Showing posts with label මත්වීම. Show all posts
Showing posts with label මත්වීම. Show all posts

Monday, 1 July 2019

මධ්‍යප කවි


ලියන කවියක් හතරපද
ගණන් දැම්මේ කවුරුද
පහ හයක් තියෙන්න බැරිද
ගැලපෙන්න අවසන් අකුර
කියවෙන්න එක රටාවෙන්
ලියන්න ඕන කිව්වේ කවුද
වෙන අකුරු තියෙන්න බැරිද

ලොකු ඉඩක මිනිසුන් ගොඩක
හෙන පාලුවක් ඕයි මට
ඕයි කිව්වෙ තමුසෙට
කියවන තෝ කවුරු වුනත්
පාලුව දරන්න කරන්න
දේවල් නැතිව ඇත්තට
හෙනම අවුල් ඕයි ආයෙත් මට
වෙනදට එහෙම පාලුවට
සින්දුවක් අහන්න තිබුනා
යූටියුබේ කෑම ටුවර් යන
වීඩියෝ බලන්න තිබුනා
දැන් මෙතන බැහැ කරුමෙට

අනිත් උන් උන්ගෙම ලෝකවල
බුකියෙයි අරකෙයි මේකෙයි
සැරින් සැරේ ලොක්කට අවධානෙන්
මෙතන නිසඳැස් කොටනකොට
හතරපද නීති කැඩුවැයි
අවධානෙන් නොසිටියැයි
හිරේ දමයිද මාව
ඊළඟ සතියෙම උඹලට
තලු මරල රස විඳින්නට පුවතක්
ජනපතිගෙ කතාව මැද
කවි ලියල මිනිහෙක්
අමධ්‍යප රැස්වීමට ආවට
ඌ හොඳට බොනවලු
පහුවදා ඔලුව කැක්කුම හැදුනට
දෙරණ හිරු නෙත් ඇවිත්
ගෑණි අඬනව ලයිව් දෙයි
ගෑණි ඇඬුවොත්
අම්මල දෙන්නම අඬයි
එයාල අඬනව ගනියි
උන්ට ඇති ඒකත්
ප්‍රවෘත්ති හිට් කරගනියි
දඬුවම් නම් ගාණක් නැතිවෙයි
රිදුන තරමට ඉස්සර
රිදෙන්නෙ නෑ තවත්
නිශ්ක්‍රියයි මම එන්න එන්නම

මොකක්ද ඕයි මේ
පැත්තකට වෙලා
ජොබ කරගෙන හිටපු මම
මොන රෙද්දකටද
එන්න හිතුවේ මේකට
රෙද්ද
ඉන්නැතිව ගෙදර


https://youtu.be/vt1Pwfnh5pc

නිමිත්ත - ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩසටහනට රාජකාරි මට්ටමින් සහභාගි වන්නට සිදු විය.

Tuesday, 8 May 2018

ඇගේ සාරය සොයා


අඩක් දැවී ගොස් ඇති දුම්වැටිය සිය සියොළඟම මා වෙත පූජා කරන්නට දැල්වී බලා හිඳී. විනාඩි කීපයකට මා ගත සිත තැතිගැන්මෙන් මුදවා සමාපත්තියකට ගෙන එන්නට දුම්වැටිය ජීවිතය පුදන්නේය.

මා හාත්පස අඳුරු බිත්ති අතර කිසිදු ආලෝකයක් නැති අඳුරකට මුහුණ දී හිඳිමි. වියළී පිළිස්සී අඟුරුව ගල් වී ගිය හදවත් කුහරයක පතුලේ මම දුම්වැටියේ ආලෝකය පමණක් ඇතිව බලා හිඳිමි.

ඇගේ ආදරයේ තවදුරටත් සාරයක් නොමැති බව වැටහුණු ඇසිල්ලේම සියොළඟම පිපිරී අවකාශයට විසිරී ගියේය. එකෙනෙහිම කළු කුහරයක් පරිද්දෙන් මාගේ ආදරයේ සියළු ස්කන්ධය හදවතට කැටිව මා ද එතුල සිර වී ඇත. ආදරයේ අධික ස්කන්ධයම මා ඉන් මුදවනු නොහී ඒ වෙත අල්ලා තබාගෙන ඇත. ආදරයට පවතින්නේ කිනම් ස්කන්ධයක්ද යන්න ආදරය සෙලවෙන තුරු කිසිවකුට වැටහෙන්නේ නැත. එහෙයින් මා තුල වූ ආදරය කළු කුහරයක් නිපදවන්නට තරම් විසල් වන බවක් කිසි විටක මට වැටහී තිබුනේ නැත. එහෙත් නොවිය යුතු දේම සිදුව ඇත.

ලිංගික ඇසුරක් තුල එක් උපරිමයකින් නැවතී එහි තෘප්තිය මොහොතක් විඳ ඇකිලෙන පිරිමින්ට ගැහැණියගේ සුරතාන්තයේ අනන්තය නොපෙනී ගොස් ඇත්තේ එලෙසින්මය. ඇය පිරිමියා ඉක්මවා සැරිසරන්නීය. ස්ථානීය සුවය සැපක් යැයි විශ්වාස කර එහි තැන්පත් වන්නට කැමති පිරිමින්ට නොවැටහෙන්නේ එය ය. ආදරයේ සාරය අහිමි වන තුරු පිරිමින්ට ආදරය වැටහෙන්නේ නැත. එය වැටහුණු විට පිරිමින් හිස් ලූ ලූ අත දුවමින් ආදරයේ සාරය සොයන්නට නිරර්ථකව වෙහෙසෙති.

ඇයගේ ආදරයේ සාරය ඇත්තේ ඈ තුලමය. එය කිසිදු පිරිමියකුට හිමි නොවේ. එය ඇයට පමණක් වැටහෙන, ඇයට පමණක් අයත් වන, පිරිමින් තමන් සතු යැයි රැවටෙන එහෙත් කිසිදා සදහට පිරිමියකු හට හිමි නොවන්නකි. ඇයගේ ආදරයේ සාරය සරුංගලයකි. එහි නූල නොකඩා තමන් අත තබාගැනීමට ගැහැණිය දක්ෂය.

මා සාරය අහිමි හදවතක් තුල තනිව ඇත්තෙමි. ඒ හදවත තව දුරටත් මා වෙනුවෙන් උද්දීපනය නොවේ. එය හැඟීයාමම බියකරුය. ජිවිතය බැලූ බැල්මට කෙතෙක් උද්දාමව පැවතියද ජීවිතය කැප කළ අරමුණ අහිමිව ඇති බව පසක් වීම මරණය තරම්ම බියකරුය.

ඇගේ ආදරයේ සාරය කොහිද? ඒ සොයන්නට යාම ම මා විසින් ඈ වෙත දරනා ආදරයට කරන පිටුපෑමකි. මගේ ආදරය මා කෙරෙන් ඈ වෙත කොන්දේසි විරහිතව විහිදෙන්නකි. එය සජීවී අජීවී සියල්ලට හිරු රැසක් මෙන් සමව විහිදෙන්නක් වී ආත්මාර්ථකාමීව නොතිබුණේ නම් ප්‍රතිපලය අමතක කර වඩාත් උත්තම තැනක රැඳෙන්නට මට අවකාශ තිබුණි. එහෙත් මා උත්තම නැති ආත්මාර්ථකාමී මනුස්සයෙකි. එහෙයින් ඇගේ ආදරය නැවත මා වෙත විහිදෙන්නේද යන්න සියුම්ව නිරීක්ෂණය කිරීමේ පිරිමි ගොන්කම මම කරමි. ඇගේ ආදරය ඇත්තටම කොහිද? එහි සාරය මවෙතින් ඉවත්ව රැඳී ඇත්තේ කොහිද? නොඑසේනම් ඇගේ ආදරය එහි සාරය කිසි කලෙක මා වෙත හිමි නොවූ, ආදරයේ නාමයෙන් සිදු කල එදිනෙදා වතාවත් සහ ක්‍රියාවන් පමණක්ව පැවති මායාවක් පමණක්ද?

ඇගේ ආදරයේ සාරය කොහිද? එය ඈ කැමති තැනකය. ඇගේ කැමැත්ත තුල ඇයට සතුටක් ලැබෙයි නම් නැවත සාරය සොයමින් වල්මත් වීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. සාරය අහිමි බුලත් විටක් මෙන් හපයක් වීමට සූදානමින් විකල්ප සෙවිය යුතුය. නැත්නම් මිය යා යුතුය. නොඑසේ නම් මල් උයන්, මත් ලැගුම්, තරු, සඳු, දේදුණු, වැසි, හිම රැඳුණු ඇගේ දිනයක අවසානයේ මේ කුටියේ ඇඳ මත ඇයගේ හුදෙක් වල්ලභයා ධුරය නොසිතාම භාර ගත යුතුය.

දුම්වැටිය නිවෙන්නට පෙර මම තවත් දුම් වැටියක් දල්වමි. එහි මඳ ආලෝකය අැය නික්ම ගොස් ඉතිරිව ඇති හිස්කම පමණක් නැවත නැවතත් පෙන්වමින් සිත පුළුස්සා දමයි.

ඒ හිස්කම නැවත නැවතත් දකින්නට අකමැත්තෙන් දුම්වැටියකුදු නොදල්වා මේ පාලුව ගෙවා දැමිය නොහැක. විකල්ප මහත් තරමක් නැත. මේ පාලු ගැඹුරේ මත්ව මෙහිම මිය යාමද, ඇගේ හදවතට ඈ හිත්ගත් කලාපයක නැවත පොපියන්නට ඉඩ දී නික්ම යාමද, තවමත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් බලගැන්වී ඇති ආදරය දරාගෙන රැඳී සිටීමද, නැතිනම් වඩා සාධනීය අවසානයක් වෙනුවෙන් කාලයට තවත් ඉඩ දීමද මා වෙත ඉතිරිව ඇති විකල්ප ය.

එහෙත් තීරණය ගන්නට නොහැකි දහසක් හේතු හිස මත හොවා මම හැකිලී හිඳිමි. එහෙයින් දැනට අඳුරේ ගැලී පැවතීම මිස අන් විකල්පයක් මට නැත. ආදරය ප්‍රබලවත්ම එහි වියෝවද ප්‍රබලය. අඳුරුය.

ගැහැණිය සතුව සාරයක් ඇතැයි පිරිමින් එය සොයන්නට යයි. ජීවිතය උහතෝකෝටික කරගනී. එහෙත් ගැහැණියගේ සාරය ඇයද නොදන්නා එකක් බවට කිසිදු සැකයක් නැත. ඇයට එය වගක් නැත. එහෙයින් ඈ සියල්ලට විවෘතය. සියල්ල දරාගන්නට මහා ලොකු වෑයමක් ඇයට අවශ්‍ය නැත. ගැහැණිය දුහුල් යැයි සිතන්නට පිරිමින් කැමති වුවද ගැහැණියගේ දෘඩ බව හමුවේ පිරිමින් පිදුරු ගසකට දෙවෙනි නැත. එහෙත් පිරිමි ලෝකය තුල ගැහැණියගේ අර්ථ දැක්වීම සහමුලින්ම වෙනස්ය. ඒ අර්ථ දැක්වීම තුල රැඳෙන්නට ගැහැණුන් කැමති වන තාක් පිරිමින්ට පාටි දැමිය හැක. හිත වියලා දැමීමට ඉන් පසු පිරිමි ඉගෙන ගනු ඇත.

