Friday, 8 April 2011

ජෑම් බෝතලයට අසුවූ භූතයා...



මලයාගේ ලැප්ටොප් එකේ තිබුණ එක එක වැඩ කෑලි අතරෙ තිබුණ තව එකක් එයාම වටේට පෙන්නනවා. භූතයො අල්ලන එකක්. ටික දවසකට කලින් චැනල් එකක ගිය වැඩසටහනක්. බ්ලොග් එකකත් තිබුණ මතකයි.

එක මනුස්සයෙක්ට පේන භූතයව අනිත් මනුස්සය කෝටුවකින් වීදුරු බෝතලේකට දානව. ඒ වැඩේ කරන මනුස්සයටත් නොපෙනෙන භූතය බෝතලේට දැම්මට පස්සෙ කැමරාවටත් පේනව. මම හිතන්නෙ අර භූතයො පේන මනුස්සයගෙ ඇස් දෙකේ කැමරාවක් හයි කරලද දන්නෙ නෑ.

අම්මල නැන්දල පුංචිල ආච්චිල කම්මුල්වල අත් තියාගෙන මේක බලනව. කට්ටියම වැඩිය බය වෙලා තිබුණෙ දැකපු දේවල් වලට වඩා ඇහුණ සංගීතයට. එක ටෝන් එකක බියකරු සංගීතයක් තමයි පසුබිමේ වාදනය වුණේ. ඉතිං සමහර කට්ටිය භූතයව දකින්න කලින්ම කන් දෙක වහගෙන. කොහොම හරි අන්තිමේදි කට්ටියම බෝතලේට අහුවුණ භූතයො දැකල තිබුණ.

ඒ වෙලාවෙ මම ඒක බලන්න ඒ තරම් උනන්දු වුණේ නැතත් කට්ටිය කීප වතාවක්ම මේක බලපු නිසා මමත් මොකක්ද මේ කියල පස්සෙ බැලුවා. මට නම් බෝතලේ ඇතුලෙ එහෙම එකක් පෙනුණෙ නෑ. සාමාන්‍යයෙන් වීදුරු බෝතලයක් කොහොම හැරෙව්වත් දිලිසෙන හින්දා භූතයා කොහොමත් ඉන්නෙ බෝතලේ ඇතුලෙම තමයි. ඒක හරියට බුදු පිළිමෙන් රැස් විහිදුනා වගේ වැඩක්. සාමාන්‍යයෙන් අපිට පේන, නමුත් ඒක සාමාන්‍ය දෙයක් නිසාම අපි ගණන් නොගන්න දෙයක්. ඒ දේ දකින්න උවමනාවක් ඇති කරගෙන බැලුවම බඩු පේනවා... බෝතලේ පෘෂ්ඨය මට්ටම් නැති නිසා පරාවර්තනය වෙන ආලෝක කිරණ නිසා ඇති වෙන ප්‍රතිබිම්භ.

ඉතිං ඒ අය අල්ලපු විධියට මටත් භූතයෙක් අල්ලන්න පුළුවන්.

මෙන්න බලන්න මම අල්ලපු භූතයා.



මෙයාව මම ඇල්ලුවෙ පැන්සලකින්. හිටියෙ මගෙ රවුටරේ යට හැංගිලා. භූතයෙක් වෙන්න කලින් හෙන බේබද්දෙක්ද කොහෙද බෝතලේ දැක්ක ගමන් ඒකට රිංගගත්තා. බෝතලේ පරණ ජෑම් බෝතලයක් කියල පොරට මීටර් වුණේම නෑ.

කොහොම වුණත් මේ කතාව අනිත් අයට පහදල දෙන්න මට පුළුවන් වුණේ නෑ. මේ භූත කතාව ඇත්තය කියන්නත් බොරුය කියන්නත් දෙපැත්තටම ඕන තරම් කතා තියෙන නිසා මේක එක පැත්තකින් නතර වෙන්නෙ නෑ. ඒ නිසා තමන් අදහන එකක් අදහගෙන ඉන්න දෙන එක තමයි හොඳම දේ.

භූතයෙක්ට රුපියල් 1000 ගානෙ විතර චාජ් කරල ‍භූතයො අල්ලන වැඩේ කරන්නත් හිතයි... :D

11 comments:

  1. අඩෝ... එච්චර අය කරනවනම් කියහන් මම එනවා ගෝලයා විදියට....:D

    ReplyDelete
  2. ඕකට බුතයෝ විතරද අල්ලන්නන පුළුවන් ? බුතියෝ බැරිද ? වැඩිපුර සල්ලි හොයන්න නම් බුතියෝ අල්ලන්න වෙයි..

