Friday, 3 May 2013
ඔබේ නිවසට සිරිකත කැන්දන ගෙලුගන් ගල්
ඇය හිතුවෙ ඈ ඉන්නෙ තනියෙන් කියලා. ගෙවුණු දිනයේ හෙම්බත්කමින් මිරිකිලයි ඈ හිටියෙ. ඒ නිසාම ඈ සළු පිලි උනා දැම්මෙ නිදහසේ පැය කීපයක් වැතිරෙන්න... ඒත් ඇයට ඈ හිතපු නිදහස ලබන්න වුනේ නෑ... කවුළු තිර අතරින් අඳුරු පසුබිමේ ඈ දුටුවෙ දිලිසෙන ඇස් දෙකක්...
ලෝක රූප රාජිණියගේ අභිරහස් මරණය...
දැනගන්න නම් අද හවස 7ට මයිල් කෙලින් වෙන රාත්‍රිය සමග රැඳෙන්න...
චා... එෆ් එම්!
හොඳයි... අදත් හැම සතියෙම වගේ සතියේ කතා බහ විශේෂාංගය තුලින් අපි එකතු වෙන්නෙ ඔබ හොඳින් හඳුණන හිතවතෙක් එක්ක කතා කරන්න. රූපවාහිනියෙත්, ගුවන් විදුලියෙත්, මුද්‍රිත මාධ්‍යවලත් මෙතුමා ගොඩක් ජනප්‍රියයි. විශේෂයෙන්ම කොරියාවේ රන්පතකින් හෙලිවුණ ගෙලුගන් ගල් අපට හඳුන්වාදීමේ ගෞරවය හිමිවෙන්නෙ ඔහුටයි. ඔහු තමයි ලෝක පූජිත දේශමාමී දේශ ශක්ති දේශබන්ධු ආචාර්ය සම්පත් ඉසරුවර්ධන මහතා. ඔබත් යස ඉසුරින් පිරුණු ජීවිතයක් ගෙවනව නම් ඒ මෙතුමා හඳුන්වා දුන් ගෙලුගන් ගල්වල ආනුභාවයෙන් කියන එක අපට හොඳටම විශ්වාසයි. ඔබට දුරකථනයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් ඔබ හොඳින් දන්න අපේ දුරකථන අංකය ඔස්සේ. ඔබට තියෙන ගැටළුව කතා කරන්න අපි මේක අවස්ථාවක් කරගන්නව. අපි එහෙනම් කතාබහ පටන් ගමු. සුභ උදෑසනක් ඔබට ඉසුරුවර්ධන මහත්තයා.
සුභ උදෑසනක්...
මුලින්ම අපට කියන්න ඔබේ රසිකයින්ට දැනගන්න ඔබ මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල සෑහෙන්න කාර්ය බහුලයි. මම අළුතෙන් බැටික්ලෝවල අවුට්ලට් එකක් ඕපන් කලා පෙරේදා. කැන්ඩිවල 3 වෙනි ෂොප් එක කිංස්ට්රීට් එකේ ලබන සතියෙ ඕපන් කරනවා. ඒකටත් මහන්සි වෙනවා. ඊට අමතරව මගේ ප්‍රින්ටින් ෂොප් එකත් වැඩ කෙරීගෙන යනවා. හැමදාම උදේට මර්ණවාහිනියෙ සතියේ ගෙලුගන් ඵලාපල කියන වැඩෙත් කරනවා. අද හවස ගොරටීවී චැනල් එකේ බියුටි කන්ටෙස්ට් එකේ ජජ් බෝඩ් එකට යන්නත් ඕන. ඒ වගේ ඉවෙන්ට්ස් කීපයක්ම ඉස්සරහට තියෙනවා. මගේ මස්සිනා ලියපු ‘හිතපු තරම් ගඳ නෑ‘ පොතෙන් ෆිල්ම් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මේ දවස්වල ඒකට ඩිරෙක්ටර් කෙනෙක් හොයනවා. ඒව තමයි මේ දවස්වල කරන්නේ. ඊට අමතරව ඉංග්ලිෂ් ක්ලාස් එකකට යනවා.
හොඳයි අපට කියන්න ගෙලුගන් ගල් කියන්නෙ මොනවද?
