මේ අදහස
කවියකට ගන්න එක
අසාර්ථක වුණා.
ඒ වුණාට මේක
අපි ජීවත් වෙන
රටාවන් පහැදිලි කරගන්න
මං දරපු
මෝඩ උත්සාහයක්.
හඳේ භ්‍රමණ සහ
පරිභ්‍රමණ වේග වල
තියෙන සමානකමක් නිසා
හැමවිටම පොලොවට පේන්නෙ
හඳේ එකම පැත්ත.
හඳේ එහා පැත්ත
අපට කවදාවත්
පේන්නෙ නෑ.
අපි හැමෝමත් හඳ වගේ.
අපි දිහා බලන අයට
පේන්නෙ අපේ කොටසයි.
අනිත් පැත්ත
සහමුලින්ම වැහිලා.
වෙලාවකට
අපේ හිත් වුණත්
එහෙමයි.
Thursday, 15 January 2009
Wednesday, 14 January 2009
උවමනාව
අපට යමක් කරන්න හෝ නොකර ඉන්න උවමනාව තිබුණ නම් ප්‍රමාණවත්. යමක් කරන්න උත්සාහ දරන්න පුළුවන් උවමනාව තියෙනවනම්. යමක් නොකර ඉන්නත් පුළුවන් උවමනාව තියෙනවනම්.
මේ උවමනාව කියන එකට අපි සලකනව මදි. ලෝක උවමනා දිනය වගේ එකක් නම් කලා නම් හරි.
දිනයක් වශයෙන් නම් උවමනාවත් අල වෙයි තමයි. ඒකට කරන්න දෙයක් නෑ...
මේ උවමනාව කියන එකට අපි සලකනව මදි. ලෝක උවමනා දිනය වගේ එකක් නම් කලා නම් හරි.
දිනයක් වශයෙන් නම් උවමනාවත් අල වෙයි තමයි. ඒකට කරන්න දෙයක් නෑ...
වෙනස් වීම
මම හිතං හිටියෙ මට වෙනස් වෙන්න ඕන කියල වුණත් වෙනස් වෙන්න අවස්ථාවක් ආවම මම කැලඹෙන විධිය මටම ප්‍රහේලිකාවක් වෙලා. අවුරුදු ගානක් මම ජීවිතේ වෙනසක් හෙව්වා. දැන් මට නැවත මගේ දෙමව්පියන් වෙතට ගිහින් රැකියාවක් කරන්න ලැබිල. ඒ වුණාට දැන් මම පුරුදු වෙලා ඉන්න කොළඹ ජීවිතය මාව අවහිර කරන්න අරන්. අන්තර්ජාලය, මගේ යාළුවෝ, මම ඇසුරු කරපු වෙනත් මිතුරන්, මගේ පාරිභෝගික මිතුරන්, මගේ ඥාතීන්, මගේ පෙම්වතිය සියල්ලන්ගෙන්ම මට තාවකාලිකව වෙන් වෙන්න වෙලා. ඒ බැඳීම් එක්ක මම දැන් කැළඹිලා. මම දන්නවා ඒවයින් ගැලවෙන්න ඕන සහ මට ඒක පුළුවන් කියලා. නමුත් මම ඒ ඇලීමට කැමති වෙලා ට්ක කාලයක් ඉන්න ආස වෙලා.
නැවත තුරුදැල පැත්තෙ කවද එයිද? ගෙදරට ගන්න උත්සාහයක් ගමු හෙමිහිට. කොහොම වුණත් මට ආයෙත් කියවන්න නම් අවස්ථාවක් ලැබෙයි.
හැමදේම වෙන්නෙ හොඳටයි කියල හිතන්න මහලොකු අමාරුවක් නැති නිසා හැමදේම හොඳින් සිද්ධ වෙයි.
නැවත තුරුදැල පැත්තෙ කවද එයිද? ගෙදරට ගන්න උත්සාහයක් ගමු හෙමිහිට. කොහොම වුණත් මට ආයෙත් කියවන්න නම් අවස්ථාවක් ලැබෙයි.
හැමදේම වෙන්නෙ හොඳටයි කියල හිතන්න මහලොකු අමාරුවක් නැති නිසා හැමදේම හොඳින් සිද්ධ වෙයි.
Subscribe to:
Posts (Atom)