පඬියා හේතුවාදියෙක්. හැම එකකම හේතුවක් හොයන, හැම එකකටම හේතුවක් තියෙන්න ඕන කියල හිතන එකෙක්. හැම එකක් ගැනම ඕනවට වඩා හිතන එකෙක්. එක එක විධියෙ පඬියො අතරෙ එහෙම උන්ටත් පඬියො කියල කියනව.
පඬියාගෙ බිරිඳ පඬියට කැමති වුණේ ඒ ලක්ෂණවලට වෙන්න බෑ. ඒ වුණාට පඬියගෙ තියෙන බිරිඳ විතරක් දන්න සුවිශේෂත්වයක් ඈව තාමත් ඔහුත් එක්ක රඳවගෙන...
මට හිතන්න ඕන තනියම. ඒ නිසා මට සමහර දවස්වලට තනියම ඉන්න වෙයි.
පඬියා වෙනම කාමරයක පදිංචි වුණා. පදිංචි වුණාම නෙවෙයි. පඬියට එහෙම තනිකමක් උවමනා වුණා.
දෙන්නා අතරෙ ලෝකාස්වාද ගණුදෙනුව පවා ටිකෙන් ටික කෘතිම වෙන්න ගත්තා. ජීවිතේ ඇතුලෙ හැම දේම එලාම් එකක් වදිනව වගේ ක්‍රමාණුකූලව දෛනිකව සිද්ධ වුණා. උස් වීමක් පහත් වීමක් පේන්නෙ නැති හරි මැදකට ළඟින් තියෙන තනි හීනි සරළ රේඛාවක් උඩ...
ඔව් අර 'මධ්‍යස්ථය' ගැන දාර්ශනික අදහස. පඬියා හිතුව.
ඒක හරිම බෝරිං එකක්. බිරිඳ හිතුවා.
ජීවිතේට උස් පහත්වීම් ඕන.
පඬියා කාටවත් සුභ පතන එකෙක් නෙවෙයි. අඩු ගානෙ අළුත් අවුරුද්දකට, උපන් දිනේකටවත් මිනිහ සුභ පැතුවෙ නෑ. මිනිහට සුභ පතනවට කැමති වුණෙත් නෑ.
සුභ පැතීම් හරි කෘතිමයි.
පඬිය හිතුවෙ එහෙම.
නමුත් තමන් ගෙවන ජීවිතයත් නිර්වචනය කරගත්තු අර්ථ දැක්වීම් අස්සෙ කෘතිම වෙලා කියල පඬියට තේරුණේ නෑ.
නමුත් මිනිහට ඒක තේරෙන්න අරන් තිබුණා. තමන් සැලකිය යුතු තරම් කෘතිම වෙලා කියල ඔහුට තේරෙන්න අරන් තිබුණා.
මිනිහගේ උපන් දිනේ ලබපු දවසෙ රෑ දොලහට බිරිඳ අනිත් කාමරේ ඉඳන් ඇමතුමක් අරන් සුභ පැතුවා.
ස්තූතියි. ඒත් ඒක ගොඩක් කෘතිමයි.
ඔහු බිරිඳට කිව්වා.
විස නසන්න ඕන විසෙන්
බිරිඳ පඬියට කිව්වා.
පඬියට ඒක තේරුම් යන්න ටිකක් වෙලා ගියා. බිරිඳගෙන් තමන්ගෙ කෘතිම බව නැති කරන්න කෘතිම උත්තේජනයක්.
පඬියට යමක් තේරුම් ගියා. බිරිඳට අඩි කීපෙක දුරක ඉඳන් රෑ දොළහට තමන්ව දුරකථනයෙන් අමතන්න සිද්ධ වෙන තරමට තමන් ගෙවන්නෙ කෘතිම ජීවිතයක්ය කියන එක ඔහුට දැණුනා. ඔහුගෙ හිරි වැටුණු, හැඟීම් අවම ජීවිතේට කඳුළු බින්දුවක්!
ඔහු බිරිඳ හොයාගෙන ගියා... ඈව වැළඳගත්තා.
ඔයා ආයෙත් ඕනවට වඩා හිතන්න අරන්...
බිරිඳ කිව්වා.
Thursday, 23 May 2013
Sunday, 12 May 2013
ස්ටාර්ට් ලයින් එක අඳිමුද?
මේක ලියවෙන්න ආසන්නතම හේතුව චාමි විසින් බුකියෙ ෂෙයා කරපු බස්සාගෙ ස්ටේටස් අප්ඩේට් එකක්. බසුතුමා ඒකෙ සෑහෙන්න හිතේ අමාරුවෙන් කතා කරල තිබුණෙ. ඔය හිතේ අමාරුව සංවේදීකම තියෙන, පොළොවෙ ජීවත්වෙන කාටත් තියෙන එකක්. නමුත් ගොඩක් අය ඇහෙන්නෑ පේන්නෑ වගේ ඉන්න නිසා මේ ගැන මෙහෙමවත් කතා කරන්නෙ ඉවසන් ඉන්න බැරිම වුණ මනුස්සයෙක් විතරයි. ඉතිං බස්සගේ ඒ කතාව කියෙව්වම ආතක්පාතක් නැතිව මගේ හිතේ එහෙ මෙහෙ යමින් තිබුණ අදහස් කීපයක් එලියට දාන්න ඒක හොඳ ස්ටාට් එකක් කියල හිතුණා.
