඒ වගේ තමයි. ඒක දැණෙන්න ඕන. කවදාවත් කවි වලින්‍ හෝ සංගීතය, චිත්‍රය වෙනත් කිසිම කලාවකින් ඒක ඒත්තු ගන්වන්න බෑ. ඒත් ඒක දැණෙන කෙනෙක්ට මේ සකලවිධ කලාව හරහාම ආදරය විඳින්න පුළුවන්. ඒකට ආදරය දැණෙන්න ඕන. ඒක විඳින්න ඕන.


හිටපු ගමන් මේ බයිල කියවන්න ගත්තෙ අද දවසෙ මම ආදරයෙන් උපරිමව මත් වුණ හින්දයි. ලෝකෙ මෙතෙක් ඒ වගේ මත් වෙන්න පුළුවන් ආදේශකයක් හදල නෑ. හැදෙන්නෙත් නෑ. ආදරයම පමණයි. අද දවසෙ කාලෙකට පස්සෙ දිගු කාලයක් අපි දෙන්නා කතා බහ කරල බොහොම අමාරුවෙන් වෙන් වෙලා යන්න ගියා. බස් එකේ යද්දි මම හිටියෙ දැකපු හීනයකින් නැගිටගන්න බැරිව වගේ. මත් වෙලා.

මම වහාම ඇයට මිනි කවියක් යැව්වා දුරකථනයෙන්...


නුඹෙන් සිත පිරී...


මට මා...


අහිමි වන මොහොත...
...
..
.

නිවනටත් ඉහල යැයි


සිතේ මට...



මේකෙ මේ පේලි අතර ඉඩ ඕනමයි.. ඒ තුල මට කියාගන්න බැරි දෙයක් හැංගිල තියෙනව. ඔයාලට ඒක දැණෙනව නම් මරේ මරු.

කතාව ඉවර නෑ. අපේ උන්දැත් ඉතිං ම‍ට දෙවෙනි වෙන්න කැමති නෑ. මගේ කෙල්ලනෙ ඉතිං! හික් හික්.... එයත් අනිත් පැත්තට එව්වා කවියක්. ඒ වුණාට එයා ලියන කවි. :p මෙලෝ රහක් නෑ.. මම ඉතිං එයාගෙ අවසරය පිට ඒක ටිකක් ඔප මට්ටම් කලා. එයා මොකද මම මොකද.. හික් හික්...


මුළු ලොවම
පාට තැවරූ සිත්තමක් සේ
නිශ්චලව බොඳව යයි...

මම

නුඹ අසල

රැ‍ඳෙන විට



හ්ම්...


අදට මේ සිහිනයෙන් මිදෙමි
නැවත ලොවම බොඳ වී
අප පමණක් සිටින දිනක්
යලි විඳින්නට
උදා වන තුරු...



මට නම් මේ කවිය හරහා මගේ පෙම්වතියව නැවත කියවන්න පුළුවන්. ඇයත් මම වගේම මත්වෙලා ඉන්නෙ. මට කිව්වා තවම කැ‍රකෙනවා කියලා.. හික් හික්...

ඉතිං මේ සටහන ඇය වෙනුවෙන්.. අපේ ආදරය වෙනුවෙන්.. කවදාවත් කියාගන්න අපොහොසත්, ඒත් අපේ හිතේ පූදින හැම සිතිවිල්ලක් පුරාමත්, අපේ ඇ‍‍ඟේ හැම රුධිර බිඳුවක් පුරාමත්, ඇ‍ඟේම තියෙන සෛල ඇතුලෙ තියෙන පරමාණුවල බිඳින්න බැරි පුංචිම කොටස දක්වාමත් කා වැදිල ජීර්ණය වෙලා තියෙන අපේ ආදරය වෙනුවෙන්...

මේ ගීයත් ඇය වෙනුවෙන්. තිබුණෙ kasshapa කියන යාළුව‍ගෙ ඔබනල නිවසේ. එයාල ‍වගේ අය ඉන්න එක කොයි තරම් දෙයක්ද? එතනට ගියොත් තවත් ලස්සන සිංහල ගීත ගොඩක් බලන්න පුළුවන්.



Sasara Serisaranathek - Victor Rathnayaka

13 comments:

  1. අම්මෝ..මම ආසම සින්දුවක් බන්..හෙන කාලෙක පස්සෙ මහ පාන්දර මේක ඇහු‍වෙ ඉස්ථූති වේවා.

    උඹේ හිස්තැනේ තියන හැඟීම මම විදල තියනව. උපරිමයෙන්ම. එතනට වචන දාන එක මහ අපරාධයක්.
    ආදරය කරනව කියන්නෙ නිකන් හීනෙන් ඇවිදිනව වගේ වෙලාවකට..කියන්න බැහැ බන් තවත්.

