Showing posts with label John Lenon. Show all posts
Showing posts with label John Lenon. Show all posts

Tuesday, 16 November 2010

ඇය වෙන්ව යන විට...



දවසම බිඳී ගොස් ඔබේ හිත රිදී...
ඇගේ කරුණාබර කියුම් දැවටෙන බව දැනෙද්දි
ඇයට ඔබව එපා වෙලා...

ඇය පිබිද හැඩ ගැන්වෙයි
ඇගේ වේලාව ගෙන කිසි හදිසියක් නැතිව
ඇයට ඔබ උවමනා නැති නිසා..

ඇගේ දෑසේ ඔබට පේන්නේ නෑ කිසිවක්...
කිසිවෙකු වෙනුවෙන් නොහැඬූ
කඳුළු බින්දුවක් පසුපස ආදරේ ගැන සඳහනක්වත්...
වසර ගණනක් පැවතිය යුතුව තිබුණ ආදරයක්...

ඔබට ඇයව උවමනයි අවශ්‍යයයි
ඒත් ඇයගේ ආදරය මියගොස් බව ඈ කියද්දි ඔබ ඇයව විශ්වාස කරන්නෙත් නෑ
ඔබ හිතන්නෙ ඈට ඔබ උවමනායි කියල...

නුඹ ගෙදර ඉද්දි ඇය පිටව යනවා
ඇය කියනව කාලෙකට කලින් ඇය කෙනෙක් දැන හිටි බව
දැන් ඔහුව ඇයට උවමනා නැති බව...

නුඹේ දවසම බිඳී ගොස් ඔබේ හිත රිදී...
ඇය කියූ හැමදේම ඔබේ හිස පුරවන වෙලාවක
ඔබ ඇයව අමතක නොකරාවි...

.............................................

මේ වෙන්වීම ගැන මම විඳපු හොඳම සින්දු අතරෙ එකක මගේ දැණුම අනුව පරිවර්ථනයක්... සින්දුවෙ නම For no one. කියන්නෙ පෝල් මැකාර්ට්නි. බීටල්ස්ලගෙ Revolver ඇල්බම් එකේ තමයි සින්දුව තියෙන්නේ... මේක මේ මම ලියපු එක අමතක කරලා අහන්න... සින්දුව අහද්දි තමයි දැණෙන්නේ...

සරල වෙන්ව යාමක් මේ වගේ වචන සුන්දර පෙලකින් කියන එක මාර වැඩක්... වැදගත්ම දේ කතාව ගොඩක්ම සරල වීම...

මේක ලියල තියෙන්නෙ Paul McCartney වුණාට පොදුවෙ බීටල්ස්ලගෙ ගොඩක් නිර්මාණ Lennon/McCartney සුසංයෝගයෙන් ලියවිලා තියෙන බව තමයි පිලිගන්නේ.

කැමතිනං බලන්න...



The day breaks, your mind aches
You find that all her words of kindness linger on
When she no longer needs you

She wakes up, she makes up
She takes her time and doesn't feel she has to hurry
She no longer needs you

And in her eyes you see nothing
No sign of love behind her tears
Cried for no one
A love that should have lasted years

You want her, you need her
And yet you don't believe her when she says her love is dead
You think she needs you

And in her eyes you see nothing
No sign of love behind the tears
Cried for no one
A love that should have lasted years

You stay home, she goes out
She says that long ago she knew someone but now he's gone
She doesn't need him

Your day breaks, your mind aches
There will be times when all the things she said will fill your head
You won't forget her

And in her eyes you see nothing
No sign of love behind her tears
Cried for no one
A love that should have lasted years

................................

හෙම්බා එක්ක ඔට්ටු අල්ලලා ඔළුව කැක්කුමත් හදාගෙන ගෙදරට වෙලා ඉන්න අතරෙ මොනව හරි ලියන්න කියල තරවටුවක් ආපු හින්ද මේ සටහන ලියන්න හිතුවා. කොහොමත් මේ සින්දුව ගැන හැඳින්වීමක් කරන්න ඕන කියල හිතිල සෑහෙන්න කල්...

පින්තූරෙ මෙතනින්...

Saturday, 9 October 2010

කම්මැලිත්වය සහ ජෝන් ලෙනන්


මේ සටහනට කම්මැලිත්වය කියල නම දාල සතියක් ‍විතර draft එකක් විධියට තිබුණා. කම්මැලිත්වය නිසා ඒක ලියන්න වුණේ නෑ. ඕන් අද දානවා අද දවස විශේෂ කම්මැලියෙක්ගෙ උපන් දිනයක් නිසා...

කම්මැලිත්වය කියන්නෙ අපි දන්න කම්මැලිකම, නැත්තං අලසකමටම කියන වෙනත් වචනයක් විධියට ගන්න පුළුවන්. ඒක කලින් අහල නෑ වගේ දැණෙන්නෙ එහෙම වචනයක් නැති නිසා. ඒ වුණාට වචනෙ වරදින්න විධියක් නෑ. ටිකක් විතර විධග්ගයි වගේ වුණාට ඒක සුන්දර වචනයක්...

කම්මැලිත්වය ගැන ලියන්න හිතුණේ පහුගිය අවුරුද්දකට වැඩි කාලයක් මම හෙනම කම්මැලියෙක් විධියට හිටපු එක ගැන කියන්න ඕන කරපු නිසයි. 2009 මැයි මාසෙන් බ්ලොග ලිවිල්ල නතර කරල ආයෙම 2010 සැප්තැම්බර් වල පටන්ගන්නකල්ම අතරින් පතර ඔය කමුබොමු, බයිස්කෝප්, ෆිට් එක සහ one|zero|zero වගේ බ්ලොග් වලට ලිව්ව මිස මම වෙන මුකුත් ලිව්වෙ නෑ...