මේ වෙන දේවල් බැලුවම කියෙව්වම අපි ජීවත්වෙන සමාජය සීඝ්‍රයෙන් කඩාවැටෙමින් යනව කියල තේරෙනවා. ඒකට කියන අනිත් වචනෙ පිරිහෙනවය කියන එක. ඕක එක එක විධියට දකින්න පුළුවන්. දියුණුවෙන් දියුණුවට පත් වෙන ඒවත් සමාජෙ තියෙනව. නමුත් ඒකට සාපේක්ෂව මානුෂික වටිනාකම්වලින් අපි දියුණු වෙන්නෙ අනිත් පැත්තට. පත්තරවල, ටීවීවල සහ කටින් කට ආරංචි වෙන අපරාධ හැමතැනම. කෙනෙක් කියයි ඒ කාලෙත් එහෙම තමයි. දැන් ජනමාධ්‍ය දියුණු වෙලා කියලා. ඒ කතාව වැරදි නෑ. නමුත් හරියටම හරිත් නෑ. පහුගිය අවුරුද්ද දෙක ඇතුලත අපි අහන දකින දේවල් සෑහෙන්න වෙනස් වෙලා කියන එක මග අරින්න බැරි ඇත්තක්. අය යුද්දෙ නැතුව පාළුයි සෙට් එක කියනව වගේ යුද්ධෙ අවසන් වීම නිසා ලංකාවට මගහැරුණු කුරිරු ත්‍රාසය නැවත ලබාගන්න තියෙන උවමනාව නිසා උදාවුණ තවත් තත්ත්වයක්ද ඒක?
වැඩේ කියන්නෙ මේ කාලෙ වෙද්දි වෙන කවරදාටත් වඩා ආගමික ප්‍රබෝධය 'කියන එක' තියෙන්නෙ ගොඩක් ඉදිරියෙන්. මම හිතන්නෙ හැම ආගමකම. නමුත් ඇත්තටම ආගම්වල තියෙන අර්ථයන් මිනිස්සු අතරෙ තියෙනවද කියන ප්‍රශ්ණයට උත්තර නෑ. සාමාන්‍යයෙන් ඕන මිනිහෙක් එක්ක කතා කරද්දි හිතෙන්නෙ 'මූ මාර හොඳ මිනිහෙක්' කියලා. හම්බවෙන හැමෝම වගේ සර්ව සාධාරණයි. අවංකයි. පරාර්ථකාමීයි. නමුත් සමාජයක් විධියට අපි ජීවත්වෙන වටපිටාව එහෙම නැහැ. අවුල කොතනද?
මේ දවස්වල වෙසක් එකට අපේ ඔෆිස් එකෙන් සංවිධානය වෙන සීල ව්‍යාපාරය ඇතුලෙ තියෙන පඩ ෂෝ ටික ගැන වුණ කතාවකදි කෙල්ලෙක් කියපු කතාව වටින්නෙ ඒක කෙල්ලෙක් කියපු නිසාමයි.
'ඉස්සර තමයි සීලෙ තිබුණෙ. ඊට පස්සෙ සීල ව්‍යාපාර තිබුණා. දැන් සීලෙ හැලිල ව්‍යාපාර තමයි තියෙන්නේ.'
පඩ ෂෝ සමාජය කියන එක මේ වෙනකොට සමාජය නම් කරන්න පුළුවන් එක ක්‍රමයක්. පොඩ්ඩක් හිතල බැලුවොත් ඇයි එහෙම කියන්නෙ කියල තේරෙයි.
ඔය සියළු දේවල් අස්සෙ අපේ විශ්වාසයන් සේරම විනාශ වෙනවා. අපි පිළිගත්තු සාරාර්ථ අපේ ජීවිත පෝෂණය කරනවා වෙනුවට අපිට කෙලවනවා. සමහරුන්ට මේක තේරෙනවා. අහිංසක මිනිස්සු ගොඩ දෙනෙක්ට මේක තේරෙන්නෙ නෑ. ගොඩක් කපටි තවත් කොටසක් තේරුණත් තේරෙන්නෙ නෑ වගේ ඉන්නවා. එ‍් එක්කම අනිත් මිනිස්සුන්ට කොචෝක් දානවා. හැබැයි ඒ අය තමයි පරිණාමිකව ඉදිරියෙන් ඉන්න මිනිස්සු. එයාල ඕන පැත්තට හැරෙන්න පුළුවන් ලැජ්ජාවක් නැති අය. ලැජ්ජාව නැති වීම අද යුගයේ අවශ්‍යතාවයක්.
අපි විතරක් නෙවෙයි. අපෙන් පස්සෙ එන පරම්පරාව, අපේ දරුවො එන්නෙත් මෙහෙම විකාර වුණ සමාජයකට. ඒ නිසා මේක වෙනස් කරන්න අවශ්‍යයි කියන කතාව තමයි බස්ස කියල තිබුණෙ. කතාව ඇත්ත. මේක ගොඩක් පරණ කතාවක්. හැම තිස්සෙම තියෙන සිස්ටම් එක අවුල් තමයි. වඩා හොඳ සිස්ටම් එකක් වෙනුවෙන් අනාදිමත් කාලෙක ඉඳන්ම හීනයක් තියෙනවා. ඒ හීනය ගොඩක් මිනිස්සුන්ව ජීවත් කරල තියෙනව වගේම ඒ හා සමාන මිනිස්සු ටිකක් මරණයට පත් කරලත් තියෙනවා. ඒ හීනය හොඳ මාකට් එකක් තියෙන වෙළඳ භාණ්ඩයක් දැන්.
