Thursday, 14 April 2011

කොහා වෙනුවට SMS


සුපුරුදු නිවාඩු දවසකදි වගේම අදත් ඇහුරුණේ පරක්කු වෙලා. ගෙර අනිත් උදවිය නම් ටීවී එක වටේ ඉඳගෙන අවුරුදු සමරනවා. ඒකෙ එකම ඇඩ් එක යනවා එපා වෙනකල්ම... ඇත්තටම ඇහැරුණෙත් ඒකෙ එපා කරපු සද්දෙට. නැත්තං තවත් ටිකක් වෙලා හීනයක් බලන්න තිබුණා...

ඒත් හීන බලන්නත් එක දිගට බැරි වුණා මේ ෆෝන් එක එක දිගට නාද වුණ නිසා. කොහොමත් කොහා වෙනුවට දැන් මේක ආදේශ වෙලා... නම්බර් නැති කට්ටියත් ඇස්ඇම්ඇස් එවලා... හැමදාම වෙනව වගේ එකම මැසේජ් එක වටේ කැරකෙනවා.... ඒත් සාහිත්‍යයෙන් කවීත්වයෙන් අනූන මැසේජ් කීපයක්ම තිබුණා.

මම මේ දාන්නෙ ඒ ආපු කීපයක්...

මටය කියල පතන්න විශේෂ අවුරුදු පැතුමක් නැති නිසා මේ ටික මෙහෙම දාන්නෙ අඩු තරමෙ බලන කෙනෙක්ටවත් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් නිසා...

-----------------------

සිනා ගෙනෙන කිරි ඉතිරෙන සුබ අළුත් අවුරුද්දක් වේවා - සිනා කෙසේ වෙතත් කිරි නම් උතුරවනව නේ... අපට ඉතිං හිනාගියොත් උපහාසෙට, නැත්තං මේ වෙන මල විකාර වලට යන හිනාවක් තමයි!

ලැබූ සිංහල අවුරුද්ද සිතන පතන සියළු දේ ඉටුවන වාසනාවන්ත එකක් වේවා - අවුරුදු ගාණක් තිස්සෙ සිතන එකයි පතන එකයි කරනව වුණාට ඒ වෙනුවෙන් වැඩ නොකර පැතුව කියල විතරක් කොහෙ ඉටු වෙන්නද? අපට ඉතිං විශ්ව ශක්තියත් වැඩ නෑනේ...

එරබුදු කුසුමින්, රබන් සුරලෙන් , කොවුල් නදින්, පවසයි මෙලෙසින්... වේවා සාමය සතුට පිරි සුභම සුභ සිංහල අළුත් අවුරුද්දක් - සාහිත්‍ය නම් මරු. ඒ වුණාට මේ පාරත් කොවුල හිටියෙ ටීවී එකේ විතරයි, රබනුත් ගැහුවෙ ඒකෙ තමයි... එරබුදු ගසුත් කපල දාලනේ...

Sun cant cn 2 earth, bt sent its wish as rays, clouds cant cm 2 earth, bt send its wish as rain, i cant cn 2 u nw, bt sending my wish as SMS - අව්වට කර වෙලා වැස්සට නායයද්දි තමයි ඔය කියන විශ් එකේ ගතිය තියෙන්නේ...

Before sun moves to mesha from meena, Before you see the new year sun rises, I wish you Happy and prosperous new year - මේක ආවෙ අවුරුදු ඉර පායලත් ඉවර වුණාම.. උදේ 9ට විතර....

සිනා කැන් හද පුරා විහිදෙන, ජීවිතේ පැතුම් ඉටුවෙන, ලැබ තවත් දිරි යන්න පෙරටම, පතමි හැම යහපතම වෙන්නට - අනේ නියමයි... දතක් නරක් වෙලා නිසා ඔය හිනා කැන දාන එක තමයි කේස් එක...

-----------------------

මේ එවපුවයින් ටිකක් ගතියක් තියෙන කීපයක්... එකම වගේ ඒවත් අයින් කලා... කොහොමත් ලැබෙන එස්එම්එස් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙන එක හොඳයි. ඈත ඉන්න උන් නම් කමක් නෑ... මේ නිතර දෙවේලෙ හම්බ වෙන උනුත් ඒව එවද්දි තමයි දුක. මේව ගැන ඔය විවේචන දැම්මෙ අහිතකින් නෙවෙයි. ඒව එවන්නෙ ඇත්තටම ඒ මිනිස්සු මට තියෙන බැඳීම නිසා... මේ දැම්මෙ ඒව දැක්ක ගමන් මට හිතුන දේවල් තමයි... මගෙ වෙලාවට උන් එකෙක්වත් මේක බලන එකක් නෑ...

