Thursday, 21 July 2011

ශ්‍රී ලංකාවේ රස සම රිසි ගී

Elton John

පසුගිය සතිය තුල චාරිකා දෙකක් නිරතවීමේ භාග්‍යය මට හිමි විය. ඉන් එකක් නැගෙනහිර වෙරළ වෙත කල විනෝද ගමනක් හෙවත් වචනාර්ථයෙන්ම ට්‍රිපකි. අනෙක මාගේ ආයතන ප්‍රධානියාගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස කැලණිය වෙත කල අවමගුල් චාරිකාවක් හෙවත් ඒත් ට්‍රිපකි. මේ චාරිකා දෙකෙහිදීම ගීත වලින් කිසිදු අඩුවක් ‍තිබුණේ නැත. නැගෙනහිර වෙරළ වෙත කල චාරිකාවේදී වැඩිමනත් ගැයුණේ 90 දශකයේ ගීත වූ අතර කැළණි චාරිකාවේදී ඉන් පෙර 70-80 දශකයන්හි ගීතද ගැයුණේ එම චාරිකාවේ හුන් බොහෝ දෙනා සිය 50වන දශකයේ පසුවූ වැඩිහිටියන් බැවිණි. වචන නොබලා ගී ගැයීමට හැකියාවක් නොමැති නිසා සහය ගායනයෙන් සහ පින්තූර ඇල්ලීමෙන් ඊට දායකත්වය දක්වමින් සිටින අතර චාරිකා දෙකෙහිදීම ඇසුණු ගීත කීපයක් පිළිබඳව මාගේ අවධානය යොමු විය. මේ ගීත කෙතරම් ගායනා කලද එහි අර්ථ පිළිබඳ අප විමසිලිමත් වී ඇත්තේ අවම ලෙස වන බැවින් මාගේ සිතට නැගුණු මේ අදහස් සම්බන්ධයෙන් මම පුදුමයට පත් වීමි. ‍

මේ ගීත අපි සිතා හුන් ආකාරයේ ගීත නොවේ.




මාල ගිරවියේ - මාල ගිරවියේ
මට උඹත් එක්ක අපේ ගමට පියාඹන්ට ආසයි
මං දන්න කියන ගහ කොළ මල් පෙන්නන්නට ආසයි

දුර නෑයෝ පවා ගේ දොරකඩ එකතු වෙලා හිඳීවී
උඹෙ මාලෙ හැබෑ රත්තරංද අතගාලා බලාවී
මේ සේද ඇඳුම් ඉල්ල ගත්තෙ කාගෙන්දැයි අසාවී

මගේ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකිබිඳීවී
අපෙ නැති බැරි කම් මේ තරමට අමිහිරිදැයි අසාවී
ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී

මා කියවා ඇති සහ අසා ඇති ආකාරයෙන් නම් ගිරවියන්ට මාල නැත. මාලය යනු පුරුෂ ගිරවාට විශේෂ වූ ලක්ෂණයකි. එය එසේම නොවේ යැයි කියා තිබූ අවස්ථා කීපයක්ද ඇස ගැටුණු නමුත් ප්‍රධාන වශයෙන් මාලය යනු පිරිමි ගිරවාට පමණක් හිමි ආභරණයකි. එසේ නම් මෙම ගීයෙන් කියවෙන මාල ගිරවිය කවුරුද? විකල්ප දෙකක් තිබේ. එනම්,

1. මේ මාලයක් සහිත ගිරවකුගේ පෙම්වතියක්ව හෝ බිරිඳක්ව වෙසෙන මාල රහිත ගිරවියක් ගැන ගීයකි. එසේ නම් මේ ගමට එන්නට ආසාවෙන් ඉන්නා තැනැත්තා ගම එන්නේ පවුල් අවුලක් ඇති කරවන්නටය.

2. මෙය මාලයක් සහිත පිරිමි ගිරවකු ස්ත්‍රී විලාසයෙන් දැක, එම ගිරවා ගැන කියවෙන ගීතයකි. එනම් මෙය ස්ත්‍රී මානසිකත්වයක් ඇති පුරුෂ මාල ගිරවකු ගැන එම ස්ත්‍රී ගිරවාගේ පුරුෂ පිරිමි ගිරවා විසින් ගැයෙන ගීයකි. එනම් සමරිසි ප්‍රේම ගීයකි.




