Thursday, 16 June 2011
පිටකොටුවේ සිට මහරගමට - From Pettah to Maharagama
මම කාෂ්ඨක ගිණි සුළඟ මැද අතින් ආවරණය කර පිටකොටුවට ගිණි තැබීමි. සියුම් දුමක් සමගින් හුස්මක් අභ්‍යන්තරගත විය.
මා සිහින් සැහැල්ලුවක් වෙත පාව ගොස් මදක් ඉහලින් නතර විය. ගුවනේ ලෑලි කඩේ කොලුවාගේ ප්ලේන්ටිය මා ඉදිරියේ පතිත විය. සීනි වැඩි උගුරක් දෙතොල් හරහා දිව මතට පැමිණ දිවේ රස ස්නායු සියල්ල කහටේ රසයෙන් උද්දාමයට පත්කරලීය. පැණි රසය තුල යටපත් කරන ලද විවිධ රසයන් ගණනාවක සාරය දිවෙන් උරාගත්තේ එම රසය වයින් උගුරක රසයට දෙවෙනි නොවන බව හඟිමිනි. එහෙත් වයින් යනු මාස කීපයකට වරක් ඇසුරු කරන්නක් බැවින් එහි රසය මට හරිහැටි මතකයට නගාගැනීමට අපහසුය. අතෙහි වූ ප්ලේන්ටියේ උගුරු කීපයක් වයින් වඩියකට වඩා මට සමීපය.
එකින් එක උගුරින් උගුර, දිව මතින් මසිත පුරවා දමමින් ප්ලේන්ටිය ආමාශය වෙත ඇදෙමින් පැවතිනි..
එහෙත් පැණි රසය සියල් රස අභිබවා අග්‍රස්ථ වී ඇති බව මොහොතකට මට මතක් විය.
එය ජීවිතය මෙනි. මා නොවන වෙනත් උන් විසින් සාදා මා වෙත පුදා ඇති මා ජීවත් විය යුතු විලාසය නම් වූ කරුමය ප්ලේන්ටියේ කහට රසය අභිබවන පැණි රසය මෙනි. පැණි රස යනු කහටේ කහට රසය යටපත් කර දමන ක්‍රමවේදයයි.
සිස්ටම් එක එවෙලේම බිඳ වැටුණි.
එහෙත් ඒ සුළු මොහොතකට පමණි. සිස්ටම් එකෙන් ගැලවීමට හැකි අයෙක් නැත්තා සේම බිහිවීද, බිහි වන්නේද නැත. නොයෙක් ලෝගුකාර සමාගම් මතින් උත්කර්ෂවත් කල පණ්ඩිතයන් සිස්ටම් එක අභිබවනය කල බව කීවද එය එසේ වන්නේ නැත. අනුන් විසින් තැනූ සිස්ටම් අතික්‍රමණය කර උන් උන්ගේම සිස්ටම් සාදා ඇත. එසේ සාදන ලද සිස්ටම් සියල්ල යසැයි සලකා අපි ඒ ගුලට වී නිදහසින් යැයි කෙතෙක් කීවත් පාරම් බෑවත් එය එසේ නැත.
ඒ වන විට මා බොහෝ දුරක් ගෙවා තිඹිරිගස්යාය අසලින් ගමන් ගනිමින් සිටියෙමි. වරක් සම්මුඛ පරීක්ෂණයක් වෙනුවෙන් තිඹිරිගස්යායේ රස්තියාදු වූ සැටි මට මතකය. එදා එම ආයතනයේ ලොක්කා මවිසින් නිර්මාණය කරන ලද විෂුවල් කීපයක් බලා බෙහෙවින් සතුටු විය. රැකියාව ඉතා විශ්වාස කටයතු ලෙසම මා අතට පත් වී තිබුණද ලොක්කාට තවත් එවන් නිර්මාණ කීපයක් බැලීමට අවශ්‍ය විය. ඔහු කීවේ ඔහුගේ නිර්මාණ ආයතනය වෙත අවශ්‍යව සිටියේද එසේ සිස්ටම් එකෙන් බැහැර නිර්මාණකරුවකු බවය. එය ඔහුගේ විනිශ්චය විය.
