මේ කවි ඇත්තටම අපේ අළුත් නවාතැන වෙන අවකාශයේ රූපයකට කවක් කියන තේමාව යටතේ පහල තියෙන පින්තූරය ගැන ලියවුණ කවි දෙකක්. දෙක දෙවිධියක්.... කියවලම බලන්ට මෙයාලා...
තව එකක්... මේ පින්තූරය ගත්තෙ හරේෂ් කියල කෙනෙක්.
මේ කවිය කියන්නෙ මගේ සීයා... හික් හික්...
මගේ එක් අතක්
පණ නැතිව
වැහැරිලා
මියෙන්නට ගොස්
වෙදතුමා කීවාම
වයසටයි ඔය කියා
මා ඇසුවා
මගෙ අනිත් අතත්
ඒ වයසෙම නිසා
කොහොම වෙන්නද ඒක?
වෙදතුමා හිනැහුණා
ඒව ඒ වගෙ තමයි
ඒ ඔහුගෙ පිලිතුරයි
මා කෙඬෑරිව ගෙදරවිත්
මා මුණුපුරුට
කී විට මෙපුවත
ඔහු පෙන්වූවා
මට මෙය
එකම අත්තක
පරවූ මලක්
තරුණ මලක් එක්ක
එකවිට.....
© හරේෂ් එරංග
2008-09-30
------------------------------------------
ජීවිතය...
ජීවිතය...
අපි සුන්දරව
පාට තවරන්
එහෙ මෙහෙ දුවන්
විසිතුරු කරන්
විඳින අතරම
දකියිද අප
යම් දිනෙක
වැහැරී
මිලින වන
අප සොඳුරු
දිවියම...
නොදැන පසුතැවේවිද
සොඳින් දැන තුටු වේවිද
මේ දිවියේ අරුත
කාලයේ මිතුරු ඇසුරේ
© හරේෂ් එරංග
2008-09-30
පිපී හිනැහෙන ජීවිතය
ReplyDeleteහෙට
මරණයේ නටුවකි
ජීවිතය ගිලිහුණ
මට තාම මේ පිංතූරෙට මුකුත් හිතාගන්න බෑ...
ReplyDeleteඋඹගේ කවි 2 නම් එල කොල්ලා...
මේ කවි දෙකටම මම කැමතියි...හේතුව මේ කවි දෙකෙන්ම කියවෙන්නේ වෙනස් කෝණ දෙකකින් දකින අපේම ජිවිතය ගැන නිසා
ReplyDelete(පුංචි පිලිතුරු කවක් ලියන්න හිතුනා... හොඳද මන්දා....)
ReplyDeleteමං පුංචි කැකුළි කාලෙ
පීදෙනා'යුරු දිහා
බොහොම ආඩම්බරෙන්
බලං හිටියා නේද අම්මේ...
මං තරුණ වයසෙදි
විකසිතව හිනැහුනත් ලොවට
වැහැරී යන ගතින්,
දිරාපත් වෙනා'යුරු...
බලන්නට දුකයි අම්මේ...