Saturday, 9 March 2013
ගිලිහුන ස්වර - නදීක ගුරුගේ, ජගත් වික්‍රමසිංහ, අජිත් කුමාරසිරි
මේ කෙටි සටහන ලියවෙන්නෙ ගිලිහුන ස්වර වාර්තා වැඩසටහන බෙදාගන්න විතරමයි.
සංගීතය කියන නිමක් නැති අවකාශයේ තැන් තුනක ඉන්න තුන් දෙනෙක් ඒ ගැන කතා කරන දේවල් දැනගන්න!
නදීක ගුරුගේ, ජගත් වික්‍රමසිංහ සහ අජිත් කුමාරසිරි මේ කතා කරන්නෙ සංගීතය ඔවුන්ට දැණෙන විධියට.
අධ්යක්ෂ සංජීව අනුර සෙනෙවිරත්න කියන විධියට මේ වාර්තා වැඩසටහන මාධ්‍ය වලින් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ නිසා ඔන්ලයින් මාධ්‍යය හැර මේක බලන්න වෙන විධියක් නැති වෙයි ;-)
Subscribe to:
Post Comments (Atom)
මේ පෝස්ට් එක කලින් දැක්කත් අද තමයි වෙලාවක් හම්බවුනේ මේක බලන්ඩ. ස්තූතියි මචන් මේක බෙදාගත්තට.
ReplyDeleteසංගීතය ගැන මේ වගේ කතාබහක් බෙදාගන්නවට වඩා ප්‍රධාන මාධ්‍යවලට වෙන වැඩ තියනවනෙ.
මැක්සා මචන්...!
ස්තූතිය චමිල. අඩුගානෙ ඔන්ලයින් බලන්නවත් මෙහෙම දෙයක් හැදෙන එකම ලොකු දෙයක් නේද?
ReplyDeleteමේ පෝස්ට් එක දාපු දවසේ ඉදන්ම මේක බලන්න ඕනේ කියලා ඔළුවේ තිබුණත් අද තමා බලන්න ඉඩක් ලැබුණේ...
ReplyDeleteඉස්සෙල්ලාම කියන්න ඕනේ මට හිතාගන්න බැරි මේ වගේ වැඩසටහනක් ඇයි මාධ්‍යවලින් ප්‍රතික්ෂේප කළේ කියන එක. සාමාන්‍යයෙන් අනික් මාධ්‍යවලටත් වඩා මේ ජාතියේ වැඩසටහන් හිරි ටීවී එකේ යන වග මම දැකලා තියෙනවා.
කොහොම නමුත් වැඩසටහනේ අන්තර්ගතය නම් උපරිමයි. අජිත් කුමාරසිරි කියන මනුස්සයා බෙලෙක් වොයිස්කාරයෙක් කියලා මගේ හිතේ ඇඳිලා තිබුණු චිත්රේ නම් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. නදීක ගුරුගේ සුපිරි වැඩ කාරයෙක් කියන එකත් තහවුරු වුණා. ජගත් වික්‍රමසිංහ ගැන නම් අලුත් සිතුවිල්ලක් හිතට ආවේ නැහැ. එයා නැතුව නදීක ජයවර්ධන වගේ කෙනෙක් මේකට එකතු කරගත්තා නම් සාර්ථකයි කියලා හිතනවා.
තුන් දෙනාම අජිත් තමන්ගේ අත්දැකීම්වලින් නදික අත්දැකීම් වගේම කියවීමෙන් ජගත් විධිමත් අධ්‍යාපනයෙන් සංගීතය කියෙව්වා කියලයි මට හිතුණේ
අයියාටත් ස්තුතියි මේක අපිත් එක්ක බෙදා ගත්තාට :)
මේකෙන් මාධ්‍යවලට හීනියට ටොකු අනින හින්ද වෙන්න ඇති ප්‍රතික්ෂේප වුණේ නේද?
ReplyDeleteඅජිත් කුමාරසිරි කියන්නෙ දේශපාලනික ගායකයෙක්. උන්දැ මියුසික්වල වෙනම පැත්තක් ගැනය කතා කරන්නෙ.