මම තවත් දුම්වැටියක් දල්වමි. හාත්පස අඳුරට ඉන් එලියක් නැත.

Wednesday, 5 February 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමි


එය 2005 හෝ 2006 වර්ෂයේ වෙසක් පෝය දිනයයි. මා පෝය සමග පැමිණි නිවාඩු දින කීපයම ගොඩගම ගනේගොඩයාගේ නිවසට වී සිටියෙමි. ඒ දින කීපය පුරාම විටින් විට දුමින් මත් වෙමින්ද, නිද්‍රාගත වෙමින්ද, මිදුලේ ගල් තලාව මත 'මහා ධීවරයාණෝ' පොතේ පිටු අතර පේදුරු සහ ෆාරා සමග වයින් බොමින්ද රොටී අනුභව කරමින්ද විසූයෙමි. පසු කලෙක ප්‍රත්‍යක්ෂ කල, 'ජීවිතේ සුන්දරම කාලය වර්තමානයයි' යන අදහස මට දැනෙන්නට ඇඹෙමින් තිබූ කාලයකි එය.

රාත්‍රිය එළඹි පසු නින්දෙන් නැගිටගත් ගනේගොඩයා මා ද ඔහුගේ ට්‍රේලේ නංවා ලීල අක්කාගේ පොට් එකට ඉගිලුණේය. ඔහු සුපුරුදු පරිදි සුදුවා වඩියක් දෙකක් උගුරෙන් පහළට යවද්දී ලීල අක්කා මට ම කියා හදනා වැඩි සීනි ප්ලේන්ටියට මම වග කීවෙමි. විනාඩි කීපයක් එහි ගතකොට අප ආයෙත් ඉගිල්ලුණේ 'සම්පත්' සෙවීමටයි.

ගොඩගම නගරයෙන් එපිට අතුරු මාවත් ඔස්සේ ට්‍රේල මතින් ඉගිලෙමින් අපි සේන්දු වූයේ එක් කුඩා හන්දියකටයි. එහි පාරේ පසෙකට වන්නට අටවා තිබූ තාවකාලික මඩුවක් තුළ මහ හයියෙන් එවකට අතිශයින් ජනප්‍රියව තිබූ දමිත් අසංක හෝ චාමර වීරසිංහ වැනි ගායකයකුගේ කැසට්පටයක් වාදනය වෙමින් තිබුණි. ගැටවර වයසේ කොල්ලන් දහ දොළොස් දෙනෙක් මහ පාරේ ඒ සංගීතයට නටමින් සිටියෝය. උන්ගෙන් ඇතැමෙක් ඒ වන විටත් හැකි උපරිමෙන් මත්වී සිටිනු මම දුටිමි.

ගනේගොඩයා මා ඇදගෙන මඩුව තුළට ගොඩවිය. ඒ තුළ හිඳගෙන සිටි මදක් වැඩිමහලු තරුණයන් අතරින් එකෙකු ඔහු සමග කතා කළේය.

'ආ... ගනේගොඩ අයියා... කෝ උඹ හත වෙද්දි එනව කිව්වනේ...'

'නින්ද ගියා මල්ලි... කෝ...දන්සල ඉවරද?'

'ඔව් බං.. හතාමාර වෙද්දි බඩු ඉවරයි.'

'ච: අපරාදෙ'

'හිටපං... මුට්ටියෙ අඩියෙ ටිකක් තියෙනව'

තරුණයා මඩුව පසෙක ගඩොල් කැට වටකොට සෑදූ තවමත් ගිනි අඟුරු දැල්වෙමින් තිබූ ලිපක් මත වූ විශාල ඇලුමිනියම් මුට්ටියකින් ප්ලාස්ටික් කෝප්ප දෙකකට ද්‍රවයක් වත් කළේය. මාගේ නහය විනිවිද ගියේ අවුරුදු ගණනකින් අත්විඳ නොමැති බෙලිමල් සුවඳකි. ස්වල්ප වේලාවකින් මා අතට තරමක කිතුල් හකුරු කැබැල්ලක් හා උණු බෙලිමල් කෝප්පයක් ලැබිණි. සෙමෙන් එය තොල ගා හමාර වෙත්ම ගනේගොඩයා මා අත තැබුවේ දැල්වෙමින් තිබූ කන්සා සුරුට්ටුවකි. එය කීප දෙනෙකු අතර බෙදී යාමට නියමිත වූ බව වටහාගත් බැවින් මම වහා උගුරු කීපයක් උරා එය මා අසල පොරොත්තුව සිටි තරුණයා අතට දුනිමි. වමතේ ඉතිරිව තිබූ කිතුල් හකුරු කැබැල්ල දිව යට තබාගතිමි. ගනේගොඩයා මට සමීප විය.

'මෙතන පොරක් ගාව බඩු නං තියෙනවා. අරහෙ යන්න ඕන නෑ. උඹ සල්ලි ගෙනාවද?'

- - - - - -

නිවසට යන අතුරු මාර්ගයේ එක් තැනකදී අපට විශාල වෙල් යායක් හමුවේ. මීටර දෙසීයක පමණ දුරක් පටු පාර වැටී ඇත්තේ එම වෙල් යාය මැදිනි. පාරේ පසෙකින් එම වෙල් යාය වෙත ජලය සපයන දිය පාර ගලා යයි. ඒ වන විට පුර හඳ ක්ෂිතිජයෙන් ඉහළට විත් බැබළෙමින් තිබූ අතර අවට පරිසරයේ ගුප්ත නිහඬ බව මට හැ‍ඟෙන්නට ඇරඹී තිබිණි. කන්සා උගුරු කීපය මාගේ සිතුවිලි ඉතා සියුම් දේ වෙත නාභිගත කරවමින් පැවතිණි. මොහොතක් මෙහි ගෙවන්නට මට උවමනා විය.

මාගේ උවමනාව වැටහුණාක් මෙන් ගනේගොඩයා ට්‍රේල නතර කළේය. ඒ පාරේ යටින් දිය පාර ගලනා බෝක්කුවක් අසලය. එම ස්ථානයේ පාර මදක් පුළුල්ය. කොන්ක්‍රීට් යොදා තැනූ වැටි දෙකක් පාරේ දෙපස වෙයි. බෝක්කුව යටින් දිය පාර ගලන හඬ රැහැයි හඬ පරයා නැගී සිටියි. එම හඬ කුමනාකාර වේදැයි ලිවීම අපහසුය. දිය පාරක් ගලන්නේ 'සිලි සිලි' හඬින් බව වෙනත් ලේඛකයන් ලියා තිබෙනු මා කියවා ඇත. ඒත් මට ඇසෙන්නේ සිලි සිලි හඬක් නොවේ. ඒ හඬ මෙයාකාර වේ යැයි කියන්නට භාෂාවේ අකුරු නැත.

මෙම ස්ථානය අපට නුපුරුදු තැනක් නොවේ. මෙයට පෙරද කීප වතාවකදීම අපි දෙදෙනා මෙම ස්ථානයේ පැයක් දෙකක් වල්පල් දොඩවමින් හිඳ ඇත්තෙමු. කුඹුරු යාය අවසන් වන සීමාවේ ගස්කොළන් අතරින් පෙනෙන නිවෙස්වල විදුලි එළියත් පාරේ දෙතැනක පහන් කණුවල දැල්වෙන විදුලි එළියත් හැරුණුකොට මෙහි ඇත්තේ අඳුර පමණි. දිය පහරේ හඬත්, රැහැයි හඬත් පරයමින් විටින් විට ඈත හයිලෙවල් පාරේ දික්හැතැක්ම ඔස්සේ වේගයෙන් ඇදෙනා පරණ බස් රථයක හඬක් ඇසේ. හඳ නොමැති දිනක වලාකුළු සහ ක්ෂිතිජය දක්වා විහිදෙන තරු වියනකි. ඒ වෙනත් දිනවල මෙහි තනිවීමට සිත ලොල් කරවන ලක්ෂණ වේ. අද එයටත් අමතරව වලාකුළක් තරුවක් නොමැති අහසක පුර හඳ දිදුලමින් ඇත.

මම කොන්ක්‍රීට් වැටියේ හිඳගෙන හඳ වෙත නෙත් හෙළුවෙමි. ගනේගොඩයා අතින් පොඩි කල කන්සා පත්‍රිකා රළුවට කඩදාසියක ඔතා සුපුරුදු පරිදි සුරුට්ටුවක් සෑදීය. ඇසිල්ලකින් දැල්වුණු එය අප දෙදෙනා අත හුවමාරු වෙන්නට විය. මාගේ සිත මහා ධීවරයාණන්ගේ සිට ‍ටයිකෝ චුම්බක අනියමයද ඉක්මවා වෝප් වේගයෙන් අවකාශය වෙත ඇදෙන්නට විය. ගිණිය නොහැකි තරම් හැඟීම්, සිදුවීම්, කියවීම් ගණනාවක් ඇසිල්ලකින් සිතින් වින්දනය වන්නට විය. මම කටහඬ අවදි කළෙමි.

'මෙහෙම ඉඳල හරියන්නෙ නෑ... මොනව හරි කරන්න ඕන'

'මොනවද උඹ කරන්න යන්නෙ?'

'අඩුගානෙ ෂෝට් ෆිල්ම් එකක්වත් හදන්න ඕන'

'ඉතිං හදපං. මහ ලොකු දෙයක් නෙවෙයිනෙ'

'මොනව ගැනද හදන්නෙ?'

''දැන් උඹ කිව්වෙ හදන්න ඕන කියලනේ... අදහසක් නැද්ද ඉතිං?'

'අදහසක් නෑ. ෂෝට් ෆිල්ම් එකක් හදන්න ඕන. එච්චරයි'

'එහෙම වැඩක් නෑනෙ බං. ඉස්සෙල්ල උඹට අදහසක් ඕන. ඒක ෂෝට් ෆිල්ම් එකක් විදියට කරන්න පුළුවන්. එහෙම නැතිව ෂෝට් ෆිල්ම් එකක් කරන්න ඕන කිය කිය ඒකට අදහසක් නැතුව ඉඳල වැඩක් නෑනෙ'

'හ්ම්ම්'

'උඹ අදහස අවුට් කරන මීඩියා එක ගැන වදවෙනව. ඒකෙන් දෙන්නෙ මොනවද කියන එක ගැන හිතලවත් නෑ. ඉස්සෙල්ල මිනිස්සුන්ට කියන්න හොඳ කතාවක් හදන්න ඕන. ඒක අවුට් කරන්නෙ කෙටි කතාවකින්ද කවියකින්ද ෆිල්ම් එකකින්ද කියන මීඩියා එක පස්සෙ කරදර වෙන්න තියෙන වැඩක්...'

'හ්ම්ම්. මට ඕන ෂෝට් ෆිල්ම් එකක් කරන්න'

මද වෙලාවක් නිහඬතාවය පැවතිණි. එක්වරම ගනේගොඩයා නැවත මා ඇමතීය.

'චෙකොෆ්ගෙ පොතක් තියෙනව 'කළු සිවුරුදර භික්ෂුව' කියලා. උඹ කියවල තියෙනවද ඒක?'

'නෑ...'

'උඹ ඉතිං අඟල් ගණනංවල පොත් හොය හොය කියවනව මිස පොඩි පොත් කියවන්නෙ නෑනෙ. ගෙදර තියෙනව. අරං කියවපං.'