ලස්සන නම් නෑ පෙනෙන්නේ - ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන් - මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපතකී

උකුල් තලා සළා ආ නාරිලතාවෝ - අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ
වැයූ වගේ හවුල් වී - ගැයූ රඟේ කොවුල් ගී
ගියේ ඔවුන් ළඳුන් කොහේදෝ

සවන් පුරා පිරීලා වස්දඬු රාවේ - සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ
සිතූ සිතුම් බිඳීලා - පැතූ පැතුම් සිඳීලා
ජීවිතේ ගමන් විලාසේ

මෙය බැලූ බැල්මට සාමාන්‍ය ප්‍රේම ගීයකි. විරහ ගීයකි. ඒත් මේ සිහි කරන්නේ අපි සිතනා ආකාරයට පැරණි පෙම්වතියක් ගැන බවක් නම් පෙනෙන්නේ නැත. මෙහි සඳහන් වන්නේ දසුන්, කසුන්, අමිල සහ අමල් යන පිරිමින් ගැනයි. ඒ අතරිනුත් අමිල මතක් වීම ම සැපතක් බව කියයි. අපි හිටු කියා මෙම ගිය ගැයුවාට පෙනෙන අයුරින් නම් මෙයද සමරිසි ප්‍රේම ගීයකි.




ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා
පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා

සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //

වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා
සිසිල් සුළං යාවි පාවෙලා
දඟ පුළුලුකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා
නිල් නෙත් යුග මහද මත් කලා

සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //

ලස්සන මල් කුමාරියෙ ගම එලි කල මනාලියේ
ඔබ දුටු මගෙ හද පිනා ගියේ
සුර ලෝකෙ සුරඟනාවියේ මගෙ හද දිනු දයාවියේ
සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ

සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //

හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ
සිනහ මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැඳි ලොවේ කුමරියෙ ඔ‍බ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ

සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //


මෙම ගීතය වසර තිහක පමණ ඉතිහාසයක් ඇති, ප්‍රසංග වේදිකාවේද, විනෝද චාරිකාවලදීද, බොහෝ උත්සව අවස්ථා වලදීද ගැයෙන ජනප්‍රිය ගීතයකි. කාන්තාවන්ගේ හැටහතර මායම් ගැන විවිධ පද පේලි ලියා මෙහි අර්ථය සැඟවීමට ගීත රචකයා උත්සාහ ගෙන ඇතත් ඇත්ත වශයෙන්ම මෙහි වරින්වර නැවත නැවත ගැයෙන ආකාරයට මෙම ගීයෙන් කියවෙන්නේ සුරංග නැමැත්තෙක් ස්නානය කරන අවස්ථාවක් ගැනයි. මෙහිදී එම සුරංග නැමැත්තාව යුවතියක ලෙස ගෙනහැරපෑමට රචකයා අතිශය සුන්දර සහ සාර්ථක උත්සාහයක් ගෙන ඇත. එසේ වුවත් මෙහි අර්ථයද දැන් ඉතා පැහැදිලිය.


-----------------------------------------------------------------------------
ප.ලි. මෙය හුදෙක් විනෝද වීමට මිස සමරිසි ප්‍රේමය හෙලාදැකීමටවත්, මෙම ගීත ගායකයන්, රචකයන් හෝ තනු නිර්මාපකයන් අවමානයට ලක් කිරීමටවත් ලියන ලද්දක් නොවේ. සමරිසි ප්‍රේමය යනු විෂමරිසි ප්‍රේමය මෙන්ම හුදු එක් තත්ත්වයක් පමණක් ලෙස මවිසින් සැලකෙන අතර මෙම ගීත මා මෙන්ම රසය කැමති සියල්ලන් විසින් ඉතා ආසාවෙන් රස විඳිනු ලබන විශිෂ්ඨ ගීත වේ. මුල් පද රචනා දෙක ලබාදීම වෙනුවෙන් ලංකා ගී පොතට ස්තූතිවන්ත වෙමි.

29 comments:

  1. සුරංග නාවී නම් මරු...

    ReplyDelete
  2. අර සුරංග නාවිව වගේ සිංදු තියෙනවා ගොඩක්... එක ස්පේස් එකකින් මුළු සිංදුවේම අර්ථය වෙනස් කරන්න පුළුවන්.. මේ හදිස්සියේ මතක් වෙන්නේ නම් නැ.. :D


    ප.ලි - අලුතෙන් මොන මොන සිංදු ආවත් ට්‍රිපක් යනකොට අනිවාර්යෙන්ම කියන්නේ ඔය වගේ 70 - 80 දශකයේ සිංදු තමා.. ඔය හිපොප් කියන ජාතියේ ඇලිලා ඉන්න උනුත් එහෙම තමා.. :D

    ජය වේවා...!!

