Thursday, 8 September 2011
වෙනද වගේම දවසක්
දැණෙන නොදැණෙන
සියල්ල මතින් දැණෙන
සුන්දර ලෝකයක් ගැන සිහිනය
මිය යයි
නැවත උපදියි
කෙදිනකවත්
වචනයෙන් වැනුමට අසමත්
ඒ සොඳුරු සිතිවිල්ල
වල් වදියි
නැවතත් ශිෂ්ඨ වෙයි
කියන්නට වදන් නැති
සිත පිරී ඇති
ඒත් නමක් නැති
හැඟීමක් ගැන
ලියා තබමි
කිසි හැඟීමක් නැති මොහොතක
කිසි හැඟීමක් නැතිවම
අතීතය මිය ගිහින්
හෙට පිළිසිඳවමින්
අද ජීවත් කරමින්
සිත පුරවාලමින්
නුඹට ඇල්මෙන්
අසීමිත සිතුවිල්ලෙන්
2011-09-08
මම දන්නව මේක සිරාම විධිය නෙවෙයි කියල. මේ වෙලාවෙ හැටියට මීට වඩා එකක් හොයාගන්න බැරි වුණා.
Subscribe to:
Post Comments (Atom)
සුභ මෙව්වා එකක් කිව්වා....
ReplyDeleteඕයි මේ සින්දුව මාර ලස්සනයිනේ...
කවියටත් වඩා.....
ඇත්තටම මාර ලස්සනයි කවියත් සින්දුවත්
ReplyDelete. සින්දුවේ වචන ලස්සනයි කියනවාත් ලස්සනයි ඒත් මට ඒක තේරුනේ නෑ නෙව .බර වචන දාලා තිබුනා
ඒත් හොඳ සින්දුවක්
සින්දුව නම් මාරම ලස්සනයි අයියේ.. අදමයි මට මේක අහන්න ලැබුනේ...
ReplyDeleteවත්මන යනු
ReplyDeleteඅතීතයට
අනාගතය ඇද දමන
නිමේෂය හෙයින්...
අතීතය
මියගියාට
කමක් නැහැ
හෙට පිලි සිඳවා සබඳ
සිංදුව ලස්සනයි බං
ReplyDeleteකියන්නෙ නම් කවුද දන්නෙ නෑ. මේ අලුත් වර්ගෙ මියුසික් වලට අකැමැති නිසාම අලුත් සිංදු අහන්නෙම නැති තරම්. ඒක නිසා හොඳ එකක් බිහිවුණත් මග හැරෙනව.
කට්ටියටම ස්තූතියි අදහස් වලට. සින්දුව කියන්නෙ කිත්සිරි ජයසේකර. මේක ඔහුගෙ අමීෂා ඇල්බමයේ තියෙන එකක්. වචන චාමින්ද රත්නසූරියගෙන්. තනුව විශ්ව පරණයාපාගෙන්. මම කැමතිම සින්දු අතරෙ එකක්.
ReplyDelete