Monday, 4 July 2011
ප්‍රාර්ථනා
Daddy හෙවත් අප්පච්චිලාගෙ සංගීත කණ්ඩායමේ ව්‍යාපෘතිය ගැන ලියන්න හිතිල සෑහෙන්න කල් වුණාට සියල්ලටම වඩා ඉහලින් තියෙන කම්මැලිකම විසින් ඒ උවමනාව යටපත් කරල තිබුණෙ. ඇත්තටම කියන්න දේකුත් නෑ. මාරයි කියනව ඇරෙන්න.
ලංකාවෙ තියෙන සංගීත රටා අස්සෙ උඩම තියෙන රටා වලින් ගැලවිලා මුල ඉඳන්ම නිර්මාණ කරපු ඩැඩීල සිංහල වචන එදා මෙදා තුර සංගීතය අස්සෙ ඇහුණ විධිය වෙනස් කලා කිව්වොත් හරි. ඒක එහෙම කරන වෙනත් නිර්මාණකරුවන් කිහිපදෙනෙක් අතරෙ ඩැඩීල වෙනම පාරක යමින් ඉන්නේ. ඒක වැඩිය සෙනග ගැවසෙන පාරක් නොවුණට ඔවුන්ට නිදහසේ ඒකෙ ඇවිදින්න පුළුවන් බවයි පේන්නේ.
මේක ලියන්න හිතුවෙ ඔවුන්ගෙ අරාබිය ඇල්බමය හොඳට පට්ට ගහල ඇති වෙලත් කාලයක් ගත වුණාට පස්සෙ. සංගීත භාණ්ඩ හැසිරවීම ගත්තම ඔවුන් බීටල්ස්ලව තදින්ම ආභාශයට අරන් තියෙන බව පේනව. කට හඬවල් භාවිතය ගත්තත් එහෙමයි. ඒ අස්සෙ ඔවුන් තම තමන්ට අනන්‍ය විලාසයන් හොයාගෙන යමින් ඉන්න බවයි තේරෙන්නේ.
මේ දවස්වල මොළේ කචල් එකක් නිසා වැඩිය ලියන්න බෑ... විඳින්න විතරයි...
මේ තියෙන්නෙ අප්පච්චිලගෙ අරාබියෙ තියෙන සින්දුවක්. මට අනුව නම් හොඳම එකක්. විරේෂ් කුරේ හෙවත් එයාලගෙ භාසාවෙන් චිකා ලංකාවෙ කට හඬ හැසිරවීමේ දක්ෂයන් අතරට ඉබේම වැටෙනව මේ සින්දුවෙන්.
මේ තියෙන්නෙ තවත් ඒ වගේම එකක්.
Subscribe to:
Post Comments (Atom)
මතකයිනේ උඹ මේ ඇල්බම් එක් අහන්න අනර් ටික කාලෙකින් තමයි මමත් මේ ඇල්බම් එක අහන්න ගත්තේ. මටනම් මේ ඇල්බම් එක සිරාම සිරා ඇල්බම් එකත්. දැන්නම් අහලා අහලා සිංදු ටික කටපාඩම් වුනත් තාම ඉඳලා හිටලා අහනවා
ReplyDeleteඅඩෝ මම අහලා නෑනේ.. උඹ කියන කතාව හරි මචං බීට්ල්ස්ලා අදාල තේමාව සංගීතයෙන් පෙන්නන කණ්ඩායම් වලින් මුල් තැනක ඉන්නවා. ඒ වගේම තමා උන්ගේ තියෙන වොයිස්වල විවිධත්වය. ලිරික්ස් ගැනනම් ඉතින් කතා කරන්න දෙයක් නෑනේ..
ReplyDeleteඅලුත් ආරක ගීත.. මොකද මොලේ කචල් කියන්නේ ?
ReplyDeleteවෙනස්ම වූ ආරක්.. ලංකාවේ ගොඩක් අය මේ ගිත වලට ආසයි.. මමත් එහෙමයි.. මොකද වෙනසක් තියෙන නිසා...
ReplyDeleteසියල්ලන්ටම තෑන්ක්ස්... මේ සින්දු අහනව කියල අහන්න ලැබෙන එකත් හොඳයි. මොකද හැමවෙලේම අතුරු පාරවල යන නිර්මාණකාරයන්ගෙ නිර්මාණ වලින් උස්සල තියන ඒව විතරවෙ ජනප්‍රිය වෙන්නේ. ඒත් ඇත්තටම ගොඩක් අයගෙ ජනප්‍රිය නැති ඒවයෙ තමයි දරුණුම එව්ව තියෙන්නේ...
ReplyDeleteජීවිතේ මුහුණ දෙන්න වෙන ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න වෙලා... අවුලක් නෑ... ටිකක් නිකං හිටියම හරි :D
මට සොරිම තමයි වීඩියෝ ලෝඩ් කරගන්නට බැරිය !
ReplyDelete