කාලෙන් කාලෙට කරන්න හිතාගෙන ඉන්න වැඩ අතරෙ තව වැඩක් ඔෆීෂයල් විධියට පටන්ගන්නයි මේ සූදානම. පටන් අරන් කාලයක් වුණත් දැන් තමයි වැඩේ හරියට කරගෙන යන්න පටන්ගන්නේ. ඉතිං ඔය ඉන්න කවුරු හරි කතුර අරන් රිබන් එක කපන එකයි ඇත්තේ... කතුර දාපු බන්දේසිය අල්ලගෙන ඉන්න ලස්සන ගෑණු ළමයව පේනව නේද? ;-)
අවුරුදු ගාණක් පරිගණක චිත්රණය ආශ්රිත රස්සාවල් කරල දැන් නිකංම නිකං මෙලෝ රහක් නැති රස්සාවක් කරගෙන ඉද්දි තමයි නිකංම නිකං අකුරු විතරක් ලියනවට වඩා කරන්න දේවල් තියෙනව නේද කියල හිතුණෙ. ඒ අදහසත් හිතේ තියාගෙන කම්මැලිකමේ කාලයක් හිටියත් කවද හරි කරන්න ඕන දේ කරන්න සිද්ධ වෙනව. ඒ නිසා මගේ චිත්‍රණමය අත්දැකීම් බෙදාගන්න වෙනම අඩවියක් පටන්ගන්න හිතුවා. ද්විමය තලයක කරන පෙරළි ගැන තමයි මේකෙ කතාකරන්න සූදානම. කෙටියෙන් දන්න විධියට කිව්වොත් පරිගණක ආශ්රිත චිත්රණය හෙවත් සිංහලෙන් graphic designing ගැන තමයි කියන්න සූදානම. ඊට අමතරව ඒක මගේ නිර්මාණ, ඔය කොමික් කෑලි වගේ ඒව පබිලිස් කරන්නත් යොදාගන්නව. දැනට තියෙන්නෙත් ඒව විතරයි තමයි.
මේක එක විධියක පිම්මක්. සාමාන්‍යයෙන් ජීවිතේ සම්බන්ධ ලිවීම් ඇතුලට මුදල් සම්බන්ධකරගන්න එක ගැන මගේ මනාපයක් නැතත් මේක එහෙම කරන්න මගේ අදහසක් නෑ. ඒ කියන්නෙ බලන්න ටිකට් ගන්න ඕන කියල නෙවෙයි. නමුත් ඒක ඔන්නොහේ විකිණෙන්න දාල කියලයි. ඒ නිසා මේකෙ සයිඩ් බාර් එකේ පිං කැටයක් තියෙනවා. ඒක ගැනත් කියල ඉන්න ඕන නිසා මෙතනම කිව්වා. ඔය පිං කැටේ ඔහේ තිබුණාවෙ. සමහර විට ඕක කඩන්න ඕන වෙන එකක් නැතිවෙයි.
එහෙනම් කියවන්න විඳගන්න අළුත් අත්දැකීමක්.
එන්න... ගොඩ්ඩ්‍රොයිඩ් ෆෝන් එක බලන්න.
පිවිසෙන්න මෙතනින්.....
කොහොම උනත් ෆෝන් එක හොඳයි වගේ ....
ReplyDeleteApple Ipad වගෙමයි..
ReplyDeleteඒවා හරිම හුරුබුහුටියිනේ .. කුඩා පරිගණකයක් වගේමයි .
ReplyDeleteතුන්දෙනාටම ස්තූතියි රවුමක් දාල අදහසක් තියල ගියාට! :D
ReplyDelete