Friday, 15 August 2008

මගේ ඇස්....

අද ලියන්න හිතේ තියාගෙන හිටියෙ වෙන දෙයක්. ඒත් රවුම් ගහල එද්දි අදත් පරක්කුයි. ඒ නිසා ඒක කල් දැම්මා හෙටට හෝ පුළුවන් දවසකට.

මගේ ඇස් දෙක දැන් දවසේ පැය 24න් පැය 14ක් විතර තියෙන්නෙ අඩි 1 1/2ක් දුරට නාභිගත වෙලා. ඒ කියන්නෙ මොනිටරයට!

මේ කෙහෙල්මල් බ්ලොග් ලිවිල්ලක් නිසා දැන් කියවන්න වෙලා සෑහෙන්න. සිංහල අක්ෂර දෝෂ හොයන යෙදුමක් අපට නැති නිසා ලියන දේවල් කියවන්න වෙනව කීප වරක් වැරදි හොයන්න. ඒ කරලත් වරදිනවනේ සෑහෙන්න. අපේ Font Master අධිපති (කවුරුත් දන්න FM ‍Fonts හදපු තැන) පුෂ්පානන්ද ඒකනායක මහත්තයා කාලෙකට ඉහතදි ඒ වගේ එකක් කරන්න උත්සාහ දැරුවා. මට මතකයි පහුගිය වතාවෙ Colombo International Book Fair එකේදි මම එයා ලියපු පරිගනක සිංහලය පොත ගත්තා. සිංහල භාෂාව නිවැරදිව ගවේෂණය කරල ඒක අංකිත ව්‍යුහයකට (digital Structure) ගොනුකිරීම ගැන එයා සෑහෙන්න හොයල තිබුණ. සිංහලයේ තියෙන නා නා විධ ව්‍යාකරණ රීති හා පණ්ඩිතයො තමන්ට අවශ්‍ය විධියට භාෂාව වෙනස් කිරීම නිසා ව්‍යාප්ත වුණ ගලවගන්න අමාරු භාෂා/ව්‍යාකරණ යෙදීම් හේතුවෙන් මේ කාරණය අතිශය සංකීර්ණ වෙලයි තිබුණේ. අනික ඉංගිරිසිය වගේ කෝකටත් අකුරු 26ක් නෙවෙයිනේ. විවිධ විධියෙ හෝඩි ම කීයක් තියෙනවද සිංහලෙන්. මම දන්නෙත් නෑ. දන්න කෙනෙක් කියන්න.

මම තවත් දෙයක් දන්නෙ නෑ. ඒ තමයි චීන ජපන් සහ දෙමළ වගේ සිංහල තරම්ම සංකීර්ණයි කියල මට වැටහෙන භාෂා වලට මෙහෙම අක්ෂර දෝෂ විශ්ලේෂකයක් තියෙනවද කියන එක. එහෙම තියෙනව නම් අද හෙට නැතත් කවද හරි සිංහල භාෂාවට දෝෂ විශ්ලේෂකයක් ලැබීමේ භාග්‍යය අපට හිමියි. සිංහලත් විධිමත් වෙයි පරම්පරාවක් යද්දි.

කතා ඇති. දැන් ඇස්!

මම මේ පරිගණක ආශ්‍රිත රැකියාව කරන 9 වෙනි අවුරුද්ද. තවම කණ්නාඩි දාන්න උවමනාවක් වුණේ නෑ. නමුත් කල් යද්දි ඒ වගේ බාහිර උදව් ඕන වෙයි.

ඒකත් නෙවෙයි කියන්න ඕන කලේ. මම දවල්ට කෑම ගන්න යනව මගේ කොළඹ බෝඩිමට හෙවත් මගේ බාප්ප සහ පුංචි ඉන්න නිවසට. යන එන දුර කිලෝමීටරයක්. බොහෝවිට ගිණිගහන අවුවෙ හෝලට් දෙකක් බස් එකේ යනව කෑම පැය ඉතිරිකරගන්න.

පාරෙ යද්දි මගෙ පුරුද්ද ඈතට ඇස් නාභිගත කිරිමයි. ඒක මම ඒ ගැන හිතන්න පටන්ගත්ත කාලෙදිම ඉබේම ඒ තුලින්ම හුරු වුණු දෙයක්. කීප වතාවක් මගේ තාත්ත මට පාරෙදි හමු වෙල මම නොදැක ගිහින් එයා කතා කරල තියෙනව. මම යන්නෙ ළඟ ගැන අවධානයෙන් වුණා‍ට දුරකට ඇස් තියාගෙන බොහෝවිට. ළඟ බැලීමේ උවමනාවක් නැත්නම්. වතාවක් මගේ පෙම්වතියක් මගේ මූණ ඉදිරියෙම මාව නතර කලේ කුඩේ හරස් කරල. හරියට වාහනේකට අත දානව වගේ... හික් හික්... එයාට තිබුණෙ දුඹුරු වර්ණ මාව විනාශ කල ඇස් යුගලක්. මම ඒව දැක්කෙ නෑ හරියට හැබැයි.

ඕව ගැන කියද්දි කොහොමත් මගේ ඇස් පෙනීම දුරවල් සම්බන්ධව දුර්වල බවක් මට පේන නිසා මේ ඈත බැලීමේ චර්යාව යම් ස්වභාවික පිළියමක් වගේ කියල මට හිතෙනව. දවසකට පැය 14ක් අඩි 1 1/2 කට නාභිගත වෙලා තියෙන ඇස් විනාඩි 15-20ක් ඈතට නාභිගතව!

