ලොරෙන්සෝ ද අල්මේද ගැන කට්ටිය අහල තිබුණට හරි මතකයක් නැතිව ඇති. උන්නාන්සෙ තමයි මුලින්ම ලංකාවට ගොඩ බැහැපු පෘතුගීසි නැව් කණ්ඩායමේ ලොක්ක. ඉතිං අපි කතාවට කියන්නෙ උන්දැ තමයි ලංකාවට මුලින්ම පය තිබ්බ පෘතුගීසිකාරය කියල. (එව්ව එහෙම තමා... දන්නවනේ හමුදාවෙ දුප්පත් කොල්ලො යුද්ධ කරල දිනාගත්තු සාමයට ලොක්කො අයිතිවාසිකං ගන්ට ඇදපු අංචි ;-) ) එව්වයෙන් දැන් වැඩක් නෑ.
ලොරෙන්සෝ ද අල්මේද ඉන්දියාවෙ පළවෙනි පෘතුගීසි ආණ්ඩුකාරය විධියට සැලකෙන ෆ්‍රැන්සිස්කෝ ද අල්මේද මහත්තයගෙ පුත්‍රයා. ඒ දවස්වල.... ඒ කියන්නෙ 15 වෙනි සියවසේදි මුස්ලිම් ජාතිකයො ඉන්දියාව ආශ්‍රිතව වෙළඳාමේ රජකොරපු කාලෙ... පෘතුගීසින්ට ඕන වුණා ඒ වෙළඳාමට අත පොවන්ට. ඒක කොරන්ට මුස්ලිම්වරුන් භාණ්ඩ ප්‍රවාහනය කරපු මුහුදු මාර්ගවල රැකවල් යොදන්ට සිද්ධ වුණා. ඒ දවස්වල තරුණ ගැටයෙක් වුණ ලොරෙන්සෝ ද අල්මේද තමන්ගෙම නැව් කණ්ඩායමක් එක්ක මේ කෙරුවාව ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ කොරමින් හිටපු වෙලාවක නැව කුණාටුවකට අහු වුණා. කුණාටුවට අහුවෙලා නැව ඇදිල ආවෙ ගාල්ලට. ඒ 1505දි.
කුණාටුවට අහුවුණ වෙලේ ආතක් පාතක් නැතිව හිටපු ලොරෙන්සෝ ද අල්මේද කුකුලෙක් හඬලනව ඇහිල කෑගහපු කෑගැහිල්ල නිසා ගාල්ලට ඒ නම වැටුණාය කියන මතේ ජනප්‍රිය එකක්ය කියල ගාලු නගර සභා අඩවියෙ තියෙනව ඕං.
ගාල්ලට නම ලැබුණු ආකාරය පිළිබඳ බොහෝ දෙනකු පිළිගත් මතය වන්නේ ක්‍රි.ව.1505 දී සැඩ සුළඟකට හසුවීම නිසා අහම්ඛෙන් ගාල්ලට සේන්දු වූ පෘතුගීසි නාවික ලොරෙන්සෝ ද අල්මේදා කුකුළකු හඬලනු අසා ගාලෝ, ගාලෝ කී යයි ද ඒ නිසා ගාල්ල වී යැයි යන කථාවයි. ගාල්ල නගරයේ සංකේතය ලෙස බොහෝ ස්ථානයන්හි කුකුළා සළකුණ යොදාගෙන තිබේ.
කොහොම හරි පස්සෙන් පහුවෙලා මනුස්සය දැනගන්නව තමං ගොඩබැහැල තියෙන්නෙ ලංකාවටය කියල. ඒ දවස්වල මුතු, කුළුබඩු වගේම ඇත්තු නිසාත් ලංකාව යුරෝපෙ ප්‍රසිද්ධ වෙලා තිබුණ නිසා අල්මේද කොල්ලගෙ කට ගියා කන් දෙකට! ඒ කාලෙ ඉලෙක්ට්‍රික් බල්බ් නොතිබුණ හින්ද ලොරෙන්සෝගෙ ඔළුව උඩ එකපාර 'ටිං!' ගාලා ඉටිපන්දමක් පත්තුවුණාය කියල හිතාගන්ටකෝ...
ඔය කාලෙ ලංකාව කෝට්ටේ, නුවර සහ යාපනේ ප්‍රධාන වුණ ප්‍රාදේශීය රජවරු 7 දෙනෙක් යටතේ තමයි පාලනය වෙලා තියෙන්නෙ. එයිනුත් අගනගරය වුණේ කෝට්ටේ නිසා කුණාටුව හොඳ වුණ වහාම ආයෙත් නැව් නැග්ග ලොරෙන්සෝ සහ පිරිස කොළඹට ගොඩ බැස්සා... ඒ දවස්වල කොළොම්තොට ප්‍රධාන භාණ්ඩ අපනයන නැව් තොටක්. මුස්ලිම්වරුන් තමයි පණ කඩාගෙන බිස්නස් කොරල තියෙන්නේ...
