Sunday, 5 June 2011
කැත නළුවෙක් එක්ක දිග...... ටෙක් කතාවක්!
සුරින්දර් සේරම අතෑරල දාල හිටියත් චිත්‍රපටි බැලිල්ල නතර කලේ නෑ. හැමදාම රෑ එක දෙක වෙනකල් චිත්‍රපටියක් දෙකක් බලල මිස සුරින්දර්ට නිදාගන්න බැරි වුණා. රඟපාන්න තිබුණ සුළු අවස්ථාවත් නැත්තටම නැතිවෙලා නිසා චිත්‍රපටි වින්දනයෙන් උපරිම තෘප්තියක් ලබන්නයි ඔහුට උවමනා වුණේ.
සුරින්දර් මුම්බායි නගරයේ නළුකම් හොයාගෙන ආවෙ බැංග්ලෝරයේ කරමින් හිටපු පරිගණක ඉන්ජිනේරු රස්සාව අතෑරලා. ඒ නළුවෙක් වෙන්න තිබුණ ආසාව හින්දමයි. ඒ ආයතනය ඔහුගෙ ඥාතියෙක්ගෙ වීම නිසා ආයෙ වතාවක් එතන රස්සාව ගන්න අමාරු නැති වග ඔහු දැනගෙන හිටියා. දන්න අඳුරණ යාළුවො එක්ක නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු ගණනාවක් පස්සෙ අවුරුදු කීපයක්ම ඇවිද්දත් සුරින්දර්ගෙ රළු පෙනුම මොනම චරිතයකටවත් ගැලපුනේ නෑ. යාන්තම් අඬල දොඩල ලැබුණු සුළු චරිතයත් කරන්න බැරි වුණේ සුරින්දර්ට සිද්ධ වුණ හදිසි අනතුර නිසා. නොහිතපු වෙලාවක ලිස්සල වැටුණු වෙලේ මේස රෙද්ද පැටලිලා උණු වතුර පෝච්චිය බිමට වැටුණෙ උණු වතුර සුරින්දර්ගෙ කම්මුලේ තවරමින්. වතුර ගලාගෙන ගියේ කවදාවත් හොඳ කරන්න බැරි රුදුරු කැළලක් සුරින්දර්ගෙ දකුණු කම්මුලේ ඉතිරි කරමින්. සැත්කම් කීපයකින් පස්සෙ ආරෝග්‍ය ශාලාවේ ගෙවුණ සතී කීපය තුල සුරින්දර්ගෙ හිතේ ඉතිරි වෙලා තිබුණ නළුකම් බලාපොරොත්තු ටිකත් දියවෙල ගියා.
ඒ අවුරුදු එකහමාරකට කලින්. නොදැනුවත්වම තමන්ගෙ චිත්‍රපටි හීනය වෙනුවෙන් සුරින්දර් ජීවිතේ අවුරුදු කීපයක්ම වැය කරල තිබුණ.
ඔහුට යාන්තමින් අදහසක් පහල වුණේ හයවෙනි වතාවටත් ලගේ රහෝ මුන්නා භායි බලද්දි. සුරින්දර් ඒ චිත්‍රපටියට අතිශයින් ප්‍රිය කලත් ඔහුට කවදාවත් ඒ චිත්‍රපටිය තමන්ගෙ පෙම්වතියට පෙන්නගන්න බැරි වුණා. ඔහු චිත්‍රපටිය ගැන ගුණ උපරිමයෙන් වර්ණනා කලත් පෙම්වතිය ඒ කිසි දෙයක් කණකට ගත්තෙ නෑ. ඇයට තිබුණ එකම හේතුව වුණේ ඇය සන්ජේ දත්ට අකමැති වීම. ඒ නිසාම ඇය සන්ජේ රඟපාන කිසිම චිත්‍රපටියක් බැලුවෙ නෑ.
සුරින්දර් කල්පනා කලා...
ඇයි හැමදාම එකම අය රඟපාන චිත්‍රපටි බලන්නෙ? රඟපාන නළු නිලියො වෙනුවට අපට කැමති කෙනෙක්ව ආදේශ කරගන්න විධියක් නැද්ද?
ඔහු හිතුවා...