ඔව් බොහොම හොඳ ප්‍රශ්ණයක්. සරලවම කිව්වොත් ගෙලුගන් ගල් කියන්නෙ ඕන කෙනෙක්ගෙ නිවසට සිරිකත කැන්දන ගල් විශේෂයක්. මේව ගෙදර තියාගත්තම නිවසේ ශ්‍රියා කාන්තාව නිතර වැඩ ඉන්නවා.
ඔබ කොහොමද මේක හොයාගත්තේ?
මේක මම හොයාගත්ත දෙයක් නෙවෙයි.කොරියාවෙන් හම්බුණ රන්පත් කීපයක තමයි මේ ගැන සම්පූර්ණ විස්තර තිබිල තියෙන්නේ. ඒක අවුරුදු දහස් ගාණක් වැලලිලා තිබුණ ශාස්ත්‍රයක්.
ඔබට ඒ රන්පත් හම්බ වුණාද?
ඔව් ඔව්. මම කාලයක් කොරියාවෙ වැඩ කලා දැන් අවුරුදු කීපෙකට කලින්. ඒ කාලෙ මුණ ගැහුණ කොරියන් මනුස්සයෙක් තමයි ඒ ගැන මට කිව්වෙ. එයා ගාව තමයි ඒ රන්පත් තිබුණෙ. ඒ වුණාට කොරියාවෙත් ඒක ගැන දැනගෙන හිටියෙ නෑ කවුරුත්. මමත් ඒ දවස්වල ඒක ඒ තරං ගණන් ගත්තෙ නෑ. ලංකාවට ඇවිත් රස්සාවක් නැතිව එහෙ මෙහෙ ඇවිදිද්දි තමයි මට හිතුණෙ ගෙලුගන් ගල් වැඩේට බහින්න ඕන කියලා.
ඔබට කොහොමද ඒ පෙළඹවීම ආවෙ?
ඔය කන්න බොන්න නැති වුණාම මං මළ ගෙවල්වලට රිංගලා කෑම කාපු වෙලාවල් තිබුණා. ඒවයෙදි කවුරුවත් හොයන්නෙ නෑනෙ. ඔහොම ගිය වෙලේක දවසක් පාංශුකූලෙ දෙනකොට හාමුදුරුවො බණට කිව්වා චුල්ලසෙට්ඨි ජාතකය. අර මනුස්සයෙක් මීයෙක් විකුණලා දියුණු වෙන්නේ... අන්න ඒ කතාව. ඒක මට හොඳට වැදුණා. මම ඒ අනුව හිතුවා. කන්න බොන්න නැති වුණාම නිර්මාණශීලී අදහස් එන්නෙ නෑ කිව්වට මට ආපු අදහස හරියම හරි ගියා. අනික මේක ජනතා සේවයක් නිසා දෙවියන්ගෙ ආශිර්වාදය මට හැමදාම තිබුණා.
ඊට පස්සෙ මම කැළණි ගඟේ බැහැලා බෝල ගල් ගොඩක් එකතු කරගත්තා. අර කොරියන් යාළුවට කියල එයා ගාව තිබුණ රන්පත් ෆැක්ස් කරවගත්තා. ඒ මන්ත්‍ර 432 වතාවක් ජප කරලයි අර ගල් ගෙලුගන් ගල් බවට පත් කරගත්තේ. ඊට පස්සෙ මම පාරෙ අයිනෙ, බස් හෝල්ට්වල, බස් ඇතුලෙ බිස්නස් පටන්ගත්තා. ජනතාව මේ ගැන දැනගත්තා. දැන් අපේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රියා මන්දිරයේ ඔරිජිනල් රන්පත් තැන්පත් කරල තියෙනවා.
ඔබේ අනුගාමිකයින් ගෙලුගන් ගල් ගැන හොඳ අවබෝධයක් තියෙන අය. ඒත් අද මේ වැඩසටහන අහන අළුත් අසන්නන්ට දැනගන්න අපි කියමු ගෙලුගන් ගල්වලින් කෙරෙන දේවල් ගැන.
