මේක ලියන්න හිතුණෙ ඇයිද කියල අහන්න එපා. කිසි තේරුමක් නැති වෙන්න පුළුවන්. ඒත් මට හිතුණ දේ නේ.
මට මේ බත් බත් විධියටම කාල එපා වෙලා. අද දවල් කෑමට ගෙදර ගියාම කන්න බත් ව්‍යංජන කීපයක් එක්කම තිබුණත් මගේ හිත ගියෙ සිලි මල්ලක ඔතල තිබුණ පාන් කාලකට! ඒ එක්කම පොල් සම්බල් දීසියක් වහල තිබුණ. කවර කතාද? දවල් කෑම එපමණයි. ඒක හිතේ තියාගෙන කල්පනා කරද්දි තමයි කාලාන්තරයක් මගේ හිතේ හොල්මන් කරපු මේ අදහස ලියන්න හිතුණේ.
අද තියෙන කාර්ය බහුලත්වයත් එක්ක අපේ ආහාර පුරුදු ක්‍රමයෙන් වෙනස් වේගෙන යනව. පාන් කියන ආහාරය ප්‍රධාන ආහාරය වෙලා තිබුණ කාලයක්ම. සාපේක්ෂව තිරිඟු පිටි කෑම වල මිල ගණන් පහුගිය වසර කීපය තුල දරුණුවටම ඉහල ගිය නිසා නැවත මිනිස්සු සහල් ආහාර වලට පුරුදු වෙමින් ඉන්නව. ඒත් මම අහල තියෙන විධිය අනුව අපට සහල් හරහා විවිධ කෑම වර්ග පිලියෙල කරගන්න තියෙන හැකියාව අල්පයි. අවුරුදු සීයකට විතර කලින් සිට එපිටදී නම් සහල් ප්‍රධාන ආහාරය වුණා විතරක් නෙවෙයි, ඒ හරහා විවිධ ආහාර වර්ග පිළියෙල වුණ හැටියකුත් තියෙනව. ඒත් දැන් ඉඳි ආප්ප, ආප්ප වගේ ඒව හැර ෂෝ කේස් වල දාල උදේට කඩවල තියෙන නොයෙක් කෙටි කෑම වර්ග වගේ ලේසියෙන් සහල් වලින් ආහාර පිලියෙල වෙන්නෙ නැති තරම්. අවුරුදු කාලෙට නම් තියෙනව වුණාට ඒ කැවිලි නේ. ඒ මාසෙට පස්සෙ ආයෙත් බත් බත් ම තමයි.
සහල් වලින් බැරිද වෙනස් වෙනස් කෙටි කෑම හදන්න. රෝල්ස් පැටිස් නොවුණට ඒ වගේ ලේසියෙන් පරිභෝජනය කරන්න පුළුවන් කෙටි කෑම වර්ග?
ඒක කරන්න පුළුවන් නම් සෑහෙන්න ප්‍රචාරයක් දීල හරියට රණ විරුවන් ගැන මොරාල් එක හදනව වගේ දෙයක් කරන්න පුළුවන් සහල් ආශ්රිත කෑම වලටත්.
එහෙම කිව්වම ඔයාල කියයි "ඇයි ඕයි බත් තියෙන්නෙ! කනවකෝ" කියල. මං මුලින්ම කිව්වෙ මට බත් එපා වෙලා කියල. හික්! වෙනස් ආකාරයකට බත් කන්නයි මට දැන් ඕන. ඒක කරන්න පුළුවන් සහ ව්‍යාපාරික මට්ටමින් පවා සෑහෙන්න දියුණු කරන්න පුළුවන් මගේ සිතිවිල්ලක් තමයි මම කිව්වෙ.
සහල් භාවිතා කර නිපදවූ කෙටි කෑම වලට හොඳ ඉල්ලුමක් හදන්න බැරි වෙන එකක් නෑ මගෙ හිතේ..

