Friday, 3 June 2011
ගොඩගම එලිමහන් පිරමීඩයේ චිත්‍ර ඇඳිල්ල!
මාතෘකාවෙන්ම වැඩේ අල වෙනව කියල තේරෙණව වුණත් ලියනව ඇර කරන්න දෙයක් නෑ.
දන්නවනෙ ගනේගොඩ අයියව. එයා මේ බ්ලොග් එකේ රැඳිල ඉන්න චරිතයක්. මගේ ජීවිතේ ඇතුලෙත් හැමවෙලේම රැඳෙන කෙනෙක්. මෙයාගෙ ගෙදර සම්පූර්ණයෙන්ම හදල ඉවර වුණේ මෑතකදි. ඒ කියන්නෙ ආලින්දය විධියට පාවිච්චි කරන්න යොදාගන්න කොටස අළුතින් හැදුවෙ ගෙදර ඉතිරිය සම්පූර්ණ කරලා අවුරුදු 12කට විතර පස්සෙ. හේතුව කම්මැලිකම. එයයි නෝනයි විතරක් ඉද්දි මොකටද ඔය තරම් උජාරුවට ගෙවල් කියල තමයි ගේ නොහදාම හිටියේ.
මේ ආලින්දය කොටසෙ වැඩි යමක් නැති එකම තමයි ගතිය. දකුණු පැත්තෙ තියෙන කොටසෙ උස් බිත්තියක් නෑ. කොට බිත්තියත් එක්ක ඉඳගන්න, නිදාගන්න ඉඩකඩ සහිතව පූර්ණ පහසුකම් තියෙන සිමෙන්ති බංකු කොටසක් තමයි තියෙන්නේ. මේ බංකුවෙ හැඩය අර්ධ වෘත්තාකාරයි. අර්ධ වෘත්ත කොටසෙත් වෘත්ත හැඩය තියෙන්නෙ බාගෙක විතරයි. අනිත් ටික හරියට වෘත්ත චාපයක් කැපුව වගේ තනි බිත්තියකින් වැහිලයි තියෙන්නෙ.
මේක හදල තියෙනව දැක්ක ගමන් මම කිව්වෙ මේක එලිමහන් රංග පීඨයක් වගේ කියල. මොකද මැද තියෙන්නෙ ලොකු ඉඩක්. ඉඳගන්නත් හොඳ තැනක් තියෙනවා. බිත්ති දෙකකින් ඇරුණම අනිත් දෙපැත්තෙන්ම පරිසරයට විවෘතයි.
මෙහෙම හදන්න ඒ දවස්වලම පැලෑනක් තිබිල තියෙනව. මොකද දන්න කාලෙ ඉඳන් ගෙදර ඔය කියන අළුත් කොටසෙ අත්තිවාරම තිබුණෙත් ඔය හැඩේට තමයි. අවසානෙදි කියන්න වෙන්නෙ මේ විධියට මේක හදල තියෙන්නෙ තනිකර සෙට්වීමේ ආතල් එක උදෙසාමයි. ඊට අමතරව අර බංකුව උඩට වෙලා හුළං වැදි වැදී දුමක් එක්ක පොතක් කියවන එක, නැත්තං රස්නෙ දවසක හොඳට දිගෑදිලා දපන එක වගේ ආතල් වලටත් මේක කියාපු පොට් එක කියලයි ගනේ කියන්නේ.
මට සෙට් වුණේ අර තනි බිත්තියෙ චිත්‍රයක් අඳින්න. නිකං නෙවෙයි පිරමීඩ චිත්‍රයක්. අර ඔළුවට වෙස්මූණු දාගෙන අත් පය කොකා මාක් ගහගෙන ඉන්න පිරමීඩ චිත්‍ර. බිත්ති වල ඇඳිල්ල කලින් කරලම නැති වැඩක් වුණාට ගනේ ඉතිං කියන්නෙත් එහෙම වැඩක් විතරයි නිසා මගෙත් තෘප්තිය වෙනුවෙන් වැඩේ කරමු කියල සෙට් වුණා.
මුලින්ම කලේ ජංජාලෙ සැරිසරල අඳින්න තරම් නීට්, පැහැදිලි පින්තූරයක් හොයාගන්න එක. ඒක ඒ තරම් අමාරු වුණේ නෑ. අඩි 4x8 වගේ සයිස් එකකට කරමු කිව්ව නිසා මම ඒ පරිමාණයට අර හොයාගත්තු පින්තූරය එහෙ මෙහෙ කරල හැදුවා. ඊට පස්සෙ ඒකෙ අඟල් බාගෙ කොටු වලින් ග්‍රිඩ් එකක් දැම්මා. ඒ කිව්වෙ බිත්තියට ට්‍රේස් කරගන්න ලේසි වෙන්න පින්තූරෙ පුරා කොටු ගැහුවා. පස්සෙ ඒක ප්‍රින්ට් එකක් ගත්තා.