'ඒක අදාළ වෙන්නෙ කොහොමද?'

'දැන් උඹට ඕන උඹෙ නම තියන විදියෙ වැඩක් කරන්නනේ...'

'නෑ එහෙම නෙවෙයි.'

'හරි එහෙම නෙවෙයි කියමුකෝ... උඹ ෆිල්ම් එකක් හදල නම නැගල ගියා කියලත් කියමුකෝ.. හැබැයි ඒ කොච්චර කාලෙකටද?'

'ඒ කිව්වෙ?'

'අපි ජීවත්වෙන්නෙ මැරෙන්නෙ නැති මිනිස්සු වගේනෙ බං. අපි අපේ නම තියන්න වැඩ කරනවා. මැරුණට පස්සෙ අපේ නම මතක තියෙන්න ඕන විදියෙ සිරා වැඩ කරන්නනෙ මිනිස්සු හැමවෙලේම ට්‍රයි කරන්නේ?'

'සාමාන්‍යයෙන් මිනිස්සු ඒකට කැමතියි නේද? මැරුණට පස්සෙත් තමන් ගැන මිනිස්සු කතා කරනවයි කියල දන්න එක මිනිස්සු විඳින්න කැමති හැඟීමක්'

'ඔව්.. හරි... ඒත් හිතපං කොයි තරං කාලයක් මිනිහෙක්ව එහෙම මතක තියෙයිද?'

'අවරුදු දෙදාස් ගණං මතක තියාගෙන වඳින පුදන ඩයලුත් ඉන්නවනේ...'

'අවුරුදු දෙදාස් ගාණක් තිස්සෙ ඒ මිනිස්සු ඒ විදියටම මතක තියාගෙන නෑනෙ බං...'

'ඒකනං එහෙම තමයි. කාලයත් එක්ක ඒව වෙනස් වෙනවා...'

'ඒක තමයි. එහෙනං තමන්ව කවද හරි අමතක වෙනව කියන එක දැන දැන තමන්ගෙ නම තියන්න වැඩ කරන එකේ වැඩක් තියෙනවද බං?'

'එහෙම ගත්තොත් කවුරුවත් කරන කිසි දේකින් වැඩක් නෑනෙ.'

'ඒක තමයි පොයින්ට් එක. ඒ හින්දා නම තියන්න වැඩ කරල වැඩක් නෑ. වැඩ කරපං. තියෙන කාලයක් නම තියෙයි.'

'දැන් මට ෂෝට් ෆිල්ම් එකක් හදන්න තියෙන උවමනාවට මේ කතාව අදාළ වෙන්නෙ කොහොමද?'

'ඒකෙ එකපාර පේන අදාළ වීමක් නෑ. උඹට ෂෝට් ෆිල්ම් එකක් හරි මොකක් හරි දෙයක් කරන්න උවමනාව එන වෙලාවට ඒක වෙයි.'

'සමහර විට උවමනාවක් නැති වෙන්නම ඉඩ තියෙනවා...'

'ඉතිං මොකද? උඹ හෙණ සිරා වැඩක් කරලා ඒකෙන් ලෝකෙ අම්බානක් වෙනස් වෙයි කියලද උඹ හිතන්නේ?'

'නෑ එහෙම හිතන්නෙ නෑ...'

'උඹේ ආතල් එක වෙනුවෙන් වැඩ කරපං. වෙන වෙන ගයිඩ්ලයින් වැඩක් නෑ. ලෝකෙ කොහොමත් හොඳ නරක දෙක බැලන්ස් එකේ තියෙනව. කාලෙකදි හොඳයි. කාලෙකදි නරකයි.'

මම නැවතත් හඳ දෙස බැලීමි. ජීවිතේ පූර්ණ වශයෙන් වටහාගැනීම කිසිවකුට කල හැක්කක් නොවේ. අප පරිපූර්ණත්වය වශයෙන් හඳුනාගන්නා බොහෝ දේවල් ඒ තුළම බිඳවැටී ඇති තර්කයන්ගෙන් ගොඩ ඒමට නොහැකිව වැල්වටරම් රාශියකින් වටවී බොරු පරිපූර්ණත්වයක් මවා පායි. දෙවියන්ද, බලාපොරොත්තුවද අපගේ වර්තමාන දුර්වලතාවයන්හි ප්‍රතිඵලයක් පමණි. බොහෝ දේ සැලසුම් කරන්නේ යැයි සිතුවද අවසානයේ කර ඇති දෙයක් නොමැත. වෙන අයෙකුගේ අදහසකට වඩා මා දරන අදහස උසස් හෝ වෙනස් යැයි සිතන්නට උත්සාහ කළද අවසානයේ මා යනු තවත් එක් වංචාකරයකු පමණි. සමස්තය එයට අවශ්‍ය ලෙසින් වෙනස් වෙමින් පවතී. මා එහි එක් සංඝටයක් පමණි.

පුර හඳ තවත් ඉහළට නැග ඇත. ක්ෂිතිජය කෙළවර තනිව දැල්වුණු එක් තරුවක් විය. ඒ තරුව වටා භ්‍රමණය වන ‍ග්‍රහළොවක විශාල වෙල් යායක් මැද හිඳිමින් මා දෙස බලා සිටිනා පිටසක්වලයෙකි. එක් ක්ෂණයකින් ඔහුගේත් මාගෙත් නෙත් ගැටුණි. මාගේ සිතෙහි වූ ප්‍රශ්න කීපයම ඔහුගේ දෑස තුළ මම දුටුවෙමි. අඳුර නිවමින් අලුත් එළියක් දැල්විණි. හිස මත වූ යම් බරක් ඉවත ලූවා වැනි හැඟීමක් මට දැනේ.

'තනියෙන් හිතන්න එපා බං'

ගනේගොඩයා කියවයි.

'නෑ මං නිර්වාණයේ මොහොතක් අත්වින්දා'

'හෙහ් හෙහ්... මට කිව්වට කමක් නෑ... ඒ වුණාට වචන පාවිච්චි කරද්දි පරෙස්සං වෙයං. ඕව සමහර අයගෙ ට්‍රේඩ් මාක් ගහපු වචන. ඕවට අයිතිකාරයො ඉන්නවා'

ගනේගොඩයා ම වෙත ඇසක් වසා මහ හඬින් සිනහ විය. මමත් ඔහුට එක් වීම්. අපි දෙදෙනාම සිනහසෙන්නට වීමු.

Wednesday, 2 January 2013

ඉතිරි පෙරේතයා


පොඩි කාලෙ ටීවී එකේ තියෙන ටෙලි නාට්‍ය බලද්දි මේ වැඩේ ගොඩක් දෙනෙක්ට වෙලා ඇති. ඔය ඒවයෙ කෙල්ලො කොල්ලො, යාළුවො එහෙම හෝටලේක මේසයක් වටේ ඉඳගෙන බීම බොන සීන් තියෙනවනේ. ඒවයෙදි සමහර වෙලාවට එයාල එතනින් නැගිටල යන්නෙ අර බීම වීදුරුවෙ බාගයක් විතර ඉතිරි වෙලා තියෙද්දි. ඒක දකිද්දි පුංචි කාලෙ මටනං තද වුණා.

ඇයි උන් ඒ ටිකත් බීල නැගිටින්නෙ නැත්තෙ? මං හිටියනං අනිත් උන්ගෙ ඒවත් එක්ක බොනව. උන්ට ඕන තරං ඇති සල්ලි බීම බොන්න. උන් කො‍හොමත් හැම සතියෙම ඔහොම බීම ඉතිරි කරල යනව. ෂික්... අපට නෑනේ...

ඒ දවස්වල පැණි බීම කියන්නෙ ටිකක් විතර පොෂ් බීමක්. අපේ ‍තාත්තලට කවදාවත් ඒව බොන්නවත් අපට අරන් දෙන්නවත් උවමනාවක් වෙලා නෑ. ඒ වුණාට තාත්ත එක්ක ටවුමෙ රවුමක් දාපු දවසකටනං සමහර වෙලාවට එහෙම චාන්ස් එකක් වදිනව. ඒ දවස්වල තිබුණෙ ඒවට පෙරේතකම. ඒ කාලෙ හිතුවෙ රස්සාවක් කරල සල්ලි හම්බ වුණාම මුළු කඩේම තියෙන බීම සල්ලි වලට ගන්න ඕන කියලා.

ඒ වුණාට රස්සාවල් කරන්න ගනිද්දි අපේ අවශ්‍යතාවයන් වෙනස් වෙලා...

හැබැයි තාමත් ඔහොම ටෙලිවල, චිත්‍රපටිවල බීම ඉතිරි කරල නැගිටල යන එක මාව අවුස්සන සීන් එකක්.

පොඩි කාලෙ ඇපල් ගෙඩියක් කියන්නෙ මාර දුර්ලභ පලතුරක්. ටවුමෙ බස්ටෑන්ඩ් එක ගාව ලොකු පළතුරු කඩේ විතරයි ඇපල් තිබුණෙ. ඒවත් අර නියම ඇපල් හැඩේ තියෙන රතු පාට ඒවා. ඒ කාලෙ ඒව අපට අරන් දෙයි කියල හීනෙන්වත් අපි හිතන්නෙ නෑ.

හැබැයි තාත්ත රාජකාරිවලට කොළඹ ගිහින් එනකොටනං ඇපල් ගෙඩි දෙක තුනක්, රඹුටන් වල්ලක් වරදින්නෙ නෑ. හොඳම වැඩේ ඒ ඇපල් කන්න ලැබෙන විධියයි. කවදාවත් අපට ඇපල් ගෙඩියක්ම කන්න අවස්ථාවක් නෑ. අර අඹ කනව වගේ. ඒ කාලෙ අඹනං ඕන තරං. සත විසිපහ, පණහ වගේ ගණංවලටයි මතක කාලෙදි අඹ කෑවෙ. නමුත් අපට ඇපල් නං හම්බවුණේ කෑල්ලක් විතරයි. තියෙන ගෙඩි කීපය ‍කට්ටිය අතරෙ බෙදෙද්දි එහෙමයි වුණේ.

ඒ නිසාම ඇපල් කෑල්ලෙ ඇටයි නැට්ටයි ඇර අනිත් සේරම කනව. ඇට තියෙන හරියෙ කන්න බැරි විධියෙ කොටස් ටිකත් කාල දානව.

ටීවී එකේ කට්ටිය ඇපල් කන්නෙ මැද නාරටියක් වගේ ඉතිරි කරල. හරියටම ඇපල් ගෙඩිය වටේට කෑලි කඩාගෙන කාල. සෑහෙන්න ඉතුරුයි. උන් ඒ ඉතිරි කෑල්ල නිකංම විසි කරනව. මගේ ගණනය කිරීම් අනුව ඒ කොටසෙ ඇපල් ගෙඩි බාගයක්ම තිබුණා. ඒ නිසා ඒව දකිනකොටත් මාව ඇවිස්සුනා...