නමුත් මා එසේ නොවිණි. මා මෙහි වෙසෙන හැමකෙකු මෙන්ම අවිශ්වාසදායී පුද්ගලයකු විය. එම රැකියාවට එක් දිනක් පමණක් ගොස් මා එය අත්හැර දැමුවේ එබැවිණි. මිනිසුන් මිණුම්ගත කිරීම එලෙසින්ම දුෂ්කරය. මා ද මා වෙසෙන ජන කොටසේම නිපැයුමක් බැවින් මා ද එසේම විය.
තවත් කහට උගුරක් දිව තෙමා හැරියේය. පැණි රසය උවමනාවෙන්ම අමතක කොට මම කහට රසය දිව පුරා කැලතූයෙමි. අසාර්ථක වන්නට මොහොතකට පෙර මම එම කහට උගුරේ රසය විඳ අහවර කලෙමි.
නොදැනීම මා නුගේගොඩ සුන්දර මතකයන් පසු කරමින් හුන්නෙමි. ජීවිතේ වසර ගණනාවක් නිතර ඇසුරු කල නුගේගොඩ පරිසරය මා ජීවිතයේ වර්තමානය වෙත ගෙන එන්නට තදින් බලපෑ වටපිටාවකි. මිනිසුන්ද නොමිනිසුන්ද ස්පර්ෂ කරමින් උන් පසුකර මා ඇදී ගියේ මේ භූමිය මතිනි. සිස්ටම් එකත් ඉන් මිදීමත්, මමත් මම නොවන මමත්, ඇයත් ඇය සහ මමත් මා තුල රාමුගත වූයේ මෙහිදීය. සිස්ටම් එක මතින් ඉගිල දුම් රොටුවල නැගී අනන්ත අවකාශයේ සරා මම නැවත මේ භූමිය වෙත පැමිණ ඇත්තෙමි. නැවතත් සිස්ටම් එක වෙත පෙම් කරන්නට අරඹා ඇත්තෙමි. අවමඟුල් සභාවක සියළු පොර කතාවන් අවසානයේ මළ මිනියක ඉරණම මෙන් මාගේ ජීවිතයද මේ කතා තුල නැත. මිනියේ හිමිකරුවා සභාවේ කතාකරුවන් විසින් ඔසවා තබන්නාක් මෙන්ම මාද මා ගැන ම විසින්ම කියනා සහ අනුන් මා ගැන කියනා කතාවලට වග කීමට බැඳී නැත.
මා තවමත් මගේ ලෝකයකය. මා එයට කෙතරම් අකමැති වුවත් ඉන් ගැලවී යාමට කෙතරම් අවශ්‍ය වුවත් ගැලවී යාමට තැනක් නැත. ඔබ කෙතරම් අකමැති වුවද එය මගේත් ඔබේත් ජීවිතයේ සැබෑ කතාවයි.
මම ඔබේ සිස්ටම් එකෙන් ගැලවී මගේම සිස්ටම් එකක් සාදාගෙන ඇත්තෙමි. එතුලට වී ඔබව විවේචනය කරමින් සාර්ථකව ගෙවන්නට උත්සාහ දරමින් එහෙත්, අසාර්ථකව ගෙවා දමමි. ඉතින් ඔබ මා වෙත නොඑන ලෙසින්ම මා ඔබ වෙත නොඑන වගද එසේමය.
මා මහරගමට පැමිණ ඇත. දැන් බිමට බැසීමට කාලයයි.
බී අවසන් වූ කහට වීදුරුවේ අඩියේ මැනර්ස් ටිකක් ඉතිරි වී ඇත. මැනර්ස් ඉතිරි කිරීම සිස්ටම් එකෙන් මට ඉගැන්වූ දෙයකි. සිස්ටම් එකට ඕන මගුලක් කරගන්නට කියා ඉතිරි තේ කොළ කැබලි සමග කහට උගුරු බාගයක මණ්ඩියේ රස බැලීමට මට තවමත් හැක.
එහෙත් මා ඔබේ සිස්ටම් එකෙන් ගැලවී නැවතත් මගේ සිස්ටම් එක තුල රාමු ගත වේ නම් ඉන් කිසි පලක් ඇත්තේද නැත.
මගේ සිස්ටම් එක....? රෙද්ද තමයි!
මම වීදුරුවේ අඩියේ වූ මැනර්ස් වල ඔබා මහරගම නිවා දැමුවෙමි.
