Wednesday, 13 August 2008

කාලය... ..

ෂිට්! මට එපා වෙලා. මේ බ්ලොග ලියන්න කලින් මිදෙන්න ඕන තැන් තියෙනවා කියල හිතෙනවා. මට ලැබෙන කාලය එක්ක මේ කරන්න ගත්තු වැඩේ අසාර්ථක වෙන්නත් පුළුවන්. අනික මේ නිසා සංවාදයට වඩා ලියන්න සිද්ධ වෙනවා. ඒක මගේ කාලය සෑහෙන්න පාවිච්චි කරනවා. කොහොම වුණත් මේ ඇරඹුම පවත්වගත්තෙ නැත්නම් වැඩක් නෑ.. නිකංම ලියන්න තරම් දේවලුත් නෑ.

මට මගේ රස්සාව එපාවෙලා මාර කල්. ඒත් වෙන එකක් හොයන්න තියෙන කම්මැලිකමටයි දැනට මෙතනින් ලැබෙන ප්‍රතිලාභ වල තියෙන ෂේප් බවයි ම‍ට මෙතනින් ලැබෙන වටිනාකම් හරහා මම ලබන වෙනත් ප්‍රයෝජනයි නිසා දැනට මෙතන ඉන්න වෙනවා.

රස්සාවල් අපිව සෑහෙන්න හිර කරල. මම මේ ගැන අවුරුදු ගානකට කලින් කරපු එකක් මතක් වුණා. අපේ මහගෙදර අය නම් මේක බලල තියෙනව.




Works

රස්සාවල් නිසා තමයි එක අතකට අපට ජීවත් වෙන්න වෙන්නේ. ඒත් මේ රස්සාවල් නිසාම තමයි අපට අපේ ජීවිතේ නැති වෙලා තියෙන්නෙත් එක අතකට. මොකද රස්සාවයි ගෙදරයි අතරෙ දෝලනය වෙද්දි ජීවිතේ අමතක වෙනව.

යම් විධියක තීරණාත්මක වෙනසකදි ටිකක් නැගිටිනව හැරෙන්න අපේ ජීවිතවල වැඩි වෙනසක් නැතිව ඔහේ ගෙවෙන මේ ස්වභාවය ගැන ‍හිතන එක අප්සට්ද?

4 comments:

  1. ඔය ප්‍රශනෙනම් මට මීට සැහෙන්න කාලෙකව කලින් ඉදන් තිබුනා මම බ්ලොග් ලිව්වේ නැති උනාට..,!
    දැන් නමි නිදි දෙව්දුව මාත් එක්ක සැහෙන්න ෂේප් වෙලා ඉස්සර වගේ කරදර කරන්නේ නෑ..අනේ මන්දා තරහවෙලාද කියලත්....! ඒක නිසා මට පොඩ්ඩක් වෙලාව වැඩිපුර ලැබෙනවා...!

    අර රස්සාව ගැන අන්තිම හරියේ කියලා තියෙන ටිකනමි සහතික ඇත්ත....දැන් අපි ඉන්නේ රැවුලයි කැදයි දෙකම ඔනි වෙන තත්වයක...රස්සාවත් ඕනි ඡිවිතයත් ඕනි...!

    ReplyDelete
  2. මටනම් ඇත්තටම ඔය ගැටළුය නැහ මොකෝ මම රැකියාව වෙනස් කලේ බොහොම ලගදි...හැබැයි බොරු කියන්න ඕනෙ නෑ මේකත් එපා වෙන්නෙ නෑ කියල හිතනව...මොකෝ මගේ true passion එකට අදාල රැකියාවක තමා මම නිරත වෙලා ඉන්නෙ...මම ඉපදෙනකොටත් මගේ පියාට මොටර් රථ වලට අදාල ආයතනයක් තිබ්බ(දැන් නම් ගොඩක් පැති වලට ගිහින්)...ඉතින් වාහන කියන්නෙ මට මගේම කොටසක් වගේ තමා...මම තමත් arc welding,tinkering,painting වගේ දෙවල් වලින් මාර ආතල් එකක් ගන්නෙ...මට හිතුනාම මම තාමත් ඒව කරනව..‍gearbox එකක් , engine එකක් ගලවල අවසානෙට fit කරල start වෙලා trail එකක් දුවල බලන කොට දැනෙන ආතල් එක කියල වැඩක් නැහැ..ආ ඒ විතරක් නෙවෙයි flok lift එක beak down toeing truck එමෙ හසුරවන එකත් නියමයි .‍මම මේව තාම කරනව ඉදල හිටල...අප්පච්චිගෙනුත් මරු බැකප් එකක් දෙන්නෙ...කාර්යාල සහ ‍field work දෙකටම මම සහභාගිවෙන නිසා...ලගදිම මේ ගැන වැඩි දුර ඉගෙන ගැනීමේ බලාපෙරොත්තුවකින් තමා ඉන්නෙ...නමුත් මම නම් මේ එකම දේක ඇලිල ඉන්න බලාපොරොත්තුවක් නෑ...මේව මම හිටියත් නැතත් ලස්සනට දුවයි...අර අධ්‍යාපනයෙන් පස්සෙ වෙස්මූනු කපීම හා costermize jwellery design(මට පිස්සු කියල හිතෙනව ඇති නේ) සම්බන්ධ වැඩිදුර අධයාපනයක් ලබන්න හිතාගෙන ඉන්නව...මම හම්බකරන්න කියල දෙයක් ඉගෙන ගන්න කැමති නෑ..මට ආස දේ ඉගෙන ගන්නයි කැමති...freed කියනව වගේ කුසල් රැස් කරන්න තමා හිත...මම කරන හැම දේම නිකන් කරන්න කැමතියි මගේ bill නිකන්ම ගෙවෙනවනම්..මොකෝ මම වැඩ කරන්නෙ සල්ලි වල‍ට නෙමේ වින්දනය උදෙසා...හැබයි ඉදිරියට commercial වෙයිද දන්නෙ නෑ...

    ReplyDelete
  3. සම්පත් අයියගේ ඡිවිතය විදින්න පුළුවන් මේ රටේ බොහොම සුළු පිරිසකට විතරයි..ව්‍යාපාරික ප්‍රඡාව හා පරිපාලන අංශයේ අයට විතරයි...අනිත් අති බහුතරයකට මසේ වැටුප අමතක කරලා කැමැත්තට ඉඩ දෙන එක ප්‍රයෝගිකව ලේසි නෑ

    ReplyDelete
  4. කථාව ඇත්ත. අපිට කරන්න වෙලා තියෙන්නේ, නැත්තම් කරන්න වෙන්නේ අපි කැමති සහ අපි ආශා කරන ක්ෂේත්‍රයේම රැකියාවල්ම නොවෙයි බොහෝවිට. ඉතිං එපා වෙන එක පුදුමයක් නොවෙයි. අනික යම් දෙයක් ඒකාකාරී වුනාම කැමති දෙයක් උනත් ඉක්මනටම එපා වෙනවා...

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!