දැනට මෙහි සහල් පිටි පාන් අලෙවි වෙනව...මාත් මේ ගැන සෑහෙනට වද වෙන මනුස්සයෙක්...අපේ රටේ ඔය වගේ දේවල් ගැන නලා පිඹ ගෙන එක කාලෙකට කථා කරනව නමුත් ටික කාලයයි..අමතක වෙනව...හමුදාව ගැන කීව නිසා කියන්නෙ..ඒකනෙ ප්රභාකරන් කියල තියෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට ඕන දෙයක් සති 2යි කියල...කථාව බොරුම නෙමෙයි..මම මගේ මට්ටමෙන් ටික ටික හරි වෙනස් කරගන්න උත්සාහ දරමින් තමා ඉන්නෙ...ඇහුවද චීනෙ ඔලිම්පික් ගැන...ඉන්න තරුණ පර පුරට දුනනලු වෙනම අධයාපනයක් සම්ප්‍රදායික ආහාර සාදන ආකරෙ ගැන..මොකෝ එන විදේශිකයින්ට සාම්ප්‍රදායික චීන කෑම වල රස කියල දෙන්න...ඒ කියල දුන්නෙත් ඔහේ හදන්නම් වාලෙ හදන්න නෙමේලු හදන්න පුළුවන් රසම විදියට හදන්න පුළුවන් වෙන විදියට...ඔන්න රටවල් ආදර්ශ ගන්න නම්..නමුත් නොගන්න එක තමා දුක
ReplyDeleteදන්නවද? හාල් පිටි වලින් පාන් විතරක් නෙවෙයි තව අපේම කෑම ඡාති ගොඩක් හදන්න පුළුවන්...පිට්ටු,රොට්,ඉදිආප්ප වගේ දේවල් මම දන්න තරමින් හාල් පිටි වලට පාන් පිටි ටිකක් කලවම් කරලා ගත්තම ගොඩක් කෑම වර්ග හදන්න පුළුවන්..ඒත් ලේසිය පහසුව හින්දම ගොඩක් වෙලාවට අපි පාන් පිටි පස්සේ දුවනවා....!
ReplyDeleteඅපිට බත් එපා වෙන්න එකම හේතුව හැමදාම එකම ටිකක් එක්ක කන එක කියලයි මම නම් හිතන්නේ ...පරිප්පු නැති උනු දාට අපි බත් තිබුනත් හාමතේ අනික බත් විතරක් නෙවෙයි අපට තිබ්බේ කුරක්කන්,තල , මිනේරි, ඉරිගු වගේ ගොඩක් තිබ්බා අද වෙනකොට ඒවා ලෙඩ්ඩුන්ගේ කෑම වෙලා කොටින්ම මමත් නාමිකව දන්නවා උනාට ඒ කිව්ව දේවල් රූපිකව දන්නේ නෑ...ඒවා පාවිච්චි කරලා කෑම හදන්න දන්නේ නෑ...ඒ කියන්නේ අපිට කෑම සංග්රාමෙකුත් ඕන වෙන පාටයි...!
හැබැයි අමතක කරන්න බෑ..ලංකාව කියන්නේ ආහාර විවදත්ට අතින් ඡෛව විවිදත්වය තරම්ම ඉස්සරහින් හිටිය රටක්...සුද්දෝ මස් මාළු අමුවෙන් කනකොට අපි හොදට ලුණු ඇබුල් ඇතුව කැම කැව කට්ටියක් ඒත් අහේතුවකට වගේ දැන් අපි හැම අතින්ම වගේ කෑම අතිනුත් බෙලහීන වෙලා වගෙයි..දැනටමත් සොස් ටිකයි චිලි පේස්ට් එකයි නැත්නම් කැම ටික හදාගන්න බැරි තත්වෙට අපි පත් වෙලා...මේ තත්වේ තවත් දරුණු වෙයි තව අවුරුදු 10කින් 15කින් ගෙවල් වන අම්මලා වෙන අද කාලේ ගෑණු ලමයි ටිකට උයන්න බැරි හින්දා....ඒ කාලේට මම දානවා take away කැම කඩයක් හික් හික්
ඔව් අපේ රටේ ටී.වී එකේ කැම හදන නැන්දලා මාමලා ටික එකතුවෙලා හොද විප්ලවයක් පටන් ගත්තොතින් හාල්රොල් නෙවෙයි තව තව දේවල් හදලා ලොකේ පුරහම kfc නෙවෙයි rice cafe දාන්න පුළුවන් වෙයි...!
