Saturday, 11 October 2008

ෂෆල්ඩ්

ම ජීවිතේ නොසිතූ ලෙසේ ගෙවුණේ සැමදා
කාලයා විසින් සැදූ ලොවක් හමු වුණා
වෙනසක් නෑ සැමදා සැප දුක සැම බෙදුණා
දුකත් මට සතුටක් ජීවිතේ සැමදා

I'm having illusion many confusions
break the ice
stop be when you start confession
just forget about it

- චින්ති


මුළු ජීවිතේම දුක් ගීතයක් ගයන්න නොහිතා හිතේ පෙම් පුරාගෙන ඉරි තැණුනු වලා උඩු වියන් යට ගෝලීයකරණයේ මුදු පලස මතින් විශ්ව ගම්මානයේ ඇවිදින්න යන්න හිටපු ආදරේ කුරුටු ගෑ, නෙතු පුරා කඳුළු අතුරපු හසඟනාවි පාවෙලා යන්නවත්, ආලවන්ත වීදියේ නෙක විසිතුරු සල්පිලක හීනයක් වෙන්නවත් මට ඉඩ නොදී ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න කලින් සිනහ පොකුරක් අරන් එයි කියල සොවින් පිරි මගේ හදවත ළමැද සුව යහනක් ඇයට තනා දෙන බලාපොරොත්තුවෙන් ඇය තවමත් ඇය තමයි කියල හිතාගෙන බවෙන් බවේ පෙරුම් පුරා බලා සිටිනවා.

- හෙන සෙට් එකක්


ඉතිං දෙයියනේ ජීවත් වෙන්න ඒ ටිකම මදිද කියල හැමදාම රෑට නිදාගන්න කලින් මතක් කලත් දවල්ට උගුර කඩාගෙන සින්දු කියල නලියල දඟලල බැරි තැන කී බෝඩ් එකටත් තඩි බාල ඒත් මදි වුණාම දවස් ගානක් නිදාගන්න මගේ ජීවිතේ කොයි තරම් සුන්දරද සත්තලං?

- මම


දැන්නං හොඳටම ෂුවර් මූට පිස්සු කියල

- ඔබ

5 comments:

  1. He....he....mutanam pissuma thamai.....nethnam, hari hathresata lakunu karapu simawan thiyeddith mehema vikara hithaida?

    Ara, hena set ekak ekanam avasanai

    ReplyDelete
  2. මේ මොකක්ද මේ?????????
    හෙන ‍සෙට් එකේ එකනම් මම දැකලා තියනවා මීට කලින් මං හිතන්නේ...ම්ම්ම්...

    ReplyDelete
  3. therenne na ne appa :S

    ReplyDelete
  4. මටත් මීටර් වෙන්නේ නම් නෑ. ඒත් කියෙව්වා !

    ReplyDelete
  5. සුපුරුදු විදිහටම මටනම් තේරුනේ නැහැ

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!