සුරින්දර්ගෙ අනාගතේම වෙනස් කරපු අදහස ඔහුට ආවෙ එතනදි.
ඔහු ආයෙම සියල්ල දමල ගහල බැංග්ලෝරයට ගියේ ඒ අදහස ක්‍රියාත්මක කරවන්න.
ඊට පස්සෙ ඔහු තමන්ගෙ අදහස ක්‍රියාත්මක කරවන්න පුළුවන් පද්ධතියක් සැලසුම් කලා.
දැනටත් චිත්‍රපටි වලදි යොදාගන්න motion capture ක්‍රමවේදයම සෑහෙන්න දියුණු කරන්නයි සුරින්දර් සැලසුම් කලේ. මේ ක්‍රමයෙදි නළුවෙක් අවශ්‍ය වුණේ අවශ්‍ය චලනයන් ලබාගන්න විතරයි. සියළුම රඟපෑම් සිදු කලේ ත්‍රිමාණ අංකිත අවකාශයක. ඒ දත්ත සියල්ල අවශ්‍ය පරිදි සංශෝධනය කරලා ගබඩා කලා. ඒ ඒ නළුවන් වෙනුවෙන් නිමැවුණ ත්‍රිමාන චරිත තමයි අවසාන රංගනයෙ හිටියෙ. ඒ ඒ අවස්ථා වලදි තිබුණ හැඩ ගැන්වීම්, හැඟීම් නිරූපනයන්, ඇඳුම්, ආලෝකය වගේ වෙනස් වෙන සාධකත් වෙනම ගබඩා වුණා. වෙනම tracks වල!
සුරින්දර් සැලසුම් කලේ ඔහුගේ ක්‍රමය චිත්‍රපටි ශාලාවලට පාවිච්චි කරන්න නෙවෙයි. ඔහු ඉලක්ක කලේ නිවාස සිනමා පද්ධති. ඔහු ගබඩා මාධ්‍යය විධියට පාවිච්චි කරන්න හිතුවෙ blue-ray තැටි හෝ HD-DVD තැටි. සිනමා ශාලාවලට චිත්‍රපටියෙ සාමාන්‍ය පිටපතක් සකස් වුණා.
සුරින්දර්ගෙ අදහස වුණේ ඕනෑම කෙනෙක්ව චිත්‍රපටියෙ නළුවෙක්ට ආදේශ කරගැනීමේ අවස්ථාවක් දෙන්නයි. චිත්‍රපටියෙ චරිත වල රඟපෑම් අංකිතව ගබඩා වෙලා තිබුණ නිසා වෙනත් ඕනම කෙනෙක්ගෙ මුහුණේ ත්‍රිමාණ සැකසුමක් චිත්‍රපටියෙ නළුවෙක්ගෙ මුහුණට ආදේශ කරගන්න පුළුවන් වුණා. උවමනා වුණේ කෙනෙක්ගෙ මුහුණෙ ත්‍රිමාණ අංකිත පිටපතක් විතරයි. ඒ පිටපත නිපදවගන්න මෘදුකාංගයක් ඔහුට ලේසියෙන් හදාගන්න පුළුවන් වුණා. අමතර දෙයක් විධියට අවශ්‍ය වුණේ පරිගණකයකට සවි කරපු කැමරාවක් විතරයි.
ඔහුම ඔහුගේ පද්ධතිය මුල් වතාවට පරීක්ෂා කලා.
තමන්ගෙ ලැප්ටොප් එක ඉදිරියේ ඔහු ඉඳගත්තා. ඒකෙ තිබුණ වෙබ් කැම් එකෙන් ඔහුගේ මුහුණේ ඉදිරිපස සහ පැති පෙනුමෙ පින්තූර ගත්තා. ඒ පින්තූර දෙක මෘදුකාංගයට ලබාදුන්නම මෘදුකාංගයෙන් ඔහුගෙ මුහුණෙ ත්‍රිමාණ ආකෘතියක් හැදුවා.