කොළඹ තොටේ නැංගුරම් දාල වෙරළට වෙලා හිටපු ලොරෙන්සෝ ඇතුළු කණ්ඩායම ගැන රස කතා ඔයගොල්ල හොඳට දන්නවා... උන්දල පාන් කමින් වයින් බීපු වෙලාවෙ ඒක දැකපු ස්වදේශිකයො වහාම රජතුමා ගාවට ගිහින් කිරිවාන ගල් එක්ක ලේ බොන අමුතු මිනිස්සු ජාතියක් කොළඹට ඇවිල්ල ඉන්නවය කියල කියපු කතාව සිද්ධ වුණේ එතනදි. ඒක අහපු රජුතුමා දූත පිරිසක් පිටත් කොරල ඒ අමුතු මිනිස්සු කෝට්ටෙට ගෙන්නෙව්වෙ ඊට පස්සෙ. පරංගියා කෝට්ටේ ගියා කියන කතාව හැදෙන්ට හේතු වුණ කාරණේ සිද්ධ වුණෙත් එහෙමයි... ඒ කියන්නෙ වරුවෙන් කෝට්ටේ මාලිගාවට යන්ට පුළුවන්කම තියෙද්දි දවස් තුනක් පුරා පෘතුගීසි දූත පිරිස දුෂ්කර ගමනක් එක්ක ගියේ ඒ දවස්වල ලංකාවෙ වාසලේ හිටපු අයියලා තමයි!
ඔය කිව්වෙ ලොරෙන්සෝ ද අල්මේදගේ ලංකා ආගමනය ගැන... ඒ ගැන ඩබ්ලිව්. ජයසිරි මහත්තය ලියපු ජිප්සීස්ල ගායනා කොරන අපූරු සින්දුවකුත් තියෙන්නේ... ඕන නං ගිහිං අහන්ට! පද වැල් ගත්තෙ මේං මෙතනින්!
ලොරෙන්සෝ ද අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ, ටැමරින්, බැන්ජෝ, මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා කණු හතරෙම ලයිට් දාලා
ඉංගිරිසිය නැතිකරන්න ඉංග්ලිශ්ලම ගොඩ ගැහිලා
ටේල්කෝට් ටොප් හැට් එක සුදුරෙදිවල රෝල්කරලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
බ්‍රැන්ඩි බීලා නොන්ඩි ගහලා අම්බානක ගුස්ති දාල
ඉම්පෝටඩ් මොරිනාකා ඇපල් තැපැල් ගොඩගැහිලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
ලොරෙන්සෝ ද අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ, ටැමරින්, බැන්ජෝ, මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා කණු හතරෙම ලයිට් දාලා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
හික් හික්! මේක ඉතිං කියන්නේ ලොරෙන්සෝ ගැනම නෙවෙයි...
ඉතිං ඔන්න ලොරෙන්සෝ ඔහොමයි... උන්දැගෙ ගිටාර් එක? :-O හප්පා තව ටිකෙන් අමතකම වෙනවා... කොහෙද කියන්න ආපු කාරණේ නෙවෙයිනෙ වැඩිපුරම කියවන්නේ... ජාන ජාන වෙන මොනාද?
මාස දෙකකට විතර කලියෙන් ගොඩගම ගනේගොඩ අයියලගෙ ගෙදර ගිහින් වෙලාව තිබුණ නිසා ගේ වටේ ඇවිදපු වෙලාවෙ ගේ පිටිපස්සෙ දොර ගාව පැත්තකිං ගිටාර් එකක් එල්ලල තියෙනව... ඒකෙ යටින් ගහල තියෙනව ලොරෙන්සෝ de අල්මේදා ක්‍රි.ව. 1505 කියලා...
දැක්ක ගමන් මට හිනා ගියා... ඒක ඇත්තටම එයා පාවිච්චි කරපු පරණ ගිටාර් එකක්! ජරාවාස වෙලා ගිහිල්ලා කෞතුක භාණ්ඩයක් වෙලා... ඔය කියන වෙලේ මමත් ලොරෙන්සෝ ද අල්මේද ගැන මේ කියෝපු තරං දැනං හිටියෙ නෑ. ඉතිං ගනේගොඩ අයියමයි කිව්වෙ පොර තමයි ඉස්සෙල්ලම ලංකාවට ගොඩබැහැපු පෘතුගීසිකාරය කියල... මම ඇහුව ඇයි ඉතිං මේක එයාගෙම වුණේ කියල.. එතකොට එයා කිව්වෙ පෘතුගීසිකාරයො හොඳට කාපු බීපු විනෝදෙන් හිටපු කට්ටියක් කියලා.. ඔය බයිල කියන සංගීත ක්‍රමයත් පෘතුගීසිකාරයංගෙලුනේ...