    ReplyDelete
  3. හපොයි මූ හැදුව සිංදු වලටත් කතාවක් :)

    ReplyDelete
  4. උඹ ඒ ජාතියේද මන්දා මේ අපි හොඳට ගෑනු ආදේශ කරලා අහන සිංදු පිරිමි ආදේශ කරල අහන්නේ :-D

    ReplyDelete
  5. මලේ මටත් හිතයි කරන්න ආදරේ....
    තනි කමේ පාලුවේ උන්තා ඇතිනෙ පාඩුවේ
    නෙලා ගන්නෙ මමයි නුඔයි මලේ

    ReplyDelete
  6. ඉස්සෙල්ලම හොඳ සිංහල පන්තියකට ගිහින් සමාන පද, සන්ධි, විසන්ධි ගැන හොඳට ඉගෙන ගෙන සින්දු අහන්න. එතකොට හැම ගීතෙම සම රිසි බවක් පේන රෝගේ හොඳ වේවි.

    ReplyDelete
  7. හෆු... හිනා කා පන ගියේය... :-)

    ReplyDelete
  8. wadak bala ganin oi vikara liyanne nathuwa ubata liyanna puluwan mallun

    ReplyDelete
  9. මුල් සින්දු දෙක ගැන ෆුල් සීරියස් විදිහට හිතලා මොලේ කොලොප්පම් වෙලා තුන් වෙනි එක කියවලා බඩ අල්ලගෙන හිනා උනා. අහල පහල එවුනුත් බලනවා මේ මොකෑ කියලා. තාම බඩ රිදෙනවා.

    මොනව උනත් ඔය උඩ පණ්ඩිතයෙක් උපදෙස් දීල තියෙන නිසා ඒ විදිහට හැදෙන්න බලන්න හොඳේ....! (ආපහු මොලේ කොලොප්පම් වෙනවා )

    ReplyDelete
  10. උඹල‍"ගේ" ඔෆස් එකේ වැඩි පුර ඉන්නේ කොල්ලොද? උන් එක්කද ට්‍රිප් එක ගියේ? ;-)

    අර සුරංගයා නම් මාර පොරක් තමයි. ඔහොමත් නානවද මං අහන්නේ.
    පට්ට බං.

    ඇ බුද්ධියා කියපු එකෙත් මාරම තේරුමක් තියෙන්නේ.... එළ එළ ලොලේ ලොල් අද...

    ReplyDelete
  11. හප්පා මරු මරු!

    ReplyDelete
  12. සික්! මම නම් ආයේ මේ සිංදු ඇහෙන පැත්තකටවත් යන්නේ නෑ :D

    ReplyDelete
  13. අයියලා කට්ටියටම කියවල රස විඳල වමනෙත් දාල ගියාට ස්තූතියි කියල විතරක් පිලිතුරු කමෙන්ට් එක දාන්න ආස වුණාට එහෙම බෑ වගේ...

    මා අයියා - පොර නාද්දි සින්දුව කියන එකාට හෙන ආතල් ඇති ;-)

    සෝ අයියා - ටිකක් කල්පනාවෙන් ඇහුවොත් ඒ වගේ සින්දු ඕන තරම් ඇති නේද? කිව්වත් වගේ ඔය 70-80 ටික අමතක වුණ දාට ට්‍රිප් සංස්කෘතිය වෙනස් වෙයි. කට්ටිය ඉයර් ෆෝන් දාගෙන ට්‍රිප් යයි.

    අවුට් අයියා - හි හි...

    ම අයියා - මේක මේ සුදා කිව්ව වගේ පිරිමින්ට කඩේ යාමක් :D

    චතු අයියා - එල!

    බු අයියා - ආ ආ... ඔය තියෙන්නේ...

    තී අයියා - නියමයි අයියේ...

    ටී මල්ලි - ආ... මල්ලි මොකෝ මේ කලබල වෙලා... මාත් අපේ සිංහල පන්තියට යන්නයි ඉන්නේ.. :D

    ජී අක්කා - ඊයා... අක්කෙකුත් ඇවිත් :D

    ඇනෝ අයියා - මැල්ලුමක්වත් ලියාගන්ට ඇහැක් වුණානම් මේ වගේ අජූත එව්ව නොලිය ලොයිඩ් අයිය ගාව වැඩට යනවනෙ අයියා...

