සෙනසුරාද හවස නලිනුයි, නිශාන්තයි, මමයි ගනේගොඩ අයියලගෙ ගෙදර ගියා. මනෝ කන්දක නැගල කතාවක් දාගෙන ඔලිම්පික් බැලුව. රෑ සමන්ට කතා කලාම එයත් ආවා. නලින් ගෙදර ගියා. පහුවදාට රා පාරක් දාමුද කියල ගනේගොඩ අයිය දාපු යෝජනාවට කලබල වුණ සමන් දුරකතන ඇමතුමකින් ඒක සූදානම් කලා.
උදේ 6.00ට විතර සීතලේ මායි සමනුයි එයාගෙ බයිසිකලේ ගියා අංගම්පිටියට. රා මදින අයිය පහුවදා රෑ හොඳට දාල මිදුලෙ වමනෙත් දාල සාලෙ බුදියන් හිටිය. නැගිටලත් මිනිහට ආතල් තවම සූර් ඕයි කියල. කොහොම හරි මිනිහ මත යනකල් පැය බාගයක් විතර ඉඳල මිදුලෙ තිබුණ තැඹිලි ගහට නැගල මුට්ටියක් බෑව. ස්ප්‍රයිට් වගේ පෙණ. ඇඟිල්ලක් ගහල බැලුව. පැණි රසයි. අපි ඒක අරන් ආව.
සමන් ගෙදර වැඩකට ගියා. නිශාන්ත අමධ්‍යප. මායි ගනේගොඩයි දහයට විතර ගහන්න ගත්ත. වීදුරුවක් ගහල ටිකක් යද්දිම මාර ගතියක් දැනෙන්න ගත්තා. නිදි මතක් එක්ක හරි කූල් ගතියක්. ඔලිම්පික් දාගෙන බලන්න ගත්තා. කෑමත් බඩට යන අතරෙ ටින ටික රා ජොග්ගුව හිස් වුණා. වීදුරු 3ක් ගත්තම මට හිතුණා දැන් නම් ඕන නෑ කියල. ගනේගොඩ අයියත් ෂේප් එකේ සනීපෙට නිදි. මමත් ඔලිම්පික් නිවලා කුංග්ෆු පැන්ඩා බැලුව ආයෙමත් තුන්වෙනි වතාවට.
ඒ එක්කම පොඩි ඇඩ්වර්ටයිසින් කෑල්ලක් දාන්න හිතුණා.. හික්.. හික්...
Jack Black -Kung Fu Panda Trailer Movie (Teaser) 6 June 2008
මේකෙ Original Trailer එක මේක නෙවෙයි. කොහොම වුණත් ජැක් බ්ලැක් ගෙ වැඩ කෑල්ලක් තියෙන නිසා මේක මාර ගති කියල හිතුණා.කොහොම වුණත් මේ චිත්‍රපටිය මට නම් නැවත නැවත පට්ට ගැසිය හැකි වර්ගයේ එකක්. පුංචි පුංචි දේවල් ගොඩක් තියෙනව. දැනට එකක් කියන්නම්. මේකෙ ඉන්න ඉබි පූජකයා ඌග්වේ (Oogway) කියන දෙයක් මේක.
Yesterday is History
Tomorrow is a mystery
Today is a Gift...
That's why it calls Present
ඒක නෙවෙයි කියන්න ඕන කලේ. මමත් චිත්රපටියෙ භාගයක් යද්දි නිදි. නැවතත් හරියට ඇහැරුණේ අද (18) උදේ 10ට විතර. කාලෙකින් පැය10ක විතර දිග නින්දක්. මම 12.30ට විතර රාජකාරියට වාර්තා කලා.
අද දින මට ලැබුණ පුංචි විෂුවල් එකක් මට හිතට ඇල්ලුවා. මේක බලල ඇති ඔයාල සමහර විට. කියන්නෙ මධුමාධව. තිබුණෙ cyberlk2003 ගේ අඩවියේ.
Lamba Sawan Ranpatin
මේක ගැන කතා කරන්න යන්නෙ නෑ මම. නමුත් මේ විෂුවල් එකට සම්බන්ධ Little Buddha චිත්‍රපටිය සහ ඒක හදපු Bernardo Bertolucci ගේ Dreamers කියන චිත්‍රපටිය මගේ හිතේ ඇඳුණ.