Subscribe to:
Post Comments (Atom)
සිගරට් එක ප්ලේන්ටිය දෙන ආතල් එක කාර් වල යන එන කෝට් දාන තත්වෙට පත් උනාම ගන්න අමාරුයි..
ReplyDeleteඑදාට වෙනත් ආතල් ආදේශ වෙයි..
ඒත් ඉතින් කාර් එකේ ඒසී එකේ මහ වැස්සක යනකොට...වැස්සට ලෑලි පෙට්ටියක් උඩට වෙල ප්ලේන්ටියය් සිගා එකයි අරන් ඉන්න එකෙක් දැක්කොත්...ඉරිසියා හිතෙන් නැද්ද???
(දුම්බීම ලිංගික බෙලහීනතාවය ඇතිකරයි... සිංහලෙන් කිව්වොත් සිගා බීම තොගේ ගෑනි පිට යෑමට හේතු විය හැක)
අපි හැමෝගෙම සිස්ටම් ටික සමාජ ආචාර ධර්ම, නීති, පුරුදු....අනං මනං වලින් කොටු කරලද?
ReplyDeleteමම හරි කෑමතියි මේ පෝස්ට් එකට.... මනෝ චාරිකා වල ගමන් කොට හොඳ පලපුරුද්දක් විස්වසනීය ධාවනයක් සහ තිරිංග ගියර ගෑන හොඳ නිරීක්ෂණයක් කර තිබෙන බව දැනෙනවා.... ජය !!!!
ReplyDeleteකෙල්ලන්ට ඔය ප්ලේන්ටි සහ සිගරට් සිස්ටෙම් එක විසින් වාරණය කර තිබෙනවනේ. ඒත් කෙල්ලක් හෑටියට 100 බස් එකේ කොල්ල්ලුපිටියට එන පෑය එකහමාර අයිනෙ සීට් එකක් හම්බ වුනොත් , මම කරන්නෙත් ඔය මනෝ චාරිකාවම තමයි !!!!!
කොතරම් උවමනා දේ උනත් ඒක අපි පාවිච්චි කරනකොට සමාජය ඒකම හොරෙන් කරන ගමන්ම අපුලෙන් ප්‍රතික්ශේප කරනවා.
ReplyDeleteඒ හැටි.., ඒකනේ දුම්බොන කොට කොටු වැටෙන්නේ.. මම නම් ප්ලේන්ටියක නියම ෆීල් එක දැනෙන්නේ රතු ලුණුමිරිස් තලියක් වටකල රොටියක් ගිලලා කටදනකොට දාඩියපෙරාගෙන, කඳුලු පෙර පෙර උණු උණුවේ ප්ලේන්ටිය අදින වෙලාවට.., සමහර අයට ඒක රොටිය වෙනුවට සිගරට් එකක් විදියට ආදේශ වෙනවා ඇති.., ඒ ඒ අය.., මේ අපි.
මම වීදුරුවේ අඩියේ වූ මැනර්ස් වල ඔබා මහරගම නිවා දැමුවෙමි.
උඹ සිස්ටම් එක උඹටම ආවේනික එතික්ස් වලදී හාස්‍යයට ලක් වෙන විදිය හරි අපූරුවට පෙන්නලා තියෙනවා...මරු!!
සිස්ටම් එක සාපේක්ශයි. ඒක බැඳිල තීන්නෙ පන්තියත් එක්ක. සුළු ධනේෂ්වරයගෙ පන්තියෙ සිස්ටම් එකෙන් පිට යන්නෝ පිස්සො!
ReplyDeleteවචන අස්සේ අතරමං වෙලා වගේ මම තාම...
ReplyDeleteමටත් ඔය වගේ විඳීමක් පසුගිය දවස් වල නම් තිබුනා. ප්ලේන් ටී එකක් වෙනුවෙන් නොකරපු දෙයක් නැති තරමට. ඇත්තටම ගිනි රශ්නේදි ඒ ප්ලේන්ටිය බොනවා එක්ක මාත් ලොකු විඳීමක් කලා. ඒකට මට නම් අර ලිශාන් කියනවා වගේ සිගා එකක්ම ඕන වෙන්නේ නෑ.
අනිත් එක මට ඔය සිගා අනිවාර්ය උනේ මුහුදක් ළඟට ගියාම. හරියට නිකම් මුහුදේ රැල්ල එක්ක ලොකු ගමනක් යන සහකාරය වගේ මට හිතෙන්නේ එතනදි.
