Thursday, 5 March 2009
සපත්තු
පහුගිය දවසක මම සපත්තු ජෝඩුවක් ගන්න කඩේට ගිහින් ආවෙ හිස් අතින්. හිතට හරියන එක සපත්තුවක්වත් එතන තිබුණෙ නෑ.
මෙච්චර කාලයක් මම දාපු එක සපත්තුවක්වත් මගේ කකුලේ හැඩයට ගැලපුණේ නෑ. එක්කො ඇඟිලි තියෙන හරිය රවුම්. නැත්තං හතරැස්. දැන් කඩවල් වල තියෙන්නෙ කඩු දාන්න හදපු කොපු වගේ උල් සපත්තු. කාලයක් තිබුණ හිමේ යද්දි දානව වගේ උඩට නැමුණු සපත්තු. ඒ එක්ක අඩිය අඟල් එක හමාරක් විතර උස සපත්තු. වතාවක් තෑග්ගකට හම්බවුණ ඒ වගේ සපත්තු දෙකක් දාපුවම කකුල්වලට නොයෙක් අමාරුකම් දැණෙන්න ගත්ත.
මගේ හිතට හොඳටම හරිගියෙ කැන්වස් සපත්තු විතරයි. ඒක කකුලට පහසුවක් වුණා. ගානත් සැලකිය යුතු තරමක් අඩුයි.
ඒ වුණාට ඒව දාන්න බෑනෙ වැඩට යද්දි. ඒ නිසා මම මගේ කකුල රිදවන සපත්තු දාගෙන උදේ වැඩට යනව. :(
මම දන්නව මම මට සපත්තු දාන්න තියෙන අපහසුව ගැන කතා කලාට සපත්තු ගන්න සල්ලි නැති ලක්ෂ ගානක් ලෝකෙ ඉන්නව. සපත්තු දාන්න කකුල් නැති අයත් ගොඩක් ඉන්නව.
මේක වගේ කිසිම තේරුමක් නැති සටහනකින් එයාලට කිසිම වැඩක් නෑ කියලත් මම දන්නව.
ඒ වුණාට උදේට සපත්තු දාද්දි හැමදාම මට මේ ගැන හිතෙනව.
Subscribe to:
Post Comments (Atom)
අපොයි මම දන්නවා පිරිමි සපත්තු කඩවලට ගියාම නටන නාඩගම..! වතාවක් මං අපේ මල්ලි කෙනෙක් එක්ක ගියා එයාට පාවිච්චියට නිකං සෙරෙප්පු දෙකක් ගන්න.. හපොයි! තියන හැම එකේම මොකාක් හරි වරදක්! අපේ තාත්තා එක්ක ගියත් ඒ සන්තෑසියම තමයි..!පිරිමින්ට බඩුගන්න පිරිමි එක්ක කඩ වලට යන්නේ නෑ කියලා මම නම් තිරණය කරලා ඉවරයි..! හපෝ..!
ReplyDeleteමාත් එහෙම තමා හිතන්නේ අයියේ, එකත් එක්ක විතරක් නෙමේ, ඇඳුම් ආයත්තම් වල වුණත් මේකට අදාලයි නේද?
ReplyDelete@මලී
ReplyDeleteඅනේ මේ... අපිනේ දන්නේ ගෑනූ කස්ටිය ඇඳුම් කඩේකට ගෙනිච්චාම තියෙන බර බරේ... =D
@ecH
ඔයා කියන දේ අපිට හැමතිස්සෙම අදාල වෙනවා නේද?
"මෙච්චර කාලයක් මම දාපු එක සපත්තුවක්වත් මගේ කකුලේ හැඩයට ගැලපුණේ නෑ"
~කොහොම උනත් සපත්තු ගැන බ්ලොග් එකේ ලියල හිතේ බර සැහැල්ලු කරගත්ත එක නම් හොදයි..දැන් ඉතින් හැමදාම උදේට ඕක මතක් වෙන එකක් නෑ~
ReplyDeleteමගේ සපත්තු දෙකත් කැඩෙන්න කිට්ටුයි.. ගන්න යන්න බයයි සපත්තු වල ගාන නිසා.. ගාන අඩු නොගැලපෙන දෙකක් තිබුනත් ඉතින් ගන්න වෙනවා.. :(
ReplyDelete