පස්සෙ කාලෙදි අපි ඇවිස්සුනෙ මිනිස්සු සිගරට් කොට බාගෙට බීල විසිකරන එකට. අපි කිව්වෙ ඔය චිත්‍රපටිවලට නිතර සෙට් වුණ ගනේගොඩ, නලිය සහ මම. ඔය කව්බෝයි චිත්‍රපටිවල පේන්නම බැරි එක තමයි සිගරට් එක බාගෙට බීල විසි කරන එක. සමහර වෙලාවලදි නළුවො සිගරට් එක පත්තු කරල අතේ තියාගෙන වෙන කතාවක් දාගෙන ඉන්න එකටත් අපට තද වුණා. අඟලක් විතර අළු වෙනකල් ඌ ඒක අතේ තියාගෙන කතාව. සමහර වෙලාවට සිගරට් එක ඈෂ් ට්‍රේ එකේ තියල යන එකටත් අපි නොසන්සුන් වුණා. උන්ට කිසි අගයක් නෑ...

අනිත් කාලකන්ණි තමයි බොනකොට කට වටේ හලාගන්න උන්. ඒක මාර අපරාදයක්. සමහර උන් බෝතලේ කටේ තියාගෙන කට දෙපැත්තෙං වැක්කෙරෙන ගමන් බොනවා... පොඩ්ඩක් විනයක් ඇතිව බිව්වනං තව ෂොට් එකකට බඩු ඉතිරි කරගන්න තිබුණා. බොන්නෙ විනය ටිකක් කඩාගන්න වුණාට බොද්දි විනයක් තියෙන එක හොඳයි.

ආයෙත් හිතට දුකක් දැණෙන වෙලාවක් තමයි යෝගට් එකක් හෙම කන වෙලාව. යෝගට් එක කාලා අඩියෙ ඉතිරි වෙන ටික හැන්දෙන් ගන්න අමාරු වෙද්දි ටිකක් අවුල්. හරකෙක්ට වගේ දිවක් නැති එක ගැන දුකක් දැණෙන වෙලාවක් ඒක. එහෙම තිබුණ නම් මූණෙ ගාගන්නෙ නැතිව යෝගට් කෝප්පෙම පොලිෂ් කරා වගේ ඉවර කරන්න තිබුණා. ඒහෙම කියලා දැනටත් තැන නොතැන නොබලා පෙරේතකම ආවොත් යෝගට් කෝප්පෙ අඩිය දිවෙන් සුද්ද කරන්න ට්‍රයි කරන එක ජොලි වැඩක්.

ඔයිට අමතර සමහර දේවලුත් කිසි ගානක් නැතිව පාවිච්චි වෙනව මට පේනව. හැබැයි ඒව තාම තද වෙන විධියෙ ඒව නෙවෙයි.

Wednesday, 31 October 2012

එහිතට ඇමතුවෙමි


හැම පැත්තකම විසිරුණු සිතුවිලි එක්ක සටහනක් ලියන්නේ කොහොමද කියන ප්‍රශ්ණෙ කාලෙක ඉඳන් දැණෙන්න අරන්... ලියන්න කිසිම උවමනාවක් නැති වුණාම, සිතුවිලිවලට පාවෙලා යන්න ඉඩ දුන්නම එහෙම එක පාරම දෙයක් ලියන්න අදහස් කේන්ද්‍රගත කරගන්න එක ටිකක් අවුල්...  කිසි දෙයක් නොලියා ලියන එක ගැන හිතන එක සේරටම වඩා තෘප්තිමත් වෙන්න පුළුවන් දෙයක්. එකම එක මාතෘකාවක් වටේ ගොනු වුණ අදහස් ගොඩක්... ඒව ලිවීම තුලින් එලියට එන්න කලින්ම උත්කර්ෂයට පත්වෙලා මං තුලම නැති වෙලා යනව... ලිවීමේ තෘප්තිය ක්‍රමයෙන් සිතීම තුලින්ම ලබාගන්න පුළුවන් දෙයක් වෙලා...

හෙහ්... ඉස්සර නං කමෙන්ට් එකක් වැටෙනකල් ලිවීම සම්පූර්ණ වෙන්නෙ නෑ... ටිකෙන් ටික ලිවීම විතරක් ප්‍රමාණවත් වුණා...ඒ තෘප්තිය ලබාගන්න දැන් ඒ තරංවත් මහන්සි වෙන්න දෙයක් නෑ... සිතිවිලි තුලම ගැබ් වෙලා තියෙන තෘප්තියට විවෘත වෙන එක ලියනවට වඩ බොහොම සරල දෙයක්...

නමුත් නොලියා ඉන්න එකත් දනවන්නෙ මහ ඇල්මැරුණු හැඟීමක්. දැනට වේලෙන බ්ලොග් කීපයක්ම ප්‍රොෆයිලයේ තියෙන එක ගැන දැණෙන්නෙ පොඩි වරදකාරී හැඟීමක්.

මට ලිවීම කියන්නෙ එක්තරා පරීක්ෂණයක්... භාෂාව කියන මැටි ගොඩ අනල රූප හැදීමක්... මේ බ්ලොග් එක පුරා මම තවමත් කරමින් ඉන්නෙ ඒකද මන්දා... ඒ ලිවීම් හැම තැනම විසිරිලා... සමහර විට මාවත් තැතිගන්වන තරමටම ඒව ව්‍යාකූලයි... ඒ නිසාම සමහර විට කවදාවත් මම කියන මනුස්සයට අනන්‍යතාවයක් නැති වෙයි...

ඒ එක්කම මේ දවස්වල ගෙවෙන කාලගුණය ලියනවට වඩා හොඳට මත්වෙලා නිදාගන්න බල කරන විධියෙ එකක්.

පෝය දවසෙ උදේ දහයට විතර ලා චුරු චුරුව අස්සෙ නැගිට්ට ගමන් මට හිතුණෙ 'චහ්... අද බොන්න මරු දවස' කියල... මේ වැහි කාලෙ හොඳ මත් වෙලා ඉන්න...

අද දවසෙම ලා වැස්සක්. දවසම අඳුරුයි. අපේ නැන්ද ඉස්සර කියන්නෙ එහෙම දවස් හරි මූසලයි කියල. ඒ වුණාට ඒ වගේ දවස් තියෙන්නෙ ඇත්තටම ගෙදරට වෙලා නිදාගන්න. හිතට කතා කරන්න... මමත් එක්ක කතා කරන්න... ඇත්තම කිව්වොත් මමවල් එක්ක කතා කරන්න...

ඇත්ත මම නොවෙන මමවල් ගොඩක් අපි හැමෝගෙම ඇතුලෙ ඉන්නවා. ඒ හැමෝම එක එක වෙලාවලදි ජීවිතේ එක එක චරිත රඟපානවා. ඔය චරිත සේරම එකට සම්බන්ධ කරන 'මම' කියන මනුස්සයා හැමවෙලේම ඉන්නෙ හැංගිලාද මන්දා. ජීවිතේ ඇතුලෙදි අපිට අපව කොයි තරම් හංගන්න වෙනවද? අපි කොයි තරම් රඟපානවද?

අවසානයේ සැබෑ 'මම' ගණුදෙනු කරන්නෙ මරණයත් එක්ක විතරයි.

හැමෝම මරණයට බයයි. ඒ බයෙන් ගැලවෙන්න අපි හැමෝම කරන්නෙ මැරෙන්නෙ නැති මිනිස්සු වගේ ජීවත් වෙන්න යන එක. මරණය අමතක කරන එක. මරණයටත් රඟපාන්න යන එක. ඒ හැම එකක්ම තාවකාලිකයි කියල හිතන්න අපි කැමති නෑ. හිතුව කියල ඇති වැඩකුත් නෑ එක අතකට...

ඔව්... ඔයා සිරා පොරක් නම් මැරුණට පස්සෙත් මිනිස්සු ඔයාව ජීවත් කරවල තියයි. එහෙම අය ඕන තරම් ඉන්නවා... සමහරු අවුරුදු දෙදාස් ගණන්... ඒත් කවද වෙනකල්ද? ඕන නම් තව අවුරුදු දෙදාස් ගාණක්?

ඔය ගැන කව්දෝ කියල තිබුණ මෙහෙම...

'තමන්ව මිනිසුන් අතර මතකයේ රඳවාතැබීම උදෙසා ජීවත් වෙන්නා තම ජීවිතය වින්දනය නොකරන්නෙකි'

ඔය ගැන කියද්දි මට මතක් වෙන්නෙ අපේ කාර්යාලෙ හිටපු පපඩම් හොද්ද හදපු කලූව. මැරෙන්න බය නැති මම දන්න කීප දෙනා අතර මිනිහත් එක්කෙනෙක්. කාටවත් කරදරයක් නෑ.. හැමෝවම සතුටු කලා. හැමවෙලේම සන්තෝසෙන් හිටියා...

කලූ තමන් මැරුණම පස්සෙ කල යුතු දේවල් ලියල තිබ්බා.

ඔහු කිව්වෙ පැය 24ක් ඇතුලත තමන්ගෙ අවසන් කටයුතු සිද්ධ කරන්න ඕන කියලයි. ඒ අන්තිම කැමතිපත්‍රය ලියවගත්තෙ කාර්යාලෙම කෙනෙක්ට කියලා. වැදගත්ම වැඩේ වුණේ මළගෙදර පුරාම ජෝතිපාලගෙ සින්දු දාල තියෙන්න උවමනා වීම. ඒක කලූගෙ අනිවාර්යය ඉල්ලීමක් වුණා. ආගමික කටයුතු වලට ලැබුණෙ දෙවෙනි තැන. තවමත් තමන්ගෙ ආගම ගැන ඔහුට තිබුණ අවිනිෂ්චිත විශ්වාසය මත ඔහු ඒකටත් අවස්ථාවක් දීල තිබුණා.

ජෝතිගෙ සින්දු කැසට් ගණනාවක් කලූ ගාව තිබුණා. කලූ මැරෙණ කාලෙ වෙද්දි කැසට් නැති වෙයි කියල මම කියපු නිසා මිනිහ මට කියල ජෝතිගෙ සින්දු සීඩී වලට දම්මගත්ත.

ජෝතිගෙ සින්දු සීඩී තුන හතරක් ගෙනිහින් දීල සතියකට පස්සෙ මිනිහ මාව හම්බ වෙන්න ඇවිත් දෙකට නවපු කඩදාසියක් දුන්න. ඒක රේස් තුණ්ඩුවක කාබන් පිටපත වදින නිල් කඩදාසියක්. ඒකෙ ලියල තිබුණෙ මම දීපු සීඩීවල නොතිබුණ සින්දු කීපයක්...

'ඊළඟ දවසෙ ඔය ටිකත් එක්ක තව සින්දු ටිකක් ගෙනත් දෙන්න මහත්තයා.. මේ දවස්වල හැමදාම රෑ වෙනකල් අහන්නෙ ඒව තමයි පුතාගෙ ඩෙක් එක තියෙනවනේ...'

කලූගෙ කලුව නැතිකරපු හිනාව මූණ පුරා ඇදිල තිබුණ...

ඔහු මරණය ජයගත්තු කෙනෙක් කියල මට හිතුණ. අඩු තරමෙ ඒ වයසෙදි ධාර්මික වෙන බහුතරයකට වඩා වෙනස්වෙලා ඔහු මරණයට මැදඟිල්ල කෙලින් කරල පෙන්නමින් හිටිය.

මම හිතන්නෙ ඔහු සතුව තිබුණෙ සීමිත චරිත කීපයක්... එක එක කෙනාට එක එක මමවල් ඔහු සතු වුණේ නෑ... මරණයෙන් පස්සෙ ඔහු මොන විධියට පවතින්න ඕනද කියන එක ගැන අදහසක්වත් ඔහුට තියෙන්න නැතිව ඇති. මැරුණට පස්සෙ වෙන දේවල් ගැන මොන රෙද්දකට මහන්සි වෙනවද...

