Sunday, 10 April 2011
බලධාරිනිය, සුපර් මෑන් සහ එම්.එස්. ප්‍රනාන්දු
ඊයේ දහවල් දහයට පමණ මාගේ දුරකථනය සාක්කුවේ සිට දඟලන්නට විය. මා හට බලධාරිනියගෙන් ඇමතුමක් ලැබෙන බව එය අතට ගෙන බැලූ විට වැටහිනි. එවෙලේ මා කාර්යාලයේ පරිගණකයෙන් එම්.එස්. ප්‍රනාන්දුගේ “මැණිකෙ මම ආයෙ ගෙදර එනවා.... මට හරි කේන්ති යනවා” ගීතය අසමින් එම්.එස්. එක්සෙල්හි ෆෝමියුලාවක් සමග ඔට්ටු වී සිටියෙමි. ඇත්තෙන්ම එම ගීතයට සමවැදී මා හට අප්‍රතිහත පුරුෂ ධෛර්යයක් කා වැදී තිබුණි. එහෙත් බලධාරිනිය කතා කරන බව දුටු විගස එය හුලං ගිය බැළුමක් සේ අප්‍රාණිකව ඇද වැටී සිඳී බිඳී ගොස් මා වියවුල් විය.
දැන් මා කරමින් සිටිනා රාජකාරිය වැඩක් නැත. අසමින් සිටිනා ගීතයද වැඩක් නැත. වහා පිළිතුරු දිය යුතුය. නැතිනම් වැඩ වරදී.
මම දුරකථනයට පිළිතුරු දුන්නෙමි.
“හෙල්ලෝ......ව්..”
මා තොඳොල් ස්වරයෙන් යුතු විය.
"මොකද මේ යට ඇඳුම් නෑ කියන්නේ....?"
එම ස්වරය අතිශය රෞද්‍රය. ඇය එදින ලියූ බ්ලොග් සටහන කියවා විය යුතුය.
"මොකක්?" මම බබා වීමි.
"මේ... මට බබා පාට් දාන්න එපා හලෝ... යට ඇඳුම් නැත්තං ඒ ගැන බ්ලොග් වල නොදා සල්ලි දීල අරගන්නව. ලැජ්ජාවක් කියල එකක් ගෑවිලවත් නැද්ද? හොඳ වෙලාවට ඕව කියවන එවුන් එකෙක්වත් මාව දන්නෙ නෑ... නැත්තං මටයි පාරෙ බැහැල යන්න වෙන්නෙ නැත්තේ. මොනවද හලෝ මේ කරන වැඩ?"
"හ්ම්ම්... මම කිව්වෙ මට කවුරුවත් එහෙම එකක් දීල නෑ කියලනේ..."
"දීල නෑ කියන්නේ? යට ඇඳුම් තෑගි වලට දෙන සිරිතක් තියෙනවද? එහෙම කොයි රටේද වෙන්නේ? ඔච්චර සංකර ඇමරිකාවෙවත් එහෙම දෙන්නෙ නැතිව ඇති. ලංකාවෙ සංස්කෘතියෙ කොහොමත් එහෙම නෑ.... මේව නිසා ඒවත් පටන් ගනියි. ඔයාල වගේ එවුන් තමයි ලංකාවෙ සංස්කෘතිය කන්නේ..."
"අනේ නෑ ඉතිං මම එහෙම හිතාගෙන නෙවෙයි කිව්වේ... මිනිස්සු සැලකිලිමත් වෙන්නෙ බාහිර ගැන විතරයි කියන එකට උදාහරණයක් වගේනෙ මම ඒක ගත්තේ..."
මා ඉතා දුක්බරව කීවෙමි. අහිංසක මෝඩ් එකට ස්විච් වෙනවා හැර මෙවන් අවස්ථාවක වෙනත් දෙයක් කරන්නට නැත.
"ඒ වුණාට ඕව සින්ඩි වල යනවා... පොඩි ළමයි ඕව බලනවා. මොනවද ඒ අයට වෙන්නෙ? පුංචි කාලෙම ඔළුව නරක් වෙනවා."
"අනේ ඉතිං පුංචි ළමයින්ගෙ සින්ඩියෙ මගේ බ්ලොග් එක පේන්නෙ නෑනේ... අනික ඔය අන්තර්ගතේ ගැන සැලකිලිමත් වෙනවය කියන බණ්ඩි වලටත් මම මගේ බ්ලොග් එක දාල නෑ..."