    වෙන්වීම ගැන කියනවනම්..හික් හික්..මම මගේ පළමු පෙම්වතිය එක්ක මේ වගේ මුලින්ම දවසක් ගත කරල බස් එකේදි වෙන්වෙලා හන්දියෙන් බහිද්දි මට ඇ‍ඩෙන්න ආව.

    ReplyDelete
  2. ආදරය සුන්දරයි.. මේ ලියමන කියෙව්වම ඔබේ හිතේ කොයි තරම්නම් සතුටක් තියෙනවද කියලා දැනෙනවා.ඇත්තටම අවංක ආදරය විඳින්න පින් කරලා තියෙන්න ඕනා කියලා හිතෙනවා
    කෙටි කව... අපූරුයි !
    මිනිස් සම්බන්දතා වලින් වටවෙච්චි පොළවක, හැම දේම වාණිජ කරනය වී ඇති සමයක, එකම නිරපේක්ශ හැඟුම ආදරය විතරද ?
    සුන්දර බ්ලොග් ලියමනක් !

    ReplyDelete
  3. hehe........good luck ;)
    bandinne na kiw eka lagadima bandiy wage:P

    ReplyDelete
  4. හරිම සුන්දර ස‍ටහනක් අපිට වැඩිය මොකුත් කියන්න ඉතුරු කරලත් නැහැනේ...හික් හික්...ඔයාගේ අළුත් ඡිවිතයට සුභ පැතුම්

    සසර සැරිසරන තෙක් ඔබ මගේ?%$^$%^ සසර????හික් හික් හ්ම් හ්ම්

    ReplyDelete
  5. Me sinduwa wenweemak genane' (Man dennam ahuwe ne, namuth hadawathey andichcha geeyak)

    Yuga ganan pamini maga - Petalila Weradila.........oba magen wenwa giya, dasun ethi mawathey..........

    Umbata saha, umbe kavikara sahakariyata ehema novewa kiya pathanawa, sasara seri sarana thek oba magey unath........"Kususma motada - Lanwee Ron ganna beri"..........

    Mata, me adara andaraya denagath palaweni dawase hithata apu geeya thamai (Ekath Victor ge)..Newum Suwandin Obey Muwa Dutu Raththaran Dawasey................Sithaka adara pethum malpethi, avadiviya rahase.....

    Goodluck Haresh

    ReplyDelete
  6. hehe...pudumai malli...pudumai..........umba gana nemei..........ape nangi gana........hehehe..............ada ude thamai onna ithin mama kathawa danagaththe....habai mata ithin pudumath hithuna ahapu welawe.........hehe...kawuda me eki ekka set wechcha eka kiyala.....monawa wnath ada ude nam mata mara sathutui.....me kathawa hala.......dan thamai me oyage blog eka 1st time baluwe....meka thamai 1st reply eka.....ehenam ithin dennatama mage subapathum.......loku ayya innawa kiyala hithaganin ona dekata......

    ReplyDelete
  7. Aaa...Ekath jayasiri Mangalam kiwwalu ehenam....Adaraya sundarada metharam kiyala dan therenawane malli... :D mage unusum suba pathum oya dennatama...
    harima apurui kavi 2kama...
    Ara sinduwatah man hariiima asai...harima sundarai...
    (kawda bole ara oyata kavi ewwa kavikari?? (eka ahannamai hithenne he he)

    ReplyDelete
  8. පුරස්නයක්.....

    මලී..... ෂුවර්ද?

    ReplyDelete
  9. ඔන්න මමත් දැනුයි දන්නෙ :P

    ReplyDelete
  10. kavi deka kiyawapuwama dennage adarethiyena sundarathwaya watahenawa....e sundarathwaya thawath wadi wenawa victotge sinduwen.... ithin oya dennage sundara adarayata mage hadawathinma unsum suba pathum..

    ReplyDelete
  11. dan ethakota malkavi saha haresh naadayo wennada yanne? ;)

    ReplyDelete
  12. මංගලම් ජය මංගලම්... වේවා සිරි සුභ මංගලම් කියල තමයි ඉතිං කියන්න තියෙන්නෙ...

    තව එකෙක්ට එහෙනම් හරි ගියා ආහ් :P

    කොන්ඩය ගැන පසුව කථා කොරමුකො ඈහ්

    බොන එකටත් කන කොකා හඩයිද දන්නේ නැහැ හාහා මැදැයි කොලා

    ReplyDelete
  13. @haresh
    Ammooooo dan man dannooooooo...:D oya dennage anagathaya kiriyen paniyen ethirewa!!! sundara wewa!!! (habai koombi kawa kiyanna epa hik hik)

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!