මේක සිය දිවි හානි කරගැනීම ගැන මලී ලියපු ෆේස්බුක් හෑල්ලකට දාපු කමෙන්ට් ඒකක් සහ ඒ්කට ආපු ප්‍රතිපාර්ශවීය පිළිතුරකට ලියපු පිළිතුරක්.
මේ සටහන ගැන මට දැනට හිතෙන දේ මේක. සම්පූර්ණයෙන්ම වැරදි වෙන්න පුළුවන්.
මානසිකව
බිඳවැටීම කියන්නෙ සාපේක්ෂව අලුතෙන් ඉස් මතු වෙලා තියෙන ප්‍රශ්නයක් වෙන්න
ඕන. මම හිතන්නෙ නෑ එහෙම ප්‍රශ්න අතීතයේදි තිබුණ විධිය ගැන පරීක්ෂණ කරලා
තියෙනවා කියලා. අතීතයෙදිත් තියෙන්න ඇති. නමුත් අපේ සමාජ ජීවිත සංකීරණ වීම
එක්ක මානසික අවුල් වැඩි වෙලා තියෙනවා කියන එකයි මගේ අදහස.
ඕකෙන්
ගැලවිලා ඉන්න නම් සරලවම තමන්ගෙ රසඥතාවය සෑහෙන්න දියුණු කරගන්න ඕන. එහෙම
නැත්නම් ඒක නැති කරලම දාලා වර්කොහොලික් වෙන්න ඕන. හිත්වලට එන හිස්කම
පුරවන්න පුළුවන් ඔය ක්‍රම දෙකට කියලයි මට හිතෙන්නෙ. රසය දියුණු කෙනෙක්ට
ලෝකයේ රස විඳින්න දේවල් ඕන තරම් තියෙනවා. කෑමක් බීමක්, කළා නිර්මාණයක් හෝ
බොහොම සුළු දේවල් රස විඳගන්න පුළුවන් නම් හිස්කම ඒව අස්සෙ දිය වෙලා යනවා.
වර්කොහොලික් කෙනෙක්ට නම් වැඩ අස්සෙ ඕක දිය කරල දාන්න පුළුවන්.
තමන්ගෙ
බලාපොරොත්තු බොහොම සුළු අනාගතයකට සීමා කරගන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි.
ඒකෙන් අදහස් කරන්නෙ නෑ දිග අනාගතයකට ප්ලෑන් කරන්න එපා කියලා. ප්ලෑන් කරන්න.
වැඩ කරන්න. බලාපොරොත්තු නොවෙන්න. වෘත්තීයමයව ඇරුණම කාගෙන්වත් මොකවත්
බලාපොරොත්තු නොවෙන ගානට එන්න පුළුවන් නම් මරු. අමාරුයි. හැබැයි පුළුවන්.
උදේ
නැගිට්ටම මගේ තියෙන ලොකුම බලාපොරෙත්තුව හවස ගෙදර ඇවිත් ගහන සිගරට් එක. රෑ
වෙද්දි කැමති එපිසෝඩ් එකක් බලන එක, යූ ටියුබ් සංවාදයක් අහන එක. එතනින් එහා
බලාපොරොත්තු කියන ඒවාට වැදගත් කමක් ලැබෙන්නෙ ඒ අවස්ථාව අනුවයි. ඒ
බලාපොරොත්තු වෙනුවෙන් වෙන මහන්සිය අපතේ යන්නෑ කියන කාරණය මත විතරයි මංනං
බලාපොරොත්තුවක් පස්සෙන් යන්නේ.
සමාජ ජීවියෙක් වෙද්දි ඕනම කෙනෙක්
සමාජයෙන් බලාපොරොත්තු වෙනවා පිළිගැනීමක්. ඒ එක්කම තමන් විසින් ළඟා විය යුතු
ජීවිත මට්ටමක් ගැන බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒවා නොලැබෙද්දි නොසන්සුන්
වෙනවා. සමාජෙත් එක්ක අවම සම්බන්ධ තියාගෙන සමාජටෙ බ.ම්.බු. ගහගන්න කියල
ඉන්නත් පුළුවන්. හිතෙන් හදාගත්ත ස්ටෑන්ඩර්ඩ් හිතෙන්ම විනාශ කරල දාන්න
පුළුවන්. හිත පොළොව මට්ටමේම තියාගන්න පුළුවන් නම් මරු මම හිතන්නෙ.
