සර්යි මැඩමුයි දෙන්නව කොට්ටාවෙන් වාහනේ නග්ගවගෙන මම පිළියන්දල පැත්තට වාහනේ කැරකෙව්වෙ සීරුවෙන්... සර්ට නම් ලංකාවෙ පාරවල ඩ්රයිවින් ගැන දැනුමක් තිබුණට මැඩම්ට නම් පොඩි මිස්ටේක් එකටත් හොඳටම තද වෙන හින්දා එයා එක්ක යද්දි පරෙස්සම් වෙන්න ඕන සෑහෙන්න.
පිළියන්දල පාරයි හොරණ පාරයි වෙන්වෙන හන්දියෙ කොහොමත් ටිකක් ඉන්න වෙනවා.
ඔතන තියෙනවා සත්තු විකුණන කඩයක්. කූඩු වල දාල කුරුල්ලො, බල්ලො, පූසො විකුණනවා. වැඩියෙන්ම ඉන්නෙ කුරුල්ලෝ. එතනදි පැහැදිලිව කුරුළු සද්දෙ ඇහෙනවා දැණෙන්න.
"අනේ පව් නේද මේ සත්තු..."
මැඩම් කිව්වා..
"පව් නෑ ඉතිං උන් කාල බීල ඉන්නවනේ..."
ඒ කිව්වෙ සර්.
"ඒ වුණාට උන්ගෙ ස්වභාවික පරිසරේ හැදෙන්න නැතිව හිර වෙලානෙ ඉන්නේ.... මොනව වුණත් වටවුණු සීමාවකනෙ උන්ගෙ ජීවිතේ තියෙන්නෙ..."
"හ්ම්ම්..."
සර් කට වහගෙන හිටියා...
මැඩම්ට පිළියන්දල සුපර් මාකට් එකට යන්න ඕන වුණා...
"මම ලිස්ට් එක අරගෙන ආවෙ..."
"හරි යමු එහෙනම්"
"ආ.... මාළුන්ගෙ කෑම ඉවරයි. මතක ඇතිව මාළු කෑම එකක් ගන්න මතක් කරන්න."
එතකොට මාඵවෝ හිර කරල නෙවෙයි..
ReplyDeleteමෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා..! ලියන්න අරන් තියන සීඩ් එක හොඳ උනාට මේ ලිපිය නම් මට වෙනදා තරම් දැනුනේ නෑ.. හදිස්සියෙන් ලියලා වගේ එහෙම නැත්තං ලියන්න ඕන හින්දා ලියලා වගේ මිසක් මීට කලින් ලිපි කියවද්දි දැනුනු විඳීම මට දැනුනේ නෑ..
ReplyDeleteසමහර විට ඒ මම මේ වැරැද්ද කරන නිසාද දන්නේ නෑ...
කියලා තියන දේ තව ලස්සනට කියන්න තිබුණා .....
ReplyDeleteඅවුට් - නෑ නෑ මාළු නිදහසේ පීනනවනේ :D
ReplyDeleteමලී - යකෝ හොඳින් ලියපුවට හොඳයිවත් කියල නෑ... එකක් අප්සෙට් වුණ ගමන් මෙන්න කෑ ගහනවා. වැරැද්ද කරන එක තමයි වැරැද්ද.
කල්හාර - මටත් පස්සෙ එහෙම හිතුනා මචෝ... ඒත් තව ලස්සන කර්න තිබුණ නම් මම ඒක නොකර ඉන්නෙ නෑ. සමහර විට මේකෙන් දැණෙන නොවිඳීමම වෙන්න ඇති මගෙ උවමනාව වුණේ... බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට!
මාළු හදන්න හිර කරන්න අකැමැති උනත් හිර වෙලා ඉන්න උන්ට කෑම ටිකක් දෙන්න නම් මාත් උනන්දුයි...
ReplyDeleteමේක මේ අපි වගේ අය හෙම කරන දේවල් නෙමෙයි නේ නේද?
හී හී
ඉල් - අපෝ පික්සුද? ඔයා දස්ස ඉතිං මාළුන්ට කෑම දෙන්නයි මාළුන්ගෙන් එක එක අරුමෝසම් (නම කියද්දි දිව උළුක් වෙන) කෑම හදන්නයිනේ...
ReplyDeleteහක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්
ReplyDelete