ප්‍රමෝදයෙන් පරිසමාප්තව
දැනී තිබේද නුඹට
කෙදිනකවත්...
නුඹට තවත්
පිරෙන්නට ඉඩ නැති බව
මොහොතකටවත්...
එක්
ක්වොන්ටමයකින්වත්...
....
...
..
.
එක් නිමේෂයක
නුඹ සිත තෙරපෙන
සියළු ආවේග
සියළු සිතිවිලි
පරයා නැගී
නුඹ වෙලා අවුළුවා
නුඹෙන් නුඹ
සොරකම් කොට
නුඹව පුරවන
ඒ පිටස්තර
සිතිවිල්ල
නොදමන්නේද
නුඹව ගෙන
මහා සාගරයකට
අත් ගසා පීනන්න
ඉමක් නොපෙනෙන
ක්ෂිතිජයත් පසුකරන්
නිමක් නැතිවම
උතුරා යන
මහා විශ්වයකට
නුඹ මැවූ...
෴
මට මේක තේරෙන්නේ නැද්ද මන්දා....සතුට සම්බන්ධ සටහනක් කියලා නම් දන්නවා....!බලමු අනිත් අයගේ අදහස් අහලා...ඒ එක්ක මම එකතු වෙන්නම්
ReplyDeleteමටනම් සතුටේ සූරතාන්තය වගේ දෙයක් ගැන තමයි හිතුනෙ මේක කියවද්දි. අන්න ඒ වගේ වෙලාවකටත් ඔහොම එකක් දැනෙන්න ඉඩ තියනව...
ReplyDeleteහැබැයි සතුට නැතත් ඔහොම තත්ත්වයක් ඇති වෙන්න පුලුවන් අවස්ථා තියනව..(මම කවියෙ වැරදි නැට්ටෙන් අල්ලගෙනද දන්නෙත් නැහැ..හික් හික්. බලමුකො හරේගෙ පැහැදිලි කිරීම)
සියල්ල අපේ කියලා හිතෙන ලෝකෙක , සියලු දේ අපේ නොවේ කියලා හිතෙන්න පටන් ගත් මොහොතේ සිට මේ නැගෙන සිතිවිල්ල පවා අපේ නොවන කල, සියල්ලෙහි පැවැත්මක් නොමැති ඒ නිමේශය මට මේ කවිය තුලින් පෙනෙනවා, ක්ශිතිජය පහුකරගෙන පීනන්න බැහැනේ, ඒකියන්නේ පැවැත්ම වෙනුවෙන් අප මේ කරන හෝ කරවන ක්‍රියා සියල්ල නිෂ්පලයි කියලයි. මට හිතුනේ එහෙමයි.
ReplyDeleteහිතන්න පෙළඹෙවූ සංකල්පනාවක් !
හරිම අගෙයි පැහැදිලි කිරීම..මම හිතුව වගේම තමයි.නියමෙට වචන වලට නගල තිබ්බ ඔයා කවිය. මම ඒක කියන්න පසුබට උනේ මම වැරදි අදහසකින් ඉන්නවදෝ කිය හිතුන නිසයි.
ReplyDeleteහැබැයි වැඩේ කියන්නෙ වාසනාවට හෝ අවාසනාවට ඔය තත්ත්වයේ අපිට වැඩි මොහොතක් රැදෙන්න අමාරුයි නේද හරේ?