Wednesday, 11 March 2009

පැල්ලම්


දුක හිතුණා මට
මගේ නොසැලකිල්ලෙන්
මඩ පැල්ලම් ඉසුණාට
අපි දෙදෙනා එක්ව
පාට කල බිත්තියේ

ඒ නොසැලකිල්ලට
සිත දුකින් පිරී නුඹෙ
දෑස් රතු වූ විට
තවත් දුක් වුණා මම
නුඹෙ දුකත් හිතාගෙන

තව වරක් එක්ව අපි
මඩ කහට ‍සෝදලා
වර්ණ ගන්වමු විනා
අන් යමක් නොමැත මට
දැන් නුඹට කියන්නට

එන්න නුඹ නෙත් පිහන්
මේ අපේ බිත්තියේ
මඩ කහට විසිරුවා
ආයෙමත් එකතු වී
එකට පැල්ලම් මකමු


ecH on 2009-03-09


මෙය රෙදි සෝදන කුඩු, සබන්, සිමෙන්ති හෝ තීන්ත දැන්වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

3 comments:

  1. අපි නොදන්න චෙස්!... මං නම් දන්නවා මොන දැන්වීමක්ද කියලා.. මේ අයියේ අනේ මගේ කාමරේ බිත්තියත් කිලුටු වෙලා අප්පා නිවාඩු වෙලාවක ඇවිත් තීන්ත ටිකක් ගාලා දෙනවද?

    ReplyDelete
  2. මරු මරු..අමුතු ගතියක් තියනවා.

    සමහර පැල්ලම් නම් තාවකාලිකව මැකුවත් පසුකාලීනව ආයෙමත් මතුවෙනව.ඒක ඉතින් පුද්ගල බද්ධයි.
    ඔන්න ඔහෙ බිත්තියෙ පැල්ලම් මකල දාපන් බන්. මෙලහකට එක්කෙනෙක් හොටු පෙරාගෙන ඇති :P

    ReplyDelete
  3. හරේ උපන්දින සුභ පැතුමට ස්තූති වේන්න ඕනෙ..මව පියා අළුත් අවුරුද්දට මෙහි පැමිණිමට වැඩ කටයුතු කරගෙන යන නිසා වෙන් ඒ හා සම්බන්ධව ටිකක් විතර කාර්්‍ය බහුලයි...

    පැල්ලම් ගැන...
    මගේ බිත්තියෙ පාට නොපෙනෙන තත්වෙට මඩ පැල්ලම් ඉහුන...පිරියම් කරන්න තරම් හුණු තිබ්බෙ නැහැ(එක්කො මොඩ කමට හොයා ගන්න බැරි උනා)...දැන් ඒ බිත්තියෙ වෙන කෙනෙක් අපූරු සිතුවමක් ඇදල ...මම ඈතට වෙලා දුකෙන් බලාගෙන රස විදිනව.....මම කැමති style එකේ අපූරු කිවයක්...ලස්සනට විහිදුවල හිතන්න පුළුවන්...weldone කියන්න තමා වෙන්නෙ...

    හිස් බිත්තයක් සමුවෙන කන් බලාගෙන තමා ඉන්නව...

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!