ජාලයෙන් බාහිර මගේ ජීවිතේ ඒ කාලෙ ඇතුලත එක එක විධියට ගලාගෙන ගියත් ජාලය තුල අතරින් පතර එක්කෙනෙක්ට දෙන්නෙක්ට කමෙන්ට් දමමින් මම ගත කලේ පට්ට ලෙසම කම්මැලි ජීවිතයක්... ඇතිවෙන්න චිත්‍රපටි බලපු ඇතිවෙන්න සින්දු අහපු ඒ කාලෙ නම් තාම ඉවර නෑ. ඒත් බ්ලොග ලිවීම සඳහා කම්මැලිත්වය මැඩලා නැගී සිටින්න පටන් අරන් මම :P

ඒ වුණත් කිසි දෙයක් නොහිත ඇඳකට වෙලා පොතක් බැලීම, නැත්තං චිත්‍රපටියක් දිහා බලාගෙන ඉඳීම, නැත්තං ඔය කිසි දෙයක් නොකර දවසක් විතර නිදාගැනීම කියන දේවල් කම්මැලිකමේ ආසන්නතම ලක්ෂණ විධියට තාම මං සතුව තියෙනව. එයිනුත් නින්ද කියන්නෙ ජීවිතයේ මම ලබන උපරිම තෘප්තියයි.

කම්මැලිකම සහ නින්ද ගැන කියද්දි අනිවාර්යයෙන්ම බෙදාගන්න උවමනා කරන මගේ ප්‍රියතම සින්දුවක් තියෙනව.



The Beatles - I'm only sleeping



මේකෙන් කියවෙන්නෙත් කම්මැලියෙක් ගැන... මම දන්න තරමින් තේරුම් කරන්න බලන්නම්...

මම උදේ නැගිටින විට
ඔළුව උස්සල මම ඈනු
ම් අරිනව

මම සිහිනයක් මැද ඉන්න විට
මගේ ඇඳේ උඩුගං බලා පාවෙමින්
කරුණාකරල මාව ඇහැරවන්න එපා, හොලවන්නවත් එපා
ඉන්න විධියට මට ඉන්න දෙන්න, මම මේ නිදාගන්නව විතරයි


පේන විධියට හැමෝම හිතන්නෙ මම කම්මැලියෙක් කියල
මට කමක් නෑ, මං හිතන්නෙ උන්ට පිස්සු
වේගයෙන් හැමතැනම දුවනවා...
උන්ටම තේරෙනකල් ඒකෙ කිසි වැඩක් නෑ කියල
කරුණාකරල මගේ දවස කන්න එපා, මම හැතැප්ම ගාණක් දුරින්
ඒ එක්කම මම මේ නිදාගන්නව විතරයි


මගේ ජනේලෙන් පේන ලෝකය දිහා ඇහැ ගහගෙන
මගේ වෙලාව පාවිච්චිකරන්
මෙතනම වැතිරිලා සීලිම දිහා බලාගෙන
නිදිමත එනකල් මම ඉන්නේ
කරුණාකරල මගේ දවස කන්න එපා, මම හැතැප්ම ගාණක් දුරින්
ඒ එක්කම මම මේ නිදාගන්නව විතරයි


මගේ කවුළුවෙන් පේන ලෝකය දිහා ඇහැ ගහගෙන
මගේ වෙලාව පාවිච්චිකරන්
මම උදේ නැගිටින විට
ඔළුව උස්සල මම ඈණුම් අරිනව
මම සිහිනයක් මැද ඉන්න විට
මගේ ඇඳේ උඩුගං බලා පාවෙමින්
කරුණාකරල මාව ඇහැරවන්න එපා හොලවන්නවත් එපා
ඉන්න විධියට මට ඉන්න දෙන්න, මම මේ නිදාගන්නව විතරයි


පේන තේරුමට වඩා දෙයක් මේ සින්දුවෙ තියෙනව වුණාට ඒක කෙලින්ම ‍කම්මැලිකමට අදාල නෑ. ‍කොහොම හරි මේ කියන්නෙ නිදාගන්න එක පරම සුවය කරගත්ත කම්මැලියෙක් ගැන... මේක බීටල්ස්ලගෙ Revolver ඇල්බම් එකේ තියෙන තවත් එක සුන්දර සින්දුවක්.

.........

මුලින්ම කිව්ව අද දවසේ (ඔක්තෝබර් 09) විශේෂත්වය තමයි මේ සින්දුව කියන ජෝන් ලෙනන්ගෙ 70 ‍වෙනි උපන් දිනය අද වීම. ඒක මට මතක තිබුණෙ නැතත් ගුගල් ඩූගල් එක වෙනස් වෙලා තිබුණම මට හිතුණා මේ සටහන ඔහු වෙනුවෙන් වෙන් කරන්න. කොහොමත් අර කම්මැලි සින්දුව මේ සටහනට ඇතුල් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණනේ...

ජෝන් ලෙනන් ‍අපට හිටපු සංගීතමය මානව හිතවාදීන් කීප දෙනෙක් අතරින් ඉදිරියෙන් හිටපු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. ඔහු බීටල්ස් සමග කරපු නිර්මාණ දැනටත් සංගීතමය විප්ලව. ඔහුගේ සිහිනය වුණේ කවදාවත් උදා වෙයි කියල හිතන්න බැරි සුන්දර ලෝකයක්. ඒ වගේ ලෝකයක් බලාපොරොත්තු වෙන අය පිස්සො විධියට ගණන් ගන්න බව ඔහු දැනගෙන හිටිය.




කම්මැලිකම නැතිව මේ ලිපිය පල කරන්න පුළුවන් වීම ගැන මාර සන්තෝසයි....