ටික කාලෙකට කලින් වුණ සෙට් වීමකදි එක යාළුවෙක් කිව්වෙ ඇමරිකාව වගේ රටක් මාර හොඳ ඇති කියලා. ඒ වගේ රටක හිටියනං මෙහෙම අවුලක් වෙන එකක් නෑ කියලා. ඌ එහෙම කිව්වෙ ඒ වගේ රටක ටැලන්ට් එක මාකට් කරන්න තියෙන ඉඩ වැඩි නිසා. ලංකාවෙදි ටැලන්ට් එක කියන්නෙ මිනිහෙක්ට දියුණු වෙන්න තියෙන අවම සාධකය වෙලානෙ තියෙන්නෙ. ගොට්ට ඇල්ලුවොත් තමයි ගොඩ යන්නේ. කොහොම නමුත් මේ වෙනකොට ලෝකෙටම තියෙන්නෙ සහ පොම්ප කරන්නෙ ඇමරිකානු සිහිනයක්. ඉතිං ඇමරිකාව ගැන ඒ දවස්වල මමත් එහෙම හිතුවා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. ඇමරිකාව වගේ දියුණුයි කියල කියන රටවල් තරම් මිනිස්සුන්ව සිස්ටම් එකෙන් පාගන රටවල් තවත් නැහැ. එකම වෙනස ඒ පෑගිල්ල පරම්පරා කීපයක් තිස්සෙ බොහොම සංවිධානාත්මකව වෙන නිසා දැණෙන්නෙ නැතිව ගිහින් තියෙන එක. එහෙම කියන්න මම ඇමරිකාවට ගිහිල්ලවත්, ගියපු කෙනෙක් එක්ක ඒ ගැන කතා කරලවත් නෑ. නමුත් ඇමරිකාවෙන් එලියට එන චිත්‍රපටි අස්සෙ තියෙන අතුරු කතාවල සහ යටින් යන කතාවල ඇමරිකාවෙ හෙළුව ප්‍රදර්ශණය වෙනවා. මම දන්නව චිත්‍රපටි බොරුයි කියල. නමුත් අතුරු කතා බොරු නෙවෙයි.
ඒක කියද්දි මතක් වෙන්නෙ ළඟදි බලපු sirius (2013) වාර්තා චිත්‍රපටිය. ඒක ඇමරිකානු රජයේ රහස් ව්‍යාපෘති ගැන එලිකරන්න කරපු චිත්‍රපටියක්. තේමාව පිටසක්වල ජීවීන්. (මේ ගැන උනන්දු අය අනිවා බලන්න) ඒකෙ එක තැනක කියවෙනව මෙහෙම. ඇමරිකාවෙ තියෙන සල්ලිවලින් 40%ක අයිතිය තියෙන්නෙ 1%ක ජනතාවට. 80%ක ජනතාවට තියෙන්නෙ සල්ලිවලින් 7%ක් විතරයි. ලංකාව වගේමයි නේ...
මට අනුව නම් ඇමරිකාවෙ ගොඩක් ඉන්නෙ ආසාව මියගිය මිනිස්සු. තව දුරටත් උන්ගෙ ජීවිතවල ගන්න දෙයක් නැහැ. උන්ට ජීවත්වෙනව කියල දනවන එකම හැඟීම බය විතරයි. ලෝකෙ වෙන රටකින් ඇවිත් අපට ගහයි කියන බය විතරයි උන්ට හැඟීමක් කියල තියෙන්නේ. එහෙම නොවෙන අය නෑ කියල ඒකෙන් කියවෙන්නෙ නෑ. උන් තමයි මෙහෙ වගේම ලොක්කෝ. අර කති බොති සුඛති ඩයල් ටික. හැබැයි ජීවිතේ කියන්නෙ ඒකමද? ඔයාලත් හඳට ගල් විසි කරනවද?
ඉතිං අපි ලංකාවෙ සිස්ටම් එක වෙනස් කරන්නෙ ඇමරිකාව ටාගට් කරගෙන නම් ඒකෙ කිසි තේරුමක් නෑ. ඇමරිකාව ලංකාවට වඩා සාටර්. නමුත් වැඩේ කොතනින් හරි පටන් ගන්න ඕන. කොතනින්ද පටන්ගන්නේ.
මට හිතෙන්නෙ අධ්‍යාපනය කියලා. මිනිස්සුන්ව වගේම ළමයින්ව දැනුවත් කරන්න අවශ්‍යයි. මේ ගැන නදීක ජයවර්ධන පහුගිය දවසක misic.lk එකෙන් කරපු google hangout එකේදි කතා කලා. එයා කතා කලේ සංගීතෙට අදාලව විතරක් වුණාට ඒ කියපු කතාව සමස්ථ සමාජයේම ගැටළුවලට උත්තරයක් දෙනවා. මිනිස්සුන්ව දැනුවත් කරන්න අවශ්‍යයි. මිනිස්සුන්ට දැක්මක් අවශ්‍යයි. ඒ දැක්ම ලබා දෙන්න තිබුණ ක්‍රම සේරම විනාශ වෙලා තියෙද්දි කොහොමද ආයෙත් පටංගන්නෙ කියන එකයි ඉතිරි වෙන ප්‍රශ්ණය.
