Saturday, 30 April 2011
අවසානයට පෙර | විද්‍යා ප්‍රබන්ධයක්ද මන්දා...
හතරවෙනි වෙනි ලෝක යුද්ධයෙදි එතෙක් පැවතුණ හැම එකකදිම සහභාගි වුණාට වඩා රටවල් ඒකට සහභාගි වුණා. මධ්‍යම යුරෝපයේත් ලතින් ඇමරිකාවෙත් රටවල් කීපයක් ඇරුණම මුළු ලෝකෙම පැති කීපයකට බෙදිල එකිනෙකා මරාගත්ත.
ඒත් දැන් ඒක ඉවරයි. ඉතිරි වෙලා තිබුණ සම්පත් සහ ශ්‍රමය වැය කරල නැති වුණ ලෝකය ගොඩනගන්න උවමනා කරන සැලැස්මකයි ඊට පස්සෙ ලෝකය පැවතුණේ. ඒත් තවදුරටත් වලංගු නොවුණ දේශානුරාගය කියන හැඟීමට විදුලිය සැපයෙමින් ලෝකයේ තැනින් තැන පුංචි රටවල් අතර යුද්ධ ඇවිලුණා.
ආයෙත් ලෝකයම එක තැනකට ආවෙ ලෝකය පුරා රටවල් යා කරමින් නැවත ඉදිවෙමින් පැවතුණ සයිබර් ජාලය පුරා විසිරිලා ගිය ප්‍රවෘත්තියක් නිසා. පැය කීපයක් ඇතුලත ඒක මුළු ලෝකෙම විද්‍යුත් සහ මුද්‍රිත සන්නිවේදන මාර්ග වල එකම ප්‍රවෘත්තිය වුණා.
ඒක අයිතිකරුවෙක් නැති පණිවුඩයක්. නිකුත් වෙලා තිබුණෙ හඳෙන්...
ඒකෙ වැඩි විස්තරයක් තිබුණෙ නෑ.
ඉතාම ඉක්මනින් හඳ ලෝකයට අහිමි වෙන බවත් එක්ක ලෝකෙ හොඳම ගණිතඥයන්වත් අමාරුවෙ දාපු සමීකරණ කීපයක් විතරයි පණිවිඩය වුණේ.
මෙතුවක් කල් හඳ කියන්නෙ රාත්‍රියට විතරක් ඉඳල හිටල මතක් වුණ කවියොයි ආදරවන්තයොයි මසුන් මරන්නොයි විතරක් ආදරය කරපු දෙයක් වුණාට ඒ මොහොතින් පස්සෙ කවුරුත් හිටියෙ හඳ දිහා බලාගෙන. හරියට ඒක නැති වෙයි වගේ.
ප්‍රවෘත්තිය විශ්ලේෂණය කරල ලෝකෙ හිටපු විද්වත්තු එක එක කතා කියන්න පටන් ගත්ත. ජ්‍යෝතිර්වේදියො විද්‍යුත් මාධ්‍ය වල තරු බවට පත්වෙලා හිටිය. කොහොම වුණත් උපකල්පන ඇරුණම කාටවත් හරියට වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න පුළුවන් වුණේ නෑ. වඳවීමට ලක්වෙලා තිබුණ දෙවියන් ආයෙමත් ජනප්‍රිය වුණා. දූවිලි බැඳුණු පරණ පොත්වල එක එක පාඨ කොටස්වලට අළුත් තේරුම් ආවා. මෙතුවක් පිලිගන්න පුළුවන් සාක්ෂි නොතිබුණ පිටසක්වල ජීවය සහ බුද්ධිය ගැන එකපාරම ලොකු කතිකාවක් ඇති වුණා.
බොහොමයක් දෙනා විශ්වාස කලේ දෙවියන් තමන්ව අත්හැරපු බවයි. ඒකට හේතුව විධියට එකිනෙකා විනාශකරගැනීම දක්වා මිනිස්සු පිරිහීම කියන කාරණේ ලොකු තල්ලුවක් දුන්නා. නමුත් තවමත් අවස්ථාවක් ඉතිරි වෙලා තිබීම නිසා කවුරුත් දෙවියන් ගැන කිසි දෙයක් ස්ථිරව කිව්වෙ නෑ.
