Wednesday, 29 October 2008

යුද්ධය සජීවීව - Reality War

මන්දා මේක ලියන එක හරිද කියල. ඒ වුණාට මේ අත්දැකීම විඳිද්දි මට හිතුණ මේක ගැන කියන්න ඕන කියල.

මෑතකදි රූපවාහිනියෙ ප්‍රවෘත්ති බලන්න මට ලැබුණා අවස්ථාවක් අහම්බෙන්. ඒ මගේ තව මිතුරෙක් එක්ක. එයාට යුද්ධයේ අළුත්ම තත්ත්වය බලන්න ඕන වුණ නිසා මට එයා එක්ක ප්‍රවෘත්ති බලන්න වුණා. තවත් මිතුරන් කීපදෙනෙක් එතන හිටියා.

ප්‍රවෘත්ති වල යුධ බිමේ වාර්තා මේ මිතුරු කැල නැරඹුවෙ හරියට ක්‍රියාදාම චිත්‍රපටියක් බලනව වගේ. එතනදි ප්‍රචණ්ඩත්වය කියන දේ තිබුණෙ නෑ. ඒ වුණාට ප්‍රචණ්ඩත්වය හා සමාන ප්‍රමෝදයක් මේ අය ලබනව කියල මට තේරුණ. මට හිතුණ ගෙවල් වල පුංචි දරුවන් පවා මේ දේවල් ඔළුවට දාගන්නව ඇති කියල.

කොහොම වුණත් ඒකෙන් සංස්කෘතියට නම් හානියක් වෙන්නෙ නැතිව ඇති මයෙ හිතේ...

මට හිතුණ අපේ රූපවාහිනී නාලිකා වලට යෝජනාවක් ගේන්න. යුද්ධය පෙන්නන්න සජීවීව. දවසකට පැයක් දෙකක්. සජීවීව බැරි නම් පටිගත කරලා හරි. ඒ මැදට විනාඩි දහයෙන් දහයට දැන්වීම් දාලා ගානක් හොයන්නත් පුළුවන්. මිනිස්සු නොබල ඉන්න එකක් නෑ.

මේක මේ සදාචාරයට හෝ සංස්කෘතියට හෝ රණ විරුවන්ට හිත රිදවගන්න කියපු දෙයක් නෙවෙයි. මට හිතුණ දෙයක්. වචන අල්ලන් කෑ ගහන්නෙ නැතිව මේ දේ වෙනවද නැද්ද කියල හිතල බලන්න.

11 comments:

  1. මෙගා ටෙලිනාටයකට වඩා ජනප්රිය වෙයි. මේ දවස් වල අපේ රටේ ඉන්න මිනිස්සු යුද්දේ කියලා පෙන්නන ජවනිකා බලලා පුදුම ආතල් එකක් ගන්නව. නම ඇහුවමත් ගොඩ පිරිසකට පුදුම විනෝදයි. මිනිස්සු මැරෙනව කියන එක ගැන ගානක් වත් නැහැ. වචනයක් විරුද්ධව කියන්නේ නැහැ.

    ReplyDelete
  2. හැන්දෑවට පන්සිල් අරන් සියළු සත්වයෝ නිදුක් වෙතවා කියල මෛත්‍රී භාවනාව එහෙම කරල ඇවිත් කකුල් උඩ දාගෙන ෆුල් ජොලියෙ යුද්දේ දර්ශන බලනවා. දේශප්‍රේමයෙන් මත් වෙලා. මොකුත් කියන්න බැහැ විරුද්ධව එතකොට කොටි හිතවාදියේක් දේශද්‍රෝහියෙක් කියල ලේබල් වදිනවනේ

    ReplyDelete
  3. අපෝ මම මොකුත් කියන්‍න යන්නේ නෑ...වැඩිය කියවන්න ගිහින් කොටි ලේබල් එක අලවගන්න් මම කැමති නැහැ

    ReplyDelete
  4. ලංකාව කියන්නෙ කොහොමටත් ආතල් අහමි වෙච්ච රටක්. චිත්‍රපටියක්, නාට්‍යක් බලන්න , කොහෙන් හරි කාලා එන්න , ටිකක් ජීවිතේ විඳින්න ආර්ථික තත්වයක් නැති රටක්. ඒ මදිවට දරුණු විදිහට ලිංගික කුහකතාවයෙන් පෙලෙන රටක්. ඒක නිසා ආතල් නැති කමට ඔය යුද්ධ රූප රාමු හරි ආතල්. වැඩිය අවශ්‍ය ය නූ. කොහෙවත් යන මිනිස්සු මරා ගන්න රෙස්ලිං තරඟ බලන්න අපේ අය පොරකන හැටි දැකල ඇති නෙ

    ReplyDelete
  5. මේ කට්ටියටම අනේ මනිදා කියල කියනව හැර වෙන දෙයක් නෑ ඉතිං...

    ReplyDelete
  6. ane hare mata therune meheta apuwama mehe inna lankawe minissu lankawe inna minissunta wada lankawa gana thawenawa kiyala...kochcharada kiyanawa nam oba nalayen "wanni satana" da mokadda kiyala udde gana dinapatha oya balapu wadasatahana balanna amathaka karanne naha...math nam meka lankawata thiyena adaraya hallauwata lak kara nemey namuth ithin okey thiyena yaththarthaya mokadda kiyala galapa ganna baruwa inne...mokada uddeth wikunan kamaney hama dama une...

    kalekata passe awe mey paththe...jaya wewa kiwwa ehenam...

    ReplyDelete
  7. හමුදාවෙ අය යුද්ද කරන්නෙ ආසාවට නෙමෙයි. මේ රට හැම කෙනෙක්ටම නිදහසේ ජීවත් වෙන්න පුලුවන් තැනක් කරන්න. මිනිස්සු යුද්දෙ ගැන හොයන්නෙ බලන්නෙ ආතල් ගන්න නෙමෙයි. මේ කාලකන්නි ත්‍රස්තවාදී ටික නැති කරලා යුද්දෙ ඉවරයක් වෙන්න කවද්ද කියලා දැනගන්න.

    ReplyDelete
  8. @ සෑම් - අම්මේ කාලෙකින් නේ. අම්බානක් වැඩ නේද? දැන් කොහොමද වාසදේස. අපේ වමනෙ ගොඩේ නොහිටියට කමක් නෑ. ඉඳල හිටල හරි ඔයා මොනව හරි ලියන්න. පස්සෙ සෙට් වෙමු ආ...

    @ sume - හ්ම් වෙන්න ඇති.. ඒ බව පේනව

    ReplyDelete
  9. ow harey tikak busy namuth ithin oyalawa amathaka naha...matath wamaneyta wagey enawa namuth danna welawak thama naththey..jaya wewa ehenam...nawatha hamuwemu

    ReplyDelete
  10. Hi
    I would like to read ur blog
    and need to contact u.

    shan.infor@gmail.com

    visit www.shaninfor.blogspot.com

    shan

    ReplyDelete
  11. wenna athi.......hariyatama danne na paramaarthaya...hodakata wennathi pennanne kiyala hithamu:D

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!