Friday, 3 October 2008

ආවේග - Fire walls

ආවේගයක් කියන්නෙත් හැඟීමක් මට හිතෙන විධියට... නැත්නම් හැඟීමක් පිට කරන විධියක්... දුක සතුට ආදරය තරහ වේදනාව ඉරිසියාව වගේ විවිධ හැඟීම් ඔස්සේ අපි පත්වෙන එක්තරා තත්ත්වයක් වගේ එකක් තමයි ආවේගය.

මේක හින්ද අපිට අපි කවුද කියල අමතක වෙනව. ආවේගශීලී වුණාම කරන කියන දේ කරන්නෙ හිතල නෙවෙයි. ඒ මොහොතෙ තියෙන හැඟීම අනුව. බොහෝවිට ඒ කරන දේ ගැන පසුව පසුතැවෙන්න වෙන අවස්ථාව වැඩියි. මොකද ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ වගේ සිද්ධ වුණ සිදුවීමක් වෙනස් කරන්නත් බෑ.

ඒ නිසාමයි බොහෝ ආගමික සහ දාර්ශනික ඉගැන්වීම් වල මේ ආවේගය පාලනය කරගත යුතු දෙයක් විධියට කියවෙන්නේ. මොකද අර ඉරිසියාව වගේ මේ ආවේගයත් අපට හොඳට වඩා නරකක් තමයි බොහෝ විට කරන්නේ.

වැඩේ කියන්නේ මේ ලියන මමත් ආවේගශීලීයි. නමුත් ඒක මම පිටකරන්නෙ දැන් නම් කවියකින්. නැත්නම් සින්දුවක් මිමිනීමෙන්. නැත්නම් නින්දෙන්. මේ වෙනකොට නම් ඒ දේවල් බෙදාගන්න පුළුවන් හෘදයාංගම පිරිසක් ඉන්නව මගේ වටේම.

ආවේගය කියන්නෙ කලාකරුවට නම් නිර්මාණාවේශයට හොඳ ප්‍රවිශ්ඨයක්. ආවේගශීලී නිර්මාණ වලදි යම් යම් කොටස් මග හැරෙන්න හෝ අමතක වෙන්න, ඒ නිසාම නිර්මාණය අසාර්ථක වෙන්න ඉඩකඩ වැඩි නිසා ආවේගශීලී නිර්මාණ නැවත නැවත සංස්කරණය කිරීම තමයි මම නම් කරන්නේ. අවසානෙදි බිහිවෙන එකට බොහෝවිට මම කැමති වෙනව.

මොනව වුණත් ආවේගශීලී වීමේදි පරෙස්සම් වෙන එක හොඳයි. පසුව දුක් වෙනවට වඩා තමා ආවේගශීලී වෙන අවස්ථාවන් හඳුනාගන්න උත්සාහ කරලා ඒ වගේ අවස්ථාවලදි හැසිරෙන විධියක් හදාගත්ත නම් හොඳයි. මම ඉරිසියාව කියන එක නම් එහෙම අල්ල ගත්ත... දැන් එයා එද්දි මම දන්නව දොර වහන්න.

හරියට Fire Wall එකක් වගේ.

මේ ස්වයං Fire wall එක දාගන්න තරමට හොඳක් මිස නරකක් වෙන්නෙ නෑ...



5 comments:

  1. Fire Wall හොඳයි තම ඒත් සමහර වෙලාවට ඒක නිසා Connection Slow වෙනව, සමහර අපිට ඕනෙ කරන දෙවල් Access කරන්න බැරුව යන්ව . ආවේගය ,මල පනිනව ( මල පනිනවා යන්න මෙහි භාවිතා කිරිම ගැන අයිති කරුගෙන් සමාව අයදිමි. නුසුදුසු යැයි සිතේ නම් ඉවත් කරන්න ) කියන්නෙ ඒකෙම එක්තරා විදිහක් මන් හිතන විදිහට. එක ඇත්ත මේ වෙලවට කරන්න පුළුවන් ලොකුම දේ තම කට පරිස්සම් කරගන්න එක. මන් නම් තනියම කියාගන්නව මට කියා ගනන් ඕනෙ සේරම ටික

    ReplyDelete
  2. Fire Wall එකක් නිසා Connection Slow උනාට නැති වෙන්නෙ නෑ. ඒත් ආවේගය(තරහ)පිරිසක් ඉදිරියේ පිටකිරීමෙන් යාළු මිත්‍රකම් නැතිවෙලාම යන්න පුළුවන්.තමුන්ගෙ පෞරුෂයටත් හානියක්, අනික කුකුල් කේනිතිකාරයෙක් හැටියට හංවඩු ගැහෙනවා. තරහ ගිය වෙලාවට අර කියනව වගෙ පුරුද්දක් ඇති කරගෙන හිටියොත් හිතවතුන් දන්නව එයාගෙ Mood හරි නෑ කියල. ඉතිං එහෙම වෙලාවට කතාවට එන්නෙ නෑ. ඒක දෙපැත්තටම හොඳයි කියලයි මගෙ හැඟීම.

    ReplyDelete
  3. ඉවසු බලේ දහස් වටී! ඕක තමා මගේ අම්මා මට කියා දීපු හොඳම පාඩම. ඉවසීමෙන් සැනසීම වගේම සැහෙන්න ප්‍රයෝජනත් තියෙනවා.ඔය ඉරිසියාවට නං Fire Wall දෙක තුනක්ම තියෙන එක තමා වටින්නේ. :)
    ප්‍රතිචාරයක් තබන මුල් අවස්ථාව මං හිතන්නේ. ජය :)

    ReplyDelete
  4. ඔය ආවේග පාළනය කරන එක සුළු වැඩක් ඒක කරන එක අමාරු නැහැ..එක පුංචි පොයින්ට් එකයි දැනගන්න ඕනි..."සියල්ල මැදහත් සිතින් ඉවසීම " ඒත් ඉතිං කියන තරම් වැ‍ඩෙත් ලේසී නෑ...හැබැයි පුළුවන් මම නම් ප්‍රගුණ කරනවා...තරමක් දුරට මම සාර්ථකයි ඒත් දමනය කරන්න අමාරු දෙක තුනකුත් තියනවා අප්පා තරහව වගේ ඒවා ටික ටික එකත් අඩුකරගන්න ඕනි..ඒත් ඔය හැමදේම දරාගෙන මේ රටේ ලොකේ ඡිවත් වෙන එක තමයි අමාරු (අපි හොද උනාම අපේ කරේ නගින්නේ අප්පා එන්නේ)

    ReplyDelete
  5. වහල් නොවී අන්ධ නොවී හසුරුවාගන්න හැකි නම් ආවේගයත් හොද ආයුදයක් තමයි අපිව එළි දක්වන්න.
    නමුත් ඉතින් ඒක ඒ තරම් ලේසිත් නැහැ.

    මමත් මේ දවස්වල සෑහෙන දුරට මේ ගැන හිතනව. නමුත් පාලනය හරිම තාවකාලිකයි මගෙ නම්.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!