ලෝකෙම සුපිරි පරිගණක හඳෙන් ආපු සමීකරණ විසඳන්න ඔට්ටු වුණා. ඒ අතරෙ ඒව සයිබර් අවකාශයේ ප්‍රචලිත කරේ ඕනෙම කෙනෙක්ට විසඳන්න පුළුවන් විධියට. සමීකරණ කීපයේ තිබුණ විචල්‍යය ගණනාවක් එක එක දේවල් වලට සම්බන්ධ කරමින් අදාල මූල හොයාගන්න එක ලේසි වැඩක් වුණේ නෑ. ගණිතඥයො එක්ක දාර්ශණිකයො, ලේඛකයො වගේ ගණිතය නොදත් අයත් සමීකරණ වල විචල්‍යය බදාගෙන දඟලන්න අරන් තිබුණා.
පෘථිවියට හඳේ එකම පැත්ත පේන්නෙ ඇයි කියන ප්‍රශ්ණයට හැමදාම පිලිතුර වුණේ හඳේ භ්‍රමණ සහ පරිභ්‍රමණ වේග සමාන වීමයි කියන ප්‍රකාශය. ඒක එහෙමයි කියල පිලිගත්ත මිස ඒක එහෙම වෙන්නෙ ඇයි කියල හිතන්න කවුරුත් පෙළඹුනේ නෑ. හඳේ අනිත් පැත්ත ගවේශණය කරන්න බිහිවුණ අභ්‍යවකාශ ව්‍යාපෘති ගණනාවක් සැලසුම් වලට විතරක් සීමා වෙලා නතර වෙලා නොතිබුණා නම් හඳේ නොපෙණෙන පැත්ත හොඳින් විශ්ලේෂණය කරන්න තිබුණා. ඒත් ලෝක ආදායමෙන් හතරෙන් එකක්ම යුද්ධ වලට වියදම් වීමත් එක්ක අභ්‍යවකාශ ව්‍යාපෘති තිබුණෙ එකින් එක නවතින්න අරන්. ඒ එක්කම ලෝක ආර්ථික අර්බුද එක්ක පාලනය කරගන්න බැරිව වර්ධනය වුණ ජනගහනයට සැපයීම් කරන්න සැලකිය යුතු මුදලක් වියදම් වුණා.
පැවැත්ම වෙනුවෙන් භෞතිකය වෙනුවට කලාව, ආගම, දර්ශණය එක්ක පටු ලාභ වෙනුවෙන් මතු කරපු ස්වෝත්තමවාදී හැඟීම් රජ කරපු යුගයකදි අභ්‍යවකාශය වෙනුවෙන් කවුරුත් ආයෝජනය කලේ නෑ.
ඒත් අවසානයෙ එක රාත්‍රියකදි හිටිහැටියෙම හඳ පුංචි වෙන්න ගත්තා. ඒක ටිකෙන් ටික පෘථිවියෙන් ඉවතට ගියා. ගණන් බැලීම් අනුව ඒකෙ ඉලක්කය වුණේ ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය වුණත් සති කීපෙකට පස්සෙ ඒ ගැන හොයන්න කවුරුත් උනන්දු වුණේ නෑ.
බොහොම ඉක්මනින් විද්‍යාඥයින් කීපදෙනෙක්ට පොටක් අල්ලගන්න පුළුවන් වුණා. ඒත් ඒ වෙනකොට වෙන්න ඕන හැමදේම සිද්ධවෙලා ඉවර වෙලත් ඉවරයි.