මේක ඇත්තටම දියුණු ශාස්ත්‍රයක්. අපට ලැබුණ රන්පත් අනුව මේක අවුරුදු 10000කට විතර කලිනුත් මිනිස්සු පාවිච්චි කරල තියෙනවා. මේක ටිකක් සංකීර්ණ ශාස්ත්‍රයක්. ඒ නිසාම මේක හරියට නොදැන කළොත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියල විශ්වාස කරන්න අමාරුයි. ඒ නිසාම සෑම ගෙලුගන් ගල් 5ක් එක්කම අපි සරළ උපදෙස් පත්‍රිකාවක් ලබා දෙනවා.ඊට අමතරව අපේ ගෙලුගන් සාප්පුවලින් ඔබට විස්තරාත්මක උපදෙස් තියෙන පොත් මිලට ගන්න පුළුවන්. ඒ වගේම ගෙලුගන් විසිතුරු ගස්, ගෙලුගන් පින්තූර, ගෙලුගන් සබන්කැට, ගෙලුගන් හඳුන් කූරු, ගෙලුගන් සුවඳ පැන්, ගෙලුගන් ඩිෂ්වොෂ්, ගෙලුගන් ටොයිලට් පේපර් වගේ ඔබේ නිවසේ ප්‍රසන්න බව ඇති කරන වටිනා දේවල් ඔබට මිලට ගන්න පුළුවන්.
ගෙලුගන් ගල්වලට අමතරව ඔය මම කියපු අනිත් දේවල් ඇත්තටම උවමනා වෙන්නෙ ගෙලුගන් ගල්වල බලය වැඩි කරන්නයි. ඒ හැම නිෂ්පාදනයක් ගැනම සරල උපදෙස් අඩංගු පොත් ඔබට මිලට ගන්න පුළුවන්. ඔබට වඩාත් විස්තරාත්මක තොරතුරු අවශ්‍යනම් විස්තරාත්මක පොත් පෙලක් අපි පසුගිය සාහිත්‍ය මාසෙදි නිකුත් කලා. ඒව ටිකක් මිලෙන් වැඩියි. හැබැයි වර්ණ පින්තූර සහ උපදෙස් පාඨ ඇතුලත්. ඔබට ලේසියෙන් අමතක නොවෙන්න අපි ජනප්‍රිය ගීත වල තාලයට ගෙලුගන් පාඨ සකස් කරල තියෙනවා ඒ පොත්වල. වියදම් කරන මුදල ඔබට කවදාවත් පාඩුවක් නොවෙන බවට ඒ පොත් ගැන මම සහතික වෙනවා.
ගෙලුගන් ගලකින් ඇත්තටම කරන්නෙ ඔබේ නිවසේ ශ්‍රියා කාන්තාවට රැඳෙන්න පහසු සුවදායී පරිසරයක් ඇති කිරීමයි. මේ ශ්‍රියා කාන්තාව කියන්නෙ ඇත්තටම දෙවි කෙනෙක්. කොරියාවෙදි ඇයව ගොඩක් ඉහලින් පූජාවට ලක්වෙන දෙවඟනක්. ඇය හැමෝගෙම නිවසේ රැඳෙන්න හැකියාව ඇති කෙනෙක්. නමුත් ඇයව දිගින් දිගට රඳවා තබාගැනීමේ හැකියාව හැමෝටම නැහැ. ගෙලුගන් ගල්වලින් ඔබට ඒ පහසුකම සපයනවා.
ඒ කියන්නෙ ගෙලුගන් ගලක් ගෙදර තියාගන්න එක ඒකට ප්‍රමාණවත්ද?
නෑ නෑ.. එහෙම බෑ. අඩු තරම එක කාමරේකට ගලක් හෝ දෙකක් විධියට තියන්න අවශ්‍යයයි. ගල් දෙකක් හෝ තුනක් හෝ උපරිම 5ක් පමණ වෙනකල් තැබුවට කමක් නෑ. ඒව නිකංම තියලත් හරි යන්නෙ නෑ. ඒකට ලඝු ගණක ආශ්රයෙන් හදපු වගුවක් තියෙනවා. ඒ කෝණවලට අනුව ගල් තියන්න ඕන. ඒ ගැන විස්තරාත්මක උපදෙස් තියෙන පොතකුත් අපි දැන් නිකුත් කරල තියෙනවා. ඒකත් එක්ක නොමිලේ ලබන ජූනි 30 දක්වා අපි ගෙලුගන් මානයක් ලබා දෙනවා. මේක වාත්තු කරපු තඹ වලින් හදපු කෝණ මාණයක්. නමුත් ගෙලුගන් කෝණ ගණනය කරගන්න බොහොම පහසුයි මේකෙන්. පොතත් එක්ක ඒක නොමිලේ හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔබට මේක වෙනම ම මිලදී ගන්නත් පුළුවන් ජූනි 30ට පස්සේ...
