Tuesday, 16 November 2010
ඇය වෙන්ව යන විට...
දවසම බිඳී ගොස් ඔබේ හිත රිදී...
ඇගේ කරුණාබර කියුම් දැවටෙන බව දැනෙද්දි
ඇයට ඔබව එපා වෙලා...
ඇය පිබිද හැඩ ගැන්වෙයි
ඇගේ වේලාව ගෙන කිසි හදිසියක් නැතිව
ඇයට ඔබ උවමනා නැති නිසා..
ඇගේ දෑසේ ඔබට පේන්නේ නෑ කිසිවක්...
කිසිවෙකු වෙනුවෙන් නොහැඬූ
කඳුළු බින්දුවක් පසුපස ආදරේ ගැන සඳහනක්වත්...
වසර ගණනක් පැවතිය යුතුව තිබුණ ආදරයක්...
ඔබට ඇයව උවමනයි අවශ්‍යයයි
ඒත් ඇයගේ ආදරය මියගොස් බව ඈ කියද්දි ඔබ ඇයව විශ්වාස කරන්නෙත් නෑ
ඔබ හිතන්නෙ ඈට ඔබ උවමනායි කියල...
නුඹ ගෙදර ඉද්දි ඇය පිටව යනවා
ඇය කියනව කාලෙකට කලින් ඇය කෙනෙක් දැන හිටි බව
දැන් ඔහුව ඇයට උවමනා නැති බව...
නුඹේ දවසම බිඳී ගොස් ඔබේ හිත රිදී...
ඇය කියූ හැමදේම ඔබේ හිස පුරවන වෙලාවක
ඔබ ඇයව අමතක නොකරාවි...
.............................................
මේ වෙන්වීම ගැන මම විඳපු හොඳම සින්දු අතරෙ එකක මගේ දැණුම අනුව පරිවර්ථනයක්... සින්දුවෙ නම For no one. කියන්නෙ පෝල් මැකාර්ට්නි. බීටල්ස්ලගෙ Revolver ඇල්බම් එකේ තමයි සින්දුව තියෙන්නේ... මේක මේ මම ලියපු එක අමතක කරලා අහන්න... සින්දුව අහද්දි තමයි දැණෙන්නේ...
සරල වෙන්ව යාමක් මේ වගේ වචන සුන්දර පෙලකින් කියන එක මාර වැඩක්... වැදගත්ම දේ කතාව ගොඩක්ම සරල වීම...
මේක ලියල තියෙන්නෙ Paul McCartney වුණාට පොදුවෙ බීටල්ස්ලගෙ ගොඩක් නිර්මාණ Lennon/McCartney සුසංයෝගයෙන් ලියවිලා තියෙන බව තමයි පිලිගන්නේ.
කැමතිනං බලන්න...
The day breaks, your mind aches
You find that all her words of kindness linger on
When she no longer needs you
She wakes up, she makes up
She takes her time and doesn't feel she has to hurry
She no longer needs you
And in her eyes you see nothing
No sign of love behind her tears
Cried for no one
A love that should have lasted years
You want her, you need her
And yet you don't believe her when she says her love is dead
You think she needs you
And in her eyes you see nothing
No sign of love behind the tears
Cried for no one
A love that should have lasted years
You stay home, she goes out
She says that long ago she knew someone but now he's gone
She doesn't need him
Your day breaks, your mind aches
There will be times when all the things she said will fill your head
You won't forget her
And in her eyes you see nothing
No sign of love behind her tears
Cried for no one
A love that should have lasted years
................................
හෙම්බා එක්ක ඔට්ටු අල්ලලා ඔළුව කැක්කුමත් හදාගෙන ගෙදරට වෙලා ඉන්න අතරෙ මොනව හරි ලියන්න කියල තරවටුවක් ආපු හින්ද මේ සටහන ලියන්න හිතුවා. කොහොමත් මේ සින්දුව ගැන හැඳින්වීමක් කරන්න ඕන කියල හිතිල සෑහෙන්න කල්...
පින්තූරෙ මෙතනින්...
Subscribe to:
Post Comments (Atom)
මං නම් ඉතිං කොහොමත් සිංදු ගැන වැඩි උනන්දුවක් තියන කෙනෙක් නෙවෙයි..
ReplyDeleteකවුරු හරි හොදයි කිව්වොත් අහනවා මිසක්…
කොහොම උනත් කාගෙන් හරි බැනුම් අහලා හරි මෙහෙම ලිව්ව එක නම් වටිනවා..! :ඩී
මගෙ කට ගැන මොකට කියනවද ඉතිං!
ReplyDeleteබීට්ල්ස් සංගීතයට මම නම් කවදත් කැමතියි.. අදහසක් තියෙනවා බීට්ල්ස් ලා ගැන ලිපියක් මගේ ඉංග්‍රීසි බ්ලොග් එකට ලියන්න.. බලමුකො.
ReplyDeleteෂා සබා අක්කි ලියන්න ඉක්මනට… ආසාවෙන් ඉන්නෙ කියවන්න..
ReplyDelete