පෘථිවිය ටිකෙන් ටික සූර්යයා දිහාවට ඇදෙන්න අරන් තිබුණා. මෙතුවක් කල් හඳෙන් වුණේ සූර්යයා එක්ක පෘථිවි කක්ෂය සමපාත කිරිමක්. ඒ එක්කම හඳ අපට කවදාවත් හොයාගන්න පුළුවන් වෙයිද කියන හිතන්න බැරි බුද්ධියක නිර්මාණයක්. ඒක නැතිව පෘථිවිය අසමපාත වුණා. බීපු මිනිහෙක් වගේ ඒක දෙපැත්තට පැද්දුණේ නැතත් සූර්යයාගෙ ආකර්ෂණය හිටියෙ පෘථිවිය ගිලගන්න බලාගෙන.
පෘථිවිය සූර්යයාගෙන් නියම දුරක රඳවගත්තෙ හඳෙන්. පෘථිවිය ජීවයට හිතකර ග්‍රහලෝකයක් වුණේ ඒ නියම කක්ෂයේ රැඳුණ නිසා. හඳ ගැන එක එක කතා දන්න අතීතයෙ ඉඳන් තිබුණත් ඒක නැතිවෙනකල් හඳේ භෞතික උවමනාව අපට තේරිල තිබුණෙ නෑ. ක්ෂුද්‍ර ජීවින්ගෙ ඉඳන් සත්ත්ව මිනිස් සංස්කෘති හරහා සයිබර් ජීවය දක්වාම ලෝකය සංවර්ධනය වුණේ හඳ නිසා. ඒත් දැන් හඳේ සමපාතනයෙන් තොරව සූර්යයා වටේ සම්පූර්ණ කරන හැම පරිභ්‍රමණයකදීම පෘථිවියෙ මධ්‍ය කක්ෂයේ අරය ටිකෙන් ටික අඩු වුණා.
අන්තිමේදි ගණනය කරල හොයාගත්තෙ පෘථිවිය අවුරුදු තිහක් ඇතුලත සිකුරුගේ මධ්‍ය කක්ෂයට සමපාත වෙන බවයි. ඒ දක්වා පොළොව අභ්‍යන්තරයෙ වාසස්ථාන වල ඉන්න මිනිස්සුන්ට පුළුවන් වුණත් සිකුරුගේ ඉඳන් ඉදිරියට තියෙන්නෙ ලෝකෙ වටේටම ගිණියම් වීමක්.
ඒ වෙද්දි මිනිස් වර්ගයා පවත්වගැනීමේ හැකියාව වෙනුවෙන් විකල්පයක් හොයාගන්න බැරි වුණොත් තවත් වඳවී ගිය ජීවීන් කොටසක් විධියට පෘථිවියේ සත්ත්ව වර්ග ගැන කතාකරන්නවත් කවුරුවත් ඉතිරි වෙන එකක් නෑ. හැබැයි සහමුලින්ම විනාශ වෙන්න කලින් සැලකිය යුතු කාලයක් පවතින්න ඉඩ දීමත්, විසඳන්න තිබුණ සමීකරණ කීපයත් නිසා කවුරුත් බලාපොරොත්තු අතහැරගන්න හිතුවෙ නෑ. සමීකරණ වලින් යහපත් බලාපොරොත්තුවක් ඇතිකරගන්න අවස්ථාව සැලසෙන බව බොහොමයක් දෙනා විශ්වාස කෙරුව.
වෙනත් ග්‍රහලෝකයක්, සඟවපු අභ්‍යවකාශ යානයක්, සමාව අයදින්න ක්‍රමයක්, උල්කාවකින් ආයෙත් පෘථිවි කක්ෂය සමපාත කිරීමක් වගේ එක එක උපකල්පන මැද ලෝකෙම මිනිස්සු අන්තිමේ එක බලාපොරොත්තුවක් වෙනුවෙන් අත්වැල් බැඳගනිමින් හිටියා...
.....................................................................
අපරාදෙ මේක මේ තරම් වෙලා අරන් කියෙව්වේ... මේකෙ ෂෝට් වර්ෂන් එක බලන්න One|Zero|Zero වෙත යන්න
Subscribe to:
Post Comments (Atom)
සෑහෙන්ට හොදයි කතාව.තව පොඩ්ඩක් කතාව මදිද කොහෙද ?