මම හිතන්නෙ සමාජය තුල ලෝකය ගැන මිනිස්සු ගැන තියෙන දැණුම අල්ප වීම ලොකු අවුලක්. මිනිස්සු ඉන්නෙ ළිං මැඩියො වගේ. ළමයි ගැන කතා කරල වැඩක් නෑ. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නෙ කියවීම අඩු වීම කියලයි මට හිතෙන්නේ. හැබැයි කියවනව කියල කියවන්නෙ පත්තර විතරක් වීමත් අවුලක්. එකෙන් වෙන්නෙ අවුලෙන් අවුලට පත්වීම. සාහිත්‍යය නැති වීම ලොකුම අවුලක්. ඉස්සර පොත්පත් කියවන මිනිස්සු හිටපු කාලෙක ළමයි විධියට අපි මුහුණ දීපු සමාජය මීට වඩා හොඳයි කියන කතාව ඕන කෙනෙක් කියයි. දැන් කියවීමේ මාධ්‍යයන් පොත්වල ඉඳන් වඩා දියුණු ක්‍රමවලට මාරු වෙලා තියෙනවා. තවමත් මිනිස්සු කියවනවා. කියවන්නෙ මොනවද කියන එකෙයි අවුල තියෙන්නෙ. ඕන කෙනෙක්ට ඕන දෙයක් ලියන්න පුළුවන් තරම් සමාජය ලිබරල් වෙලා තියෙද්දි ඒ ගැන පැත්තක ඉඳන් බයිල ගහන එකත් තේරුමක් ඇති වැඩක් නෙවෙයි. අනික මොන සාහිත්‍යය කියෙව්වත් ඇඟට ගන්නෙ නැත්තං ඇති වැඩක් නැහැ. බුද්ධියක් වැඩෙන්නෙ නැහැ. දැනුම සහ බුද්ධිය කියන්නෙ දෙකක්. (knowledge and intelligence) ඕන තරං දැනුම තියෙන උන් හොයාගන්න පුළුවන්. හැබැයි ජීවිතේ සම්බන්ධයෙන් ක්‍රියා කරද්දි තමයි තේරෙන්නෙ උන්ට බුද්ධිය නෑ කියලා. දැන් දැන් එදිනෙදා හම්බවෙන මිනිස්සු අතරෙනං 'සිහි බුද්ධිය' නැති උනුත් සෑහෙන්න ඉන්නවා.
අනිත් කාරණේ දැනුවත් කිරීම. දැනුවත් කරල මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන්ද? මේක ටිකක් අවුල් සහගතයි. දැනුවත් කිරීම අවශ්‍යයි කියල මම ම කලින් කිව්වත් මට හිතෙන්නෙ දැනුවත් කිරීම මේ වෙනකොට අසාර්ථක වැඩක් කියල. මොකද සමාජයෙ ඉන්නෙ සියල්ල දත් මිනිස්සු. එහෙම උන් දැනුවත් කරන්න යද්දි උන් අහනව ‘ඇයි අවුල්ද’ කියලා. විෂය ගැන ඉගෙනගෙන එන්න කියල කියනවා සෑහෙන්න විධග්ග විධියට. ඉතිං දැනුවත් කරන්නෙ කාවද?
හැබැයි ඔය ගොඩක් දැනුවත් කිරීම් ෆේස්බුක් එකේදිනම් වෙනවා අස්ප ගණංවලින්. ඒකෙ ඉතිං නොවෙන මගුලක් නෑනෙ. මේ ලියන බ්ලොග් අතරෙත් මේ ගැන ඕන තරං කතා වෙනවා. මෙතනින් එලියට ඒක යන්නෙ කොහොමද කියන එක තමයි අවුල. ඇත්ත ජීවිතේදි කතාකරන්න තියෙන නොහැකියාව ෆේස්බුක් එකෙන් හෝ බ්ලොග් එකෙන් පිටකරනවද කියලත් මට හිතෙනවා. හැබැයි ඔන්ලයින් පෙනී ඉන්න මතවාද වෙනුවෙන් ඇත්ත ජීවිතේදිත් පෙනී ඉන්න කෙනෙක් නිරායාසයෙන්ම වැඩට බැහැල ඉන්න බවත් මෙතනදි කියන්න ඕන.
අපේ පොඩි මාමා (අම්මගෙ ලොකු මලයා) අපේ තාත්තට පස්සෙ අපිව සැලකිය යුතු තරම් වෙනස් කරපු මනුස්සයෙක්. ඒක පොඩි කාලෙ ඉඳන් මේ දක්වාම එහෙම්ම ම තියෙන දෙයක්. තාත්ත නැති නිසා අදටත් ඕනම දේකදි පොඩි මාමගෙන් ටිකක් උපදෙස් අහන එක අපි කරන දෙයක්. එයා කියන්න තියෙන දේ කෙලින් කියන, වැරැද්දට එතනම බනින, සරළ නිර්ව්‍යාජ ජීවිතයක් ගෙවන මනුස්සයෙක්. අපේ ඥාති වර්ගයා අතර අපිට සමීපතම පුද්ගලයා එයායි. වැඩේ කියන්නෙ පවුලෙ අනිත් ඥාතීන් අතරෙ එයා ඉන්නෙ පැත්තක. එයාගෙ ඍජු විවේචන අනිත් අයට දිරවන්නෙ නෑ. අනිත් අය කරන මෝඩ ජෝක් වලට පොඩි මාමා බණින නිසා එයාව හැම එකකටම සම්බන්ධ කරගන්නෙ නෑ. දැනුවත් කරන්න යාම තුල ඕන කෙනෙක්ට අත්වෙන ඉරණම ඒ වගේ වෙන්න පුළුවන්. සමාජයෙන් පැත්තකට වෙන්න වෙන එක. තමන්ගෙ ආතල් කැඩෙන දේවල්වලට මිනිස්සු කැමති නෑනෙ.
