Thursday, 5 March 2009

ප්‍රතිචක්‍රීකරණය

රූපවාහිනී නාලිකා වල දැන් යන ටෙලි නාට්‍ය වල තියෙන්නෙම සමාජයෙ තියෙන කුහකකම්. එෆ් එම් නාලිකා වලත් තියෙන්නෙම ඒ වගේ සමාජයේ මල විකාර පැතිකඩවල් සම්බන්ධ කතා. ප්‍රවෘත්ති ගත්තත් තියෙන්නෙම ඒව තමයි. මිනිස්සු කරන ‍ජඩ වැඩ, කුපාඩිකම්, දූෂණ, වංචා, මිනී මැරුම් තමයි ප්‍රවෘත්ති වලත් තියෙන්නේ. ඊට අමතරව ලණුත් තියෙනව තමයි.

පත්තර ගත්තත් එහෙමයි. පිටු හැටක විතර සති අග පත්තරේක මිනිස්සු කරපු හොඳ වැඩ වලට වෙන් වෙන්නෙ පිටු බාගයයි.

මිනිස්සු හොඳ වැඩ කරන්නෙ නැද්ද?

නැත්නම් මේ සදාචාරවත් සත්‍ය මාධ්‍ය වාර්තාකරණයද?

කොහොම වුණත් ගෙවල්වල මිනිස්සු ආයෙ ආයෙත් මිනිස්සුම කරන කුණු වැඩ දකිනව, අහනව සහ කියවනව. ඒ අස්සෙ පෝය දවසට නිදි කිර කිර බණත් අහනව. පහුවදා ඉඳන් ආයෙත් අර දේවල්ම ඇසුරු කරනව.

මාධ්‍ය වලින් කරන්නෙ සමාජයේ තියෙන දේම ආයෙ ආයෙත් සමාජය තුලම කරකවන එකයි. ඉතිං මොන තරම් ආණ්ඩු මාරු වුණත්, මොන තරම් දේශපාලකයො ආවත්, මොන තරම් බ්ලොග් ලිව්වත් වචන වලින් ඇරගත්තත් ලංකාවට ඉදිරියක් නෑ.

අපි හැමදාම එකම තැන.

3 comments:

  1. පොඩ්ඩක් ඉන්න මේ යුද්දේ අවසන් වෙනකම්.. ඊට පස්සේ මේ රට ධර්මදීපයක් කිරිමට ජනමාධ්‍ය කටයුතු කරනවා..!

    ReplyDelete
  2. මාධ්‍ය වලින් අපිට දෙන්නේ ඒ අයට දෙන්න ඕනේ කියලා හිතෙන දේ විතරයි. ඒ කියන්නේ ඒ අයට ලාභ විඳින්න පුලුවන් ප්‍රවෘත්ති විතරයි.

    හොඳ වැඩක් පෙන්නනවට වැඩිය මිනීමැරුමක්, ස්ත්‍රී දූෂණයක් පෙන්නනකොට මිනිස්සු බලන්න පෙළඹෙනවා නේද? ඉතින් හැමදාම පෙන්නන්නේ ඔය වැරදි පැත්ත විතරයි.

    අපි හිතාගෙන ඉන්නේ මාධ්‍ය වලින් පෙන්නන්නේ සමාජය කියලා. ඒත් මාධ්‍ය වලින් පෙන්නන්නේ සමාජයේ එක් පැත්තක් හෝ සමහර විට විකෘති කරපු පැතිකඩක්. හැම අංශයක්ම පෙන්නන්න මාධ්‍ය කටයුතු කරන්නේ නෑ.

    ඇත්තටම අපි මාධ්‍ය "මෙහෙවරක්" කිව්වාට එතනත් තියෙන්නේ ලාභ බලාපොරොත්තු වන ආයතනයක්.

    ReplyDelete
  3. මාධ්‍ය දෙන්නේ අප නැරඹිය යුතුයැයි ඔවුන් සිතන දේ මිස ඇත්තටම අපට අවශ්‍ය දේ නොවෙයි.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!