මේකත් අරන් ගිහින් අදාල පුද්ගලයට පෙන්නුවමයි මිනිහ ඔළුවෙ අතගහගත්තෙ.
"අම්මේ මචෝ මේක උඹ මේ තරම් සිරාවට ගත්තට මෙච්චර ඕන නෑ... අපි මෙන්න මුන් තුන්දෙනා විතරක් අඳිමු."
එහෙම කියලා පොර මට චිත්රයෙ කොටසක් පෙන්නුවා. ඊට පස්සෙ අඩි 4x8 ප්‍රමාණයට ඒ කොටස ආයෙත් ස්කේල් කරන්න වුණා.
චිත්රයෙ සේරම හදාගත්තට පස්සෙ දෙන්නත් එක්ක මනින ටේප් එකයි ඇළුමිනියම් මට්ටම් ලීයයි එහෙ මෙහෙ කරකවමින් බිත්ති කොටසෙ හරි මැදට වෙන්න අපට ඕන කොටු ටික ඇඳගත්තා. ඒක ඒ තරම් අමාරු වැඩක් වුණේ නෑ. දෙන්නම අති පණ්ඩිතයො වුණ නිසා දෙතුන්පාරක් අල වෙන්න ගිහින් තමයි ෂේප් කරගත්තෙ. :P
ඊට පස්සෙ මම පැන්සලක් අරන් අර කොලේ බලාගෙන ඒකෙ කොටුවෙන් කොටුව බිත්තියට කොපි කරමින් වැඩේ කරන්න පටන්ගත්තා. එතකොට තමයි වැඩේ බරපතලකම තේරුණේ. අර ගයිඩ් එකට ගත්තු කොලේ කොටු හැමතැනම. මුල් වර්ශන් එකේදි මම දාපු කොටු ටිකයි පස්සෙ ස්කේල් වෙනස් කරපු වතාවෙ පැන්සලෙන් ඇඳපු කොටු ටිකයි සේරම ටැපලෙනවා අඳින්න ගියාම. දෙතුන් වතාවක්ම වරද්දගත්තත් මකන කෑල්ලක බාගයක් ගෙවෙනකල් මකල ආයෙත් හරියට ඇඳගත්තා. කොහොමින් හරි අන්තිමේ ඇදක් නැතිව වැඩේ කෙරුණා.
ඊට සති දෙකකට පස්සෙ තමයි මම ආයෙත් ඒ පැත්තෙ යැවුණෙ හරියටම පහුගිය මැයි 30 වෙනිදා. එදා ගනේගොඩ අයියා පින්සල් දෙකක් එක්ක තීන්ත ටිකත් ලෑස්ති කරල තිබුණ. ඊට අමතරව එයා අර චිත්රවල ඉරි ඉතිරි කරල අනිත් වැඩක් නැති ඉරි සේරම බිත්තියේ පාට තීන්ත වලින් වහල තිබුණ. ඉතිං මම කෙලවරක ඉඳන් පටන්ගත්ත වැඩේ. අතරින්පතර දුමක් දෙකක් එහෙ මෙහෙ ගියා.
අන්තිමේ final, last අවසාන ප්‍රඩක්ට් එක විධියට කළු දාර සහිත පිරමීඩ චිත්‍ර සම්පූර්ණ වුණා. පාට කරන්නත් මුලින් අදහසක් තිබුණට පස්සෙ හිතුණා පාට කරනවට වඩා නිකංම තියෙන එක හොඳයි කියලා. මදි පාඩුවට මෝස්තරයක් දාමු කියලා ෆයිල් කවරෙකින් අච්චුවක් කපාගෙන බෝඩරෙකුත් ගැහුවා යටට වෙන්න. දැන් වැඩේ හරි. හොඳ නෑ වගේනම් ආයෙ ඒ පැත්තෙ ගිය දවසක මට වැඩ තියෙයි.
ඔන්න ඔහොම තමයි ගොඩගම එලිමහන් පිරමීඩයෙ චිත්‍ර ඇඳුණෙ. වැඩේ පොඩි අවුලක් මාට්ටු වුණා පස්සෙ. ඒක ඒ හැටි ගාණකුත් නෑ. ඇහැක්නං හොයාගන්ට! තව ඉතිං බිත්තිවල චිත්‍ර ඇඳිල්ල ගැන ලියන්න හිතාගෙන ඉන්නකොට මකුළු පැංචිත් ඒ ගැන ලියල තිබුණා. ඒකත් බලන්නකෝ.