පොඩ්ඩක් ඉන්න අපට දුරකථන ඇමතුමක් එනවා... කතා කරන්න කවුද මේ...?
හලෝ...
ඔව් ඔබව ඇහෙනව කතා කරන්න...
හලෝ...
ඇහෙනව ඇහෙනව කතා කරන්න...
ආ මහත්තයෝ මං මේ මුතූ කතා කරන්නෙ මහරගමින්...
ඔව් මුතූ මහත්තය ඔබේ ගැටළුව ඉදිරිපත් කරන්න...
ආ... මහත්තයො මේකයි... අපේ ගෙදර හරි හතරැස්. ළඟදි හැදුවෙ. ප්‍රශ්ණෙ කියන්නෙ ගෙදර බ්‍රහ්ම පාදය පෑගෙනවනේ. ඒක කමක් නෑ තියල තමා බාස් උන්නැහේ කිව්වෙ. ඒ වුණාට ගිය සතියෙ උදේ චොර ටීවී එකේ අළකොළ හෙවණට ඇවිත් ඔබතුමා කිව්වනෙ ඒක හොඳ නෑ කියලා.. මට ඒකට මුකුත් කරන්න පුළුවන්ද කියල දැනගන්නයි ඕන.
ඔව් මේක ගොඩ දෙනෙක් වැඩිය ගණන් ගන්නෙ නෑ. ගෙදරක බ්‍රහ්ම පාදය කියන්නෙ ගෙදර කේන්ද්‍රය. ගෙදර ප්‍රධානම තැන. අපි ගෙදර තලීය වස්තුවක් කියල සැලකුවොත් බ්‍රහ්ම පාදය තමයි ගෙදර බර දරණ තැන. ඒක පෑගෙනව කියන්නෙ කොහෙත්ම හොඳ දෙයක් නෙවෙයි. ඒකට බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. උදාහරණෙකට ඔබට පුළුවන් ඔය හිටවල තියන්න පුළුවන් රුක් කලාවක් වගේ එකක් බ්‍රහ්ම පාදය ගාව තියන්න. එහෙම නැත්තං ඒ විධියෙ මොකක් හරි කලාත්මක, ප්‍රසන්න දෙයක් එතන තියන්න පුළුවන්. ඔබ මහරගම නිසා අපේ ප්‍රධාන ගෙලුගන් මන්දිරයට අදම ගියොත් ඔබට කැමති විධියෙ විසිතුරු භාණ්ඩයක් මිලට අරන් එතන තියන්න පුළුවන්.
හොඳයි... පිළිතුර ප්‍රමාණවත් ඇති. ඔබ කියමින් හිටියෙ නිවසේ ගෙලුගන් ගල් තබන විධිය ගැන...
ඔව්... ගෙලුගන් ගලක් නිකංම නිකං මේසයක් උඩ තියල හරි යන්නෙත් නෑ. ඔබට වෙනම ම ටීපෝවක් ගෙදර නැතිනම් ඒකට වෙනම ගෙලුගන් ටීපෝවක් අවශ්‍ය නම් මිලට ගන්න පුළුවන්. ඒ උඩ විශේෂ සේලයක් අතුරල ඒ මත විශේෂ ගෙලුගන් මැටි පීරිසියක් තියල ඒක තුල තමයි ගල් තියන්න ඕන. මේ ගැන වැඩි විස්තර ඔබව අපේ දිවයින පුරා පැතිරුණ ශාඛා ජාලයෙන් දැනගන්න පුළුවන්. ඒ සේල සහ පීරිසිත් මිලට ගන්න පුළුවන්. දැන් හැම ප්‍රධාන දිස්ත්‍රික්කයකම අපේ ගෙලුගන් මන්දිර තියෙනවා. ඊට අමතරව සාප්පු 47ක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. මේ ඕනම තැනකින් ඔබට ගෙලුගන් නිෂ්පාදන මිලට ගන්න පුළුවන්.