    දුමී අයියා - කරන්ට දෙයක් නෑ අයියා... එව්ව අහලවත් හැදෙන්ට බලමු.

    වන්නි අයියා - පිස්සුද අයියා... උන් ඔක්කොම අති සුන්දර ලලනාවියෝ...

    මුචා අයියා - තැංකිව් අයියා

    පූසා අයියා - යන්ට අපා අයියා.. ඔයා නලක් වෙයි...

    ReplyDelete
  14. දෙවෙනි සින්දුවේ දෙන්නෙක් මග ඇරිලා සිතුම් හා පැතුම් :D

    ReplyDelete
  15. පට්ට ලිපිය .. ඇති තරම් හිනා වුණා .. සුරංග නාවි තමයි පට්ට අඩේ මම ප්‍රසිද්ධියේ ඔය සින්දුව කියලත් තියනවා

    ReplyDelete
  16. අර සදාදර නයෝ ඉන්නවා නේද? මේවා කියවලා ඈ තාර කාවී............. :D

    ReplyDelete
  17. කොන්ප්‍රෝ අයියා - ෂා... අය්යට තවත් කොල්ලො දෙන්නෙක් අහුවෙලා... ඔන්න බලන්ට වැඩේ හැටි.

    හිස් අයියා - අයියට රහසින් කියන්න මමත් ඒක කියල තියෙනවනේ...

    රන්දිල් අයියා - මේ පැත්තට එනවනම් පිරිමි නමකින් එන්න. නැත්තං විලි ලැජ්ජයි... ;-)

    ReplyDelete
  18. හප්පා...... මාත් අද ඉඳං සින්දු අහන්නෙ ඔය ක්‍රමේට

    ReplyDelete
  19. බුහාහාහාහාහා! මට නම් පොඩි සැකයක් තියෙනව හරේ මොකාටද එන්නෙ කියල. :P

    ReplyDelete
  20. කාලා හමාරයි කිව්වලු.. කවුද දන්නේ මෙහෙම සීන් එකක්.. ලැජ්ජාවක් තියෙනවනම් දැන් නම් ජිවිතේට සුරංග නාවි සින්දුව කියන්නේ නෑ

    ReplyDelete
  21. ලාස්ට් තුන් දෙනාටත් සද්දයක් දැම්මට ස්තූතියි x 3 :D

    ReplyDelete
  22. කතන්දරත් සිංදු ගොඩක් හොයාගෙන තිබ්බා නේද ???

    ReplyDelete
  23. සුරංග නාවී . . හික් හික් හික් තෝව කොටියම කාපිය

    ReplyDelete
  24. සද්ද දැමූ මේ දෙපළට
    මගේ හද පිරි ආතල් එක...

    කොටි දැන් නෑනෙ ඩෘකායියේ... ;-)

    ReplyDelete
  25. හොඳ ප්‍රහසනයක්! හොඳට හිනා වුනා. මම හිතන්නේ අර උඩ කෙනා පසුව ලියපු කොටස කියවල නෑ. :D

    ReplyDelete
  26. අනේ මම නම් ඇත්තටම සමරිසි තමයි.... මොකටද බොරු කියන්නේ... සමලිංගික ආදරය කියන්නෙත් සාමාන්‍යය මිනිස් හැඟීමක් දෙයියනේ.... ඕක ගැන ඔය තරම් පහත් විදියට බලන්න එපා..... වර්තමාන ලෝකයේ වගේම අතීතයේත් සමලිංගිකත්වය තිබුනා... හැබැයි මේ තරම් මාර්කට් කරන්න ඕන වුණේ නැහැ... මොකද ඒවා සාමාන්‍යය දෙවල් කියලා ඒ කාලේ මිනිස්සු දැනගෙන හිටියා... බොක්කේ දඩ මස් තියාගෙන හක්කෙ බුදු රැස් විහිදවන්න හදන්න එපා...... මම සමලිංගිකත්වය වෙනුවෙන් පෙනී සිටින සංජීව....

    ReplyDelete
    Replies
    1. පහත්? කොහෙද පහත් කරල තියෙන්නේ... සාමාන්‍යයෙන් විෂම ලිංගික විහිළු කතා ඕන තරං කිය කිය අපි හිනාවෙනවා. මේක සමලිංගිකත්වය ගෑවුණු, හිනාවෙන්න තියෙන අවස්ථාවක්. පසු ලිවීම කියල කියන කෑල්ල දැක්කෙ නෑ වගේ.

      Delete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!