"සින්ඩි බණ්ඩි නෙවෙයි හලෝ... බලනව අන්තිමේ ඔහේට කිණ්ඩිත් එක්ක නෝන්ඩි වෙන්නයි වෙන්නේ... ඒවයින් වැඩක් නෑ... මට ඉවසන්න බැරි මේ යට ඇඳුම් කතාවට. මොන එහෙකටද හලෝ එහෙම කතාවක් කිව්වෙ... ඕක කියවලා දැන් හැදෙන කොල්ලො කෙල්ලො වැලන්ටයින් එකටත් යට ඇඳුම් දෙන්න ගනියි. එතකොට යට ඇඳුමෙ සයිස් එක බලන්න, අන්දල ඉවර වෙලා හැඩ බලන්න එහෙම උඩ ඒව ගලවන්න වෙනවා. හිතනව බලන්න ඕක මොන තත්වෙකට වෙනස් වෙයිද කියලා... ඒක සංස්කෘතියට කොහොම බලපායිද කියලා..."
"අයියෝ මම ඔය තරං හිතුවෙ නෑ... මේක මේ හැමෝම අඳින ඇඳුමක් ගැනනෙ තියෙන්නේ..."
"හැමෝම ඇන්දට පේන්න අඳින්නෙ නෑනේ... අනික ඒව පුද්ගලික දේවල් මිස තෑගි විධියට ඉල්ලන ඒව නෙවෙයිනේ... ලැජ්ජාවක් නැද්ද?"
"හ්ම්ම්..."
"ඔන්න ඕක සුපර් මෑන් වත් ඉල්ලුවනං සාධාරණයි... ඒ මිනිහ ඕක අඳින්නෙ උඩින්නේ... ඒවයින් වැඩක් නෑ... වහාම ඔය පෝස්ට් එක අයින් කරනව. නැත්තං බ්ලොග් එක හැක් කරවගෙන මම නරක ගෑණි කියන්න එපා."
ඇය සුපුෂ්පිත වී දුරකථනය විසන්ධි කලාය.
මම නැවත එම්.එස්. සමග ඔට්ටුවෙන්නට පටන් ගතිමි. එහෙත් මට සුපර් මෑන් මැවී පෙනෙන්නට විය.
ඇයට මීටර් වූවා මෙන් සුපර් මෑන්ටනම් ඔහුගේ අවට උන් අය විසින් ප්‍රසිද්ධියේ යට/උඩ ඇඳුම් රැගෙන දෙන්නට ඇත.
අළුත් අවුරුද්ද කිට්ටු වන විට රතු පැහැ යට ඇඳුම සොයාගන්නටවත් නොතිබෙන්නට ඇත.
ලාංකිකයන්ටත් පොදුවේ යට ඇඳුම උඩට අඳින්නට බැරිද?
චහ්.... එහෙමවත් වුණානම් මට ඊයේ ලියූ සටහන ලියන්නට උවමනා නොවෙනු ඇත.
දැන් ඉතින් ඒවා මේවා වැඩක් නැත...
1994 අප්‍රේල් 9 වෙනිදා හෙවත් වසර 17කට පෙර ඊයෙ මෙන් දිනයකදී අපෙන් සමුගත් බයිලා චක්‍රවර්ති, සදාතනික කලාකරු එම්.එස්. ප්‍රනාන්දු මහතා තම බලධාරිනියට ගැයූ ගීතය වින්දනය කළ යුතුය.
ඇත්තෙන්ම මම ඊයේ ලියූ සටහන ඉවත් නොකරමි. ඇයගේ හැටි බලාගන්නට මට උවමනාවක්ද තිබේ.... එය එසේ නොවුවහොත් එම්එස්ගේ ගීතය මට විකල්පයකි.
Subscribe to:
Post Comments (Atom)
මට කියන්න ඒව එමටයි..මෙහෙම කියන්නම් කො...check out midnightdivas new rose ප්රෙසෙන්ට්
ReplyDeleteඅද තමයි බ්ලොග් එකට ආවෙ..දැන් වෙලා නැ ..පස්සෙ ඔක්කොම කියවන්නම්...අපුරු බවක් දැනෙනව
එහෙම කියන්නත් එපා. මතක විදියට සංස්කෘතික අංගයක් වගේ තමයි ඔය යට ඇඳුම් තෑගි දෙන එකත්. ඉස්සර කොල්ලෙක් මට නිතරම තෑගි විදියට ගෙනාවේ ඔය වගේ ඒවා. සමහර වෙලාවට මට මම ගන්න ජාතිවල කලිසමක් කමිසයකටත් වඩා ගානක් දීලා. ඒ උනාට ඉතින් මගේ චොයිසස් වෙනස් නිසා මම ඒවා මා වටේ ඉන්න යාළුවන්ට බලෙන් දුන්නා. ඒත් අන්තිමට හොරෙත් මාට්ටු උනා. පස්සේ එයා මට සල්ලි දුන්නා උඹ කැමති එවාම අරගනින් කියලා. හික්ස්.