එතකොට මගේ ගෙදර කාමර තුනකට මම ගෙලුගන් ගල් පහළොවක් එක්ක ඔබේ වෙනත් උපකරණත් අරගෙන තැන්පත් කලාම ඒක ප්‍රමාණවත්ද?
මෙහෙමයි. අපි මිනිස්සු විධියට අපිරිසිදු සත්ත්ව කොටසක්. ඒ නිසා ගෙලුගන් ගලක ක්‍රියාකාරිත්වය අවුරුද්දකට පොඩ්ඩක් වැඩි කාලයක් විතරයි පවතින්නේ. මොකද අපේ ශ්වාසයෙන්, වෙනත් අපද්‍රව්‍යවලින් ගෙලුගන් ගල්වල ශක්තිය හීන වෙනවා. ඒ නිසා අපි නිර්දේශ කරන්නෙ සෑම මාස 14කටම සැරයක් ගල් මාරු කරන්න කියලයි. මොකද ඒක නිසා ඔබට ආයෙමත් අළුත් ජවයක් එනවා. ඔබේ ජීවිතේට ජවය උවමනායි. සාර්ථකත්වයේ එක රසහක් තමයි ජවය. මෝල්ට් තේ එකකින් ඒක ලබන්න බෑ.
හොඳයි ඔබ ආයෙත් ප්‍රශ්ණයක් අහන්න උවමනා නොවෙන්න සේරම දේවල් කියල දැම්මා. දැන් අපේ කාල වේලවත් අවසාන වෙන්න ළඟ නිසා අවසානෙට කියන්න ඔබට දෙයක් තියෙනවද?
ඔව්. මුලින්ම කියන්න ඕන ඇතැම් අය හිතනවා මේක බොරුවක් කියල. මම ඒ අයට අභියෝග කරනව එයාල දන්න දෙයක් නෑ කියල. මේක බොරු නම් රටේ ලක්ෂ ගාණක් ජනතාව මේක විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා තමන් දන්න දෙයක් කතා කරන්න කියල මම ඒ අයගෙන් ඉල්ලා සිටිනව.
මේක දැන් ලෝකෙ පුරා ව්‍යාප්ත වෙනව. ඇමරිකාවෙ මේක ගෙලුගන්වාදය කියල හඳුන්වන චින්තකයො ඉන්නව. මේ ගැන විශ්ව විද්‍යාලවල උගන්වන්න පාඨමාලා සකස් වෙනව. අපේ රටේ ජනාධිපතිතුමා, එතුමගෙ නෑයො, ලොකු ඇමතිවරු, දේශපාලන නායකයෝ, කලාකරුවො, ක්‍රිකට් ක්‍රීඩකයො, විශ්ව විද්‍යාල ආචාර්යවරු මේ ගෙලුගන් ගල් නිසා සාර්ථක වෙලා තියෙනව. මේ ළඟදි ගොඩක් ජනප්‍රිය වුණ ‘ඔබ ලස්සන හොටු පෙරෙනකොටයි’ සින්දුව කියන තරුණ ගායිකාව මගේ කිට්ටු රසිකාවියක්. එතකොට ඔය ගැන්නම් ස්ටයිල් සින්දුව කියන ප්සයි කියන්නෙ උග්‍ර ගෙලුගන් අනුගාමිකයෙක්...
මගේ රසික ජනතාවට සහ පාරිභෝගිකයන්ට මම බොහොම ආදරෙන් ස්තූති කරනව. ඔබ තමයි අපේ ශක්තිය. ඒ ශක්තිය තමයි නැවත ඔබට වාසනාවක් වෙන්නේ. දිගින් දිගටම අපේ ගෙලුගන් නිෂ්පාදනවලින් ඔබේ ගෙදර ශ්රියාමත් නිවසක් කරගන්න. ඔබට අවශ්‍ය ඕනම වෙලාවක ඔබේ ජීවිතේට සහනයක් වෙන්න අපි සූදානම්. බොහොම ස්තූතියි.