මිනිස්සු හැමෝම ඉන්නෙ රෝලක. ලොකු පඩියක් ගත්ත කියල ඒකෙ වෙනසක් වෙනව කියල මම හිතන්නෙ නෑ. මොකද පඩියට හරියන්න තියෙන වියදම් ඒ වගේ. හම්බවෙන පඩියට හරියන්න ජීවත් වෙනවට වඩා අපි ජීවත් වෙන්නෙ හම්බවෙන පඩිය යාන්තම් ගැටගහගන්න සිද්ධ වෙන ගානට. ඒක ගැන කතාකරන්න ගියොත් කතාව වෙන වෙන පැති වල යනව. මොනව වුණත් ජීවිතේ නැතිකරගන්න, හෝ කෑම නැතිව මැරෙන්න වෙන ගානට දුප්පත් වුණ කවුරුත් නෑ මට හිතෙන විධියට. අනික සති දෙකෙන් දෙකට ජනතාවට දෙන චුයින්ගමුත් දවස් කීපයක් හපන්න පුළුවන්. ඒ නිසාම මේ යන විධිය තාමත් බහුතරයකට ලොකු බලපෑමක් කරල නෑ.
මෙහෙම අච්චාරුවක් වෙනස් කරන්නෙ කොහොමද? දන්න දේශපාලන විකල්ප ගැන බලාපොරොත්තු අතාරින්න වෙලා තියෙද්දි කොහොමද මේක කරන්නේ. කවුද පටංගන්නෙ? මොනවද කරන්නේ? කරන්නනං වැඩ ඕන තරං ඇති. ඒ අතරෙ ගොඩක් තියෙනව ඇත්තෙ ප්‍රසිද්ධියෙ කියන්න බැරි ඒව. එදා මෙදා තුර අපේ සාම්ප්‍රදායික විකල්පය වුණ ඉඟුරු දීල මිරිස් ගැනීම තව දුරටත් කරනවද? නැත්තං 'විකල්ප' විකල්ප ගැන හිතනවද? ෆේස්බුකියෙම තිබුණ යෝජනාවක් අනුව අළුත් දේශපාලන පක්ෂයක් සංවිධානය කරන එකත් හොඳ වැඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්තං සමාජය තුල අපි බලාපොරොත්තු වෙන වෙනස පුළුවන් තරං අපේ තනි ජීවිතවලට ඇතුල් කරගන්න ඕන. අනිත් අයට ගයිඩ් එකක් වෙන්න ඕන.
නමුත් වැඩක් වෙයිද?
සමාජය වෙනස් කරන්න ඕනය කියන එක ඇත්තක්. සමාජය කියන්නෙ මිනිස්සු. මිනිස්සු වෙනස් වෙන්න සූදානම්ද?
Thursday, 9 May 2013
ඔයාගෙ කතාවත් අවුරුදු හතරකින් මැකී ගියාද?
අප්සෙට් ගී එක්ක රැඳෙන්න පුළුවන් කියල කලින් රේඩියෝ පෝස්ට් එකේ කිව්වනේ. ඉතිං මේ කියන්න යන්නෙ අප්සෙට් ගීත කීපයක් ගැන. අප්සෙට් කිව්වට අප්සෙට් නෑ. සින්දුනේ... ඇත්තම කිව්වොත් කිසිම සින්දුවක් අප්සෙට් නෑ. එක එක නීති රීති දාගෙන සින්දු අහල ඒවට ලේබල් ගහන අපි තමයි අප්සෙට්. හැබැයි එහෙම ලේබල් නොගහ සින්දු අහන එකත් සාමාන්‍යයෙන් අමාරු වැඩක්.
එව්වයෙන් වැඩක් නෑ.
සාමාන්‍යයෙන් සෑහෙන්න සින්දු අහන මනුස්සයෙක් විධියට සමහර සින්දු අහද්දි තේරෙන සමහර දේවල් ගැන නොකියා බෑ. මතකයිනෙ ශ්‍රී ලාංකික සමරිසි ගීත එකතුව ගැන, එහෙම නැත්තං සුද්දන්ගෙ සංගීත පිඟාන ගැන. අද කියන්න යන්නෙ ඒ දෙකටම වඩා වෙනස් එකක් ගැන...
අවුරුදු 4කින් කෙලවාගැනීම කියල කියන්නත් පුළුවන් මේකට. ඒ කියන්නෙ අවුරුදු 4 ලව් ගැන ගැන සඳහන් වෙන ගීත. විශේෂයෙන් ලියන්න තරම් ඒක විශේෂ වෙන්නෙ මේ ලක්ෂණ තියෙන සින්දු 4ක්ම මට හමුවීමයි. අනික මමත් අවුරුදු 4කින් කෙලවාගැනීම නිසයි... ඒක වෙන කතාවක්!
මේක තමයි පළවෙනි එක.
තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබේ
සුවඳ මා ළගින් //
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ //
අළුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ
තනි වෙන්නට මගේ ලොවේ...
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ //
සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොහි වේදෝ
තනි වෙන්නට මගේ ලොවේ...