ReplyDeleteබෝංචි අයිය නම් තලප කාලා තියෙනවා වගේ මම දවසක් දැක්කා පබිලිස් අන්කල් හදනවා එච්චර තමයි....
අපේ මිනිස්සුන්ගේ ගෙවිලා තියෙන තැන් ගැන කියන්න ගියොත් එහෙම දැන් ගෙවිලා ගෙවිලා පෙන්න තරම් දෙයක් ඉතුරු වෙලත් නැද්ද කොහෙද ....
හාල්පිටිවලින් ක්ෂණික කෑම හදන්න පර්යේෂණ අපේ රටේ සිදු කළා..ඒවායින් නිෂ්පාදන පවා ආ බව මතකයි. විස්තර ඇතුව මේ මොහොතේ කියන්න බැරිවීම කණගාටුවක් ගෙන දෙනවා.
ReplyDeleteමාසයකට පෙර ත්‍රිකුණාමලයේදී මම හාල්පිටි මාලුපාන් කෑවා. ඒවා මහා පරිමාණයෙන් හදනවා. විශේෂයෙන් ත්‍රි මලේ නාවික හමුදා කඳවුරේ.
හාල්පිටි විස්කෝතු සහ තවත් ක්ෂණික කෑම පවා හදා තිබෙනවා..අවශ්‍ය ඒවා ප්‍රචිලිත කිරීමත් අගය කිරීමත් පමණයි.
සූ .... මේක මගේ බ්ලෝග් එක නොවුනට සු ගේ කතාව දැක්කම මට ඒකට දෙයක් නොකියා ඉන්න බැරි උනා....අනේ වාසනාවන් එහෙම දේවල් තියනවා කියලා දැනගන්න කොටත් හරි සතුටුයි...ලොකු දෙයක්! අඩුම ගානේ අපේ ත්‍රිව්ධ හමුදාවවත් අද කාලේ මේ තියන ලෙඩ වලින් බේරෙයිනේ නැද්ද මං අහන්නේ ?
ReplyDeleteහරේෂ්
ReplyDeleteඑහෙම පොදුද පෞද්ගලිකද කියලා වෙනම කියන්න ඕනි නැහැ. මේ කවුරුත් වගේ කාගෙත් සටහන් කියවනවා..එහෙම නැත්නම් ඒකට කියන්නේ කුහක කම. ඒකත් නෙවෙයිනම් වෙන මොකක් හරි ලෙඩක්..මම දන්නේ නෑ..
කියවලා නොකිව්ව ගානට යනවාට වඩා හොඳයි තමන්ටත් එකතු කරන්න දෙයක් තියේ නම් එකතු කරලාම යන එක...ප්‍රසිද්ධියේ පෞද්ගලික දේවල් ලියන්නේ අනික් අයටත් ඒවා පෙනෙන්නත් එක්කම තමයි..නැත්නම් කාටත් නොපෙනෙන තැනක ලියන්න තිබුණනේ .. නැද්ද මං අහන්නේ ;)
ඉතින් බ්ලොග් අදහස්වලට කවුරුත් විරුද්ධ වෙන්න ඕනි නෑ කියලයි මං නම් හිතන්නේ...ඒවා පළ කරන එක හරි අතුරුදන් කරන එක හරි බ්ලොග් හිමිකරුගේ නිෂේධ අයිතියක්.