ඒත් මම සතුව මමවල් ගොඩක් ඉන්නව... මටවත් ගණින්න බැරි තරමට... බලුකං, කුහකකං, මරිසිකං හැම එකකින්ම පිරුණු මමවල්...

ඒ හැමෝම මගෙන් එලවල දාන්නෙ නින්ද විතරයි... මල ඉලව් හිත නවත්තන්නෙ නින්ද විතරයි...

ආයෙමත්... මේ කාලෙ හොඳ හොඳට මත් වෙලා නිදාගන්න...

මේ කාලෙ විතරක් නෙවෙයි... කොයි කාලෙත්!!!

Sunday, 1 March 2009

ශ්‍රී ලංකාවේ අභිමානය

මේ කියන්න යන දේ මම කලක් තිස්සේ නිරීක්ෂණය කරපු දෙයක්. අද කියල දාන්න හිතුණා.

කාලෙකට පස්සේ ශ්‍රී ලංකාවේ අභිමානය ඔස්සේ විකාශනය වුණ සිංහල චිත්‍රපටියක් බලන්න ලැබුණා. නම කස්තුරි සුවඳ. විකාශනය වුණේ ඊයෙ හෙවත් සෙනසුරාදා දවල්. මේක ජනප්‍රිය සින්දු තියෙන ගාමිණී මාලනී රඟපාන ලස්සන චිත්‍රපටියක්. ෆ්‍රෙඩී සහ බන්දු දෙන්නත් විකටයන් විධියට රඟපානවා. ඒ වුණාට මට ඒ දෙන්නගෙ විකට වැඩ වලට වඩා හිනා ගියා වෙනත් දෙයක් නිසා.

‍මේ චිත්‍රපටියෙ අවස්ථා කීපයක්ම තියෙනවා ප්‍රධාන සහ සෙසු නළුවන් දුම් පානය කරන. දුම් වැටිය අතේ තියාගෙන ඉන්න දර්ශනය හොඳට පෙන්නලා ඒක උරද්දි කොටු දානවා. ඒ කියන්නේ දුම් වැටි නරක වෙන්නෙ උරන්න විතරයි නිසා වෙන්න ඇති. මොකද පත්තු වෙන දුම් වැටියක අතේ තියාගෙන හිටිය කියල මුකුත් වෙන්නෙ නෑනේ නේද?

මම දුම් පා‍නයේ ආදිනව ගැන හෝ ඒකෙ හොඳ නරක ගැන කියන්න යන්නෙ නෑ. කවුරුවත් ඒ ගැන කතා කරන්නත් එපා. ඒක නෙවෙයි මට කියන්න ඕන. මේ කරන දෙපැත්තටම නැති පොන්න වැඩ ගැන. එක්කො පෙන්නන්න ඕන නැත්නම් කපලම දාන්න ඕන.

මේ අය මේ වාරණය දාන්නෙ පුංචි ළමයි බලන නිසානේ. ඒ වුණාට මේකෙන් වෙන්නෙ පුංචි එකෙක්ගෙ කුතුහලය තවත් ඇවිස්සෙන එකයි. ඇයි අච්චර හොඳට තිබුණ රූපරාමුවට කොටු දාන හේතුව හොඳ සෞඛ්‍යයෙන් ඉන්න ඕන පුංචි එකෙක් විමසනවනේ.

මේක අපි කතා කරල වැඩක් නැති තවත් එක මාතෘකාවක් විතරයි. මොකද ලංකාවෙ මාධ්‍ය සංස්කෘතිය ගැන කතා කරල වැඩක් නැති නිසා. එක්කෝ මේ වගේ චිත්‍රපටි නොපෙන්වා ඉන්න ඕන. නැත්නම් ඒව වැඩිහිටියන්ට විතරක් බලන්න පුළුවන් වෙලාවලට පෙන්වන්න ඕන.

එහෙම වුණොත් දිවා කාලයේ මේ නාලිකා වලට විකාශනය කරන්න දෙයක් නැති වෙනව. නැත්නම් ඒ වෙලාවෙත් කච පච වැඩසටහන් බලන්න වෙනව.

මම වැඩිය රූපවාහිනී නොබලන නිසා මට එයාල මොනව පෙන්නුවත් කමක් නෑ. නමුත් රටේ ඉන්න අනිත් මිනිස්සු සහ ළමයි හරක් කියල හිතාගෙන කරන වැඩ දකිද්දි පොඩ්ඩක් නලියනව.

මම දන්නව මම නලියල වැඩක් නෑ කියල. මමත් ඇතුළුව අපි සේරම ගතින් හරක් නොවුණට දිවා රෑ නොබලා රටේ සුළුතරයක් සල්ලිකාරයන්ට බර අදින හරක් තමයි.

ඇත්තටම හරක් අපට වඩා උසස්. අඩුගානෙ උන් දන්නෙ නෑ උන් හරක් කියල.

Tuesday, 17 February 2009

දැල් දැමීම

පුංචි කාලෙ ඉඳන් කියවල විතරක් තිබුණ සංසිද්ධියක් සතියකට විතර කලින් මම අත්වින්ද සජීවීව. බටහිර වෙරල තීරයේ පුංචි නගරයකට ගිය සවාරියකදි මුහුදෙ දැල් දාල මාළු අල්ලන විධිය මම දැක්ක. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ බොහොමයක් දෙනාට. ඒ නිසා මම ඒකෙ තාක්ෂණික දේවල් ගැන කියන්න යන්නෙ නෑ.

මොනව වුණත් එතන හිටපු කෙනෙක්ගෙන් මම දැනගත්තු කරුණු කීපයක් ඒ සිද්ධියත් එක්ක ගලපන්න හිතුවා.

වෙලාව දවල් 1ට කිට්ටුයි. අපි කීප දෙනෙක් වෙරලෙ එහෙ මෙහෙ ඇවිදිමින් හිටිය ටිකක් ඈත දැල අදිමින් ඉන්න අය දිහා බලාගෙන. එතනට නොයා ඉන්න බැරි වුණා මට. ඒ වෙලාවෙ දැල සෑහෙන්න තරමක් ගොඩට ඇදලයි තිබුණෙ. එතන ගැහැණු පිරිමි සෙරම 20කට වඩා හිටිය. දැලේ ලූපයේ කෙලවර මුහුදෙ මීටර 50කට වඩා ඈතින් තිබුණෙ. ඒ වුණාට බොහොම ඉක්මනින් දැල ගොඩට ආවා.

මම හිතපු තරම් මාළු හිටියෙ නෑ. ඒ වුණාට සට සට ගාමින් පණ ගැහෙන මාළු රොත්තක් ඒ දැලේ රැඳිල හිටිය. ඒ අතරෙ බොහොමයක් රිදී පාට අඟල් 6 කට වඩා දිග මාළු. අඩියකට වඩා දිග අය කීප දෙනෙකුත් දැල්ලො කීපදෙනෙකුත් හිටියා. කලබල වුණාම බඩ පිම්බෙන වර්ගයේ පුංචි මාළු හිටිය. මට මතක් වුණේ
Finding Nemo චිත්‍රපටිය. ඒකෙත් ඉන්නවා ඒ වගේ එක්කෙනෙක්.

කොහොම හරි මාළු ටික එතන හිටපු 20-30ක් මිනිස්සු බලන් ඉද්දි විනාඩියකට වඩා දඟලල මිය ගියා. ඒ අර මිනිස්සු 20-30 දෙනත් එයාලගෙ පවල් වල අයත් ජීවත් කරවන්න. මට මොහොතකට හිතුණා මම ලබන කාලකණ්නි සතුට ගැන. ඒත් ඒක එහෙම තමයි. ඒක තමයි ස්වභාවධර්මය. අපි ඒක වෙනස් කලාට තවමත් අපි ස්වභාවධර්මයට යටයි.

මේ මාළු දැල දිනකට කීප වතාවක් එලනවා කියල එතන හිටපු ධීවර මහත්මයෙක් කිව්ව. ඒ වගේම පවුල් 10-15ක් මේ දැල නිසා ජීවත් වෙනවලු. පසුව දැනගන්න ලැබුණා මේ දැල අයිති මනුස්සයෙක් ඉන්න බව. දැල්ලො ටික එයා අරන්. ඉතිරි මාළු ටිකම රුපියල් 2000කට විකිණිලා. එහෙම විකිණුනේ නැති පුංචි මාළු වෙරලෙම ඉතිරි වෙන්න ඇති.

ඒක එතනින් ඉවරයි. මම ලබපු අත්දැකීම එපමණයි. ඊට පස්සෙ මම කැරකෙන්න ගත්තා. කලින් දා සමහර විට අර දැලෙන්ම ගොඩට ආපු පුංචි මාළු තෙලින් කර වෙල අපේ දිව පිනවන්න ගත්තා රසම රස සුදු ළූණු බයිට් එකක් එක්ක. හතරැස් බෝතලයක් රැස් විහිදුවමින් ඉවර වුණා.

ජීවිතේ එහෙමයි. මිනිස්සු දැල් දානවා. ඒ සල්ලි වලින් කාල බීල පවුල් නඩත්තු කරනවා. ගොඩ එන මාළු තෙල් නාගෙන ආයෙත් වෙරළට ගිහින් දැල් දානව බලන්න යන මිනිස්සුන්ගෙ බඩවල් වලට යනවා.

Friday, 12 December 2008

බේබදු බිරිඳ















මේක අවකාශය වෙනුවෙන් ලියවුණ එකක්...
ලියන්න තරම් දෙයක් හිතට නොඑන නිසා මේක දාන්න හිතුවා. ;)


බේබදු බිරිඳ

සැන්ඳෑ සාදයේ
මධුවිත අතට ගෙන
මා වලකද්දිත්
යහමින් උගුරට හලාගෙන
බිව්වා නේද?

මම දැන හුන්නත්
මට දැනෙන තරමට
යහමින් දාගන්න
යන්තම් වැනෙන්න

ඉඳහිට මා දෙතොල් හැර
මධුවිත තොලගාන නුඹ
කිමිදුණා නේද ගැඹුරටම
මධුපැන් පිරි සයුරේ

මා කර මත‍ට වාරු වී
නිවසට පැමිණි ඇසිල්ලේ
නුඹ කඩා හැලුණා
අපේ සිරි යහනේ
මට ඉඩක් නොතියාම

යහන් කෙලවර
මගේ තනි අසුනට බරවී
පෙම් පුරා මා බලා උන් හැටි දැක
වෙරි සහ නුරා බර සිනාවෙන්
මසිත පුරවා දමා
නුඹ දෑස වැසුවා මතකද?

නුඹට මතකද?

නෙද්දකින් විතරක්!
මේ ගෑණිට කිසි දෙයක් මතක නෑ!

________________________

මේ කවිය තුලින් කිසිදු අයෙක් වෙත පුද්ගලික හෝ රාජ්‍ය තාන්ත්‍රික ලෙස මඩ ගැසීමේ අදහසක් නැත. මෙය තොප්පියක් නොවන බැවින් ඉල්ලා දමාගැනීමෙන් වලකින්න.



© Haresh Eranga
2008-12-05

Friday, 12 September 2008

කියාගන්න බැරි එක...

කියාගන්න බැරි‍ තරම් විශාලව සහ වදන් විරහිතව හිර වෙන ආදරය.....

