Tuesday, 5 May 2009

Official වෙසක් කූඩුයි හමයි නමයි

කොහොමද කට්ටිය වෙසක් කූඩු හදනවද? නැත්තං කඩෙන් අරන් අලවනවද? මොනව වුණත් වෙසක් කියන්නෙ කූඩු ඇලවිල්ලට වඩා දෙයක්නේ. ඒ වුණාට වෙසක් දිනය උත්සවයක් වෙන්නෙ මේ ආමිස පූජා ‍නිසයි. ඒ වගේම වෙසක් කූඩු හැදිල්ලෙනුයි ඇලවිල්ලෙනුයි සතුටක් ලැබෙන්නෙ නැත්තෙමත් නෑ.

මම පුංචි කාලෙ හැම වෙසක් එකටම එක එක විධියෙ කූඩු හැදුව වුණාට පස්සෙ කාලෙ කූඩු හැදිල්ල නතර වුණ. අධ්‍යාපනයට හිත වැටීම සහ එක එක ප්‍රතිපත්ති වලට අනුගත වීම තමයි ඒකට හේතුව. ඒ වුණාට වෙසක් කූඩුවක් හදන එකෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන්.

මේ පාර ගෙදර වෙසක් කූඩු හදන්නෙ නෑ. ඒ වෙනුවෙන් වැය කරන්න වෙලාවක් නැති කම සහ සේරටම වැඩියෙන් කම්මැලිකමත් තමයි හේතුව. බකට් ටිකක් එල්ලල ෂේප් වෙමු කියල අම්මට කියල මම පැත්තකට වෙල හිටිය.

ඒ වුණාට අද කාර්යාලෙදි වෙසක් කූඩු කමිටුව කියල එකක් පත් කරල මාවත් ඒකෙ සාමාජිකයෙක් කලා. අළුතින් කාර්යාලයට ගිය අපේ කණ්ඩායම දැන් හැම එකකටම මාට්ටු කරල පරණ අය කර අරින ගතියක් තියෙනවා. ඒකෙන් අපටත් ගැලවෙන්න බෑ. තාම අළුත් නිසා මුකුත් කියන්නත් බෑ.

ඒ නිසා අද දවසෙම මම තවත් අය එක්ක ලී පටි ගෙනාව. අත් රතු කරගෙන තැන් දෙක තුණක් තුවාල කරගෙන කියත් පටි වලින් ඒව කැපුව. බොහොම අමාරුවෙන් සැකිලි කීපයක් හදල අඩු තරමෙ අපේ සැලැස්ම ප්‍රායෝගික බව දැනගත්ත. ඔය අතරෙ වැඩේ නොකරන උපදෙස් දෙන්නන්ගෙ බර බරෙත් අහගෙන හිටිය. හෙටත් ආයෙ පටන්ගන්න ඕන ඉතිරි ටික.

මෙතන තියෙන වැඩේ මේකයි. සතුටත් එක්ක කලකිරීමත් දැණෙනවා. මොකද අපේ හම යද්දි තව කට්ටියකගෙ නම යන විධියටයි වැඩේ සිද්ධ වෙන්නෙ.

අපි සැනසුණා. කමක් නෑ අපට සතුට ඉතිරි වෙනවනේ අන්තිමේදි.

15 comments:

  1. එහෙම කියන්න එපා මචෝ, සතුටු වෙයං නමුන් වෙසක් කාලේට ලස්සනක් එක් කරන්න දර දිය ඇද්දා කියලා. ලැබෙන අත්දැකිම් බැදිම් කොච්චරක්ද මචං? ඊට පස්සේ කස්ටිය එක්ක පලයං වෙසක් බලන්න, ඊට පස්සේ එක්කෝ මේ පෝසට් එක මකං හරි ප.ලි.: සටහනක් දාන්න බැරියැ.

    ReplyDelete
  2. ඔයා වෙසක් කුඩු හැදුව නිසා සතුටු වෙන්න මලේ....:)
    ඒ පින් බලෙන් ඔයාට වෙසක් කූඩුවක්ම ලැබෙිවා !!

    ReplyDelete
  3. මම නම් කඩෙන්.
    මොකො මන් කූඩු හදන්න දන්නේ නැහැ

    ReplyDelete
  4. @ බි - මටත් තියෙන එකම තෘප්තිය වැඩ කරන ටික දෙනා හරි දැන අඳුනගෙන කාව හරි බයිට් කරල හිනා වෙලා වැඩේ කරන එකයි. දැන් කට්ටියම උපදේශ කාරයන්ගෙන් මාර ආතල් එකක් ගන්නව.

    @ කා - ඔව් ඔව් ඒ පින් බලෙන් ලොකු අටපට්ටමක් හම්බවෙලා තියෙනවා lols!

    @ ම - මමත් දන්න එකක් නෑ. ඒ වුණාට කරන්න ගත්තම එක එක අදහස් එනව. අන්තිමේ සැලසුම් කරපු එක නොවයි හැදෙන්නේ.

    ReplyDelete
  5. හැම තැනම ඉතින් එහෙම නෙව.. කුලිය වශයෙන් වැඩ කිරීමේ තෘප්තියවත් ලැබේවා ! කියල වැඩ ක‍රන්නයි තියෙන්නෙ..

    ReplyDelete
  6. හැබැයි මෙහෙම දෙයක් කරතැහැකි.. බරබර ගාන අයට කියන්න ලොකු කුඩුව ඇතුලට වෙලා ඉටිපන්දම් අල්ලාගෙන ඉන්න කියලා.. පන්දමක් අල්ලන්න තියන නිසා ආසාවෙන් කරයි.. අනික කූඩුවටත් අමුතුම ලස්සනක් තියෙයිනේ... :p

    පී.එස් - අර හම්බවෙලා තියනවා කිව්ව ලොකු අටපට්ටම කොහෙද දන්නේ නැහැ නේද එල්ලන්නේ????

    ReplyDelete
  7. @ ලී - අපෝ එයාල කියයි මේ වගේ පන්දම් අල්ලන එක එයාලගෙ තත්ත්වෙට හොද නෑ කියලා. මොකද එයාල අල්ලන්නෙ ලොකු පන්දම්නේ.

    පී.එස් - ආ ඒක එල්ලන්න කොක්කක් තියෙනවා :P

    ReplyDelete
  8. දැන්නම් පොසොනුත් ඉවරයි උඹ තාම කූඩු හදනවද බ්ලොග් එකට මොකවත් ලියන්නේ නැතුව

    ReplyDelete
  9. ආයෙ මොනවත් ලියන්න කල්පනාවක් නැද්ද?

    ReplyDelete
  10. ආ හරේ...
    බ්ලොග් එකේ හමත් වෙනස් වෙලා..පාටත් වෙනස් වෙලා.
    ආපහු වමනෙ දාන්න වගේ යන්නෙ.
    මල් හතයි ආ... ;)

    ReplyDelete
  11. නෑ නෑ දැන් මේක ටෙස්ටිං... ;)

    ReplyDelete
  12. බොහොම පින්.. කොමෙන්ට් එකට සහ උපදේශයට....

    මම තවම තන කිරි බීල... බොග දාන කෙනෙක්....

    දහස් වර පින් !!! ........

    ReplyDelete
  13. කෝ මේ ළමයා.. බ්ලොග් ලියන්න අදහසක් හෙම නැද්ද?

    ReplyDelete
  14. මට හිතට එන අවිධිමත් සිතුවිලි ලියන්න තරම් විධිමත් කරන්න මට ලෝබයි මට. ඒ නිසා හරියටම දැණෙනකල් කාලයක් ඉන්නවා...

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!