Dreamers නම් වෙනම එකක්. Little Buddha චිත්රපටියෙ එන එක දසුනක් තියෙනව. බුදුන් බුද්ධත්වය ලබන මොහොතෙදි එයාට එයාවම පේනව. නමුත් ඒ තමයි නපුරු සිතිවිල්ල හෙවත් යක්ෂයා. එයා තමන් වගේමයි, නැත්නම් එයා ඉන්නෙ තමන් තුලමයි කියන දේ නිරූපනය වෙනව මෙතනින් ලස්සනට. අන්තිමේදි ඒ යක්ෂ ප්‍රතිබිම්භය නැතිව යනව බුද්ධත්වය ලැබීමත් එක්ක. මම කීප වරක්ම කියල තියෙනව වගේ සහ මේ මිතුරු කැලේ බොහෝ අය එකඟත් වෙනව වගේ සත්‍යය තියෙන්නේ තමා තුලම තමයි. බාහිර ක්‍රම වලින් ඒක හොයන්න උත්සාහ ගන්න එක දැනගෙන කලොත් නම් හොඳයි.
විශ්වයේ කෙලවර මට හම්බවුණ විධිය කියන්නත් හිතෙනව. ඒත් දැන් නිදිමතයි!
හික්! මේ.. මේකෙ මාතෘකාවෙ වචනවල පද බෙදුනෙ වැරදියට අප්පා...

අනේ මේ ඔයාගේ මහලොකු රා බීමෙන් ඇති වැඩක් නෑ....අර දීලා තියන චිත්‍රපට වලට ස්තූතියි...මධුමාදවගේ සිංදුව මම සැහෙන්න කාලයක ඉදන් කැමති එකක්!
ReplyDeleteආ ඒකියන්නේ රා බොන්නේ නැතුව අනික්වා කරන්න බෑ අනේ පව් ලොල්ස් :P
ReplyDeleteරා කිව්වාම මට මතක් වෙන්නෙ 2004 වසරේ අපේ පවුලෙ කට්ටිය ගිය යපනේ සවාරිය...අපෙ ගස තල් ගස...සිංදුවත් ඒ එක්කම මතක් වෙනවත...මම පළවෙනි වතාවට තල් රා බිව්වෙ එදා...හප්පා මර සුවඳ(ගඳ) හි හී...නමුත් අපූරු අත්දැකීමක්..මට sure නැහ freed බිව්වෙ රා ද තෙලිජ්ජද කියල..අපේ සාලියපුර පොල්වත්තෙ කාලයක් රා මැද්ද..ඒ කලෙ නම් හැම ඉරිද උදේම තෙලිජ්ජ පොල්කට්ටකට වග කියනව...මරු මරු රා දේශීය නිෂපාදන රටටත් ඇගටත් දෙකටම හොදයි...ඒ විතරක් ඈ ඉසිසර ඉතින් ආප්ප හදනකොටත් දැම්මෙ රා නොවෑ
ReplyDelete@ හරේ . ඔව් ඔව් මම ඒක වැඩිය හිතන්නේ නැතිව කිව්වේ ඒක නිකං මනෝ කදු නගිනවා වගේ වැඩක් නේ...!
ReplyDeleteබයිද වේ මං ගැන ඔච්චර පටු විදියට හිතන්න එපා...!මම බීලා තියනවා..බට් මත් උනේ නම් නෑ හොද කෙලින් හිට්යා....:-)
ඇයි වැනියන් බබෝ වැනීයන් කරනකොට වැනෙන්නේ ඒ බීලා නෙවෙයි නේ හික් හික්....!
ReplyDeleteහරි හරි හැමදේටම කියන්න හොද ගාර්ඩ් එකක් තියෙනවා සාධාරණවාදය....
අඩේ මට අපහස කරන්න එපා....මම ඇවිල්ලා චාර්ල්ස්බර්ග් බෝතලයක් තනියම බීපු කෙල්ලෙක් මෙහෙම හිටියට...දැන් කියන්න එපා ඒ අරක්කු නෙවෙයි නෙ කියලා...නොබ්ව්වට ඒවායේ සුවද(ගද) පාට ඒ ඒ නාමයට අදාල රස හා රෝග වලට දක්වන ප්‍රතික්‍රියා ගැන මම හොදට දන්නවා..!