ReplyDeleteඒත් ලංකාවේ තත්වය කෙසේ වෙතත් බහුතරයක් පෙම්වතුන් තම්න්ගේ කෙල්ලට/ කොල්ලාට අරන් දෙන්නේ තමන් කැමතිම ජාතියේ යට ඇඳුම්. ඕක විග්රහ කරන්න පුළුවන් ක්‍රම ගොඩායි. ඒත් ඒ දේවල් අහක දාන්නත් බෑ.
මේ වෙද්දි අර බලවතිය සන්සුන් වෙලා ඇති නේද? එහෙම නැත්නම් අපි එයාව එහෙම කරවමු. මාවත් බටර් කිලෝ ගාණකින් නාවන්න හැදුවා මේ ඊයේ පෙරේදා... අනික හරේ ඔහොම කිය කිය ඉන්නවද කෙලින්ම එයාට ඒ වර්ගයේ තෑගි අරන් දුන්නා නම් එයාත් ඉබේටම අරන් දෙයි ඕවා. හික්ස්
ඔය බලධරයා ගේ පින්තූරයේ ඇති රෝලින් පින් එක නං අති භයානක ආයුධයකි!
ReplyDeleteකතන්දර කිව්වා වගේ ඔය ආයුධය නම් අතිශයින්ම භයානකයි පුතෝ ... අන්තිමට ජංගියක් නිසා ඔලු කට්ටෙ කැලි පෙරනෙන් අහුලන්න වැඩෙ සෙට් වෙන්න ඉඩ තියෙයි පරිස්සමෙන්:D
ReplyDeleteහරේ, උඹ තාම ජීවතුන් අතරද බන්? මට හිතාගන්න බැරි බලධාරිණිය මේ පෝස්ට් එක කියෙව්වාම මොනවා වෙයිද කියලා...
ReplyDeleteහැබැයි ඔය යට ඇඳුම් කතාවට මාත් එකඟයි :D
මට මැවිලා පේනවා තොට දෙසනා ආකාරය.., අර බලදාර ඇත්තී..!! ;)))
ReplyDeleteසිරා වැඩේ මම ආදර කරපු එකීටත් අරන්දෙන්න තිබ්බා ඒකි මාව අතඇරලා වෙන එකෙක් ව බැන්ද නැත්තං..!
පැන්ඩා - මේ කියන්නෙ අර රෝස මල් පොකුරෙ කතාව නේ.... අපෝ ඒව උන්දැ කියවල ඇති බං...
ReplyDeleteඉල් - ඔය යට ඇඳුම් තෑග් දෙන එකෙත් ගතියක නැත්තෙම නැතිව ඇති. ඒව අපි දන්නෙ නෑනෙ තාම... ඔව් කොහොමත් මම හිතාගෙන ඉන්නෙ මම ම වැඩේ පටන්ගන්න තමයි...
කතන් - සිරාවට....! කොටින්ම වලස් මාමාට වලස් නැන්දා තඩි බෑවේ ඔය පින් එකෙනි...
බුවා - එක අතක රෝලිං ප්න් එකයි.. අනිත් අතේ පෙනේරයයි... බලධාරිනියගෙ අවි ආයුධ සෙට් එක මරු...
නිශා - බලධාරිනිය මේක කියවල තවමත් මගේ මූණ බලාගෙන කතා කරේ නෑ...
ලිෂා - පත්තරේ ඇඩ් එකක් දාමු උඹේ විස්තර එක්ක යටින් "යට ඇඳුම් පවා අරන් දෙනු ලැබේ" කියලා...
හෙ හේ... මට හිතාගන්න පුළුවන් මම ගුටි කන හැටි මවාගෙන උඹ කට කොණකින් හිනා වෙන හැටි ;-)
අලේ වන්දා ඉචිං මෙව්වට මොලා කියල්ලද කියලා..! මොනා උනාච් ඔය එම් ඇස් කොලූ ගේ සිංදු නම් පංකාදුයි..! ඔය කියන බලදාලීන් ගැල ඉචිං අපි දල්ලේ ලෑ..,!!!
ReplyDeleteමලී - මේ... මට බබා පාට් දාන්න එපා හලෝ...
ReplyDeleteසාමාන්‍යයෙන් ඇඳුම් තෑගි දෙන්නෙ නැත්තෙ.. සයිස් එකේ ප්‍රශ්නෙ එන නිසා. අනික අපි කොහොමද දන්නෙ ඒ ඇඳුම අඳින්න එයා කැමති වෙයිද කියල.
ReplyDeletemcA bl[`Ýy` n#ñ w#n aÓ âAh@y~ v@G µçyt bl[`Ýy` lgØ aÓ ÕS p#tV.
ReplyDeleteTell me how to write in shinhal?
ReplyDeleteYou are doing fine job.I relay enjoy your stories. Please let me how to do it in shinhala
ReplyDeleteI thought you are a spammer but seems you are really trying to make it out. here is the link to sinhala bloggers union website and you'll see some links which'll be helpful.
ReplyDeletehttp://www.sinhalabloggers.com/type-sinhala