මේ කියපු දේවල් බහුතරයකට අදාළ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ඉතිං ඔය ඇඟේ කෙමිකල් ටික බැලන්ස් කරගන්න බෙහෙත් බොන එකත් හොඳයි.
සමාජයෙන් එන ප්‍රශ්නයකට සමාජෙන් උත්තර හොයන්න බැරිදත් මන්දා. කොහොම වුණත් මේවට යුනිවර්සල් උත්තර නෑ.
හෑල්ලෙන් හෑල්ල උතුම් හෑල්ලක් වේ.
---------------------
මේකෙන්
සෙල්ෆිෂ් වීමක් ගැන නෙවෙයි කියන්නෙ. තමන් තුළ ගොඩනගාගන්න පුළුවන් මානසික
තත්වයන් ටිකක් ගැන. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ බාහිරින් එන බලපෑම්වලදි
නොසැලී ඉන්න හැකියාව ලැබෙන එක. මොකද අපි මොන විදියට හිටියත් බාහිරින් අපට
යොමු වෙන බිඳවැටීම්වලට මුහුණ දෙන්න වෙනවා. අපේ හිත ඒවයින් බිඳගන්නෙ නැතුව
තියාගන්නෙ කොහොමද කියලයි මම ඔය කියපු එකේදි කල්පනා කරන්නේ. හැබැයි ඒකෙන්
කියන්නෙ නෑ හැඟීම් දැනීම් නැති ගල් මිනිහෙක් වෙන්න ඕන කියන එකත්. ඉමෝෂන්
එකකදි සංවේදී වෙලා ඒකට ප්‍රතික්‍රියා කරන එක තමයි හොඳම. හැබැයි ඒක පස්සෙ
එල්ලිලා ඉන්නෙ නැතුව ඒකෙන් වෙන ලෙඩ හදාගන්නෙ නැතිව ඉන්න පුළුවන් අර දේවල්
පුහුණු කළාම. අපි සේරම මේ එක එක තත්වයන්වලදි ස්‍රාවය වන හෝමෝන සහ කෙමිකල්වල
වහල්ලු තමයි ඉතිං.
මෙහෙම තත්වයක් ප්‍රගුණ කළා කියලා මිනිහෙක්
වගකීම් විරහිත වෙන්නෙ නෑ. ඕන නම් තවත් වගකීම් සහගත වෙයි. එක අතකින් මේකෙන්
මිනිහෙක්ට නරුමයෙක් වෙන්නත් පුළුවන් සාන්තුවරයෙක් වෙන්නත් පුළුවන්. ඔය
දෙන්නා බවටම පත්වෙන්න පුළුවන් නම් අයිඩියල්. එතකොට තමන් වොරි වෙන්න ඕන සීමා
ටික හොඳටම අඳුනගන්න පුළුවන්. ලෝකෙම ප්‍රශ්න තමන්ට දාගන්නවද නැත්තං තමන්ට
අදාළ ප්‍රශ්න විතරක් දාගන්නවද කියල එතකොට ෆිල්ටර් කරගන්න පුළුවන්.
Friday, 2 June 2023
සතුටින් ඉන්නෙ කොහොමද?