කොහොමත් මම නම් ඉන්නෙ පිස්සු හැදිල නිසා මම ඒ සේරටම සුභ උපන් දිනයක් කියල ගහල ඇරියා....

ඒත් මේ අපේ බ්ලොග් යාළුවෙක්ගෙ ඔත්තුවකින් හම්බවුණ සයිට් එකකින්...

දුරකථන සමාගම් ගැන දුක්ඛ:ප්‍රාප්ත වෙන උදවිය නම් මේක පාවිච්චි කරන්න එපා...

-----------------------

ඇත්තට මෙතන විරෝධාකල්පයක් නෑ... තියෙන්නෙ ගන්න පුළුවන් තැනතින් සතුටු වෙන්න චාන්ස් එකක් තියෙනවද කියල බැලිල්ලක් විතරයි. මේ යන විධියට මේකට විකල්ප හැදෙන්නෙත් නැති නිසා දියුණු වෙමින් යද්දි පැරණි දේවල් නාම මාත්‍රික වෙනව වගේ අවුරුද්දත් ටීවි එක විසින් අපේ ඇ‍ඟේ ගහන දෙයක් බවට පත් වෙලා කියන එක බොරුවක් නෙවෙයි.

එහෙනං ඔයාලටත් සෙම වේවා....


අන්තිම වෙනකල් මේක කියෙව්වනම් මේවත් කියවන්න ආස වෙයි...


6 comments:

  1. කවුද බොලේ මේ අවුරුද්දේ ඔයා ලගට එන්න බැරිව අඩන්නේ ත්‍රාවෝ වත් ද? :-/

    ‍මටත් ‍දෙක තුනක් ඇවිත් තිබ්බා.. හයියෝ ඒ එකක් නම් මාදැලක් වගේ අනේ මන්දා ඒ එක මැසේජ් එක එවන්න එස් එම් එස් 5ක විතර සල්ලි යන්න ඇති. පව්!

    ReplyDelete
  2. ඒ කතාවනම් ඇත්ත.. දැන් අවුරුදු නවීකරණය වෙලා... ඉතින් ඒ නවීකරණයෙන්ම මමත් මේ බ්ලොග් එකේ ඉදන් සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා පතනවා..

    ReplyDelete
  3. නවීකරණය කියන වචනය අලුත් අවුරුද්දෙ වචන වලම තියෙනවා. හැබැයි නවීකරණය කියල අපි කරන්නේ .. පැරණි දේවල් ආපහු ඇදල අරන් ඒ විදිහට එක දවසක් ගෙවන එක ..... හිහි

    ඔන්න ඔහේ ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...........

    ReplyDelete
  4. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  5. මලී - කොහොමද දැනගත්තෙ එයා කියල?

    දිනේෂ් - එල එල මචන්... බොහොම ස්තූතියි!

    සොසී - ඒකෙත් ගතියක් තියෙනවා තමයි... ඒ වුණාට ඒව දැන් අපේ එදිනෙදා ජීවිතේ එක්ක බැඳිල නෑ... ඒකයි මේ අවුල... නැත්තං මේක ආතල් ලෝකයක්නේ...

    කසූ - සිංහල වියුණු අවකාශය බබලන්ට
    හරි හෝ වැරදි තම අදහස පතුරන්ට
    නිදහස තියෙන තුරු ඒවා කියවන්ට
    පුවරුවෙ කොටමු ඕනෑ මගුලක් වෙන්ට

    ReplyDelete
  6. අම්මප මටත් ආව සෑහෙන්න එස්. එම්. එස් ඉස්සර. දැනුත් අවුරුද්දට විස්සක් තිහක් වරදින්නෙ නෑ. ඒවයෙන් සීයට අසූවක්ම අවුරුද්දෙ එක දවසකවත් කෝල් එකක් නොදෙන එවුන්. ඔහේ යවන්නං වාලෙ යවන මැසේජ්වලට රිප්ලයි කරන එක නවත්තල දැනට අවුරුදු දෙකක් විතර වෙනව.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!