ReplyDeleteමේක මාරයි මම එහෙම කියන්නේ, ඇත්තටම මෙහෙම උනොත් අපිට වෙන දේවල් වල ආරම්භයක් හොයාගන්න අපිට වෙනම චෛතසික තනා ගන්න වෙයි. හොඳම හොඳ උත්සහයක්..!! ලියන්න ආස හිතුනා මේක දැක්කම ආයිමත්..!!
ReplyDeleteඇත්තටම විශිෂ්ඨ ප්‍රභන්දයක් අයියේ.. මේ යන විදිහ අනුව ඉස්සරහට එහෙම වෙන්නත් පුළුවන්..
ReplyDeleteසුපිරි කතාවක් ඇත්තටම එහෙම වේවිද ? එක හුස්මට මම කියෙවුවා .මේවගේ ලියවිල්ලක් මටනම් හීනෙකින් වත් ලියාගන්න බෑ ! මාරම ගති ..
ReplyDeleteමරු මරු...
ReplyDeleteමොන දේ වුණත් නැතිභංග වෙන්න ඕනි වටිනාකම වැටහෙන්නනම්..
තීක්ෂණ, ලිෂා, දිනේෂ්, සඳරු සහ අවුට් සමග රස වින්ද හැමෝටම ස්තූතියි. මේක ඇත්තටම හිතුවොත් වෙන්න පුළුවන් දෙයක්ද කියන එක තාම අවුලක්. හඳ කියන්නෙ පෘථිවියත් එක්ක බැඳුණු වස්තුවක් වුණත් හඳ නැතිවුණොත් ඒක පෘථිවියට ඔය තරම් දරුණුවට බලපායිද කියන එක ෂුවර් නෑ. මොනව වුණත් ඒ ඔස්සේ හ්තන්න ඒක බාධාවක් වෙන්නෙ නෑනේ... :D
ReplyDeleteලිෂා ලියන එක නතර කරල නෑනෙ ඉතිං... :-)
Write in English mate. Sad abt u ppl in sl.
ReplyDeleteනියම ප්‍රබන්ධයක්.
ReplyDeleteඑහෙම වුනොත් ඉතිං හඳට යන්න කියලයැ. හඳත් නෑනෙ..
ඇනෝ - කඩ්ඩ පොලිස් නෑනෙ අයියා... සාමාන්‍ය ගම්බට්ටෙක්. පොලිස් වුණ දාක ලියමු ඉංගිරිස් වලිං :D
ReplyDeleteතාරක - හි හී... වලපල්ලට තමා යන්න වෙන්නේ ;-)
වලක් හොයන්නේ කොහෙන්ද බන්??? :P
ReplyDeleteඅනේ මන්දා... මේ දවස් වල මමත් ඔය වගේම පෝස්ට් එකක් ලියාගෙන යනවා. හැබැයි අවංකෙන්ම කියන්නේ ඔයාගේ පෝස්ට් එක දැක්කේ අද අහම්බෙන්. හැබැයි මගේ කථාවේ අවසානය ඔයාගේ එකට ප්‍රතිවිරුද්ධයි. කියවන්න එන්න.
ReplyDeletehttp://chathucn.blogspot.com/2011/05/1.html#more
ශා....මේකනම් නියමයි,...මට නිකමට හිතුණා..මේ තියරි එක විද්‍යාඥයෙක්ට කියලා බැලුවොත් නරකද කියලා..වැරදිලා හරි හඳ නැති වෙලා යයි කියලා බය හින්දයි මකුළු පැංචි එහෙම කීවේ... :D
ReplyDeleteඑළම එළ............ සද්දයක් බද්දයක් නැතුවම කියවන් ගියා. ඇත්තටම ඔහොම එකක් වුනොත් ? :D
ReplyDeletewish you the all best and write another scientific creation
ReplyDelete