කාර්ය බහුලත්වයත් එක්ක බ්ලොග් ලියන්න තියා බලන්නවත් වෙලාවක් නෑ. ඒ වුණාට පහතින් මම කියන කතාව අහලා මම හිනාවුණ තරම මතක් වෙලා මම හිතුවා මේක ලියන්න. බලන්න ඔයාලටත් හිනා යයිද කියලා... :D
අපේ යාළුවෙක් වෙන ඇන්ටන් අයිය මේ දවස් වල බඳින්න ගෑණු ළමයෙක් හොයනවා. එයාට ඔය සම්බන්ධව වැඩ කරන කපුකාරියක් හම්බ වෙලා. මේ කපුකාරි ගෑණු ළමයි කීප දෙනෙක් ගැන විස්තර කියන අතරෙ එක ගෑණු ළමයෙක් ගැන හොඳ කියල සෑහෙන්න. ඉතිං ඇන්ටන් අයියත් ඒ ගෑණු ළමය ගැන විස්තර අහලා..
"ඒ ගෑණු ළමය නම් ඔයාට හොඳට ගැලපෙනවා එයාගෙ කොණ්ඩෙ දිගායි.. සුදුම සුදුයි.." වගේ අංගෝපාංග ගැන දිග විස්තරයක් මේ කපු අක්කා කරලා.
ඇන්ටන් අයියටත් කෙල්ලට හිත ගිහින්..
"සුදුයි කියන්නෙ මොන වගේ සුදුද? සුදේ වර්ග තියෙනවනේ ඉතිං..."
"සුදුයි කියන්නෙ මල්ලි ඔයා දන්නවද අර හම පිච්චුණාම යටින් එන හම? අන්න ඒ තරම් සුදුයි"
ඇන්ටන් අයිය කියල අම්මෝ එපා කියලා...
thambapu isso wageda? lol
ReplyDeleteහික් හික්! මාර සුදක් නෙව! :D
ReplyDeleteමේ එයාට කියන්නකෝ මටත් එකක් හොයලා දෙන්න කියලා! :D
sure ekatama fair n lovely ගාන ළමයෙක් වෙන්න ඇති
ReplyDeleteහික් මීයේක් වත් කෑවද දන්නේ නැහැ ඒ දැරීවිට.
ReplyDeleteAparade appa epa kiwwe.... :(
ReplyDelete