ලිවීම නම් සුපිරි. මේවා අස්සේ මතක පිරෙද්දියි හිතට දුකක් දැනෙන්නේ.
සිගරට්ටුවත් තේ කෝප්පයත් අතර ඇති උන අපූරු සිතුවිලි සමුදායක්...
ReplyDeleteපිට කොටුවේ ඉඳන් මහරගමට හැමදාම අවුරුදු දහයක් විතර ගිය මිනිහෙක් මං..මේ ලිපියේ ගැඹුරු අර්ථ පැත්තක තියෙද්දී මං අතීතයට ආපහු ගියා.. ඒ හැම සංදී ස්ථානයකටම ස්මබන්ද කතාවක් මට තිබුනා.. සමහරක් වේදනාකාරීයි සමහරක් ප්‍රීතිමත්.. ජීවිතේ දිහා අපහු හැරිලා බලනවා වගේ.. නවාතැන් දහයයි වසර දහයයි;;
ReplyDeleteඉන්දි - ඒක තමයි... ලොක්කෙක් වෙද්දි මේ වගේ පොඩි ආතල් වෙනුවට ලොකු ආතල් සෙට් වෙයි. (හි හී... දැනටනම් මගේ ගෑණි වෙන්න එක්කෙනා ගේමක් නැතිව මට ඔය කූර පත්තු කරල වුණත් දෙනව. ගෑණි වුණාට පස්සෙ මොන ජෝගියක් නටයිද මන්දා... ;-) )
ReplyDeleteපූසා - එහෙමමත් නෙවෙයි මචන්... සිස්ටම් සේරම එකම අච්චාරුවක්... තමන්ගෙ එක මොකක්ද, අනිත් අය දාල දීල තියෙන්නෙ මොකක්ද කියල හොයාගන්න අමාරු තරමට... ඔය වෙනස තේරෙන්නෙ එක මොහොතකදි සුටුස් ගාල පොඩි වෙලාවකට...
G. මල් - ඔන්න සිසිටම් එකේ වාරණයේ පොටක් අහුවුණා... කෙල්ලන්ට කෙල්ලෙක් වීම නිසාම අහිමි වුණ දේවල් සෑහෙන්න තියෙනවනේ... ඔය සඟිස්කුරුතිය නෙව ඔය කියන නීතිකාරයා... හැබැයි මනෝ චාරිකා වලට නම් මොන දෙයිය ආවත් බලපෑම් කරන්න බෑ... මම උදේ හවා බයිසිකලේ පදින ගමනුත් හිතින් යන්නෙ වෙන වෙන තැන් වල... ඔන්න මනෝ චාරිකා වල හැටි...
ලිෂා - ඔය මැනර්ස් වල ඔබල කොටේ නිවන එක මගෙ හොඳ යාළුවෙක් (මේ අපේ උන්දැගෙ ක්‍රෂ් එකක් :P ) තමයි මට පේන්න මුලින්ම කලේ... උඹ කිව්ව වගේ සැර ලුණුමිරිසක් එක්ක රොටියක් දාඩියත් එක්ක හපද්දි ලාවට පැණි රසින් ප්ලේන්ටියක රස දිවට දැණෙද්දි තියෙන ආතල් එකනෙ ආතල් එක... මමත් ඔය ගොඩේ උඩින්ම ඉඳන් ඒ ගතිය විඳින මනුස්සයෙක්...
