Saturday, 6 September 2008

ප්‍රමෝදය බිඳ වැටී...

ප්‍රමෝදය බිඳ වැටී...


සිහින කන්දේ මුදුනේ
සදාකල් රැ‍ඳෙන්නට
නොහැකි බව
නොදැණුනිද නුඹට...
ඒ මුදුන
අල්පෙනිති තුඩක් මෙන්
තියුණු වන විට...

ඒ මත පය තබනු නොහී
බිමට බට කල
කඳු පාමුල නිමක් නැති
වියලි කතර නිමා නොවන
නොදුටුවාද නුඹ
කඳු නගින්නට පෙර..

සිත දුකෙන් පිරෙන බව
නොසිතුනිද නුඹට
නැවත ඒ කර්කශ
යථාව පසක් වන විට...

වරෙක මහා සයුරක්ව
නෙක දනන් පිහිනූ ඉමක්
කාලයෙන් විපරිතව
නොපිට පෙරලී
කතරක් වූ අයුරු
නොදනීද නුඹ...

ඒ කන්දත්...
ඝන කතරත්..
මහ සයුරත්...
ඉන් අපිට
ක්ෂිතිජයෙනුත් එහා
කඳු මුදුනේ සිට නැරඹූ
නිම් නැති විශ්වයත්...

නුඹේ සිත අද්දර
අත්ලට ගත හැකි බව
නොදනීද නුඹ
තවමත්...

4 comments:

  1. නියමයි හරේ..අල්පෙනිති තුඩු උපමාවනම් කියල වැඩක් නෑ. ඒකම තමයි එතනට ගැලපෙන්නෙ. ඒකෙන් තමයි අපි පුම්බන් ආපු බැලුම හිල් වෙන්නෙත්..හොදින් වින්දා කවිය..

    ReplyDelete
  2. හරේෂ් - යතාව පසක් වන විට සිදු විය යුතු සියල්ල සිදුවී හමාරයි. ඒ බව පසක් වන විට තව බොහෝ දෑ අහිමි වෙනු ඇත
    ps - නම ප්‍රශ්ණයක් කරගන්න එපා. මගේ ඇත්තම නම නිසා කට්ටිය මට බෝ කිව්වෙ. කොහොම කිව්වත් බෝමන්ට බෝ කිව්වත් මට කිව්වත් එතරම් ගැටලුවක් නෑ මටනම්. මොකද මේ වෙබ් අවකාශයේ බෝ ලා ඕනෑ තරම් ඇති. අපේ කියලා වපසරියක් හදාගෙන අපි හිතනවා ලෝකේ මෙන්න මේ තරම් කියලා. මම හිතන්නේ ඒකතමයි ගොඩක් වෙලාවට සිදුවෙන්නේ.

    ReplyDelete
  3. අල්පෙනිති තුඩු උපමාව හරිම අපුරුයි..අපි හැම දෙයක්ම තේරුමි ගන්නකොට හැම දේම වෙලා ඉවරයි.....

    ReplyDelete
  4. බෝ සොයුරියව බෝ නමින් මම දන්නෙ මගේ බෝමන් නම බෝ බවට අනිත් අය පත් කරන්නත් හුගක් ඉස්සර.

    ඇගේ කතාව හා මමත් එකඟ වෙනව.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!