හික් හික්.. මේක කවදාවත් වචන වලින් කියන්න බෑ තමයි... නමුත් ඉතිං පොදුවෙ හඳුන්වන්න ඕන හින්දා ආදරේ කියල නමක් දාගෙන ඉන්නව වුණාට සහ ඒ තුල විවිධ යෙදුම් එක්ක ඒ පිළිබඳ පොදු කතිකාව පවතිනව වුණාට ඇත්තටම නම් ඒක අතිශය පුද්ගලිකව දැණෙන වෙන කෙනෙක්ට දැණෙන විධියෙන් සහමුලින්ම වෙනස් හැඟීමක්...

එහෙම වෙන්නෙ කොහොමද කියල කියන්න මම දන්නෙ නෑ. ඒත් ආදරය තුල ඒක පොදු වෙන්නෙ ඒක තුල ඉන්න දෙන්නට විතරයි. මොකද ඒකනේ එයාල ආදරය කරන්නේ.. ඒක එයාලට දැණෙන්නෙ එයාල ඇසුරු කරපු, කරන දේවල්, පුංචි කාලෙ ඉඳන් ජීවත් වුණ විධිය, ආදරය කරන වෙනත් දේවල් වගේ විශාල පරාසයක දේවල් ටිකක් එක්කයි. ඒ දේවල් අනන්‍ය වෙන්නෙ එයාලට විතරයි. ඒ නිසා ඒ ආදරය එයාලට පුද්ගලිකයි. හැඟීමක් විධිය‍ට පවා එහෙමයි.

හැඟීමක් කියන්න වචන තියෙනවද? මං දන්න තරමින් නෑ. මට මතක් වෙනව මගේ භෞතික විද්‍යා ගුරුතුමෙක් වන පතිරණ සර් කියපු කතාවක්. එයාගෙ එකක් නෙවෙයි. එයත් කොහෙන්දෝ උපුටගත්තු එකක්. නන්දදාස කෝදාගොඩ මහත්තයගෙන්ද මන්දා. කොහොම හරි මට මුලින්ම ඇහුණෙ මගේ සර්ගෙන්.

"වේදනාව විග්‍රහ කරන්න පුළුවන්ද මේ වගේ අහවල් එකක් කියලා. බෑ. ඒත් අපට පුළුවන් කෙනෙක්ව කොනිත්තල ඒ දැනෙන හැඟීම වේදනාව ය කියල කියන්න. ඒ හැර වේදනාව හෝ වෙනත් ඒ වගේ හැඟීම් විග්‍රහ කරන්න වචන නෑ. ඒව දැණෙන්නම ඕන"

ආදරෙත් ඒ වගේ තමයි. ඒක දැණෙන්න ඕන. කවදාවත් කවි වලින්‍ හෝ සංගීතය, චිත්‍රය වෙනත් කිසිම කලාවකින් ඒක ඒත්තු ගන්වන්න බෑ. ඒත් ඒක දැණෙන කෙනෙක්ට මේ සකලවිධ කලාව හරහාම ආදරය විඳින්න පුළුවන්. ඒකට ආදරය දැණෙන්න ඕන. ඒක විඳින්න ඕන.


හිටපු ගමන් මේ බයිල කියවන්න ගත්තෙ අද දවසෙ මම ආදරයෙන් උපරිමව මත් වුණ හින්දයි. ලෝකෙ මෙතෙක් ඒ වගේ මත් වෙන්න පුළුවන් ආදේශකයක් හදල නෑ. හැදෙන්නෙත් නෑ. ආදරයම පමණයි. අද දවසෙ කාලෙකට පස්සෙ දිගු කාලයක් අපි දෙන්නා කතා බහ කරල බොහොම අමාරුවෙන් වෙන් වෙලා යන්න ගියා. බස් එකේ යද්දි මම හිටියෙ දැකපු හීනයකින් නැගිටගන්න බැරිව වගේ. මත් වෙලා.

මම වහාම ඇයට මිනි කවියක් යැව්වා දුරකථනයෙන්...


නුඹෙන් සිත පිරී...


මට මා...


අහිමි වන මොහොත...
...
..
.

නිවනටත් ඉහල යැයි


සිතේ මට...



මේකෙ මේ පේලි අතර ඉඩ ඕනමයි.. ඒ තුල මට කියාගන්න බැරි දෙයක් හැංගිල තියෙනව. ඔයාලට ඒක දැණෙනව නම් මරේ මරු.

කතාව ඉවර නෑ. අපේ උන්දැත් ඉතිං ම‍ට දෙවෙනි වෙන්න කැමති නෑ. මගේ කෙල්ලනෙ ඉතිං! හික් හික්.... එයත් අනිත් පැත්තට එව්වා කවියක්. ඒ වුණාට එයා ලියන කවි. :p මෙලෝ රහක් නෑ.. මම ඉතිං එයාගෙ අවසරය පිට ඒක ටිකක් ඔප මට්ටම් කලා. එයා මොකද මම මොකද.. හික් හික්...


මුළු ලොවම
පාට තැවරූ සිත්තමක් සේ
නිශ්චලව බොඳව යයි...

මම

නුඹ අසල

රැ‍ඳෙන විට



හ්ම්...


අදට මේ සිහිනයෙන් මිදෙමි
නැවත ලොවම බොඳ වී
අප පමණක් සිටින දිනක්
යලි විඳින්නට
උදා වන තුරු...



මට නම් මේ කවිය හරහා මගේ පෙම්වතියව නැවත කියවන්න පුළුවන්. ඇයත් මම වගේම මත්වෙලා ඉන්නෙ. මට කිව්වා තවම කැ‍රකෙනවා කියලා.. හික් හික්...

ඉතිං මේ සටහන ඇය වෙනුවෙන්.. අපේ ආදරය වෙනුවෙන්.. කවදාවත් කියාගන්න අපොහොසත්, ඒත් අපේ හිතේ පූදින හැම සිතිවිල්ලක් පුරාමත්, අපේ ඇ‍‍ඟේ හැම රුධිර බිඳුවක් පුරාමත්, ඇ‍ඟේම තියෙන සෛල ඇතුලෙ තියෙන පරමාණුවල බිඳින්න බැරි පුංචිම කොටස දක්වාමත් කා වැදිල ජීර්ණය වෙලා තියෙන අපේ ආදරය වෙනුවෙන්...

මේ ගීයත් ඇය වෙනුවෙන්. තිබුණෙ kasshapa කියන යාළුව‍ගෙ ඔබනල නිවසේ. එයාල ‍වගේ අය ඉන්න එක කොයි තරම් දෙයක්ද? එතනට ගියොත් තවත් ලස්සන සිංහල ගීත ගොඩක් බලන්න පුළුවන්.



Sasara Serisaranathek - Victor Rathnayaka

Friday, 5 September 2008

මොසාර්ට් සහ ස්කොච් විස්කි වලින් පටන් අරන් අමරදේව සහ මහගමසේකර වෙත...

ඊයෙ (2008-09-04) අපේ යාළුවෙක්ගෙ අවුරුදු 55 උපන් දින සාදයට මටත් තවත් තුන් දෙනෙකුටත් ලැබුණ ඇරයුම පිළිඅරන් අපි එහෙ ගියා. නොයෙක් විධියෙ කෑම වර්ග කීපයක් එක්ක තිබුණෙ මීට කලින් ඇසුරු කරල නැති ස්කොච් විස්කි වර්ගයක්. අඳුරු කොලපාට බෝතලේ ලා කහ පාට සැර බීම අපේ උගුර හරහා ගියා. දිවේ ගෑවුණා තවත් සැර මසවුළු. ලොකු උද්‍යෝගයක් එක්ක කට්ටියම චිත්‍රපටි සහ සංගීතය ගැන කතාවකට සෙට් වුණා. අපි සහභාගි වුණ පැදුරු පාටි වලදි ඒව මධුවිතත් එක්ක පැදුරු ජෝගි වුණ හැටි, නැවත ඒ වගේ එකක් කරන හැටි, එදිනෙදා දකින සිදුවීම් සහ අපේ ලොක්කන්ගෙ බයිලා ව‍ගේ නොයෙක් දේවල් අතරෙ අපේ යාළුව‍ ගෙනාව මොසාර්ට්ගෙ ඇල්බම් එකක්. එයා ඒ සංගීතය අහන කෙනෙක් නෙවෙයි. මිල්ටන්, ජෝති රසිකයෙක්. එයා‍ට කොහෙන්දෝ හමු වෙල තිබුණ ඒක. අපි වත් හරියට මොසාර්ට්ව ඇසුරු කරල නෑනේ. ඒ නිසා වහාම අපි ඒක දැම්ම ධාවකයට.

හරිම විවෘත සංගීතයක් අපිව උපරිමයෙන් සුමට කරමින් අපේ පසුබිමින් වාදනය වුණා. අපේ කතාව කිසිම හැල හොල්මනක් නැතිව ගලාගෙන ගියා. කතාව නතර වෙන තැන හිස්තැන් වල තිබුණෙ සංගීතය ආයෙමත්. කොහොම හරි ඊට පස්සෙ ගෙවුණ පැයක විතර කාලය දැණුනෙම නෑ. මම අර කලින් වමනෙ දාපු කවියෙ කිව්ව වගේ මම හිටියෙ මිතුරු කැල අතර ප්‍රේමනීය ප්‍රමෝදයෙන් පූර්ණ වෙලා. මම ඒ ඇල්බම් එක ඉල්ලගත්තා...

ඔයාලට එයින් එකක් දෙන්නම්....

mozart - magical music - energizing the mind body - track 01.mp3


කොහොම හරි නැවත නවාතැනට ආව‍ට පස්සෙ මම ඇහුවෙ මගේ යාළුවෙකුගෙ ප්‍රේම වෘත්තාන්තක්. මධු විතෙන් මත් වෙලා ඒ මොහොතෙ හිටපු හැඟීමත් එක්ක මම ආයෙමත් උපරිමව පිරුණා. යාළුවා එයාගෙ ආදරවන්තිය ගැන කියාගෙන යද්දි වෙනදට මම ගනන් ගත්තෙ නැතත් මේ මොහොතෙ මම සාවධානව අහගෙන හිටිය. එයා ඒක කිව්වෙ හරියට කවියක් වගේ. ඉතිං මම සහ වෙනත් මිතුරන් ප්‍රේමය කවි කල විධිය මට සිහි වුණා. කියලම වැඩක් නෑ. ඒ එක්කම මට මතක් වුණේ මේ සින්දුව. මේක මේ තරම් සුමටව ලියල තියෙන්නෙ අපි කවුරුත් දේවත්වයෙන් සලකන මහගමසේකර. මේ තරම් ලයාන්විතව කි‍යන්නේ ඉතිං අමරදේව මාස්ටර් තමයි.

මුලින්ම ඒකත් අරන් ඉන්නකෝ.

ගී ‍පොතයි මී විතයි



ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා
ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා

යුග නයන ගී පොතයි...
යුග නයන ගී පොතයි
ගත දවන මී විතයි
මා පතන ගී පොතයි
මී විතයි ඔබ සතුයි
ගී පොතයි මී විතයි...

