Monday, 4 April 2011
ගෑණු/පිරිමි ළමයින්ගෙ බර වෙනස්වීම - වයසත් එක්ක
දැං ඔය ළමයි ලෙඩෙක් බලන්න වාට්ටුවකට, නැත්තං දොස්තර කෙනෙක් ගාවට බෙහෙත් ගන්න එහෙම ගියාම ඔය පේන්න තියෙන තරාදියකිං බර කීයද කියල බලනව නෙව. ඕක ඉතිං කොයි කවුරුත් බලන්න කැමති දෙයක්නේ. ඉතිං බර බලල බර ගැනයි අඩු කරගන්න එක ගැනයි වැඩි කරගන්න එක ගැනයි කන්න හොඳ කෑම ගැනයි නැති කෑම ගැනයි ලොකූ කතාවක් තමයි ඊට පස්සෙ හැදෙන්නේ...
අපිට කිරන්න පුළුවන් බර එහෙම වුණාට සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක් ලොකු වීගෙන එද්දි එයාලගෙ බර බොහොම අපූරු විධියට වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ආකාරයේ බර දැණෙන්නෙ සහ කිරන්නෙ ඉතිං දෙමව්පියෝ තමයි.
මිනිස් වර්ගයා ගත්තම සාමාන්‍යයෙන් ජීවිත කාලෙන් හතරෙන් එකක විතර කාලයක් හැදෙන්නේ දෙමව්පියන් එක්ක නෙව. ඔය කාලෙනං ඉතිං එක එක සංස්කෘති එක්ක ගත්තම වෙනස් වෙනව. ඉතිං මේක ලංකාවට අදාලව සාකච්ඡාවට ගත්තම සරලව මනුස්සයෙක් තමන්ගෙ දෙමව්පියො ගාව අවුරුදු විස්සක් තිහක් විතර හැදෙනවනේ...
ඔය අවුරුදු විස්සක තිහක කාලෙ ඇතුලත ලංකාවෙ පිරිමි ළමයෙක්ගෙ බර සහ ගැහැණු ළමයෙක්ගෙ බර දෙමව්පියන්ට දැණෙන්නෙ විධි දෙකකට.
පිරිමි ළමයෙක් ගත්තම තරුණ කාලෙ වෙනකල් ඒ තරම් බරක් නැති ගානයි... සාමාන්‍යයෙන් අවුරුදු තිහක් පනිනකල් වුණත් පිරිමි ළමයෙක්ගෙ බර වැඩි වෙන්නෙ නෑ. තිහ පනිනකොටනං අම්මල තාත්තලට පිරිමි දරුවගෙ බර දැණෙන්න ගන්නව. ඔන්න තිහ පැනපු ගමන් පිරිමි ළමයෙක්ගෙ බර සීග්‍රයෙන් ඉහල යන්න පුළුවන්. ඒ එක්කම පිරිමි ළමයෙක් සම්බන්ධයෙන් ඕක කලින්ම වෙන්න පුළුවන් කොල්ලට රස්සාවක් නැත්තං. ඒ කියන්නෙ ඔය ළමයි වගේ විශ්ව විද්‍යාලෙ ගිහින් ඉගෙනගෙන රස්සාවල් කරන වයසෙදි රස්සාවක් නැති වුණාම ඕං තිහ නෙවෙයි විසි පහ වුණත් බර වැඩි වෙනවා. විශ්ව විද්‍යාලවල නොගිහින් රස්සාවකුත් නොකර ගෙදරට වෙලා හිටියොත් විසි පහ නෙවෙයි විසි එක වුණත් දෙමව්පියන්ට හොඳට දැණෙන ගානට බර වැඩි වෙන්න පුළුවන්.
ගෑණු ළමයෙක් සම්බන්ධයෙන් මේක වෙනස්. සාමාන්‍යයෙන් ලංකාව වගේ ආසියාතික රටවල්වල තාමත් ගෑණු ළමයි ඉපදෙනකොටම හරි බරයි. ඔය බර ආයෙත් සෑහෙන්න ඉහල යනව ගෑණු ළමය මල්වර වුණාම. ඒ ඉහල යෑම නවතින්නෙම නෑ... ගෑණු ළමය ඉගෙන ගත්තත් නැතත් සෑහෙන්න කාලයක් යනකල් ඔය ඉහල යන බරේ සීඝ්‍රතාවෙ වෙනසක් වෙන්නෙම නෑ. ගෑණු දරුවෙක් අවුරුදු තිහක් වෙනකල් දෙමව්පියො ගාව ඉන්නව කියන්නෙ ඉතිං දෙමව්පියන්ට උහුලන්න බැරි ගානයි.