හොඳයි. ඔබටත් බොහොම ස්තූතියි අද මේ වගේ කාර්ය බහුල දවසක හරි ඇවිත් අපිව ගෙලුගන් ගල් ගැන දැනුවත් කලාට. අද අපි කතා කලේ මේ වෙනකොට ලෝකෙ පුරා මිනිස් ජීවිත සාර්ථක කරන ගෙලුගන් ගල් ගැනයි. ඒ ගැන කතාකරන්න අපිත් එක්ක එකතු වුණ ලෝක පූජිත දේශමාමී දේශ ශක්ති දේශබන්ධු ආචාර්ය සම්පත් ඉසරුවර්ධන මහතා වෙත අපේ ගෞරවනීය ආදරය පුද කරනවා. බොහොම ස්තූතියි
මේ විරාමයෙන් පස්සෙ හරේගේ අප්සෙට් ගී සමග රැඳී ඉන්න ආරාධනා කරමින් මම ඔබෙන් සමුගන්නවා.ස්තූතියි!
මේ සති අන්ත ජාතික ගුවන් විදුලියක විකාශය වීමට නියමිත නැති සම්මුඛ සාකච්ඡාවකි.
Subscribe to:
Post Comments (Atom)
හනේ අම්බෝ.
ReplyDeleteදැන් ඔයාටත් බෙරිල්ලක් නැති වෙයි ටීවී ප්‍රෝග්‍රෑම් වලට ඇවිත් කතා කරන්න කියල :D
ඇයි දෙයියනේ මෙච්චර දැනුමක් හිත ඇතුලේ තියාගෙන ඉන්න එක ජාතික අපාරාධයක් නෙවේ ද..?? 3:)
ඇයි යකෝ මේක පෝස්ට් කලේ? මෙව්වා විහිළු නෙමෙයි. ඔන්න බලපං ලබන සතියෙ එකෙක් ගෙලූගන් ආධ්‍යාත්මික උපදේශක කියාගෙන ඇවිත් බිස්නස් පටන් නොගත්තොත්.............
ReplyDeleteසා සා සා... ඔය දීලා තියෙන්නේ ගෙලුගන් ගැන අපූරු සටහනක්.. මෙච්චර කල් මමත් ඔවුවා විස්වාස කොරෙ නැහැ.. ඒත් ඉතිං මෙච්චර වාසි තියෙනව නම් මාත් ගෙලුගන් ගල් ට්‍රැක්ටරයක් විතර අපේ වත්තටත් බා ගන්න ඕන.. මෙහේ තියෙන ගෙලුගන් සාප්පුවට ඕඩරේ දුන්නම හරි ඇති නේ ද..
ReplyDeleteබෝම ස්තූතියි හරේ මාත්තියා මේ පිළිබඳව මාව දැනුවත් කලාට....!!
නියමයි හරේ.
ReplyDeletewonderfullll :)
ReplyDelete‘ඔබ ලස්සන හොටු පෙරෙනකොටයි' මේ ගීයේ mp3 ගොනුවක් සොයාගන්න හැකිද?
ReplyDeleteකියෙව්වට වමනෙ දැම්මට කට්ටියටම ස්තූති වේවා. :-) වැඩේ නැගල ගියොත් පළවෙනියෙන් ප්‍රමෝට් කලාට මටත් ගාණක් ඉල්ලගන්න පුළුවන් වෙයි.
ReplyDelete:D
ReplyDeleteමේ මෙව්වා විහිළුවට ගන්ට එපා හරිය?...වස් වදිනව අනිවාර්යයෙං...මම මේ ඔහෙට කියන්නෙ කවුරු උනත් අමාරුවෙ වැටෙනවට කැමති නැති හින්දයි තේරුණාද? පොඩි උදාහරණ දෙකක් කියන්නං...
