මේක මේ අවකාශේ අපේ බෝ දාපු පින්තූරෙකට මම ලියපු එකක්....
ඕන නම් ගිහින් බලන්න කට්ටිය මේ එකම පින්තූරෙට දාපු කවි.
මා වටා
මා උපන් දා සිටම
වෙලී මා අඳුරු කර
කළුවරේ හිඳවූ
මට සිලිටි නැති
හතරැස් ක්‍රමය...
නුඹ තුලම
නුඹේ විලසින්ම
කවුලුවක් තැනුවෙමි
අඳුරේ සිට වුවද
දැන් මට හැකියි
නිදහසේ ඉම දකින්නට
අවැසි නම්
මට උවමනා විටෙක
නුඹ හැරදමා
සයුරේ පාවී
ක්ෂිතිජයෙන් එහා
මා කැමති අහසට
පනින්නටත්
හැකියි දැන් මට
© හරේෂ් එරංග ද සිල්වා
2008-09-28
෴
ඕන නම් ගිහින් බලන්න කට්ටිය මේ එකම පින්තූරෙට දාපු කවි.
මා වටා
මා උපන් දා සිටම
වෙලී මා අඳුරු කර
කළුවරේ හිඳවූ
මට සිලිටි නැති
හතරැස් ක්‍රමය...
නුඹ තුලම
නුඹේ විලසින්ම
කවුලුවක් තැනුවෙමි
අඳුරේ සිට වුවද
දැන් මට හැකියි
නිදහසේ ඉම දකින්නට
අවැසි නම්
මට උවමනා විටෙක
නුඹ හැරදමා
සයුරේ පාවී
ක්ෂිතිජයෙන් එහා
මා කැමති අහසට
පනින්නටත්
හැකියි දැන් මට
© හරේෂ් එරංග ද සිල්වා
2008-09-28
෴
hatharas kramaya thula indanma nidahasa windina kenek gana wage:)
ReplyDeleteමේක නම් හරයා මට විස්තර කරන්න අමාරු තත්ත්වයක් තියෙන්නෙ. නමුත් මට තේරෙනව මේකෙන් කියන දේ. එක්තරා ගැලවීමක් වගේ දෙයක් නේද?
ReplyDeleteදුකත් දන්නවා දුකට හේතුවත් දන්නවා දුක නැතිකිරීමේ මාර්ගත් දන්නවා ඒත් ඒ මාර්ගයේ යන්න හිතලා නෑ..එහෙමත් නැත්නම් කම්මැලිකමේ හෝ වෙන හේතූවක් නිසා හෝ පමා වෙනවා...ඒත් උවමනා ඕනෑම වෙලාවක යන්න පුළුවන්...ගිහින් තියේවී...ඒ වගේ අදහසක්ද දෙන්න හැදුවේ?
ReplyDeleteහරි හතරැස් කළුවර ගුහාවක ඉඳන් ජීවිතේ විඳවන්නෙ නැතුව එලියට පැනල මහා සාගරය වගෙ විඳින්න තියෙනවනම්
ReplyDeleteමරණය
ReplyDeleteමට නුඹව පේනවා
දීප්තිමත් මහා සාගරය ලෙස
අඳුරු ජීවිතයෙන් එපිට