සංගීතය - රෝහණ වීරසිංහයන්
ගී පද - බුද්ධදාස ගලප්පත්ති
අනේ පව්... අවුරුදු 4කින් ගොළු වෙලා ගිහින්. හැබැයි වික්ටර් රත්නායක තාම ගොළු නෑ.
බලන්න මෙයාට මොකද වෙලා තියෙන්නෙ කියලා
සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා
කඳුලක් වී දෙනෙතෙහි පාවේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිවු වසරක් ගෙවුණා
ආදරයට සිවු වසරක් ගෙවුණා
රතු මල් කලඹක සුවඳ ගලා ගිය
මනරම් වූ ඒ හැන්දෑවේ
සුදු මල් අහුරක් අතින් තුරුලු කර
කවුරුද හොර රහසෙම හැඬුවේ
කාටද පෙම් ලොව දුක දැණුනේ
සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා...
පෑයූ රන් දේදුනු නිල් අහසේ
වැහි කෝඩෙන් සැඟවී යනවා
මනමාලී ඔබෙ විකසිත පැතුමන්
පවු කල දෑසින් පාරනවා
රෑ සඳ මගෙ තනියට එනවා
සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා...
ආදරේට අවුරුදු 4 පිරෙන දවසෙ වෙන කෙනෙක් එක්ක යන එක හරිද මන්දා. චන්දන ලියනාරච්චිත් අවුරුදු 15ක් විතර පැණි බේරෙන සින්දු කිව්වට පෙළවහක් කරගත්තෙ මේ ළඟදිලු නේ...
මෙතන තියෙන්නෙ තව ඒ වගේ එකක්...
සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා
මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි තිබුණා
ඊයේ වන තුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුණා
ඔබේ චපලකම හඳුණාගන්නට සිව් වසරක් ගෙවුණා
යාළු මිතුරු කැල ඔබ ගැන කී දෙය ගැන නෑ මා සිතුවේ
පාළු සිතට මගෙ එළියක් ඔබගෙන් ලැබගන්නයි පැතුවේ
ලෝකය එරෙහිව ආවත් මා හැර නොයන බවයි කීවේ
ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක ඔබමයි මට ලීවේ
සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා...
මංගල දිනයට ඇරයුම් කෙරුවත් කෙළෙසද මා එන්නේ
පෙම් කල සිතකට වෛර කරන්නට සිත නෑ ඉඩ දෙන්නේ
සිතට වහල් වී මා හැර යන මුත් නෑ දොස් පවරන්නේ
ඔබ වැනි ළඳකට පෙම් කල මා ගැන මම අද දුක්වෙන්නේ
සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා...
පුන්සිරි සොයිසට නං වෙලා තියෙන්නෙ මේ වගේ අකරතැබ්බවල්ම තමයි.
මේකත් බලන්නකෝ. ඒ තරම්ම ජනප්‍රිය නෑ මගෙ හිතේ. හැබැයි මේත් එහෙම එකක්. මේක මට හම්බ වුණේ මෙතන තියෙද්දි.
හන්තාන කඳු වැටිය එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ ගලායාවී හෙටත්
සරසවියෙ තුරුවදුලු මිලින වී නෑ තවත්
එහෙත් අද කුමරියේ ඔබ කොහිද මා කොහිද
එදා අප පෙම් වදන් දෙඩූ ලිය මඩුලු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමග නිදා සිටි අවන්හල දෙසුම්හල
පුරුදු සේ බලාගෙන ඉන්නවා
හන්තාන කඳු වැටිය එදා වාගෙයි අදත්
මේ බිමේ සැඟව ඇති සිව් වසක අතීතය
යලි යලිත් මතකයට නැගෙනවා
මහත් වෙහෙසක් දරා සඟවන්න තැත් කරත්
නෙතු අගට කඳුළු බිඳු නැගෙනවා
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා
ගී පද - උපාලි මල්දෙණිය
අමරසිරි පීරිස් හන්තානට පායන හඳ ගැන අවුරුදු 4ක්ම අහලත් වැඩක් වෙලා නෑ...
ඇත්තට හන්තාන ගැන සින්දුත් බර ගාණක් ඇති නේද?
ඔය කිව්වෙ අවුරුදු හතරෙ කතාව... මේ කියන්නෙ මැකී යන කතාව...
අහල තියෙනව ඇති මේක. චන්ද්‍රකුමාර් කඳනාරච්චි මහත්තයගෙ...
මිරිඟුව නලියන පාර දිගේ
ඔබ යනවා ඈතට යනවා
නොපෙනී යන තුරු පුංචි තිතක් වී
මා සිටියා ඔබ මැකී ගියා
අහිංසකයි ඔබ පරාජිතයි මා
එකම හදයි මේ දෙකඩ වුණේ
සමුගන්නේ ඔබ හමුවුනු හින්දයි
මියැදෙමු උපදින්නට ආයේ
මිරිඟුව නලියන පාර දිගේ...
අකුරු ලියා නැති හිස් පිටුවක් වී
හිතත් ඉතින් අසරණ වෙද්දෙන්
අතොරක් නැති පෙම් විරහ කරදරෙන්
මමත් ඔහේ අසරණ වෙද්දෙන්
මිරිඟුව නලියන පාර දිගේ...
මැකී ගිහිල්ල නේද? එතකොට මෙන්න මේකත් අහල ඇති අනිවාම! අමරසිරි පීරිස් ලේසියෙන් එහෙ මෙහෙ වෙන්න විධියක් නෑ...