ReplyDeleteඅපෙ හාමිනේ ගෙනාව ඔය සුවිශේෂී බලයක් තියෙන ගල් එල්ලපු ( සෝක් නමක් තියනව ඒ ගල් වලට , මට මතක නැහැනෙ, මතක් උනොත් එයයිගෙම්ම අහල ආයෙ කියන්නං ) ගහක්. ඕක සතර දිශාව මැනල බලල ගෙදර සාලෙ මැදම තිබ්බ ටීපෝවක් උඩ. මම මහ රෑ කරුවලේ සුළුදිය බාන්ට කියල ටොයිලට් යද්දි ( හවස දෙකක් දාගත්තු එකේ ආතල් එකත් ඒ වෙනකොටත් බැහැලම තිබ්බෙත් නෑ, ඇත්තම කිව්වොත් ) අප්පට සිරි අරකෙ හැප්පිල පත බෑවුනෙ නැතැයි හතර ගාතෙ දාල අර මොකාද පොලවෙ ගැහුව වගෙ. මගෙ කාලෙක ඉඳං තිබ්බ කොංදෙ අමාරුවක්..කිව්වට විස්වාස කරපල්ල ඒ අමාරුව කොහෙං ගියාද නෑ ඒ වෙලාවෙ ඉඳල. ඉතිං ඒ ඔය ගල් වල බලෙං නෙවෙයි කියලද කියන්නෙ?..එදා ඉඳල මමත් ඔය ගල් වර්ගයෙ ප්‍රබල අනුගාමිකයෙක්. අම්මප...
මේ අපෙ ලොකු අම්මයෙ පුතාට වෙච්චි දෙයක්. ඒ අයිය ඔය කොහෙද දුර පලාතක වැඩ කරන්නෙ. ඔන්න පඩි ගත්තම සල්ලි එව්ව ගෙදෙට්ට. ඊලඟ වීක් එන්ඩ් එකේ ගෙදර එද්දි සත පහක් නෑ ගෙදර වියදමට. උන්දැගෙ හාමිනේ ඔය සුවිසේසී ගල් එල්ලපු ගහක් අරගෙන ඒ සල්ලි ඔක්කොම දීල. අයියට මල පැනපු පාර ගහ අල්ල විසික්ක කලා වත්ත පහලට.හප්පා, ඊට පස්සෙ නෙව වැඩේ . අක්ක මරහඬ තියල අඬා හැපිල කොල්ලො දෙන්නත් ලෑස්ති කරගෙන යන්ට හැදුව එයාලගෙ මහ ගෙදර ආය ආපහු එන්නෙම නෑ කියල.මේ කෙහෙල්මල් ගහක් හින්ද ආය මොකටෙයි දීගෙ කඩා ගන්නෙ කියල අයිය ගියා අර ගහ විසි කරපු තැනිං ආයම අරගෙන එන්ට. අප්පට සිරි. ගහ වැටිල තිබ්බ තැන පඳුරක් යට තිබිල හම්බ උනේ නැද්ද උන්දලගෙ පරම්පරාවෙං උරුම වෙච්චි පෞරාණික රිදී හුණු කිල්ලෝටයක්. ඕක අවුරුදු ගානක් මිසිං වෙල හැමතැනම හොය හොය හිටියෙ කට්ටිය. එදා ඉඳල ඒ අයියත් ඔය ගල් වල යාවජීව ශ්‍රාවකයෙක්.
කරනවා නම් නියම වැඩේ. හොඳ ගාණක් හොයාගන්නත් පුලුවන්. දවසක මම මේ බිස්නස් එක පටන් ගත්තොත් විකුණන හැම ගලකින්ම 10% ක් කොමිස් ඔබතුමාට දෙනවා :D
ReplyDeleteWEDAGATH SATAHANAK. MEWATA WAMANE YANNE NEHE. WAMANE YANNE PUKA,JEE,CHOO, PADA JOKKU GENA DAKINA WITA.
ReplyDeleteකනේ පාරක්ද මංදා..!!
ReplyDeleteආයෙමත් තැංකිව් වේවා... රවි අයියා කියන්නැහේ එව්ව ගැන එව්ව මෙව්ව කියල මටත් මෙව්ව එකක් වදීද දන්නෙ නෑ...
ReplyDeleteඔන කෙනෙක් වැඩේ පටංගත්තොත් මම උඩිංම සපෝට්. ලංකාවම ගොනාට අඳින්න දක්ෂ එකේ පොඩ්ඩක් ඇන්දුවම මොකද ;-)