අවන්හල නැති සුරා
ලවන් විත උර උරා
වහස් බැල්මෙන් නුරා
රහස් ගී කිය කියා
ගී පොතයි මී විතයි

මගේ හදවත එයින්
සදාකල් මත් කරන්
කිසිම ගීයක් නොවේ
ඒ තරම් රස නොවේ

ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා
ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා

යුග නයන ගී පොතයි...
යුග නයන ගී පොතයි
ගත දවන මී විතයි
මා පතන ගී පොතයි
මී විතයි
ඔබ සතුයි


මට හිතෙන්නේ සේකර මේ මුළු ජීවිතයෙන්ම මත් වුණ කෙනෙක් කියලයි. එයා එයාගෙ ගැහැණියත් එක්ක ගෙවන්න ඇත්තෙ නිරන්තරයෙන් අළුත් වෙන දිවියක්. නදීක කියනව වගේ...

මේ මනරම් ගීයෙන් කියන්නෙ ගැහැණියක් හරහාත් මත් වීමට ඇති හැකියාවයි. ගැහැණියත් අපේ සම්පත්ගෙ මනෝ කන්ද නගින්න භාවිතා කරන දෙයක්. ගැහැණිය මධුවිත තරම්ම පිරිමි අපව මත් කරනවා. සමහර විට ඊටත් වඩා. ළඟදි මට යාළුවෙක් පෙන්නුව එයා‍ට මාර්ගගතව සම්බන්ධ වුණ පරාජිත පෙම්වතෙක්ගෙ අතක පින්තූරයක්. ඒකෙ හැම තැනම ලේ. අතේ අකුරු කොටාගෙන. මම ඒක දැක්කෙ මල විකාර විධියට මධුවිතටම ඇබ්බැහි වීමක් වගේ. ඒකත් අවශ්‍ය දෙයක් නෙවෙයි ඇත්තටම ගත්තොත්. ජීවිතේ කියන්නෙ ‍එක දෙයක් නෙවෙයි. සමස්තයමයි. ඒ තුල දේවල් අපට හිමි වීම සහ අහිමි වීම හරහා අපි තෘප්තිය හෝ වේදනාව ලබනව වුණාට ඒක ජීවිතයෙන් පලායන්න හේතුවක් නෙවෙයි. ඒ හරහාත් අපට ජීවිතේ විඳින්න පුළුවන්.

අළුතින් ජීවිතය අරඹන්න මොනම මොහොතකවත් කෙනෙක් ප්‍රමාද නෑ.


Wednesday, 27 August 2008

රවියි බෝයි මායි කවියි ඉරිදයි

හික් හික්! මේක ඉරිද දිනයේ (24) දින සටහනක් වගේ.

ඉරිද නැගිටිනකොට 9.30යි. ඉරිද තියෙන්නෙ පරක්කු වෙලා නැගිටින්න. දන්න අය නම් කියන්නෙ උදේම නැගිටින්න කියලයි. ඒත් හැමදාම උදේම නැගිටිනවනේ.

උදේ නැගිටීම ගැන කියද්දි මතක් වුණේ ඉන්දියාවෙ නළුවො අතර මම ආසම නළුවෙක් වෙන නස්රුදීන් ෂා සහ එයාගෙ දුවත් එක්ක මොකක්ද පත්තරේකින් කරපු සම්මූඛ සාකච්ඡාවක්. හෙන කාලෙකට කලින් මම දැක්කේ.

ඔයාල මෙයාව දැකල ඇතිනේ...


මෙයාගෙ චිත්‍රපටි ගොඩක් මම බලල නෑ. බලපුවගෙන් මතක තියෙන්නෙ චයින ගේට් විතරයි. ඒත් මෙයා රඟපාපු හැම චරිතයක්ම හරි අපූරුයි කියල මතකයි.

මේ සම්මුඛ සාකච්ඡාවෙදි එයාගෙන් අහනවා පිබිදීම සහ නින්ද ගැන. මෙයා කියනවා මම පුළුවන් තරම් උදේම නැගිටලා පුළුවන් තරම් කලින් නිදාගන්නවා කියල. ඒ ප්‍රශ්ණෙම දුවගෙන් ඇහුවම එයා කියන්නෙ මම පුළුවන් තරම් පරක්කු වෙලා නිදාගෙන පුළුවන් තරම් පරක්කු වෙලා නැගිටිනවා තියල. පරම්පරා වෙනස. මම නම් මෙයාගෙ දුවගෙ පරම්පරාවේ. සමහර විට ඊටත් පස්සෙ එකේද මන්දා. මොකද මම ඒ විධියට අමතරව සමහර දවස් වලට පුරා දවසක් දෙකක් නිදාගන්න එක විතරක් කරනවා. අර වලස්සු වගේ. :D :D

කොහොම හරි ඉතිං නැගිට්ටා. රෙදි කීපයක් තිබුණා හෝදන්න. පහුගිය සතියෙම පට්ට ගහපුවා. හේදුවා. රැවුල කපන්න විදුලිය තිබුණෙ නෑ. සති 3 - 4 ක් දිගට රැවුල වැවිල නිසා ඉරිද කපන්න හිටිය මගේ කාමරේ මිතුරගෙ විදුලි රේසරයෙන්. ඒකටත් කෙලියා. ඒක තියෙන හින්දා වෙන රේසරයක් තිබුණෙත් නෑ. කමක් නෑ ලබන සතියෙ කපනවා කියල නිකන් හිටියා. 12.00 විතර එලියට බැහැලා පිටි ගුලි කීපයක් ඇද්දා උදේටයි දවල්ටයි දෙකටම. පස්සෙ එල්ලුනා කොට්ටාවක.

මම කොට්ටාවෙන් බහිනකොට හරියටම 1යි. හරියටම කියපු වෙලාව. මම හිතුවෙ බස් එක ඉක්මනට යයි කියල වුණාට මෙයා මහරගම හිටියනේ විනාඩි 10ක්ම. කොහොම හරි බෝට කතා කලා. ම්හු. වදිනවා වදිනවා ගන්නෙ නෑ. පස්සෙ ගත්තා රවිට. ගත්තෙ බෝ මං හිතන්නේ. එහෙම්මම වම් පැත්තට හැරෙන්න කිව්වා. හැරෙද්දි මෙන්න බඩු දෙක එතන.

ඊට පස්සෙ ඉතිං විනාඩි කීපයක් හිටගෙනම කතා කලා. අදාල දේවල් අතරෙ අදාල නැති ඒව සහ අදාල නැති ඒව අතරෙ අදාල ඒව. මම නොදන්න live ඒව ගොඩක් මම දැනගත්ත. ඒ නිසා දැං මට හොයන්න දේවල් ටිකක් තියෙනව. මට තේරුණේ මේ online සමාජයෙත් සීතල යුද්ධයක් තියෙනව කියලයි. ඒ සීතල යුද්ධ නිසා පුද්ගලික ජීවිත කැලඹෙන තරම ඇත්ත ජීවිතේට වඩා භයානකයි. මොකද මේ online ජීවිතය තුල මනෝකඳු හරහා මිනිස්සු පුදුම විධියට ඇන්දෙනවා. ඇත්තටම ඒකෙන් ගැලවෙන්නත් අමාරුයි වගේ. තමන් කවුද කියල අමතක නොකර ඉන්න තරමට හොඳයි.

රවිට අපි එක්ක ඉන්න ලැබුණෙ නෑ. බෝයි මායි බෝ වුණා. සුදු ලේබල් කෑල්ලක්, කණා මැදිරියො තුන් දෙනෙක් සහ දිවට දැණෙන්න දෙයක් එක්ක ගත කරපු පැයකට මදක් වැඩි කාලය හරියට මහ මුහුදක් ගාව ඉන්න හැඟීමක් මට ගෙනාවා. මට ගිලෙන්න පුළුවන් මුහුදක්. අපි අතර තර්ක නැති මතවාද සහ එකඟවීම් රාශියක් හුවමාරු වුණා. පොත්, චිත්‍රපටි සහ දන්න අඳුරණ අය ගැන දිග කතාවල් අතරෙ නිහඬවීමක් තිබුණෙ නෑ. ඒ කතා කරපුව මෙතන කියන්න දිග වැඩියි. බෝ සහ මම කවි වලින් ඒව කතා කරල තියෙනව ඕනවටත් වඩා. අර පීනන කතාවෙදි කතා වුණා වගේ බෝ කිවුවෙ අතපය ගහන විධිය කියන්න පුළුවන් වුණාට පීනන එක තමාගෙ වැඩක් කියලයි.

අපි වෙන් වුණා. මම ගෙදර ඇවිත් පැය බාගයක් කැරකෙමින් ඉඳලා නිදාගත්තා. නැගිටිනකො‍ට රෑ 11ට ලඟයි. බඩගින්නක් දැණුනෙත් නෑ. ඉතිං පහුවදා උදේ වෙනකල් ආයෙත් නිදි. ෂාහ්!

ඊට පස්සෙ ඉඳන් හිතන්නවත් වෙලා නැති තරම් වැඩ අයියෝ.... :(

Tuesday, 19 August 2008

රාග හල...

සෙනසුරාද හවස නලිනුයි, නිශාන්තයි, මමයි ගනේගොඩ අයියලගෙ ගෙදර ගියා. මනෝ කන්දක නැගල කතාවක් දාගෙන ඔලිම්පික් බැලුව. රෑ සමන්‍ට කතා කලාම එයත් ආවා. නලින් ගෙදර ගියා. පහුවදාට රා පාරක් දාමුද කියල ගනේගොඩ අයිය දාපු යෝජනාවට කලබල වුණ සමන් දුරකතන ඇමතුමකින් ඒක සූදානම් කලා.

උදේ 6.00ට විතර සීතලේ මායි සමනුයි එයාගෙ බයිසිකලේ ගියා අංගම්පිටියට. රා මදින අයිය පහුවදා රෑ හොඳට දාල මිදුලෙ වමනෙත් දාල සාලෙ බුදියන් හිටිය. නැගිටලත් මිනිහට ආතල් තවම සූර් ඕයි කියල. කොහොම හරි මිනිහ මත යනකල් පැය බාගයක් විතර ඉඳල මිදුලෙ තිබුණ තැඹිලි ගහ‍ට නැගල මුට්ටියක් බෑව. ස්ප්‍රයිට් වගේ පෙණ. ඇඟිල්ලක් ගහල බැලුව. පැණි රසයි. අපි ඒක අරන් ආව.

සමන් ගෙදර වැඩකට ගියා. නිශාන්ත අමධ්‍යප. මායි ගනේගොඩයි දහයට විතර ගහන්න ගත්ත. වීදුරුවක් ගහල ටිකක් යද්දිම මාර ගතියක් දැනෙන්න ගත්තා. නිදි මතක් එක්ක හරි කූල් ගතියක්. ඔලිම්පික් දාගෙන බලන්න ගත්තා. කෑමත් බඩ‍ට යන අතරෙ ටින ටික රා ජොග්ගුව හිස් වුණා. වීදුරු 3ක් ගත්තම මට හිතුණා දැන් නම් ඕන නෑ කියල. ගනේගොඩ අයියත් ෂේප් එකේ සනීපෙට නිදි. මමත් ඔලිම්පික් නිවලා කුංග්ෆු පැන්ඩා බැලුව ආයෙමත් තුන්වෙනි වතාවට.

ඒ එක්කම පොඩි ඇඩ්වර්ටයිසින් කෑල්ලක් දාන්න හිතුණා.. හික්.. හික්...