හ්ම්...

දවසේ අවදි වෙලා ඉන්න පැය ගානෙම එක එක තැන් වලට නාභිගත වෙලා වල්මත් වෙලා එහෙ මෙහෙ දුවන මගෙ හිත එක මොහොතකට මගෙ හිත ඇතුලට නාභිගත කරගන්න කරපු තවත් ලියවිල්ලක්!

හික් හික්... මම ඔය වගේම තමයි... හික් හික්...!

11 comments:

  1. ඇස දෙක වගේ ඇස් දෙක බලාගනින් බෝංචියෝ....!

    අර භාෂා ගැන ඇහුව එකේදි නම් මට පොඩි උදව්වක් දෙන්න පුඵවන් ඡපන් භාෂාව ගැන නම්...එයාලගෙත් මම දන්න තරමින් වචන නිවැරදි කරන ක්‍රමයක් නම් නෑ...ඒත් එයාලා අකෂර වර්ග 3 ක් හාවිතා කරනවා...හිරගනා, කතකනා , කන්ඡි කියලා..
    ひらがな カタカナ 漢字 හැබැයි සිංහල කෙලින්ම ටයිප් කරනවට වඩා ඡපන් ටයිප් කරන එක ලේසි...අපි සිංග්ලිෂ් ලියන විදියට ඡපන් ලියනකොට ඉබේම පරිගනකයෙන් අදාල ශබ්දයට එන ඔක්කොම කන්ඡි රූප හා අකුරු ලබා දෙනවා.ඒක ‍තොරල ලියන්න තියෙන්නෙ...!

    ReplyDelete
  2. දැන් මොකක්ද හරියටම දැක්කෙ නැහැ කිවුවෙ? දුඹරු පාට ඇස් යුගලද? නැත්නම් විනාශෙද?:P

    සමහර වෙලාවට අපේ ඇස් දෙක එක තැනක හුගක් නාභිගත කරල තියන් ඉන්නකොට තවත් හුඟක් දේවල් අපිට මගඇරෙන්න ඉඩ වැඩියි නේද හරේෂ්?

    ReplyDelete
  3. මේක උදව්වක් වේවි.....

    http://www.speedyshare.com/685548159.html

    ReplyDelete
  4. awurudu 9k kiyanne haresh aiya 18 n ma job ekata set wela:D

    (parker)

    @boman: muu danna dewal :P

    ReplyDelete
  5. @parker - umba kello diha balan gihin light kanu wala hapenawa dakala thamai mama ewa danagaththe :P

    ReplyDelete
  6. නරකද Parker ත් වමනෙ පාරක් දාන්න පටන් ගත්තනම්?

    ReplyDelete
  7. @boman

    I once went to a LADY doctor.

    She told me I am 2 Kilo's over weight for my height and too much stressed because of my job.

    Without the normal reaction of "Oh.. o.O"

    I told her to give me medicine to grow taller and asked her whether she likes to come to my place and see if I take them.

    and she did

    So, I agree with you !! .. keeping your concentration in one thing can make you loose many others !

    lolzzzzzzzzzzzzzzz

    ReplyDelete
  8. @nash- ha haaa..fatta story bro..... i think u r great at handling the pressure situations..and hitting sixers to yorkers.

    ReplyDelete
  9. freed නෑ මචෝ එහෙම ඒවා නෑ..සිංහල වගේමයි..ඔන දෙයක් ලියතැහැකි වැරදී කියන්නේ නෑ

    ReplyDelete
  10. මම නම් දැන් අකෂර වැරදි අමතක කරල ඉන්නෙ...නැත්තම් මේක හරියන්නෙ නෑ..මට ලියන්නම වෙන්නෙ නෑ..ටිකෙන් ‍ටි‍කෙන් හදාගන්නව....චීන බසින් typing හරි ලේසියි මම දන්න විදියට...සිංග්ලිෂ වගේ තමා...ඇස් ගැන නම් කියන්න එපා මේ ලගදි WELDING ARK එක වැදිල ඇස් අරින්න බැරුව හි‍ටියෙ ..යන්තම් අලපෙති බැදල නිදිය ගැත්තෙ..WELDING ARK එළිය හරිම සැරයි අහේ උඩ සිවිය පිච්චෙනව මම දින්න විදිය‍ට...නමුත් ඒක සැනින් ලියලනව(පැය 5-6) මම දන්න විදියට ..එක නිසා නිදියලා නැගිට්ටාම සනීපයි...හැබයි නින්ද යනකන් ඇස් වලට වැලි දාල වගේ තමා...

    ReplyDelete
  11. මල්ලි බ්ලොග් එක ස්පෑම් කරා නෙමෙයි. සිංහල ස්පෙල් චෙකර් එකක් කියන්නෙ කවදාවත් හදන්න බැරි, මැජික් වැඩක් වගේ උබ කියල තිබුන නිසයි මේක දැම්මෙ.

    මේ ලින්ක් එක බලන්න.
    http://www.scienceland.lk/spell-checker.html?lnum=37571

    වින්ඩෝස් යෙදුම් එක්ක සහයෝගයෙන් වැඩ කරන සිංහල/දෙමල ස්පෙල් චෙකර් හදල දැන් අවුරුදු තුනකටත් වැඩියි. ලින්ක් එක දැමීමේ අරමුන තේරුම් නොගැනීම ගැන නම් කනගාටුයි.
    හොදින් ලියන්න. සුබපැතුම්

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!