Wednesday, 31 May 2023
චූටි බුබුල
තව තව කුඩා කරමි
මා ආරක්ෂිත බුබුල
හිවලුන් වෘකයන්
සිංහ කෝට් කාරයින්
බූරූ මේස් කාරයින්
පඩ ෂෝ ආගමිකයින්
ආගමික නිරාගමිකයින්
ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්
මැදවාසී අන්තවාදීන්
ගොබ්බ සමාජවාදීන්
හිඟන ධනවාදීන්
හැත්ත බුරුත්තම
පන්නා තනි වෙමි
චූටි බුබුල තුල
අහුමුළු අස්සෙන්
ජීවිතය සොයාගමි
2023-05-29
Monday, 29 May 2023
තරිඳු ශ්‍රී ලොකුගමගේ ගේ ජීවිතයේ ඔයිල් පැල්ලම් - පොත ගැන අදහස්
ජීවිතයේ ඔයිල් පැල්ලම් කෘතිය ගැන ඒක ආපු කාලෙ සහ සම්මානයට නිර්දේශ වුණ කාලෙ කතාබහක් ඇතිවුණා මතකයි. පොත් සම්බන්ධයෙන් මට සමාන රහක් තියෙනවයි කියල හිතන යාළුවො කීප දෙනෙකුත් ඒ ගැන කියල තිබුණා. හැබැයි කියෙව්වෙ අවුරුදු ගාණකට පස්සෙ.
වැඩට යන එන ගමන් බස් එකේදි දවස් දෙකකදි පැය හතර පහක් ඇතුළත එක හුස්මට කියවගෙන ගියේ සෑහෙන කාලෙකින් ඒ විදියට කියවපු පොත බව මතක් කරමින්.
මම හිතන්නෙ දිනේෂ් කොළඹගේ ලියපු 'සුළඟ වගේ ඇවිදින්' පොතට පස්සෙ ඒ ආරේ ලිවිල්ලක් අහුවුණ පළවෙනි වතාව. පොතේ ප්‍රධාන චරිතය දිනේෂ් කෙනෙක් වීම අහම්බයක් නෙවෙයිද මන්දා.
ලංකාවෙ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නෙ මෙහෙම මිනිස්සු. ගේම් කාරයෝ. ගේම් කාරයෙක් කියල මනුස්සයෙක් නාමකරණය වුණාම ඒක හෙණ ආඩම්බරයක්. ගේම් කාරයො අස්සෙන් රිංගලා යන්න පුළුවන් පොරක් වෙන එක හැමෝගෙම හීනයක්. කූඹියෝ වගේ ගේම්කාර ටෙලියක් ලංකාවෙ හිට් වෙන්නෙත් මේ ගතිය නිසා. ඒ නිසාම ලංකාවෙ පිරිමින්ට විශේෂයෙන් කතාව සෙට් වෙනවා.
තරිඳු යොදාගන්න උපමා මොඩර්න්. ඒක වෙනම සාහිත්‍යයක්. අළුත් සාහිත්‍යයක්. එක විදියකට පොත ඉතිහාසයෙන් ගැලවෙන්නෙ ඒකෙන්. ඒක පොතටම අනන්‍ය එකක්. එහෙම ඒවා දෙකක් නෑ. ඒ ගතිය 'සුළඟ වගේ ඇවිදින්' එකෙත් තිබුණා.
පොතේ එක ශුද්ධ චරිතයක්වත් දුෂ්ට චරිතයක්වත් නෑ. හැම කිල්ලෝටෙම හුණු තියෙන අළු පාට චරිත ගොඩක්. ගෑනු පිරිමි හුටපට, ළමා අපචාර, මරිසිකම්, මැරකම්, හොරකම්, බේබදුකම් සේරම එකට බ්ලෙන්ඩ් වෙලා. ඒ චරිත සහ සිදුවීම් අස්සෙ හැරි හැරී බම්ප් වෙවී අපි කියවගෙන යන්නෙ හරියට වාහනයක ගමනක් යනවා වගේ තමයි.
ලිවීම කියන්නෙ කොයි තරම් අභියෝගාත්මක දෙයක්ද කියලා දන්නෙ ලියන මිනිස්සු. එහෙම එකේ තව මනුස්සයෙක්ට එපා නොවී එක දිගට කියවන්න පුළුවන් විදියට ලියන්න පුළුවන් කියන්නෙ ඒක මාර වැඩක්. තරිඳුගේ ඊළඟ වැඩ ගැන ඇහැ ගහගෙන ඉන්න ඕන ඒකයි.


