Thursday 31 July 2008

කැළණි ගඟට නඩු දාන්න...

කැළණි ගඟට නඩු දාන්න කියන කතාව රවි මහත්තයා කීපවරක්ම කියපු කතාවක්. කැළණි ගඟ අවට ජීවත් වෙන පවුල් ගණනක්ම කැළණි ගඟ පිටාර ගැලීම නිසා පීඩාවට පත් වුණානේ පහුගිය දවස්වල. ඒ පුවත නිසා රවි මහත්තය‍ට හිතුණ දෙයක් තමයි ඒක. හැමදේටම රෙදි උස්සන් කලබල වෙන අපේ උදවිය හරි නම් කැළණි ගඟටත් නඩු දාන්න ඕනෙය කියන එක සාධාරණ නැද්ද?

මේක මොකක් හරි නිර්මාණයක් විධියට එලියට දාන්න අපි දෙන්නටම ඕන කලත් ඒක නිර්මාණයකට ගොනු කරගන්න ටිකක් අමාරු වුණා.

අපි කල්පනා කලා දෙබසක්. උසාවියේ තමයි වැඩේ වෙන්නේ. කැළණි ගඟ තමයි චූදිතයා. මිනිස්සු කැළණි ගඟට බනිනවා.

කැළණි ගඟ කියනවා

"ඇයි මම විතරක්? අර චීනෙ හොවැංහෝ හැම අවුරුද්දෙම ගලනවා. එයාට මුකුත් ප්රශ්ණයක් නෑ. කවුරුත් එයාට නඩු දාන්නෙ නෑනෙ. අපි දුප්පත් පොඩි ගංගාවල් නිසා තමයි සේරම"

කියලා...

වාසනාවන්ත අපි

අද දවල් මොහාන් හෙට්ටිආරච්චි අයිය ඇවිත් එල කතාවක් කිව්ව.

"අද මට මාර සතුටුයි! දැන් අපට ඩාන්සින් ස්ටාර් කෙනෙකුත් ඉන්නව. දැන් මොනවද අපට අඩු?"

කියලා...

අපේ නලින්ට මම හවස ඒක කිව්වම එයා කියනවා තව ටික දවසකින් අපට ටාසන් ස්ටාර් කෙනෙකුත් හම්බවෙනවා කියලා...

Wednesday 30 July 2008

කවිය...

Kaviya

Anantha Kaviya

ජරාම ජරා කවියක්...

Jaraa Kaviyak
මේක ගැන විස්තරයක් පසුව දෙන්නම්...

Tuesday 29 July 2008

බ්ලොග් ලිවීම

මන්දා මම නම් මේ වගක් දැනගෙන හිටියෙවත් නෑ. විශේෂයෙන් සිංහල බ්ලොග් තිබීම පවා මට අරුමයක්. ඒත් එළකිරි හරහා මට විවර වුණ මම කලින් නොදැකපු සයිබර් අවකාශයේ එක විශාල තෝතැන්නක් තමයි බ්ලොග්. විශේෂයෙන්ම සිංහල බ්ලොග්.

මම හිතන්නේ මට ගොඩක් දේවල් පින්තූර හැටියට තමයි දාන්න වෙන්නේ. මොකද දැනටමත් යම් යම් දේවල් රාශියක් ජේපීජී විධියට මා ගාව තියෙනව. ඉඩකඩ ලැබෙන විධියට ඒව බෙදාගන්න බලන්නම්කෝ.

Monday 28 July 2008

Feeling under the waist - ඉනෙන් පහලට දැණෙන

Feeling under the waist


මේක මම එළකිරි.කොම් එකේ මුලින්ම දාපු කවිය. නලියල ඉන්න බැරි තැනයි දැම්මේ. ඒක මොන තරම් වැඩදියී වුණාද කියන එක ගැන මටත් ඒ හැටි විශ්වාසයක් නෑ. ඒත් ඇරඹුමක් විධියට ඒක මාව සෑහෙන්න වෙනස් කලා. ඒ හරහා පටන්ගත්තු කවි දැමිල්ල දිගු ගමණක් මාව එක්ක යන්න සමත් වුණා. බලන්න ඒ වෙනුවෙන් ලියලපු හුය...