ඉ. උපශාන්ත - ඒක හරි. අපි ජීවත් වෙන ලෙවල් අනුව සහ ඒකෙනුත් ඇතුලට ගිහින් තනි තනි පුද්ගලය දක්වා සිස්ටම් එකේ බලපෑම වෙනස්. ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරන්නෙ පිස්සො කියලයි අපි අඳුනගන්නේ... කාලයක් මමත් මේ ගැන ගොඩක් කතා කරපු මගේ මිතුරෙකුත් කතා වුණේ සිස්ටම් එකෙන් ගැලවෙන්න නම් පිස්සෙක් වෙන එක තමයි ලේසිම විධිය කියල. හැබැයි තාමත් අපට පිස්සු හදාගන්න තරම් හේතුවක් හම්බ වෙලා නෑ.... :D අනික අනාදිමත් කාලෙකට කලින් හිටපු පිස්සන්ව අද මිනිස්සු අදහන්නේ... ;-)
ඉල් - ඒ මතකයන් ගැන කවර කතාද... තේ එකෙයි සිගා එකෙයි ආතල් අපි තුන් හතර දෙනා මාසයක්ම එක දිගට ගත්ත නේ.... අර ඔයාගෙ මොරිස් අංකල් දැන් මැරෙන්න ළඟයි... පහුගිය ටිකේම උන්දැ මාත් එක්ක දවසට වතාවක් අතීතෙයි වර්තමානෙයි අනාගතෙයි සැරිසැරුවා... බොහොම හොඳ මනුස්සයා... :D
දිනේෂ් - සරලවම ගත්තම ඒක තමයි. මම හිතන්නෙ ඕක ඔය ගොඩක් දෙනා සිතිවිලි එක්ක අතරමං වෙන අවස්ථාවක්...
සරත් - ඔබතුමාට ඒ මතකයනි ආයෙ දිග අරින්න බැරි කමක් නෑනේ... :D කිව්වත් වගේ බස් එකක් නතර කරන හැම හන්දියකදිම අවුරුදු දහයක් පුරා කතා ගොඩක් තියෙන්න ඇතිනේ... :-)
පිටකොටුව සිට මහරගමට එනකන් 122 කොළඹ - රත්නපුර බසයක ගමන් කල ඇත්තන්ට මෙයත් කජ්ජක්දැයි සිතෙනු ඇත. නමුත් අත්හදාබැලීමට අවිස්සාවේල්ලෙන් එහා ටිකට් ගැනීමට සූදානම් වී නැගිය යුතුය. ඉදිරියෙන් බදුල්ල - කොළඹ බසයක් ගියොත් මගීන්ට එය මහත් අස්වැසිල්ලකි. නැත්නම් පැය එක හමාරක් ගිය පසුද තාමත් මහරගමය. වාහනයක ගියානම් මෙලහකට කතරගමය.
ReplyDeleteඅමතක වුනා....
ReplyDeleteසිගරට් එක කියන්නෙ පොඩි මිනිහයි ලොකු මිනිහයි සම්බන්ධ කරන සාධකයක්.
කතා ඈඳිල්ල මෙච්චර ලස්සනට වෙනවා දැක්කමයි. අනේ අපේ සිස්ටම්! මේකටම ගැලපෙන චිත්‍රෙ!
ReplyDeletesiyabas nathiwa singlish walin ketuwata raja udahasata lak nowewa kiyala hithanawa.ammo harey 2008 ta direct plug una wagey danuna meaka kiyawaddi...mano kadu wala waadhi gahagena hitapu set ekak widiayata dan kochchara dewal wenas welada kiyala hithenawa...system gana nam katha karanna epa ..boudnries hoya ganna bariwa athara man wechacha wara ananthai..ekenam nathara weemak naha..kohoma una ara aththith hodin athi kiyala hithanwa..jaya wewa..(charma+pathra ;) )
ReplyDeleteමූන් - ඔය කියපු බස් වර්ග තුනේම යන එන කෙනෙක් විධියට කියන කතාව නම් හරියට හරි කියල තේරෙනවා... කිව්වත් වගේ ලොකු පොඩි භේද නැතිව කරන කෙනා කරන වැඩක්නෙ ඕක...
ReplyDeleteමුචා - හෙ හේ.. ;-)
හමා - කලකට පස්සේ අමු සිංග්ලීෂියෙන්ම වෙලට අඩියක් තියලා නේද? බවුන්ඩ්‍රීස් ඩිෆයින් කරගැනීම හැමදාම අවුලක්නේ... මම හිතන්නෙ ඔය අවුලම තමයි අපට නතර වෙන්න වෙන තැන. ඒ වුණාට දේවල් සිද්ධ වෙද්දි ඕව කල්පනා වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට....
ආ... අර ඇත්ති ඇත් සෙයියාවෙන්ම වාසය කරන්නීය... ;-)
හායි සම්පත් අයියා..! හව් හව් ඉතිං..!
ReplyDelete@ හරේ.. මේ හොඳයි ඔයා ලියලා තියන විදිහ.. වැඩිය බයිලා ගහන්න ඕනේ නැහැනේ මං?