Jack Black -Kung Fu Panda Trailer Movie (Teaser) 6 June 2008



මේකෙ Original Trailer එක මේක නෙවෙයි. කොහොම වුණත් ජැක් බ්ලැක් ගෙ වැඩ කෑල්ලක් තියෙන නිසා මේක මාර ගති කියල හිතුණා.කොහොම වුණත් මේ චිත්‍රපටිය මට නම් නැවත නැවත පට්ට ගැසිය හැකි වර්ගයේ එකක්. පුංචි පුංචි දේවල් ගොඩක් තියෙනව. දැනට එකක් කියන්නම්. මේකෙ ඉන්න ඉබි පූජකයා ඌග්වේ (Oogway) කියන දෙයක් මේක.

Yesterday is History
Tomorrow is a mystery
Today is a Gift...
That's why it calls Present

ඒක නෙවෙයි කියන්න ඕන කලේ. මමත් ‍චිත්‍රපටියෙ භාගයක් යද්දි නිදි. නැවතත් හරියට ඇහැරුණේ අද (18) උදේ 10ට විතර. කාලෙකින් පැය10ක විතර දිග නින්දක්. මම 12.30ට විතර රාජකාරිය‍ට වාර්තා කලා.

අද දින මට ලැබුණ පුංචි විෂුවල් එකක් මට හිතට ඇල්ලුවා. මේක බලල ඇති ඔයාල සමහර විට. කියන්නෙ මධුමාධව. තිබුණෙ cyberlk2003 ගේ අඩවියේ.




Lamba Sawan Ranpatin


මේක ගැන කතා කරන්න යන්නෙ නෑ මම. නමුත් මේ විෂුවල් එකට සම්බන්ධ Little Buddha චිත්‍රපටිය සහ ඒක හදපු Bernardo Bertolucci ගේ Dreamers කියන චිත්‍රපටිය මගේ හිතේ ඇඳුණ.

Dreamers නම් වෙනම එකක්. Little Buddha චිත්‍රපටියෙ එන එක දසුනක් තියෙනව. බුදුන් බුද්ධත්වය ලබන මොහොතෙදි එයාට එයාවම පේනව. නමුත් ඒ තමයි නපුරු සිතිවිල්ල හෙවත් යක්ෂයා. එයා තමන් වගේමයි, නැත්නම් එයා ඉන්නෙ තමන් තුලමයි කියන දේ නිරූපනය වෙනව මෙතනින් ලස්සනට. අන්තිමේදි ඒ යක්ෂ ප්‍රතිබිම්භය නැතිව යනව බුද්ධත්වය ලැබීමත් එක්ක. මම කීප වරක්ම කියල තියෙනව වගේ සහ මේ මිතුරු කැලේ බොහෝ අය එකඟත් වෙනව වගේ සත්‍යය තියෙන්නේ තමා තුලම තමයි. ‍බාහිර ක්‍රම වලින් ඒක හොයන්න උත්සාහ ගන්න එක දැනගෙන කලොත් නම් හොඳයි.

විශ්වයේ කෙලවර
මට හම්බවුණ විධිය කියන්නත් හිතෙනව. ඒත් දැන් නිදිමතයි!


හික්! මේ.. මේකෙ මාතෘකාවෙ වචනවල පද බෙදුනෙ වැරදියට අප්පා...

Monday, 11 August 2008

මනෝ සානුව

මනෝ සානුවට කලින් මනෝ කඳු ගැන දැනගන්න

මේ අදහසේ නිර්මාතෘ සම්පත් තමයි. මම ඒක වෙනස් විධියට භූගෝලීය කලා...

පහුගිය මාස කීපය පුරාවටම අපේ කාර්යාලීය සෙට්වන්නෝ සෙට් එකට සෙට් වෙන්න ලැබුණෙ නෑ.
අපේ සුපුරුදු අවන්හලේ මාසෙකට වරක් පඩි හම්බවෙන 10 වෙනිද අව‍ට දියනයකදි මධුවිතකට, කතාවකට සහ සින්දුවකට සෙට් වීමේ පුරුද්ද අපේ චාරිත්‍රයක් වෙලා තිබුණ. පහුගිය මාස කීපය පුරාවට සිද්ධ වුණ ආර්ථික විපර්යාසයත් එක්ක ඒ සෙට් වීම ටිකක් අමතක වුණා කට්ටියටම.

ඒත් පහුගිය සතිය තුල නිශාන්ත ඕක ගැන කට්ටිය එක්කම කතා කලා. මේ වතාවෙ මේක කොහොම හරි කරමුය කියන ස්ථාවරයට අපි ආවා. සිකුරාදට පැකට් එක අරගන්නත් පුළුවන් නිසා සෙනසුරාද දිනය (09) මේකට යොදාගත්ත.

කිව්ව වගේ ඊයෙ (දැන් නම් 11 වෙනිද උදේ 1.21යි. තවම මට ඊයෙ කියන්නේ 09වෙනිද හො‍ඳේ) හවස 8 විතර වෙද්දි කාර්යාලයේ සදා සෙට් යාළුවෙ කීප දෙනා එක්ක අළුත් යාළුවො ටික දෙනෙක් සහ මාස ගණනාවක් තිස්සෙ සෙට් වෙමු සෙට් වෙමු කිය කියා ඉන්න කස්ටමර් යාළුවො කීපදෙනෙකුයි සුපුරුදු අවන්හලේ මේස දෙකක් ඈඳලා සෙට් වුණා.

මධු විත අපි සේරම කට්ටියව එකම තැනකට අරන් ගියා. තනි මනෝ සානුවකට! කාටවත් ප්‍රශ්ණයක් තිබුණෙ නෑ. මුතුකුඩ ඉහලන මල් වරුසාවෙන් පටන් අරන් රෝස තොල් ඉඹල, පිදුරු සෙවිකල පැත්පතේ සාමය හොයල, තව එකී‍ මෙකී නොකී තැන්වල සරන ගීත ගණනාවක් හරහා අපි උපරිම ප්‍රීතියක් භුක්ති වින්ද. ඒ අතර පුංචි පුංචි මනෝකඳු එහෙ මෙහෙ පාවුණා අතරින් පතර මාව තනියම කඳුමුදුනේ නතර කරමින්. මිනිස්සු බොන්නෙ ඇයි කියන දේට උත්තර හොයන්න කලින් මම බොන්නෙ ඇයි කියන දේ හිතන්න මට ඕන කරල තිබුණ. පෙරේත කම නම් නෙවෙයි. ඒක පෙරේතකමට ගහන්න තරම් රසවත් බීමක් නෙවෙයි. ඒත් ඒ හරහා ලබන්න පුළුවන් නිදහසේ හැඟීම නම් පෙරේත වෙන්න වටිනවා. ඒ එක්ක තමයි ඔය බොන හේතුව අත්වැල් බැඳන් ඉන්නේ.

මට මතක් වෙන්නෙ Fight Club ෆිල්ම් එකයි. මම එඩ්වඩ් නෝර්ටන්ව දැනගත්තෙ මේකෙන්. දැන් නම් එයා Hulk නේ.




fight club movie trailer


මේ චිත්රපටියෙ කියවෙන්නෙ සාමාන්‍ය ජීවිතයේ තියෙන පීඩනය හමුවේ මිනිසෙක් තුල ඉන්න නිදහසේ ජීවියා එලියට බැසීම ගැනයි. එයා කැමති නෑ මේ තියෙන විධිමත් භාවයන් එකකටවත්. එයා ක්‍රමයට විරුද්ධයි. කොටින්ම එයා ඉන්නෙ ක්‍රමය බිඳල දාන්නයි. මේ එයා ඉන්නෙ අදාල මනුස්සය තුලම තමයි.

ඒ අතරෙ මේ තමාගෙ නිදහසේ කොටස හරහා ක්‍රමය තුල ඉන්න මනුස්සයට ගැහැණියක් හමු වෙනව. ඒ හරහා එයා නැවත වතාවක් අවදි වෙනව.

චිත්‍රපටියෙ අවසානෙදි එයා තේරුම්ගන්නව මේ හැමදේම හරිම තාවකාලිකයි කියල. නිදහස නිදහස් කිරීම තමාට නොවුණ‍ට වෙනත් අය‍ට කරදරයක්. නිදහස තමා තුලම ඇසුරුකිරීමක් වගේ දෙයක් තමයි අවසානයෙදි හොඳයි කියල අපට හි‍තෙන්නේ. මොකද අන්තිමේදි නිදහසේ ජීවියා මැරෙනව.


මටත් මැන්ටල් අප්පා... මනෝ සානුව හරිම පුළුල්නේ.

මට හිතෙන්නෙ මිනිස්සු බොන්නෙ හැබෑ ජීවිතේ නැති පුංචි නිදහසක් ලබන්න. හැබැයි ඒක මල විකාරයක් කරන් චා වෙන අයත් ඉන්නවා. අනික හැමෝම ට්‍රැක් එකට වැටෙන කල් ටිකක් චා තමයි. බොද්දි හලාගත්තට, වීදුරු බිඳගත්තට, හැඳි වට්ටගත්තට කිසිම අවුලක් වෙන්න බෑ. අපි කතා වුණ විධියට කලිසමේ චූ කක්කා කරගත්තත් කමක් නෑ වගේ. වෙන වෙලාවක කවදාවත් ඕන කමින් ඕව කරයියැ. ඒව කරන්න ඕන කියනව නෙවෙයි. ඒත් ඒව කරන එක ගැන කතා කිරීම පවා චුට්ටක් අප්සෙට් වෙන එකේ බිව්වම ඕක සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්ණයක් තියෙන්න බෑ හරියට බොනව නම්. කොයි දේත් හරියට කරන්නෙ නෑ කියන අපේ මිනිස් ලක්ෂණය බීමටත් එසේම ද?

හික්! හික්!

කොහොම හරි අපි 10.30ට විතර එලියට ඇවිත් වෙන් වුණා. කට්ටිය එතනත් හිටියා පැය භාගයක් විතර. හැමෝම වගේ මොටර් සයිකල් වල යන්න හිටපු නිසා තව ටිකක් ප්‍රමාද වුනාට අවුලක් නෑ වගේ. දැන් ටිකක් ඕෆ් යන සින්දු ටිකකටයි වාරය. චමිල මගේ මූණ දිහා බලාගෙන කසුන්ගෙ සින්දුවක් මතක් කලා. මම පටන් ගත්තා. 'පාවෙලා යන්න මට ඉඩක් දෙන්න... හීනයක් වෙන්න මොහොතක් තනිව ඉන්න...' කට්ටියම මාරම අප් වීමක. ඒක ඉවර වුණා විතරයි නිශා කියන්න ගත්ත එයයි මායි කියන සින්දුව උගුරෙන් කෑ ගහගෙන. 'ඉරිමා උදයේ.. සීතල මුතු පිණි මල්..." මේකෙ අන්තිමේ චාපගේ කෑගැහිල්ලෙදි තමයි කට්ටියම උඩගියේ. නිෂායි මායි ආයෙත් හිනාවුණා.. :D :D

සෙටා වීම ඉවර වුණා. ආයෙත් සඳුද මී තරගය දුවන්න හමුවන සිතිවිල්ලෙන් කට්ටිය සමුගත්තා.

මිනිස්සු හරිම හොඳයි. මේ ජීවන රටාව නිසා මිනිස්සු (මාත් ඇතුලත්ව) විකෘති වෙලා නොඉන්න කොයි තරම් හොඳට අපට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවද. මං කියන්නෙ බීල නෙවෙයි. නොබී. ඒත් බොන වෙලාවට ළඟ තියෙන අවබෝධයෙන්.