මමත් ඉතිං කාට කාටත් පෙන්නන්න වටින නිසා පිංතූර කීපයක් ගත්ත. ඇරපු අතක් නෑ ලොරෙන්සෝ මහත්තයගෙ එකම තමයි. බලන්ටකෝ...
ඒකෙන් මේකෙන් සෑහෙන්න කතාවක් කිව්ව නෙව! ඕං ඕන කෙනෙක්ට ලොරෙන්සෝ ලොක්ක ගැන විස්තර ඕන නං තව කියවන්ට තැං!
http://mahawansa.wordpress.com/2009/01/18/the-arrival-of-the-portuguese/
http://www.rootsweb.ancestry.com/~lkawgw/slm-portuguese.htm
http://www.sundayobserver.lk/2007/02/04/ind03.asp
http://www.divaina.com/2009/10/11/feature01.html
හික් .. හික් .. මරු කතාව ….
ReplyDeleteකතාවට යටින් ඉතින් … ඉතිහාස පාඩමකුත් තියෙනවනෙ ….
ලස්සන ගිටාර් පොඩ්ඩනෙ…
ReplyDeleteammatasiri..marune!
ReplyDeleteලොරෙන්සෝ ලොක්කා ගේ ගිටාර් එක නම් මරු.
ReplyDeleteතත් ටිකට නම් පෞරාණික මීයෝ සෙට් එකක් ගේම දීලා වගේ.
මට හිතෙන්නේ මේක ලොරෙන්සෝ ද අල්මේදා ගේ මල්‍ලිගේ ගිටාර් එක මොකෝ මට නම පේන්නේම පොරෙන්සෝ වගේ.. කාගේ උනත් අයිඩියා එක නම් ක්‍රියේටිව්.,!
ReplyDeleteඅනික මේ පෝස්ට් එක වටින්නේ පිංතූරේ නිසාම නෙවෙයි.. ලියලා තියන විස්තර නිසා..!
මරු!
මරු ලිවිල්ල..! ගාල්ලට ඔය විදියට නම ලැබිච්චි වග මම දන්නේ අද.., ඔය වගේ ම කතාවක් තියෙනවා [ටිකක් වෙනස් ;-)] යාපනේට නම ලැබිච්චි විදිය ගැන, මම ඒ ගැන රස්තියාදු කතා බ්ලොගේට ලිව්වා..!
ReplyDeleteඅනිවා කියන්න උවමනා දෙයක් තියෙනවා..! සිරා ගිටාරේ බං..! :-)
මමත් මෙතන ඉතිහාසය කියවන එක වැඩක් නෑ.. ගිටාර් එක නම් පංකාදු හතයි.. නියම සටහන ගාලු කතාව මමත් අදම තමා දැනගත්තේ…
ReplyDeleteකස්ටියටම ඉස්තූතියි සද්දයක් දාල ගියාට (සද්දය රචින්ත බඩවර්ධනගෙන් උපුටාගන්නා ලදී) මට ඕන කලේ ඉතිං පින්තූරෙ මෙව්ව කරන්න විතරයි… ඒත් නිකංම පින්තූරෙ මෙව්ව කලාම සිංහල අන්තර්ගතේ මෙව්ව වෙන නිසා පොඩි අරව මෙව්ව ටිකක් එක්ක මෙව්ව කලා…
ReplyDeleteමාත් මේ සටහන දාන්න ඕන නිසා එහෙන් මෙහෙන් කියවල මෙව්ව කරගත්ත මිස මාත් ඔය කියල තියෙන එව්ව මෙව්ව විස්තර දැනං හිටියෙ නෑ…
හරිම රහ බර කතාවක්නේ බං.
ReplyDelete(මේ එක නෙමෙයි ඇඩ්රස් මාරු කරානං අපිටත් කියහං. කාලෙකින් ෆීඩ් එන්නේ නැතිකොට බැළුවේ කොයි කියලා… ;-)
හි හි… තැං කිව්…. ලියන එක මහ කම්මැලි වැඩක් වෙලා… දැං දන්නවනේ ඉතිං
ReplyDeleteකතා ඇසුරෙන් පාඩම් කියාදීම අති සාර්ථකයි
ReplyDeleteමේ කාලේ වාසලේ උන්දැලත් ඒ කාලේ වගේමයි
ReplyDelete;-)
ReplyDelete