ඔය බර එක පාරම අඩු වෙන්නෙ දරුව පෙලවහක් කරගත්තම තමයි. ඊට පස්සෙ දෙමව්පියො ඔය කියන බරෙන් නිදහස් වෙනව. ඒ එක්කම ඔය බර දැණෙන ප්‍රමාණය වෙනස් වෙන සාධක ගොඩකුත් තියෙනව.
දැං ඔය ළමයි ඔච්චර ඉගෙනගෙනත් තියෙන එකේ මේක තේරුං කරගන්න ඒ හැටි අමාරුවක් නැතුව ඇති නෙව. තම තමංගෙ දන්න කියන පවුල් වල දෙමවිපියන්ගෙ දරුවන්ගෙ කතා එක එක අරං බැලුවනං මේ කියන කතාව තේරුංගන්න පුළුවන්.
අද පැවරුමක් විධියට ගෙදර ගිහින් හිතල බලල ලියාගෙන එන්න ඔය අපි කතා කරපු විධියට දෙමව්පියන්ට දරුවන්ගෙ බර දැණෙන ප්‍රමාණය වෙනස් කරන බාහිර සාධක මොනවද කියල....
..................................................................................................
ඉහත සටහන මාගේ මලයාගේ අධ්‍යාපන හඬ ගොණුවක තිබී හමුවූ අපූරු දේශනයක කොටසකි. මේ බර වෙනස් වීමට අදාල ප්‍රස්ථාරයක්ද ඇති බව ඔහු පැවසූ නමුත් මලයා තමාගේ සටහන් ගෙනවිත් නොතිබුණ බැවින් ඔහුගේ ලැපේ තිබූ ගොනුව ශ්‍රවණය කර අදාල අවසරයන් මත උපුටා පලකරන ලදී.
Subscribe to:
Post Comments (Atom)
බර ගැන නියමම කතාවක්..
ReplyDeleteමට නංගි කෙනෙක් ඉන්න නිසා මම දන්නව අම්මටයි තාත්තටයි දැනෙනෙ බර. ඒත් එයා අධ්‍යාපනයෙන් යම් තත්වයක තත්වයක ඉන්න නිසා ඒ බර ඩිංගක් විතර සැහැලුයි කියල අම්ම තාත්තගෙ කතා වලින් තේරෙනව.
ReplyDeleteඒක ඇත්ත ආසියාතික රටවල ඔය කියපු දේ 100% ඇත්ත..
ReplyDeleteඒත් යුරෝපය ඇමරිකාව වගේ රටවල සංස්කෘතීන් එක්ක මේ දේවල් ගොඩාක් වෙනස්...
සමහරවිට ගැහැණු දරුවෙක් දීග දුන්නම, ඒ බර බිමින් තිබ්බයි කියල හිතුවට, නොයෙක් හේතු නිසා නැවත තිබුනට වඩා බරක් ආයෙ කරපිට එන්න පුලුවන්. කසාදය අසාර්ථක වී, හෝ වෙනත් හේතුවක් නිසා නැවත දියණිය ගෙදර එනව වගෙ දෙයක් මම කියන්නෙ.
ReplyDeleteමම හොඳින් දන්න වැඩිහිටියන් කීප දෙනෙකුටම, මේ තත්වයට මුහුණ දීමට සිදුවෙලා, ඔවුන් විශ්‍රාම ගොස් මහලු වයසේත් දරුවන්ගේ බර උසුලනවා.කණගාටුදායක උනත් ඒක තමයි යථාර්තය.
හතර දෙනාම සූරයන්ය... අද හසක් දැක්වීම පිළිබඳව ස්තූතිය :-)
ReplyDeleteඇත්තටම ඔය බර වෙනස් වෙන එක කසාදෙට පස්සෙත් සෑහෙන්න තියෙන තත්ත්වයක් තමයි. සමහර දෙමව්පියෝ (විශේෂයෙන් අම්මලා) කසාදෙන් පස්සෙත් ළමයි පස්සෙන් දුවනවනේ. ඒ ඉතිං ආදරේ වැඩි කමට තමයි. ඒ වුණාට සමහර විට ප්‍රශ්ණෙ වෙන්නෙත් ඒකම වෙන්න පුළුවන් :D