ලංකාවෙ මම කියවල තියෙන ලේඛකයන් අතරින් ජයතිලක කම්මැල්ලවීර කියන්නෙ වෙහෙසකාරී නැතිව කියවන්න පුලුවන් විදියට රහට ලියන්න පුළුවන් ලේඛකයෙක්.
ඔහුගේ නිර්මාණ බහුතරයක් රස විඳල නැතත් කියවා තියෙන නිර්මාණ කීපය අස්සෙ සරලව ලියපු ලොකු කතා තිබුණා. ඔහු අත්දැකීම් අස්සෙන් කතා පූදවන්නෙක්. විශ්වාසයෙන් චරිත ගොඩනංවන්නෙක්. එවන් චරිත බොහොමයක් ඔහු වෙනම කෘතිවල එළිදක්වල තියෙනවා. සුළු තනිතිත කියන පොත ඒ චරිත අතර හිස්තැන් පිරවීමක්. හරියට විවිධ පොත්වල ඔහු ලියූ චරිත කීපයක් එක පොතකට ගෙනත් තමන්ගේ චරිතය ඒ අනිත් චරිත අතර සම්බන්ධය ගොඩනගන්නා බවට පත් කළා වගේ වැඩක් ඒක. ඔහුට ඒ තරම්ම ලියන්න පුළුවන්.
කම්මැල්ලවීරගේ කතා වලට මම කැමති ඒවා අනවශ්‍ය දීර්ඝ කම්මැලි විස්තර වලින් තොර, අදාළ කාරණය ගැන පමණක් සැකෙවින් කතා කරන නිර්මාණ වීම නිසයි. හැබැයි චරිතාපදානයක් වැනි ආකාරයට ලිය වී ඇති මෙම නිර්මාණයට එම ශෛලිය ගැළපෙන්නෙ නැද්ද කියලත් මට හිතෙනවා. අවශ්‍යම සිදුවීම් එක්ක කතාව විස්තර කරගෙන යනවා වෙනුවට බොහොම සියුම් තැන් තව තවත් විස්තර වුණා නම් හොඳ බවක් දැනුණා. ඒත් ඒක මට විතරක් අදාළ ඒකක්. කියවා තියෙන බොහොම චරිතාපදාන පොත් ටිකක් මහත වීම නිසා සුළු තනිතිත සිහින් පොතක් වීම ගැන මගේ අදහස වෙන්න පුළුවන් ඒ. නමුත් අනිත් අතට කම්මැල්ලවීරගේ අනන්‍යතාවය තියෙන්නෙත් ඒ සුළු ලිවීමෙම තමයි.
දෙදහස් මුල් ගණන්වලදී වරක් විභවි ආයතනයෙන් සංවිධානය කල සාහිත්‍ය තරගයක ප්‍රතිපලයක් විදියට මට අපේගම පරිශ්‍රයේ තිබුණු එක් දින වැඩමුළුවකට සහභාගි වෙන්න ලැබුණා. ඒ වැඩේ මෙහෙයවුනේ කම්මැල්ලවීර සහ කීර්ති වැලිසරගේ අතින්. මම කම්මැල්ලවීරයන්ව දැන හැඳින ගත්තේ එදා. ඔහු ලේඛනය ගැන කතාකරනව ඇහුවෙ එදා. ඊට කලින් ඔහුගේ නිර්මාණ මම කියවල තිබුණා. නමුත් මට ඒවා ගැන අදහසක් තිබුණෙ නැහැ.
ඒ වැඩමුළුවට පස්සෙ කම්මැල්ලවීර මට යෝධයෙක් වෙනවා. තාම එහෙමයි කිව්වත් හරි. හැබැයි සුළු තනිතිත පොතෙන් ඔහු තමන්ගෙ අඟුටුමිටි බව ගැන ලියල තියෙන බව මට පේනවා.
ඔහු ලොකු චිත්රයක පොඩි තිතක්. චිත්‍රය තවමත් අසම්පූර්ණයි කියලයි මට හිතෙන්නෙ.
පොත ඉතාම රසවත්. ඔහුගේ ජීවිතයේ රිද්මයන් එක්ක යාවෙන්න ඔබටත් අවස්ථාවක් ලැබෙයි.
No comments:
Post a Comment
මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!