Thursday 23 February 2023

නිවන් සුව ලැබේවා

එපා කරපු එවුන්ට නිවන් සුව පතන එක මරු වැඩක්. ඒක කවුරුවත් ප්ලෑන් නොකරපු සෝෂල් වැඩක් කියලයි දැනට මට හිතෙන්නෙ. එහෙම කියන එක නිවන ගැන වැරදි විදියට අර්ථ දැක්වීමක් කියල සමහර අය කියනවත් ඇහුණා.

මෙතනදි කට්ටිය නිවන් සුව ලැබේවා කියල කියන්නෙ 'මැරියං' කියල කියන එකටනේ. අපි කොහොමත් හරියටම ඕන දේ කියනවට වඩා වටේ යන්න දක්ෂ නිසා එහෙම නොකියා ටිකක් පොලයිට් විදියට 'නිවන් සුව' කියල කියනවා.

ලංකාවෙ ඝන වස්තුවල ධර්ම ඩිලිවරිය කොහොමද කියනවනම් නිවන් සුවය කියන එක මැරුණට පස්සෙ ලැබෙන එකක් කියල තමයි මිනිස්සු තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා මැරුණට පස්සෙ ඒක ලැබියං කියල ප්‍රාර්ථනා කරල පොඩ්ඩක් හිත සනසවගන්නවා.

කොහොම වුණත් නිවන් ලබපු කෙනෙක්ට ආයෙ ඉපදීමක් තියෙන්න විදියක් නෑ තියරියට අනුව නම්. නිවන් දැකපු කෙනෙක් නැවත ඉපදීම කියන හුය බිඳල දාල නිදහස් මනුස්සයෙක් වෙනවා. ඊට පස්සෙ එයාට ඉපදීමක් නෑ. නිවන් දැකපු කෙනෙක් දිව්‍ය ලෝකෙකවත් අපායකවත් ඉපදෙන්නෙ නෑ. චුත වෙලා නැති වෙලාම යනවා.

ඉතිං මිනිස්සු තමන්ට එපා වුණ උන්ට නිවන් සුව ලැබේවා කියන එකේ අවුලක් නෑ. මොකද උන් අපායකවත් ආයෙ ඉපදෙන්න ඕන උන් නෙවෙයි.