Subscribe to:
Post Comments (Atom)
බෝඩර් එකට මං මාර ලයික් :D
ReplyDeleteMaxxaa
ReplyDeleteපට්ට ලස්නනයි.කියන්න වචන නෑ..
ReplyDeleteකොල්ල ච්ත්‍ර කාරයෙක් වගේ...
ReplyDeleteඔක්කොම ටික ඇන්දනම් පිරමීඩයකට ගියා වගේම තියෙයි..
වැඩේ නම් මාරම ලස්සනයි අයියේ..
ReplyDeleteකට්ටියටම ස්තූතියි අදහසක් දැක්කුවට! මම මුලින් ප්ලෑන් කරපු විධියටම ලොකුවට චිත්‍රය අඳින්න තිබුණ නම් ඇත්තටම මීට වඩා ගතියක් තියෙන්න තිබුණා. ඒ වුණාට මේක අඳින්න විඳපු දුකේ විධියට ඒ වගේ ලොකු එකක් ඇඳගන්න අපිට සෑහෙන්න කාලයක් ගතවෙන්න තිබුණා.
ReplyDeleteගනේගොඩ නිවහන කියන්නෙ අපි හැමදාම දකින හරි හතරැස් ගෙවල් වලින් වෙනස් වුණ අමුතුම ස්ටයිල් එකක ගෙදරක්. ඒ අමුතු ගතියට තව පොඩ්ඩක් එකතු වුණා මේකෙන්!
හ්ම් හොඳයි..
ReplyDeleteහැබැයි මට අනූව නම් ඔය නිවස කවදාවත් ගෙදරක් වෙන්නේ නෑ ඔය ගෙදර ඉන්න ලොක්කා ටිකක් හරි මොලේ කල්පනා කරනකල්.. ඒත් ඉතිං හෙන රැඩිකල් පොරවල් හින්දා අපිට මොකුත් කියන්නත් බැහැනේ..! ඒ නිසා ඉතිං චිත්‍ර ලස්සනයි කියන එක විතරක් ඇති.
ෂා මාරම ලස්සනයි. කවුද දන්නේ ඔයා මේතරම් දක්ෂ කළා කාරයෙක් කියලා . හරිම ලස්සනයි .
ReplyDeleteඒත් පිරමීඩයක් ඇතුලේ ඉන්න එක මටනම් ඇත්තටම හරි බියකරු අද්දැකීමක් ..එක එක්කෙනාගේ සිතුම් පැතුම් ආසාවන් වෙනස්නේ ..
නියමයි හොඳ වැඩකාරයක්නෙ...
ReplyDeleteමලී - ඔය කිව්වේ
ReplyDeleteහිස් - හි හී... පිරමීඩ ඇතුලෙ ඉන්නෙ මැරුණමනෙ ඉතිං. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ....
අවුට් - නෑ බොලං හෙනම චාටර්! ;-)
Elakiri IA Wade!
ReplyDeleteචිත්‍ර ටිකනම් කියලාම වැඩක් නෑ, මාර ගති, හොඳ වැඩකාරයෙක් නෙව බලාගෙන ගිහාම,
ReplyDeleteපුබුදු & රවි - දෙන්නටම ස්තූතියි සද්දයක් දාල ගියාට හොඳේ :D
ReplyDeleteශා...මේකනම් නියම වැඩක්....මුලින්ම තැන්කූ වේවා කිව්වා..මකුළු පැංචිගෙ බිත්ති චිත්‍රෙ ගැනත් යොමුවක් සටහන් කළාට... :)))බ්ලොග් කෙරුවාවට අලුත ආපු පැංචිට මේක හරිම වටින තෑග්ගක්... අර අවුලක් හොයන්ට කිව්ව නිසා පැංචි පොඩ්ඩක් විපරමින් බැලුවා..හොයාගන්ට පුලුවන් වුනේ අර පේළියෙ මුලම එකාගෙ කන් දෙකේ ඈතුල් රේඛා ඇඳලා නැති බව විතරයි..හරිද මන්දා...හික්ස්..
ReplyDeleteමාර වැඩ්ඩෙක්නෙ ...........
ReplyDeleteමටත් පිරමීඩ චිත්‍ර ටිකක් අන්දගන්න හිතුණා
ReplyDelete