ඔන්න සිකුරාදාව උදා වුණා... හෙටත් අනිද්දාත් නිවාඩුවක් තියෙනවා. මම කරන රස්සාවෙ හැටියට සති අන්තෙ නිවාඩු තිබුණත් රටේ වැඩකරන අයගෙන් බහුතරයට එහෙම එකක් නෑ. ගොඩක් දෙනා සෙනසුරාදත් වැඩ. ඒ හැම දෙනාටම තමන්ගෙ සබ්බ සකල මනාවම කරගන්න ඉතිරි වෙන්නෙ ඉරිදාව තමයි. එදාටත් ඒ වැඩ වලට මාට්ටු වුණාම නිදහසේ ගෙවන්න පුළුවන් වෙලාවක් ගොඩක් දෙනෙක්ට නැති තරම්.
මේ ශෝකජනක කාලය මමත් අවුරුදු ගාණක් අත්වින්දා. සතියේ දවස් 6ක් වැඩ කරලා ඉරිදට රෙදි සේදිලි අයන් කිරිලි කෝල් කිරිලි ලව් කිරිලි අර කිරිලි මේ කිරිලි ගොඩයි. ඉතිං පොඩ්ඩක් නිදහසේ ඉන්න, චිත්‍රපටියක් බලන්න, පොතකට සමවැදෙන්න, ටිකක් වැඩිපුර නිදාගන්න වගේ දේකට නිවාඩුවක්ම දාන්න වෙනවා.
රට නගන්න වැඩ කරන්න ඕනය කියල කියවල තියෙනව වුණාට ඔය නිදහසේ ගත කරන්න තිබුණ උවමනාව නිසාම මම ඉස්සර කොයි තරම් නිවාඩු ගත්තද කිව්වොත් වලංගු නිවාඩු 21 ටත් අමතරව නෝ පේ දවස් තිස් ගණන් නිවාඩු අරන් තියෙනවා. ඒ කාලෙ ඇත්තටම බොහොම නිදහස් කාලයක්. දැන් මම ගෙවන කාලෙට අමතරව මගේ හොඳම කාලෙ ඔය කාලෙ කිව්වොත් හරි. හොයන්න බලන්න කවුරුත් නැතිව කාටවත් ලොකු බැඳීමකුත් නැතිව, තිබුණොත් කාල නැති වුණොත් බුදියල ගත කරපු කොහෙටවත් නැති කාලයක්.
ඉතිං ඔය විවේකය ගත කරන අතරෙ වැඩ මතක් වෙද්දි ඇඟ රත් වෙනවා. ඉරිදාවක් ඉවර වෙලා සඳුදා උදා වෙන්නෙ හරිම අමාරුවෙන්. සාමාන්‍ය රටවැසියෙක්ටත් කාමර උෂ්ණත්වයේදි කතාව මේ වගේ නම් මම වගේ ස්වභාවික කම්මැලියෙක්ගෙ තත්ත්වෙ ගැන කවර කතාද?
එපා වෙනකල් වැඩ කරන්නෙ හොඳ ජීවිතයක් වෙනුවෙන් නම් ඒ වෙනුවෙන් දැන් ගෙවන ජීවිතේ ගූ කරගෙන වැඩක් තියෙනවැයි...
ඔන්න ඔය සිතිවිල්ලත් තවත් එක එක මඤ්ඤං සිතිවිලිත් හිතේ එහෙ මෙහෙ කලත්තමින් ඉද්දි තමයි මේන් මේක හැදුණෙ.
කැමතිනම් කියවන්න. නැත්තං අහමින් බලන්න.
දුක් විඳින
වැඩ කරන සහ
නිදන්නට කැමති
ජනතාව වෙනුවෙන්
රෑ නමයට ගෙදර ගිහින්
යන්තම් කාල නිදාගෙන
දකින හීනයේ
හොඳම හරියෙදි වදින
හයේ කණිසමට නැගිටල
උදේ පාන්දර
ගෙයින් එලියට බැහැල
කාගෙදෝ ළඟ වැඩ කරන්න
අපි එනවා
වැඩ!
වැඩ!
වැඩ!
වැඩ!
අපිත් යන්තම් ජීවත් වෙලා
තව අයව හොඳින් ජීවත් කරවන්න
මුළු ජීවිත කාලෙම
අපි වැඩ
ඒ මදිවට...
හැමදාම ඉතිහාසය
නිසා ජීවත් වෙන,
දැන් අපට ඕන දේ
කවදාවත් නොකරන
අහිංසකම අහිංසක
මහත්වරු කට්ටියකට
අපි කැපුවත් ඡන්දෙ දෙනව
ජීවිතේ පුරුද්දක් වෙලා...
හැමදාම අපි කරන්නෙ
පුරුද්දක් විධියට
අපි දන්න යාන්ත්‍රික වැඩ ටික
රොබෝල වගේ
කරන එක විතරයි
දැන් අපට ජීවිතයක් නෑ
තියෙන්නෙ වැඩ විතරයි
අපේ දින චක්කරේ
ReplyDeleteඑකම විදිහට කැරකෙන
උදේ ඉදන් ෆයිල් ගොඩක්
එක රොත්තට බදා ගෙන
මොනව කරන්නද
කාට කියන්නද
මම වැඩ හලෝ හැමදාමත්ම.
අපේ ජීවිත තවම අපේ නෙවෙයි
ReplyDeleteඅපි ඉපදෙනකොටම විකිණිලා හිටියෙ
දෙන්නටම ගොඩක් ඉස්තූතිය් අදහසක් දැක්වූ එකට! මොනව කලත් ඔය වැඩ කියන එක නෙකරත් බෑනේ...
ReplyDeleteකලින් දැක කතා කොට ඇත. එම නිසා අළුත් අදහස් නොමැත!
ReplyDeleteමලී - අනේ හොඳයි මුකුත් නොකියන එක... :P
ReplyDelete