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුල මල පෙති අග තවරා
ඉහිදුම් සලුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොලුවූ හදකින්
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
යළි කවදාවත් හමු නොවනා බව
මද පවනක් හිස අත ගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
සංගීතය - එච් එම් ජයවර්ධන
ගී පද - සුනිල් සරත් පෙරේරා
ඒකටත් පස්සෙ එහෙනං මේක... මේක පහුගිය ටිකේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්තයව උඩට උස්සල තියපු සින්දුවක්නේ. ඒකත් දැන් මැකිල ගිහින්...
ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්
තනිකමෙන් ගඟ ගලා යනවා
සඳේ නුඹ නෑ අම්බරේ
විඳවමින් සිත සොයනවා තව
ඔයා කොතනද හැංගුනේ
අපි හමුවුනොතින් සඳ එයි නැගිලා
ගංගාවට එලිය අරන්
ආදර මල් යායක් අරන්
බලා ඉන්නම් තව හුඟක් කල්
ඔයා එනතුරු මා සොයා
ඔයා නාවත් ඉවසලා හිත
හදාගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා
ගඟ සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්
ඔයා නිසා මගේ සිනා
ගායනය - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි
සංගීතය - රදීශ් වැන්දබොනා
පද රචනය - ලසිත් ජයනෙත්තිආරච්චිගේ
එහෙනං හරිනේ... ඔය තමයි අහම්බෙන් අහුවුණ අවුරුදු හතරෙන් මැකී යන ගීත. මේවයින් ගන්න තියෙන්නෙ එකම එක ආදර්ශයයි. ඔයාලත් අවුරුදු 4 සමරන විධියෙ අවස්ථාවල් බලාපොරොත්තු වෙනවනං ප්‍රවේසං වෙන්න වෙයි. මොකද නොසිතූ විධියට මැකී යන්ඩ ඉඩ තියෙනවා...
එව්වයෙන් වැඩක් නෑ.
සාමාන්‍යයෙන් සෑහෙන්න සින්දු අහන මනුස්සයෙක් විධියට සමහර සින්දු අහද්දි තේරෙන සමහර දේවල් ගැන නොකියා බෑ. මතකයිනෙ ශ්‍රී ලාංකික සමරිසි ගීත එකතුව ගැන, එහෙම නැත්තං සුද්දන්ගෙ සංගීත පිඟාන ගැන. අද කියන්න යන්නෙ ඒ දෙකටම වඩා වෙනස් එකක් ගැන...
අවුරුදු 4කින් කෙලවාගැනීම කියල කියන්නත් පුළුවන් මේකට. ඒ කියන්නෙ අවුරුදු 4 ලව් ගැන ගැන සඳහන් වෙන ගීත. විශේෂයෙන් ලියන්න තරම් ඒක විශේෂ වෙන්නෙ මේ ලක්ෂණ තියෙන සින්දු 4ක්ම මට හමුවීමයි. අනික මමත් අවුරුදු 4කින් කෙලවාගැනීම නිසයි... ඒක වෙන කතාවක්!
මේක තමයි පළවෙනි එක.
තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබේ
සුවඳ මා ළගින් //
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ //
අළුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ
තනි වෙන්නට මගේ ලොවේ...
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ //
සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොහි වේදෝ
තනි වෙන්නට මගේ ලොවේ...
සංගීතය - රෝහණ වීරසිංහයන්
ගී පද - බුද්ධදාස ගලප්පත්ති
අනේ පව්... අවුරුදු 4කින් ගොළු වෙලා ගිහින්. හැබැයි වික්ටර් රත්නායක තාම ගොළු නෑ.
බලන්න මෙයාට මොකද වෙලා තියෙන්නෙ කියලා
සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා
කඳුලක් වී දෙනෙතෙහි පාවේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිවු වසරක් ගෙවුණා
ආදරයට සිවු වසරක් ගෙවුණා
රතු මල් කලඹක සුවඳ ගලා ගිය
මනරම් වූ ඒ හැන්දෑවේ
සුදු මල් අහුරක් අතින් තුරුලු කර
කවුරුද හොර රහසෙම හැඬුවේ
කාටද පෙම් ලොව දුක දැණුනේ
සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා...
පෑයූ රන් දේදුනු නිල් අහසේ
වැහි කෝඩෙන් සැඟවී යනවා
මනමාලී ඔබෙ විකසිත පැතුමන්
පවු කල දෑසින් පාරනවා
රෑ සඳ මගෙ තනියට එනවා
සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා...
ආදරේට අවුරුදු 4 පිරෙන දවසෙ වෙන කෙනෙක් එක්ක යන එක හරිද මන්දා. චන්දන ලියනාරච්චිත් අවුරුදු 15ක් විතර පැණි බේරෙන සින්දු කිව්වට පෙළවහක් කරගත්තෙ මේ ළඟදිලු නේ...
මෙතන තියෙන්නෙ තව ඒ වගේ එකක්...
සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා
මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි තිබුණා
ඊයේ වන තුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුණා
ඔබේ චපලකම හඳුණාගන්නට සිව් වසරක් ගෙවුණා
යාළු මිතුරු කැල ඔබ ගැන කී දෙය ගැන නෑ මා සිතුවේ
පාළු සිතට මගෙ එළියක් ඔබගෙන් ලැබගන්නයි පැතුවේ
ලෝකය එරෙහිව ආවත් මා හැර නොයන බවයි කීවේ
ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක ඔබමයි මට ලීවේ
සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා...