ඊට පස්සෙ ඔහු චිත්‍රපටියට චරිත ආදේශ කරන්න හදපු මෘදුකාංගය විවෘත කලා. ඒකෙ ඒ වෙද්දිත් පරීක්ෂණ සඳහා නිපදවුණ ඔහුගෙ චිත්‍රපටිය ප්‍රවේශනය කරල තිබුණා. ඔහුට තිබුණෙ ඒකෙ ඕනෑම චරිතයක් තෝරන්න. ඊට පස්සෙ ඔහු ඒ චරිතයේ පෙනුම වෙනුවට තමන්ගෙ ස්වරූපය ආදේශ කරගන්න කියල විධානයක් දුන්නා. එතනදි ඔහුගෙ ත්‍රිමාණ මුහුණු අනුරුව චිත්‍රපටියෙ චරිතයට ආදේශ වුණා. ඒ ඒ අවස්ථාව අනුව ගබඩා වෙලා තිබුණ රඟපෑම්, හැඟීම්, වෙස් ගැන්වීම් වගේ දේවල් චරිතයට එකතු වුණා.
කල යුතු වුණේ එපමණයි. චිත්‍රපටිය ධාවනයට අණ දුන්නට පස්සෙ ටික වෙලාවකින් සුරින්දර් චිත්‍රපටියේ රඟමින් හිටියා. සැබෑ නළුවෙක් වගේම.
චිත්‍රපටිය render වුණේ තථ්‍ය කාල හෙවත් real time ක්‍රමයට. පුංචි pre buffering ක්‍රමයකුත් තිබුණා. වානිජ වශයෙන් මේ ක්‍රමය හඳුන්වල දෙනකොට ඒ තාක්ෂණික දේවල් ගැන වැඩි අවධානයකින් සලකන්න සුරින්දර් හිතුවා. ඇත්තටම ඔහුට උවමනා වුණේ තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ට මේ ක්‍රමයේ පහසුව සලසවන්න.
වසර ගානකට පස්සෙ සුරින්දර් සිනමාව සහ විද්‍යුත් චලන රෑප කලාව අළුත් මාවතකට යොමු කරපු නිර්මාණ ශිල්පියෙක් විධියට ඉහලම ගෞරවයට පාත්‍ර වුණා. තමන්ගෙ නිර්මාණයේ පේටන්ට් අයිතිය ලබාගෙන ඔහුම අදාල තැටි ධාවන යන්ත්‍ර නිපදවන්න පටන් ගත්තා. ඔහුම චිත්‍රපටි නිෂ්පාදකයෙක් වුණා. ඔහුම රඟපෑවා. ඔහුගේ අළුත් චරිත ආදේශන ක්‍රමය ඉක්මනින් මිනිස්සු වැළඳගත්තෙ හැමෝටම නළුවො වෙන්න උවමනාවක් තිබුණ හින්දා සහ ඒක බොත්තම් කීපයක් එබීමෙන් කරගන්න පුළුවන් දෙයක් වෙන තරමට සරල වෙලා තිබුණ නිසයි.
ඇත්තටම සුරින්දර්ගෙ සැලසුම සරල එකක් වුණා. ඔහුගේ වාණිජව නිපදවපු යන්ත්‍රය සාමාන්‍ය blue-ray හෝ HD-DVD ධාවන යන්ත්‍රයක් වගේමයි. ඒකෙ USB සම්බන්ධක කීපයක් තිබුණා. ඒ එක්කම ස්පර්ශ සංවේදී පුංචි වර්ණ තිරයකුත්. චිත්‍රපටිය තිබුණ තැටියෙ render කරපු චිත්‍රපටියෙ මුල් පිටපත වගේම චරිත හැර පසුබිම පමණක් render කරපු පිටපතකුත් තිබුණා. ඒ එක්කම රඟපෑම්, හැඟීම්, චරිත වල ලක්ෂණ, ආලෝකය වගේ වෙනස් වෙන සාධක අඩංගු ගොනු සහ ඒව එකිනෙක සම්බන්ධ කරන විධාන අඩංගු ගොනුත් තැටියෙ තිබුණා. මුල් අවස්ථා වලදි චරිත වෙනස් කරන්න අවස්ථාව ලැබුණෙ ප්‍රධාන චරිත සඳහා විතරයි.