    ReplyDelete
  3. සික් අහින්සකයොන්ගේ බිස්නස් වලට කෙලින්නෙපා යකො!

    ReplyDelete
  4. දැන් නම් මනුෂ්‍යයෙකුට කියා භූතයෙකුටවත් නිදහසේ ඉන්න විදියක් නෑ.
    කොහොම වුණත් බිස්නස් එකට ෂෙයාර් හෝල්ඩර්ස්ල ගන්නවනම් පොඩ්ඩක් මටත් කියන්න..

    ReplyDelete
  5. මාත් බය වුනා ඔය ‍භුතයො අල්ලන කේස් එක දැක්ක ගමන්... ඇයි ‍ඉතිං ‍මගේ ලෝකෙටනෙ කෙලින්න හදන්නෙ... සංගණනයක් කරල බැලුවහම අපේ උන් ඉන්නව....

    මෝඩයින්ව අන්දල කියක් හරි හම්බුකර ගද්දෙන් බන්...

    ReplyDelete
  6. මටත් ආරංචි වුණා..ඔය භූත සෙල්ලම..බලන්න බැරි වුණා ඒ වැඩ සටහන..දැන් බලලා වැඩක් නැහැ..මමත් පස්සෙ දවසක බූත පැටියෙක් අල්ල ගන්න ඕනේ..

    ReplyDelete
  7. දේවා - හරියට මාකට් කරගත්තනං තව කීයක් හරි වැඩි කලත් වැඩ තියෙයි :D

    ප්‍රිය - ඒක උඹ කිව්වමයි මීටර් වුණේ... ස්ත්‍රී පුරුෂ භාවය අතිශය වැදගත්. මාත් ආසයි ඇල්ලෙනවනං බූතයන්ට වඩා බූතියො අල්ලන්න ;-)

    චා - අඩෝ උඹ කැමරා කෑල්ලක් අරන් අර ප්‍රොපෙසනල් ග්ඡායාරූබ ග්සිල්බියො රස්සා නැතිව දුක් විඳිනකොට හොඳයි.. අපි කළොත් තමයි නරක.

    අවුට් - වැඩේ හරි ගියොත් කියඥ්ඤං. අල්ලන බූතයො ටික ඔය පාර්ලිමේන්තුව පැත්තට නිදහස් කරමු යාළුවොත් එක්ක ඉන්න කියලා...

    සා තන් - අඩේ උඹ මේ බූත සාතන් නේද? බ්ලොග් ලියන හාවොත් ඉන්න එකේ මම හිතාගෙන හිටියෙ උඹ හාවන්ගෙ මොකක් හරි අවයවයකට අධිපති පොරක් කියලා... ;-) උඹේ සෙටාර් එක ගානට ඉන්නවනම් මම හිතන්නෙ මට අහුවෙලා තියෙන්නෙ ‍සංක්‍රමණික භූතයෙක්...

    නීනු - බූත පැටව් හොඳයි අප්පා ඔය වදකාර බළු පැටව් පූස් පැටවුන්ට වඩා...

    ReplyDelete
  8. ඒකනම් නියම වැඩේ.. ඔය බෝතල් වලට හිර කරන බූතයෝ කවදා හරි එළියට ආවම ඇලඩින්ගේ පුදුම පහනේ වගේ අපිට වැඩ ගන්න බැරිද දන්නෑ නේ??

    ReplyDelete
  9. බූඋතයෝ ගැන එහෙම විහිලුවට කතා කරන්නත් එපා ! උං නැත්තෙමත් නෑ මම ඇස් දෙකට දැකලා තියනවා .බෝතල්වල දාලා නම් අල්ලන්න බෑ එවුන්ව

    ReplyDelete
  10. දිනේෂ් - මමත් එහෙම එකක්වත් කරගන්න බලාපොරොත්තුවෙන් තමයි මේකට අත ගැහුවේ... :D

    සඳරු - බූත කන්සෙප්ටි එක හරිනම් උන්ව බෝතල් වල දාන්න බැරි වීමේ හැකියාව වැඩියි තමයි... මටනම් බූතයෙක් හම්බවෙලා නෑ මීට කලින්. මේ අල්ලපු එකා තමයි මගේ රවුටරේ යට ඉඳන් නෙට් ස්පීඩ් අඩු කරපු එකා... :D

    ReplyDelete
  11. අපිත් එන්නම් කොට්ටොරු වැඩේට IT අත ඇරලා 30000 දුන්නොත් ඇති....!!

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!