මංගල දිනයට ඇරයුම් කෙරුවත් කෙළෙසද මා එන්නේ
පෙම් කල සිතකට වෛර කරන්නට සිත නෑ ඉඩ දෙන්නේ
සිතට වහල් වී මා හැර යන මුත් නෑ දොස් පවරන්නේ
ඔබ වැනි ළඳකට පෙම් කල මා ගැන මම අද දුක්වෙන්නේ
සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා...
පුන්සිරි සොයිසට නං වෙලා තියෙන්නෙ මේ වගේ අකරතැබ්බවල්ම තමයි.
මේකත් බලන්නකෝ. ඒ තරම්ම ජනප්‍රිය නෑ මගෙ හිතේ. හැබැයි මේත් එහෙම එකක්. මේක මට හම්බ වුණේ මෙතන තියෙද්දි.
හන්තාන කඳු වැටිය එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ ගලායාවී හෙටත්
සරසවියෙ තුරුවදුලු මිලින වී නෑ තවත්
එහෙත් අද කුමරියේ ඔබ කොහිද මා කොහිද
එදා අප පෙම් වදන් දෙඩූ ලිය මඩුලු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමග නිදා සිටි අවන්හල දෙසුම්හල
පුරුදු සේ බලාගෙන ඉන්නවා
හන්තාන කඳු වැටිය එදා වාගෙයි අදත්
මේ බිමේ සැඟව ඇති සිව් වසක අතීතය
යලි යලිත් මතකයට නැගෙනවා
මහත් වෙහෙසක් දරා සඟවන්න තැත් කරත්
නෙතු අගට කඳුළු බිඳු නැගෙනවා
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා
ගී පද - උපාලි මල්දෙණිය
අමරසිරි පීරිස් හන්තානට පායන හඳ ගැන අවුරුදු 4ක්ම අහලත් වැඩක් වෙලා නෑ...
ඇත්තට හන්තාන ගැන සින්දුත් බර ගාණක් ඇති නේද?
ඔය කිව්වෙ අවුරුදු හතරෙ කතාව... මේ කියන්නෙ මැකී යන කතාව...
අහල තියෙනව ඇති මේක. චන්ද්‍රකුමාර් කඳනාරච්චි මහත්තයගෙ...
මිරිඟුව නලියන පාර දිගේ
ඔබ යනවා ඈතට යනවා
නොපෙනී යන තුරු පුංචි තිතක් වී
මා සිටියා ඔබ මැකී ගියා
අහිංසකයි ඔබ පරාජිතයි මා
එකම හදයි මේ දෙකඩ වුණේ
සමුගන්නේ ඔබ හමුවුනු හින්දයි
මියැදෙමු උපදින්නට ආයේ
මිරිඟුව නලියන පාර දිගේ...
අකුරු ලියා නැති හිස් පිටුවක් වී
හිතත් ඉතින් අසරණ වෙද්දෙන්
අතොරක් නැති පෙම් විරහ කරදරෙන්
මමත් ඔහේ අසරණ වෙද්දෙන්
මිරිඟුව නලියන පාර දිගේ...
මැකී ගිහිල්ල නේද? එතකොට මෙන්න මේකත් අහල ඇති අනිවාම! අමරසිරි පීරිස් ලේසියෙන් එහෙ මෙහෙ වෙන්න විධියක් නෑ...
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුල මල පෙති අග තවරා
ඉහිදුම් සලුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොලුවූ හදකින්
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
යළි කවදාවත් හමු නොවනා බව
මද පවනක් හිස අත ගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
සංගීතය - එච් එම් ජයවර්ධන
ගී පද - සුනිල් සරත් පෙරේරා
ඒකටත් පස්සෙ එහෙනං මේක... මේක පහුගිය ටිකේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්තයව උඩට උස්සල තියපු සින්දුවක්නේ. ඒකත් දැන් මැකිල ගිහින්...
ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්
තනිකමෙන් ගඟ ගලා යනවා
සඳේ නුඹ නෑ අම්බරේ
විඳවමින් සිත සොයනවා තව
ඔයා කොතනද හැංගුනේ
අපි හමුවුනොතින් සඳ එයි නැගිලා
ගංගාවට එලිය අරන්
ආදර මල් යායක් අරන්
බලා ඉන්නම් තව හුඟක් කල්
ඔයා එනතුරු මා සොයා
ඔයා නාවත් ඉවසලා හිත
හදාගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා
ගඟ සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්
ඔයා නිසා මගේ සිනා
ගායනය - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි
සංගීතය - රදීශ් වැන්දබොනා
පද රචනය - ලසිත් ජයනෙත්තිආරච්චිගේ
එහෙනං හරිනේ... ඔය තමයි අහම්බෙන් අහුවුණ අවුරුදු හතරෙන් මැකී යන ගීත. මේවයින් ගන්න තියෙන්නෙ එකම එක ආදර්ශයයි. ඔයාලත් අවුරුදු 4 සමරන විධියෙ අවස්ථාවල් බලාපොරොත්තු වෙනවනං ප්‍රවේසං වෙන්න වෙයි. මොකද නොසිතූ විධියට මැකී යන්ඩ ඉඩ තියෙනවා...
Subscribe to:
Posts (Atom)


_20130512-00175820.jpg)