චිත්‍රපටිය බලන මනුස්සයට උවමනා වුණේ අර USB සම්බන්ධකය හරහා කැමරාවක් හෝ flash drive එකක් යන්ත්‍රයට සම්බන්ධ කරලා තමන්ගෙ මුහුණෙ ඉදිරි සහ පැති පෙනුමෙ පින්තූර දෙකක් මෘදුකාංගය වෙත ලබා දෙන එකයි. ඊට පස්සෙ ඒ පින්තූර දෙක පාවිච්චි කරලා යන්ත්‍රය තුල තිබුණ මෘදුකාංග වලින් ස්වයංක්‍රීයව මුහුණේ ත්‍රිමාන අනුරුවක් නිර්මාණය වෙනවා. චිත්‍රපටියෙ අදාල චරිතයකට මේ මුහුණ සම්බන්ධ කලාට පස්සෙ pre rendering වලට තත්පර කීපයක් ඉන්න වෙනවා. ඊට පස්සෙ තමන්ම රඟපාන චිත්‍රපටියක් බලන්න ප්‍රේක්ෂකයට පුළුවන්.
ඊට පස්සෙ සුරින්දර්ට පුළුවන් වුණා නළුවෙක් වීමේ හීනය සැබෑ කරගන්න. අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු ඔහුව හොයාගෙන ආවා. මූණෙ පැත්තක ලොකු කැලලක් තියෙන නළුවා විධියට සුරින්දර් ලෝකෙම ජනප්‍රිය වුණා.
Subscribe to:
Post Comments (Atom)
මරු ක්‍රමේ.. මොන මගුල දාලා හරි නලුවෙක් උනොත් පාර්ලිමේන්තු පනින්න පුලුවන්. ඇත්තටම මට නං නලුවෙක් වෙන්න ඕක තමයි ක්‍රමේ. නැතුව මට පුලුවනෑ ලීඩර් අයියා වගේ ගේට්ටු උඩින් පනින්න. අන්න නලුවෝ!
ReplyDeleteඒ වැඩෙත් එළ.. අර මුචා කිව්වා වගේ අපි කාට කාටත් දැන් පුළුවන් පාර්ලිමෙන්තු යන්න
ReplyDeleteෂඃ මරු වැඩේ.......
ReplyDeleteඔක්කොම නඵවො වුණාට පස්සෙ නඵවන්ට ඒ තරම් වටිනාකමක් නැති තරම් සුලභ වෙනව. ඊට පස්සෙ නඵවො වගේ ජීවත් වෙනව කියන එකත් සාමාන්‍ය දෙයක් වෙයි. මරැ..
ReplyDeleteහතර දෙනාම ආයෙත් සූරයෝ හරි!
ReplyDeleteඉස්සර පින්තූර කඩේ වැඩකරද්දි හොඳටමතේරුණ දෙයක් තමයි මිනිස්සු ඔය ලොක්කො එක්ක ඉන්න පින්තූර හදාගන්න මාර පෙරේතයි කියල. ලගේ රහෝ මුන්න භායි එකේ දුෂ්ඨයත් එහෙම කෙනෙක් තමයි! එහෙමත් වෙච්චි එකේ නළුවෙක් වෙන්න චාන්ස් එකක් තියෙයිනම් මිනිස්සු අතාරියිද? :D
මාරම ලස්සන කතාව . අනේ අම්මපල්ල ඇත්තටම ඒවගේ දෙයක් වෙනවා නම් .ඉඩකඩං විකුනලා හරි මමත් ඒවගේ උපකරනයක් අරගෙන නලුවෙක් වෙනවා
ReplyDeleteසුපිරි කතාවක් ..
එලකිරි සඳරු එතකොට ඔය දුක්බර කතා වෙනුවට මල් පැණි කතා ලියන්න පුළුවන් වෙයි නේද?
ReplyDeleteපොහ්! මෙයා නිකං ආතර් සී ක්ලාක් වගේ හෙන සයන්ස්ටිෆික් මෙතඩ් ගැන හිතන පොරක් වෙලානේ..! හොඳයි හොඳයි..! ඒ ක්‍රමේ ආවොතින් වත් මුන්නා බායි බලාගන්න ලැබෙයිද දන්නේ නැහැනේ..!
ReplyDeleteආපු දාක බලාගන්ට ඇහැක් වෙයි!
ReplyDeleteතාක්ෂණේ දියුණුව තමා .....
ReplyDelete